කාවින්දි ලියනගේ
🌻 09 දිගහැරුම 🌻
” ලොකු මැණිකේ තාමයි..දැන් මෙතන දහයට ගනින්න බෑ වගේ බොරුවට රගපන්න ලෑස්ති වෙන්න එපා අහිංසා .එක අතකට මේවා අපේත් වැරදි .වැඩකාරයෝ එ විදිහට තියාගන්නේ නැතුව කරේ තියාත්තට..
අපේ මහත්තයාටත් විකාරනේ.
මේ හිගන්නුන්ට උගන්නන්න විය හියදම් කරන්න..උබත් උබේ මහ එවුන් වගේමයි කපටිකම ඇගපුරාම අහිංසකයි වගේ රඟපාගනේ මහත්තයාවයි ලොකුවයි රවට්ටගෙන අන්තිමේදි කොහොම හරි වලව්වට රින්ග ගත්තා…….”
කිසිදු අනුකම්පාක් රහිතව..හිතක් පපුවක් නැති අයෙක් විලස තලතා ඇය වෙත බැන වදින්න වුයේ ..අහිංසා සිය කිසිදු වදන්ක් ඇයට පැවසීමට නොහැකිව අසරණව කදුලු සලද්දිය…….
” හරි එ කතා වලින් දැන් පලක් නැ..කොහොම හරි තමුන් මේ පවුලේ ලේලි වෙලා ඉවරයි..දැන් තමුන්ට තියෙන්නේ මේ පරම්පරාවට උරුමක්කාරයෙක් අපිට දෙන එක..මන් තමුන්ට අවුරුද්දක් දෙනවා..එ කාලේ ඇතුලත තමුන්ගෙයි ලොකු පුතාගේ දරුවෙක් අපිට නොදුන්නොත්..මේ වලව්වේන් යන්න ලෑස්ති වෙන්න..
මොක්කද වද ගෑනුන්ට දෙන්න මන් දරුවෝ හදලානෑ.
තමුන් ව එයාගෙන් දික්කසාද කරලා මන් ලොකු පුතාව වෙන කෙනෙක්ට බන්දලා දෙනවා..එයාට කොහොමත් ආයි කාසදයක් කරගන්න බැරි කමක් නෑනේ.රූපයෙන් අඩුවක්ද සල්ලි දේපලවලින් අඩුවක් කියලද .එහෙම නෑනේ..සල්ලිකාර පවුල් කියකින් ආපු යෝජනා එපා කියලද තමුන්ව බැද ගත්තේ …..”
” එත් ලොකු මැණිකේ …….”
” අහිංසා කට…..තමුන්ට කොහෙන් ආපු හයියක්ද මන් කතා කරද්දි .එ මැදින් කතා කරන්න..තමුන් ලොකු පුතාගේ නෝනා උනා කියලා හිතන්න එපා..මන් තමුන්ව මේ ගෙදර ලේලි විදිහට පිලි ගනි කියලා..තමුන් අපේ ලේ තියන දරුවෙක් දුන්නොත් මන් එ ගැන හිතලා බලන්නම්..
අ..තව දෙයක් මට ඇහුනා ලොකු දරුවා අපේ මහත්තයා එක්ක කියනවා..තමුන්ව විශ්වවිද්‍යාලය යවන කතාවක්..
තමුන් ලොකු දරුවාට කියන්න ඕනි තමුන් යන්න කැමති නෑ කියලා…කොහොමත් ගෑනු වැඩිය ඉගෙන ගන්න ඕනි නෑ..ගැනු උයන්න පිහන්න දරුවෙක් බලාගන්න ඔයවගේ දේවල් ඉගෙන ගත්තහම ඇති…
මොකො උබ ඉගෙන ගෙන ජනාධිපති වෙන්න ඈ…
මන් ආයි වතාවක් තමුන්ට මේ දේවල් කියන්නේ නැ…එ වගේම මන් මේ දේවල් කිව්ව වගක් ලොකු දරුවා එක්ක කියලා තිබ්බොත් බලා ගමු..තේරුනාද….තමුන්ට..”
” එ…එ..එහෙමයි ලොකු මැණිකේ …..”
” හරි එහෙනම් දැන් යනවා වලව්ව ඇතුලට..ආ..තව දෙයක් හෙට උදේ පාන්දර ඇහැරිලා ගෙදර ඉන්න හැමෝටම උයන්න ඕනි..උදේ හත වෙද්දි කෑම ටික මේසෙ තියෙන්නේ ඕනි .පුතා ඇහුවොත් කියනවා තමුසෙට ආස හිතුන නිසා ඉව්වේ කියලා..”
” එ..එහෙමයි ලොකු මැණිකේ ….”
” හුම් දැන් යනවා……”
” දෝණී …..දෝණී ඔයා තාම හොදලා ඉවර නැද්ද..දැන් කොච්චර වෙලා ඉදන්ද ඔයා ඔය ඉන්නේ ..සීතල අල්න්න කලින් හොදන් එන්න කියලා නේද මන් කිව්වේ ..”
අහිංසා ලොකු මැණිකේ සමග කතා බස් කර .ඔවුන්ගේ කාමරයට පැමිණි යේ කෙසෙදැයි කියා ඇයටත් මතක නැත..මන්ද යත් තලතාගේ දරුණු වදන් හමුවේ ඇගේ සිත පැවතියේ කියාගත නොහැකි තරම් බිද වැටිය…
කාමරයේ ඔහු නොමැති බව දුටු නිසා ඇ සැනසුම් සුසුම් හෙලන්න වුයේ ..ඔහුට මේ අවස්ථාවේ මුහුණ දීමට තරම් ශක්තියක් ඈ සතුව නොතිබු නිසාවෙනි .
එ නමුදු ඇගේ සැනසීම තාවකාලික වුයේ .බැල්කණියේ හිදින ඔහුගේ රුව ඇගේ නෙත ගැටීමත් සමගින් ය…
වහ වහා පසෙක වු ඇදුම් රදවනයේ වු තුවාය ගෙන ඈ නානකාමරයට දිව යන්න වුයේ ඔහුගේ සිය දෑස් සැගවිමට වුවත් ..බාත්රූමය වෙත දිව යනඇගේ ජයාව නෙත ගැටී ඔහු ඇයට ඉක්මනින් උණුසුම් ජලයෙන් සෝදාගෙන පැමිණෙන ලෙස පවසන්න් වුයේ ..නුවර නගරයේ අවේණික සීතල නිසාවෙනි ……..
ඈ නානකාමරයට වෙත ගොස් හෝරාවකට ආසන්න වුවත් ඈ නොපැමිණි නිසාවෙන් .ඔහු බාත්රූම්යේ දොරට තට්ටු කරමින් ඇයට කතා කලද ඇගෙන් කිසිද් ප්‍රතිචාරයක් නොමැති බැවින් .ඔහු දෙවරක් නොසිතා බාත්රූමයේ දොරට වැරෙන් පහර කිහිපයක් ගසා දොර විවර කරගන්නට විය…
” දෝණී …….”
වොශින් බේසින් එක මත සිහි රහිතව වැටි උන් ඈ දැක ඔහුට කෑ ගැසුනේ නිරායාසයෙනි .
” දෝණී …දෝණී ..කතා කරන්න දරුවෝ මාව බය නොකර ..”
විවර කර තිබු ශවරය වසා ඇගේ ගේ මුව මත වතුර ස්වල්පයක් තවරා ඇයට කතා කලද .ඇගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති විය..
ඇගේ හිස පටන් මුලු සිරුරම නැහැවී තිබුනේ ඇය ගතලා සිටි ඇගලුම ඇගේ වතටම ඇලි ගොස් තිබුනේ ඇගේ නාරි හැඩතල ඔහුගේ දෙනෙතට නිරාවරණය කටමිනි..
” මට සමාවෙන්න දෝණී ..”
ඔහු සිතින් ඇගේන් සමාව අයදිමින් ඇගේ ගත රැදි ඇගලුම් ප්රාවේශමට ගතින් ඉවත් කර ඇගේ ගත වටා තුවායක් දවටන්න වුයේ ඈ පිලිබද කිසිදු අයහපත් සිතුවිල්ලක්වත් සිතට නොගෙන මහත් සෙනෙහසිනි..
ප්රාවේශමට යහන මතින් ඈ තබා ඔහු ඇගේ හිස හොදින් පිස දමා ඇගේ ගත සිය කමිසයකින් ආවරණය කරන්න වුයේ .වෙන ඇදුමක් ඇයට දැවටිම මේ අවස්ථාවේ අපහසු බැවිනි ..ඇගේ පා හා දෙඅත් මදක් උනුසුම් කරන විට ඈ කෙදිරිගාමින් සෙමෙන් සෙමෙන් දෑස් විවර කරන්න වුයේ .ඔහුගේ සිතට අස්වැසිල්ලක් ලාබා දෙමිනි .
උනුසුම් පොරෝණ කිහිපයකකින් ඇගේ ගත ආවරණය කර ඇයට බෙහෙත්ක් එන්නත් කරන්න වුයේ ඈ සුව නින්නදක් ලබා දිමටය…
ඔහුද ඈ සිය ලයට තුරුල් කරගනිමින් යහනෙහි දිගා වුයේ ..ඈයට එක්වරම මේ සිදු වුයේ කුමක් දැයි සිතමිනි ……..
මතුසම්බන්ධයි