බැඳීමක් නැති මුදුවක්

09 වන කොටස

නෙහාරා මට ආදරේ කරන්න පටන් ගත්තා විතරයි…

අපි දෙන්නා සතුටින් ඉන්න පටන් ගත්ත විතරයි..

මගේ ජීවිතයේ මට තියෙන ඒ සතුටත් නැති වෙලා යයි කියලා මට බය හිතුනා…

මම නෙහාරාගේ මූණ දිහා බැලුවා …

ඒක තමයි අයියේ මමත් මේ අහන්න හිටියේ….”

උ/ඹ එහෙම ඇහුවම මම එක පාරටම ගල් ගැහුනා වගේ වුණා…

සිද්ධ වෙච්ච දේ කියනවා ද නො කියනවද කියලා කියල මම කල්පනා කරා….

අද මම ඒ දේ නොකියා හංගාගෙන හිටියත් හෙට දවසක මට අනිවාර්යෙන්ම මේ දේවල් ගැන කියන්නම වෙනවා..

කී දවසක් මේ දේවල් හංගගෙන ඉන්නද කියලා මම කල්පනා කරන්න ගත්තා…..

වෙන දෙයක් වෙච්ච දෙන් කියලා මම සිද්ද වෙච්ච හැමදෙයක්ම උ/ඹ/ට/යි අම්මටයි කිව්වා…

ඒ දේවල් උ/ඹ/යි අම්මයි දෙන්නම අහගෙන හිටියේ විලම්බීත වෙලා වගේ…

මගේ කතාව අහලා අවසානයේදී පැහැපත්ව තිබුණු උ/ඹේ මුහුණ අඳුරු පැහැති වෙලා ගියා…

අම්මා කම්මුලට අතක් ගහගෙන මගේ දිහා බලාගෙන හිටියේ දැන් අපි ජීවත් වෙන්නේ වෙන්නේ කොහොමද කියල කල්පනා කියලා කල්පනා කරන ගමන් වෙන්න ඇති කියලා මට හිතුණා…

“ඔය ලොකු මහත්තයෙක් එක්ක කතා කරලා උ/ඹ/ට ආයෙමත් ඔය රස්සාව අරගන්න පුළුවන් වෙයිද කියලා අහල බලපන් පුතේ…”

අම්මා එහෙම කිව්වේ ලොකු ලොකු හුස්මක් වාතලයට හෙලන ගමන් ..

“එහෙම බෑ අම්මේ…එයාලා medical board එකත් එක්ක කතා කරලා…එයාලට මාව ජොබ් එකේ තියාගන්න බයයිලූ..මම කිව්ව මට දැන් අසනීප නෑ මගේ ජොබ් එක නැති කරන්න එපා කියලා ….ලොක්කා ඇහුවේ නෑ‍…අම්මා බය බය වෙන්නෙපා මම මේ ගෙදර කට්ටියව බඩගින්නෙ තියන්නේ නෑ.පුළුවන් තරම් ඉක්මනට ජොබ් එකක් හොයාගන්නවා..”

“ඔයා නම් හරි මෝ/ඩ/යි දිලංක…ඇයි ඔයා සද්ද නැතුව හිටියේ…ඔයාට උ/න් සේරම ගැන කියන්න තිබ්බේ…”

උ/ඹ තරහින් එහෙම කියාගෙන මට ගස්සගෙන කාමරේට යද්දි අම්මා කල්පනා බරිතව මම දිහා බලාගෙන හිටියා…

“අනේ මන්දා පුතේ…උ/ඹ කවදා මේ කරදර වලින් නිදහස් වෙයිද කියලා…මම හිතුවේ දැන් සේරම ප්‍රශ්න ඉවරයි කියලා….”

අම්මාගේ ඇස් වලට නිරායාසයෙන්ම කඳුළු ආවා…

අම්මා ගවුමට උඩින් ඇදගෙන හිටපු

චීත්තයෙන්ම ඇස් වලට උනපු කඳුළු පිහිදැම්මා..

දන්න කියන කාලේ ඉදංම තාත්තා නිසා දුක් විඳපු අම්මා දැන් කාලයක් තිස්සේ මම නිසා දුක් විදිනවා….අම්මටත් මම නිසා කිසිම සැනසීමක් නෑ…

අම්මාගේ ඇස් දෙකේ පිරිලා තියෙන කදුලු දැකලා මගේ හිතට මහා වරදකාරී හැඟීමක් දැනුනා….

පොඩි කාලේ වගේ අම්මගේ තුරුලට ගිහින් ඒ ඇස් වල කඳුළු පිහිදාලා අම්මව සනසවන්න තිබුණා නම් කියලා මට හිතුනා….

මම කාමරේට යද්දි උ/ඹ ඇඳ උඩ වාඩි වෙලා මුහුණ ඇඹුල් කරගෙන ලොකු කල්පනාවක හිටියා….

මම කාමරයේ දොර අගුලු වහද්දි උ/ඹ මගේ දිහා රවාගෙන බලාගෙන හිටියා…

මම ඇඳේ උ/ඹ ලගින්ම වාඩි උනා…

“පොඩ්ඩක් එහාට යනවද?..”

උ/ඹ ගහගන්න වගේ මට එහෙම කිව්වා…

“ඇයි සුදු මේ….මොකද මට පුප්පන්නේ…?

“පුප්පන්නේ නැතුව ත/මු/සේ කරපු වීරක්‍රියාව ට උපහාර තියන්න කියලද කියන්නේ?..

“මම මොනවා කරන්නද සුදු …ඇයි ඔයාත් මට ඔහොම බනින්නේ…?.”

“ත/මු/සෙ/ලා/ත් පිරිමිද ඕයි….ත/මු/සෙ/ගේ නිවට කම නිසා ජොබ් එකත් නැති කරගත්තා…ත/මු/සෙ/ට ඉතිරිවෙලා තිබ්බේ ඔය ජොබ් එක විතරයි…ඒකත් නැති කරගත්තාම හරිද?…”

උ/ඹ එහෙම මට බැනගෙන ගියා…

මෙතක් දවස් මට නොදැනුනු කුරිරු යථාර්ථය මට ඒ මොහොතේ අවබෝධ වුණා …

උ/ඹ මට කැමති වෙලා තියෙන්නේ මගේ රස්සාවට…

උ/ඹ/ට මට ආදරේ කරන්න මගේ ළඟ ශේෂ වෙලා තිබ්බ රස්සාවත් නැතිවෙලා ගියා….

උ/ඹ මට ආයේ කවදාවත් ආදරය කරන එකක් නැද්ද කියලා හිතලා…

මගේ හිස තදින් කකියන්න ගත්තා….

“ඇයි අයියේ මේ ….මට තරහ ගියා…අපේ අම්මලා අයියගේ ජොබ් එක ගැන මහා ඉහළින් ආඩම්බරකමින් හිටියේ ….දැන් ඉතින් ඒ සේරම ඉවරයි….”

“මම මොනවා කරන්නද නංගි…උ//න් මහා සත්තු ටිකක්…මට මගේ ජොබ් එක නැති උනේ උ/න් නිසා….මට ඒ වෙලාවේ උ/න්/ව පාවා දෙන්න තිබ්බා…ඒත් මම නිසා උ/න්ගේ පවුල් වල මිනිසුන්ට දුක් විඳින්න වෙයි කියලා මම සද්ද නැතුව හිටියේ….”

එහෙම කිව්වම උ/ඹ මහ හයියෙන් හුස්මක් හෙලුවා…

“ඔයා හොද වැඩියි….ඔයා එහෙම හිතුවට උ/න් ඔයා ගැන එහෙම හිතුවෙ නෑනේ ..දැන් බලන්න මේ ගෙදර හදන්න ඔයා ගත්ත ලෝන් එකක් තියනවා….අපි කොහොමද මීට පස්සේ ජීවත් වෙන්නේ…?”

උ/ඹ එහෙම ඇහුවා…

උ/ඹ කියන දේවල් හරි කියලා මට හිතුණා…

සිද්ධ වෙච්ච දේවල් ගැන පසුතැවිලා වැඩක් නෑ….

පුළුවන් තරම් ඉක්මනට හොඳ ජොබ් එකක් හොයා ගත්තා නම් හරි කියලා මට හිතුණා….

“ඔයා බයවෙන්න එපා සුදූ…මම පුළුවන් තරම් ඉක්මනට ජොබ් එකක් හොයාගන්නම්…දැන් ඉතින් ඇති මට බනින්න එපා සුදු…

මම උ/ඹේ කොපුලක් හෙමිහිට සිප ගත්තා…

මල් පෙත්තක් වගේ සියුමැලි ඒ කොපුල් මගේ හිතේ තිබුණු දුක වේදනාව සේරම මොහොතකට සමනය කරා..

“ජොබ් එකක් නොකර ඔයාගේ ළඟට වෙලා හැමදාම මෙහෙම ඉන්න තිබුන නම් හොඳයි කියලා හිතෙනවා සුදු…”

මම එහෙම කිව්වම උ/ඹ හිනා වෙලා මගේ උරහිසේ හිස හංගගත්තා…

මගේ ඇඟිලි තුඩු උ/ඹේ හිසකෙස් අතර එහාට මෙහාට ඇවිදින්න ගත්තා…

උ/ඹ සනීපෙට ඇස් දෙක පියාගෙන උන්නේ හරියට නිකම් පූසි පැටියෙක් වගේ කියලා මට හිතුනා….

මම උ/ඹේ හිසින් අල්ලාගෙන උ/ඹේ මූහුණ මගේ ලගට නැඹුරු කරගත්තා….

උ/ඹේ රෝස තොල් පෙති මම මගේ දෙතොලින් ග්‍රහණය කර ගත්තා….

උ/ඹේ රෝසපෙති වල පහස මාව අමුතුම ලෝකයකට රැගෙන ගියා…

උ/ඹ හරියට අධි මාත්‍රික මත් බෙහෙතක් වගේ කියලා මට හිතුනා….

මම හැඟීම්වලින් උපරිම අන්තයට යද්දි උ/ඹේ දෑතට ඇද රෙද්ද පොඩිවෙලා ගියා….

උ/ඹ ලඟදි ඇවිලුණු මම අවසානයේ උ/ඹේ තුරුලෙම නිවුනා…

උ/ඹේ ආදරේ…උ/ඹේ පහස…

විඩාවට පත් වෙලා තිබුණු මගේ හිත කොයි තරම් අපූරුවට සන්සුන් කරනවාද කියලා මට හිතුනා…

“සුදු…මම ඔයාට ආදරෙයි…ඔය ආදරේ මගේ ළඟ තියෙන කම් කවදාකවත් කාටවත් මාව වට්ටන්න බෑ….හැමදාම මගේ ලග ඉන්නවා නේද සුදු…?..”

උ/ඹේ උකුල මත හාන්සි වෙලා උන්නු මම උ/ඹේ දෑස් වලට එබිලා එහෙම කිව්වා..

ඔව් කියලා උ/ඹ කටින් කිව්වේ නෑ…

ඒත් උ/ඹ හිසින් සන් කරලා ඔව් කියලා කිව්වා….

“පොරොන්දු වෙන්න…”

මම එහෙම කිව්වම උ/ඹ මගේ හිසමත උ/ඹේ අත තියලා මට දිවුරුම් දුන්නා …

දැන්නම් උ/ඹ මට මගේ ජීවිතය වගේ…

දවසක උ/ඹ/ට මගේ ශක්තිය වෙන්න පුළුවන්…

මගේ දුර්වලතාවය වෙන්නත් පුළුවන්….

මාව ඇති කරන්නත් නැති කරන්නත් පුළුවන් උ/ඹ/ට විතරයි….

මගේ දෑස් උ/ඹේ දෑස් වලට එබිලා එහෙම මිමිණුවා…

“මේ ජොබ් එක වත් හරි ගියොත් හොඳයි පුතේ….මෙච්චර දවස් මම ජීවත් වුණේ අතේ තියෙන තුට්ටු දෙකෙන් අමාරුවෙන් රෝල ගහගෙන..”..

“බලමු අම්මෙ හරියයි…”

මම අම්මට වැඳලා ගෙදරින් යන්න පිටත් වෙද්දි උ//ඹ දොරකඩට වෙලා මම එනකම් බලාගෙන හිටියා …

මගදිගට යද්දිත් උ/ඹ මම වෙනුවෙන් බලාගෙන හිටපු හැටි මතක් වෙලා මගේ හිතම සතුටින් පිරුනා…

මම උ/ඹෙ//න් මහා ලොකු දේවල් ඉල්ලන්නෙ නෑ මැණික….

ඉල්ලන්නේ මේ වගේ පොඩි දෙයක් විතරයි…

ඒ වගේ පුංචි දෙයකින් වුනත් හිතට ලොකු සතුටක් දැනෙනවා…..

මම බස් එකේ යද්දිත් ඉන්ටර්විව් එකට ගිය ඔෆිස් එකට යද්දිත් සැරින් සැරේ උ/ඹ ඇවිදින් මගේ හිත අස්සට රිංගුවා..

ඉන්ටර්විව් එකේ මගේ වාරය ආවා…..

ඒ පෞද්ගලික ආයතනයේ සභාපති වරයා මගේ බයෝ ඩේටා එකයි සහතික පත්‍රයි දිහා බලාගෙන උන්නේ පැහැදීමකින් වගේ….

රැකියාවට ඉල්ලුවා ටත් වඩා මගේ ළඟ සුදුසුකම් තියෙනවා කියලා මමත් දන්නවා තමයි…

ඒ වුණත් රැකියාව ලැබේද නොලැබේද කියලා මම හිටියේ ලොකු දෙගිඩියාවකින්….

“මිස්ට දිලංක ඔයා අන්තිමට වැඩ කළේ කොහේද?..”

“සර් මම එයාර්ෆෝස් එකේ වැඩ කළේ…”

“මොනවා..ඇයි එහෙනම් අස්වුණේ…?..”

අනිත් ඉන්ටර්වීව් වල සිද්ද වෙච්ච දේ මෙතනත් සිද්ධවෙන්න යනවදෝ කියලා මගේ හිතේ පුංචි සැකයක් ඇති වුණා…

මම සිද්ධ වෙච්ච හැම දෙයක්ම ඒ ආයතනය සභාපතිවරයාට කිව්වා…ඒ හැම දෙයක්ම ඒ පුද්ගලයා සාවධානව අහගෙන හිටියා ..

“එයාලා ඔයාට දුන්න ලියුමක් ඇතිනේ..ඒක මට බලන්න ඕනේ …’

මම මගේ අතේ තිබුණු බෑගෙ එකේ ෆයිල් කවරය විවර කරලා ඒ ලිපිය දුන්නේ හිතේ ලොකු චකිතයකින් …

ඉන්ටර්විව් එක කරන ඒ පුද්ගලයා ඒ ලිපිය කියවද්දී මගේ හදවතේ ගැස්ම මොහොතකට වැඩි උනා ….

ඔහුගේ මුහුණ වෙනස් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ..

ඔහු නැවතත් මගේ අතේ ඒ ලිපිය තැබුවා..

“ඇත්තටම මිස්ට දිලංක මම ඔයාව මේ ජොබ් එකට අරගන්න තීරණය කරන් හිටියේ …ඒ වුණත් මේ ලියුමේ හැටියට මට ඔයාව මේ ජොබ් එකට ගන්න එක හරිම රිස්කි….ඔය වගේ අසනීපයක් තියෙද්දී මේ වගේ ලොකු රෙස්පොන්සිබිලිටි එකක් මම ඔයාට කොහොම පවරන්න ද?…මට ඔයාව මේ ජොබ් එකට ගන්න බෑ මිස්ට දිලංක ….”

ඔහු පැළදගෙන හිටපු උපැස් යුවල අතරින් වගේ දිහා බලාගෙන එහෙම කියද්දී මාගේ හදවතේ ගැස්ම එකපාරටම නතර වුණා වගේ වුණා….

“සර් මට මේ ජොබ් එකට ඕන කරන හැම කොලිෆිකේෂන් එකක්ම තියනවා….මගේ මානසිකත්වයේ දැන් එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ…”

“අයෑම් සොරි මිස්ට දිලංක…මානසික ප්‍රශ්න තියෙන කෙනෙක්ව රාජකාරියට අරගෙන නිකරුනේ ප්‍රශ්න ඇතිකරගන්න මම කැමති නෑ…මම හොඳටම විශ්වාස කරන දෙයක් තමයි මනුස්සයෙක්ට රස්සාවක් හරියට කරන්න ඒ කෙනාගේ මානසිකත්වය බලපානවා කියන එක…”

මම මේ වතාවෙත් ඉන්ටර්විව් එකෙන් ෆේල් වුණා ….

ඉන්ටර්විව් විස්සකට වැඩිය ගියත් ඒ කිසිම ඉන්ටර්වීව් එකකින් මම පාස් වුනේ නැත්තේ එයා ෆෝස් එකෙන් මාව අස්කරපු හේතුව නිසා..

දැන් මගේ මානසිකත්වයේ කිසි ප්‍රශ්නයක් නැතිවුනත් ඒ හැම තැනකින්ම මගේ දිහා බැලුවේ මානසික රෝගියෙක් විදියට….

ගේ හදන්න ගත්ත ලෝන් එක මාස තුනකින් ගෙවන්න බැරිවුණා…

අම්මගේ රත්තරන් බඩු උකස් කරලයි මේ මාස තුනේ ජීවත් වුණේ…

ජීවන බර අහස උසට ඇවිත් …

මම මොකක්ද මේකට කරන්නේ…

මම එහෙම කල්පනා කරමින් බස් හෝල්ට් එකට ඇවිදගෙන ආවා..

බස් හෝල්ට් එකට ඇවිදගෙන එන මම දැක්කේ ඔෆිස් එකක් ඉස්සරහා ගහලා තිබ්බ ඒ බෝඩ් එක…

ආරක්ෂක නිලධාරියෙක් ඕනෑකර තිබේ…-

මේ වගේ රැකියාවකට සහතික පත්‍ර බලන්නේ නැති නිසා මට දැන් කරන්න ඉතිරි වෙලා තියෙන්නේ මේ ජොබ් එක විතරයි කියලා මට හිතුනා…

උගත් කම පැත්තකින් දාලා මේ වගේ රස්සාවක් කරලා හරි ගෙදර අයගෙ බඩ වියත රැක ගන්න එක වටිනවා කියලා මට හිතුන….

අපේ සමාජය ආරක්ෂක නිලධාරියෙක්ට සික්කා සික්කා කියලා අපහාස කරාට ඒකත් නීති විරෝධී රැකියාවක් නෙමෙයි….

අපේ ආසියාතිකයන් රැකියා ලේබල් කරාට යුරෝපීය රටවල් වල හැම රැකියාවකටම එක වගේ පිළිගැනීමක් තියෙනවා කියලා මම අහලා තියෙනවා .

ඒ අතින් ආසියාතික අපි කොයි තරම් පහත් මට්ටමකටද ඉන්නේ….

රැකියාවේ උස් පහත්කම පැත්තකට දාලා මම ඒ කාර්යාලය ළඟට ගියා …

ඒ කාර්යාලයේ ගේට්ටුවෙ ඉදිරියේ තවත් ආරක්ෂක නිලධාරීයෙක් හිටියා..

“අයියේ මේ වේකන්සි ඒකට කෙනෙක්ව ගත්තද?..”

මම එහෙම ඇහුවම ඒ ආරක්ෂක නිලධාරියා මගේ දිහා බැලුවේ ඇස් දෙකත් පුදුමයෙන් ලොකු කරගෙන….

අත් දිග ෂර්ට් එකක් ඇඳලා ජැන්ඩි පහට ඇඳලා හිටපු මම මේ වගේ රස්සාවක් හොයනවද කියලා හිතලා ඒ මනුස්සයා මගේ දිහා පුදුමයෙන් බලන් ඉන්නවා ඇති කියලා මට හිතුනා ..

“නෑ මල්ලි…තාම නම් කෙනෙක් ගත්තෙ නෑ…”

ඒ මනුස්සයා අපේ තාත්තා වගේ තලතුනා කෙනෙක් වුණත් මට කතා කළේ මල්ලි කියලා….

“මම ඒ ජොබ් එක කරන්න කැමතියි…”

“පොඩ්ඩක් ඉන්න මල්ලී..මම මැඩම්ට කියන්නම්…”

ඒ මනුස්සයා ටික වෙලාවකින් ඒ ඔෆිස් එකේ වැඩ කරපු මැදිවියේ මිස් කෙනෙක් එක්ක කාර්යාලයේ දොරකඩ ළඟට ආවා..

“මිස් මම මේ ජොබ් එක බලන්න ආවේ..විස්තර දැනගන්න පුලුවන්ද?..”

ඒ මිස් මගේ දිහා විමසිල්ලෙන් බැලුවා…

“මේ ළමයා කලින් කරපු ජොබ් එක මොකක්ද?..”

ඇත්ත විස්තර කිව්වොත් නම් මට කීයටවත් මේ ජොබ් එක ලැබෙන්නෙ නෑ කියලා හිතුනා…

“මම කලින් ජොබ් එකක් කරලා නෑ මිස්…අවුරුදු ගාණක් ඉන්ටෙවීව් ගියා.මේත් ඉන්ටර්විව් ගිහින් එන ගමන්…”

“මේ ළමයා බැලූ බැල්මට ඉගෙන ගත්ත ළමයෙක් කියලා පේනවා…මේ වගේ රස්සා වලට ඇවිත් ඔය වගේ ළමයි වැඩි කාලයක් අල්ලන් ඉන්නේ නෑ…”

“නෑ මිස්..මේ දැනුත් ඔෆිස් එකකට ඉන්ටව් එකට ගියා..එකෙනුත් මම පාස් වුණේ නෑ මිස්…ඔෆිස් එකක ජොබ් එකක් හොයාගන්න එක අමාරුයි..මට මේ ජොබ් එක දෙන්න මම අයින් වෙන්නෙ නෑ….”

“ඔය ළමයා එහෙනම් හෙට උදේම සීවී එකක් එක්ක පොලිස් සහතිකයකුයි ග්‍රාමසේවක සහතිකයකුයි අරගෙන එන්න..”

“හරි මිස් මම හෙට උදේ එන්නම්…”

“ඩියුටි වෙලාවයි සැලරි එකයි ගැනයි ලොකු සර් එක්ක කතා කරගන්න පුළුවන්..”

“හරි මිස් ගොඩක් ස්තූතියි.. වෙන කෙනෙක් ගන්න එපා මම එනවා.

රස්සාවක් නැතුව හිටපු මට මේ රස්සාවත් මහමෙරක් වගේ වුණා…

ඒ වුණත් ගෙදර අය මේ රස්සාවට කැමති වෙයිද කියලා මගේ හිතේ පොඩි චකිතයක් ඇති වුණා..

ගෙදර අය කෙසේ වෙතත් නෙහාරා නම් මේකට කීයටවත් කැමති වෙන්නේ නෑ කියලා දැනගෙන හිටපු නිසාම රස්සාවක් ලැබුණා කියලා මගේ හිතේ ලොකු සතුටක් තිබුණෙ නැහැ …

අලුත් රස්සාව ගැන ඇහුවා විතරයි නෙහාරා පරල වෙන්න ගත්තා…

අම්මා නම් ලොකුවට මුකුත් කීවේ නැතත් ,ඇඟෙව්වේ නැතත් අම්මා හිටියෙත් දුකෙන් කියලා මට තේරුණා…

“මම අද අපේ අම්මලට ,නෑදෑයන්ට කටක් ඇරලා ඔයාගේ ජොබ් එක ගැන කියන්නේ …මොන ලැජ්ජාවක්ද?..”

“සිකුයුරිටි කියන්නේ ලැජ්ජා හිතෙන රස්සාවක්ද?..නීති විරෝධී රස්සාවක් කරනවා නෙමෙයිනේ…එහෙම නම් කමක් නෑ ඔයා ලැජ්ජා උනාට…”

“මිනිස්සු හිතන්නේ ඔයා හිතන විදිහට නෙවෙයි…ඔයා මෙච්චර ඉගෙන ගත්ත එකේ ඔච්චරටම වෙන ජොබ් එකක් හොයා ගන්න බැරිද?…”

“නෙහාරා ඔයා දන්නවනේ ජොබ් එකක් නැතුව මම මාස හතරක් ගෙදර හිටියා කියලා…මේ මාස හතරට මම ඉන්ටර්විව් විස්සකට වඩා යන්න ඇති..පරණ ජොබ් එකේ විස්තර ගැන ඇහුව ගමන් කවුරුවත් මට රස්සා දෙන්න කැමති නෑ…අපි ටිකක් බලමු නෙහාරා …වෙන ජොබ් එකක් හම්බ වෙනකම් හරි මම මේ ජොබ් එක කරන්නම්…”

මම එහෙම කිව්වම උ/ඹ මගේ දිහා තරහෙන් රවලා බැලුවා…

“ඔහොම මගේ දිහා බලන්න එපා මැණික..මාව පිච්චිලා යනවා….”

“අනේ දිලංක..හැමදේම විහිලුවකට ගන්න එපා…ඔයාට තේරෙන්නේ නැද්ද කවුද අනේ.. සිකුයුරුටි කෙනෙක්ව ගනන් ගන්නේ ..”

“ගේ හදන්න ගත්ත ලෝන් එක මාස ගානකින් ගෙවලා නෑ…ඒ මදිවට අම්මගෙ රත්තරන් බඩු සේරම බැංකුවේ..ගෙදර මෙච්චර ප්‍රශ්න තියෙද්දී මම කොහොමද ජොබ් එකක් නොකර නිකමෙක් වගේ ගෙදර ඉන්නේ නෙහාරා …”

මගේ දිහා තරහින් රවන් බලාගෙන ඉන්න උ/ඹේ මුහුණ මම දෝතට ගත්තා..

“කෝ එහාට යන්න..ඔයා දන්නේ ඔච්චරයි..”

“ඉතින් මම දන්න දේවල් හොඳටම හොඳයි නේ…නරක් වෙලා තියෙයි..”

“අනේ මාත් එක්ක කෝලම් කරන්න එපා…මම ඉන්න කෝලම් කරන මූඩ් එකක නෙමෙයි…..එහාට යන්න අයියේ …”

උ/ඹ තරහෙන් මට ගැස්සුවා..

තරහින් මූණ රතු කරගෙන ඉන්නකොටත් උ/ඹේ මූණේ අමුතු ලස්සනක් තියෙනවා කියලා මට හිතුනා ….

මම උ/ඹේ මූණ දෝතට අරගෙන ඒ රෝස දෙතොල් මතට පාත් වුණේ අවසිහියෙන් වගේ….

උ/ඹ අතපය ගස ගසා මගේ ලගින් යන්න හැදුවත් මම උ/ඹ/ට යන්න බැරිවෙන්න හිරකරන් අල්ලගෙන හිටියා…

ඒ එක්කම උ/ඹ මගේ මුහුණ පසෙකට තල්ලු කරා…

උ/ඹ අසීරුවෙන් වගේ කාමරයේ දොර ඇරගෙන සාලය පැත්තට දිව්වා..

උ/ඹ/ට මොකක්ද මේ එක පාරට වුණේ…

මට හිතාගන්න බැරි වුනා….

මම උ/ඹේ පස්සෙන් සාලෙට දිව්වා….

හමුවෙමු මීළඟ කොටසින්