-25 කොටස –
වැස්ස හෝ ගාලා ඇද හැලෙනවා…තවමත් හිමංස නිශාදි දිහා බලං ඉන්නවා.නිශාදිගේ දිග ගවුම තෙමිලා කදුලු වැල් එක්කම වැහි බිංදු ගලාගෙන යනවා.
පරිසරේම කියා පෑවෙ දුක්මුසු පාලු කතාවක්..අන්ධකාර රාත්‍රියට නිශාදි පුංචි දවස්වල ඉදලම බයයි….
හිමංසගෙ විසල් පපුවට තුරුලු වෙලා මේ බය නැති කරගන්න කෙල්ලට උවමනා උනාට යක්ෂාවේශයෙන් ඉන්න හිමංස මොනවා කරයිද කියලා නිශාදිට හිතා ගන්න බෑ..
සෑහෙන වෙලාවක් නිශාදි දිහා බලං හිටපු හිමංස නිශාදිගෙ දකුණු අතින් ඇදගෙන ගිහින් ආපහු කාර් එක ඇතුලට තල්ලු කළා.
දොර දඩාස් ගාලා වහලා දාපු හිමංස ඩ්‍රයිවින් සීට් එකට ගොඩ වුණා..
‘කොහෙද මේ යන්නෙ..’
නිශාදි හිතුවෙ ගෙදරට කියලා..ඒත් හිමංස නිශාදිව එක්ක ගියේ වෙන දිහාවකට…යනවා යනවා ඉවරයක් නෑ…
අන්තිමේදි පාළු පාරක් දිගේ ඉදිරියට ඇදුණු වාහනේ හිමංස නතර කලේ ලොකු ගේට් එකක් ළඟ…ඊළගට හිමංස බැහැලා ගිහින් ගේට් එක අරින හැටි ආපහු ඇවිත් කාර් එකට නගින හැටි නිශාදි පුදුමෙන් බලං හිටියා..
‘මේ කොහෙද..’
අහන්න ඕනෙ වුණාට නිශාදිට අහන්න බැරිවුණා.හිමංස ගේට් එකෙන් ඇතුලට අරං කාර් එක නතර කලේ ලොකු ගෙයක දොරකඩ..
.වැස්ස අඩුවෙලා දැන්..හිමංස කාර් එකේ තිබුණු පොඩි බොක්ස් එකකින් යතුරක් අතට ගන්න හැටි නිශාදි බලං හිටියේ තවත් පුදුම වෙලා.
‘.මේ ගේ හිමංසගෙද? ‘
ඒත් කවදාවත් මේ ගැන නිශාදි අහලා තිබුණෙ නෑ.
‘බහිනවා..’
හිමංස කියනකොටම නිශාදි බැහැ ගත්තෙ හිමංසව තවත් තරහා ගස්සන්න බැරි නිසා..
හිමංසත් බැහැලා ඇවිත් ගේ දොර ඇරියා….හිමංස ඇතුලට ගිහින් ලයිට්ස් ඔන් කලා..
නිශාදි දොරකඩට වෙලා හිටගෙන හිටියට ඇතුලට ආවෙ නෑ..හිමංස ඇවිත් නිශාදිව ඇදලා ඇතුලට අරං දොර වැහැවා..
නිශාදි වටපිට බැලුවා..ගේ මාර ලස්සනයි මාළිගාවක් වගේ..ඒත් මොකද්දෝ ගුප්ත බවක් තිබුණා..
”හි..හිමංස..මේ..කොහෙද?….අපි ගෙදර යන් නැද්ද?”
නිශාදි ඇහැවට හිමංස නිශ්ශබ්දයි..හිමංසගෙ ඇස් දෙකේ වියරුව දැන් තවත් වැඩි වෙලා වගේ..නිශාදිගේ තෙමුණු ගවුම පුරාවටම හිමංසගෙ නෙත් යන හැටි නිශාදි බලං හිටියේ කරගන්න දෙයක් නැතිව..හිමංස එයා ඇදගෙන හිටපු කෝට් එක ගලවලා විසික් කලා.
“හිමංස මට සීතලයි…”
අඩියෙන් අඩිය හිමංස ළඟට එද්දි නිශාදි අඩියෙන් අඩිය පස්සට ගියා..පස්සට ගිහින් නිශාදි සාලෙ තිබුණු සෙටිය උඩ හැප්පිලා සෙටිය උඩට වැටෙද්දි හිමංස සෙටියෙ දෙපැත්තට අත්දෙක තියලා නිශාදිගෙ මූණට එබුණා.
හිමංසගෙ දෙතොල් වල උණුසුම මූණ පුරාවට දැනෙද්දි නිශාදි ඇස් පියා ගත්තෙ මොකද්ද වෙන්නෙ කියලා හිතා ගන්න බැරුව.හිමංස අමුතුයි..කවදාවත් නැති තරම්..
ටිකෙන් ටික හිමංසගෙ ග්‍රහණය රළු වෙද්දි නිශාදි අඩන්න පටං ගත්තා
“හිමංස..මං මං. ඔයාගෙ වයිෆ් හිමංස..මට මෙහෙම රිදවන්න එපා..”
හිමංස ඈත් වෙලානිශාදිගෙ මූණ අත් දෙකින් තද කරගත්තා.
“එහෙනම් මං ඌට රිදවන්නම්.”
එහෙම කියපු හිමංස විදුලි වේගෙන් ආපහු හැරිලා ඉස්සරහ දොරින් පිටවුණේ දොරේ යතුර අරං දොරත් ලොක් කරගෙනමයි..
නිශාදි දුවගෙන ඇවිත් දොරට ගගහා කෑ ගහනකොට හිමංස කාර් එක ගේට් එකෙන් එළියට අරං ගිහිල්ලත් ඉවරයි.
‘හිමංස…අනේ..හිමංස….හිමංස..”
නිශාදි දොර අල්ලගෙන රූටලා බිම වැටුණෙ කදුලු ගංගාවක් මැදින්.
💗💗💗💗💗
“රාජ්…රාජ්…”
“මොකද චතූ..නිදි නැද්ද තවම..”
“අනේ මන්දා රාජ්…
මට නින්ද යන්නෙ නෑ..
පුතාලත් තවම ඇවිත් නෑ වගේ..දැන් පාන්දර දෙකත් පහුවෙලා..”
“චතූ..පුතාලා දැන් පොඩි ළමයි නෙවෙයිනේ.අනික ජෝඩුවමනෙ ගියේ..එයාලා කැමති වෙලාවක එයි.”
“ඒ වුණත් මෙච්චර රෑ වෙනකල්..”
“චතූ..ඉස්සර පුතා රෑට ගෙදර නාපු දවසුත් තිබූණා නේද?
එතකොටවත් බලං හිටපු නැති ඔයා දැන් මොකද මේ..”
“වැස්සකුත් ඇවිත් රාජ්….අද හුළඟත් සැරයි වගේ..පුතාලා එහෙ නැවතුණාවත්ද?”
“ම්ම්ම්..නවතින්න ඇති …වැස්සෙ එන්න බෑ කියලා හිතෙන්න ඇති…මොකද වෙන්නෙ ඉතිං..දෙන්නමනේ…හොටෙල් එකේ ඉන්න ඇති..”
“කෝල් එකක්වත් අරං බලමුද”
“පිස්සුද.. ඒ ලමයින්ට කරදර කරන්න එපා රෑ තිස්සෙ..දැන් නිදාගන්න චතූ…”
චතුරිකා ඇස් පියාගත්තට නින්ද ආවෙ තවත් ගොඩක් වෙලා ගියාට පස්සෙ..
💗💗💗💗
“ටාං..ටාං….ටාං..ටාං…”
අඩ සිහියෙන් වගේ දොර ළඟ වැතිරිලා හිටපු නිශාදි ගැස්සුනේ සාලෙ බිත්තියේ තිබුණු ලොකු ඔරලෝසුවේ සද්දෙට .. සීතලට වගේම නිශාදි බයටත් ගැහෙනවා..
කෙල්ල පොඩි කාලෙ ඉදලා රෑට තනියම කොහෙවත් ඉදලා නෑ.කසාද බැන්දට පස්සෙත් කාලයක් යනකල් එහා කාමරේ හරි හිමංස හිටියා.
එත් අද..කවුරුවත් නැති පාළු ගෙදරක නිශාදිව තනි කරලා හිමංස ගිහින්..
‘අනේ.හිමංස..ඇයි මෙහෙම කරන්නෙ..ඔයා මේ තරම් නපුරු වුණේ කොහොමද?
ඔයාට දුක නැද්ද ටිකක්වත් මාව තනි කරලා මේ පාළු ගෙදර…අනේ මට ගොඩක් බයයි හිමංස..අනේ එන්නකො…
මං තරුන් ළඟට යන් නෑ..කවදාවත්…මං දන්නෙ නෑ තරුන් ඇයි රට ඉදන් ආපහු ආවෙ කියලා…අනේ මං මේවට උත්තර දන්නෙ නෑ.’
එකපාරටම ලයිට් ගියේ හමපු හුළඟකුත් එක්ක…නිශාදි බයටම තදින් දෑස් පියාගත්තා…
‘අනේ ඇයි හිමංස .. ඇයි… මං දන්නෙ නෑ ඇයි මං තරුන් ලගට නැගිටලා ගියෙ කියලා.. ඒත් මං ඒක හිතලා කරපු දෙයක් නෙවේ….මට ඔයාව දාලා යන්න බෑ හිමංස.. අනේ මගෙ මහත්තයෝ එන්න.. නැත්නම් මං බයටම මැරිලා යයි මෙතනම….
ඔයා කොහෙද.ඔය ගියෙ.. තරුන්ට කරදරයක් කරන්නද… අනේ හිමංස ඔයාලා දෙන්නටම වරදක් වෙනවා මට බලං ඉන්න බෑ…. ඇයි මට මෙහෙම උනේ.. ඇයි……’
💗💗💗💗💗
හිමංස කාර් එක අරගෙන වේගෙන් ආවෙ ආපහු පාටි එක තිබ්බ හොටෙල් එකටමයි.. අද දෙකින් එකක් බේරගන්න හිමංස තීරණේ කරලා තිබුනා…
වාහනේ අහුවුනු තැනක නතර කරලා හිමංස උඩ හෝල් එකට ගියා… හෝල් එකට ඇතුලු වෙනකොට හෝල් එක හිස් වෙලා තිබුනෙ.. පාටි එක ඉවර වෙලා.. හොටෙල් එකේ සේවකයො ඒක අස් කරනවා….
“හිමංස ..”
හිමංසගෙ පිටිපස්සෙ ඉදල උරහිසට අත තිබ්බෙ විනෝද් ….හිමංස හැරිලා බැලුවා.
“විනෝද් ….මොකද්ද උඹ මේ කලේ “
හිමංස විනෝද්ගෙ කමිසෙ කොලර් එකෙන් අල්ල ගත්තා…
“හිමංස ප්ලීස්.. මං කියන දේ පොඩ්ඩක් අහලා ඉන්න…ප්ලීස් මචං..”
“තවත් මොනවා අහන්නද..උඹ මේ දේවල් කලේ අහන්න ඉඩක් ඉතුරු කරලද…කියපන්… කොයි අරූ…කොයි අර හිවලා..”
“හිමංස .. මං දන්නෙ නෑ මේ ගැන… මං ඩාන්සින් ගෲප් එකක් දෙන්න කියලා හොටෙල් එකට කීවට ..මං දන්නෙ නෑ ඒ ඩාන්සින් ගෲප් එකේ ලීඩර් තරුන් කියලා… ඩාන්ස් එකේදි උඹ වගේම මමත් ශොක් උනා…
මං දැන් ගිහින් හොටෙල් මැනේජ්මන්ට් එකෙන් තරුන් ගැන විස්තර ඇහැවා..එයාලත් මොකුත් දන්නෙ නෑ….අලුත් සෙට් එකක් කියලා විතරයි දන්නෙ…
හිමංස … අපි නොදන්න ලොකු ගේම් එකක් මෙතන තියෙනවා….තරුන් මුල ඉදලම ගේම් එකේ ඉදලා තියෙනවා. අපියි මෝඩයො…අපි හිතුවෙ ප්ලෑන් ඔක්කොම අපේ කියලා.. ඒත් ..”
හිමංස විනෝද්ව අත ඇරියා.. විනෝද් කියන්නෙ බොරුවක් නෙවෙයි කියලා හිමංසට හොදට තේරුනා..
“විනෝද්.. දැන් කොයි ඌ”
“ගිහින්.. ශෝ එක ඉවර වෙලා පැය බාගයයි ඉදල තියෙන්නෙ… “
“විනෝද් මං ආවෙ දෙකින් එකක් බේර ගන්න… මට කොහෙන් හරි ඌ හොයා ගන්න ඕනෙ… “
“ඒත් හිමංස . දැන් බෑ… කොයි නිශාදි ….වැස්සත් වැඩි වෙනවා.. කෙල්ලව ගෙදරට දාලද ආවෙ..”
හිමංස අහක බලාගෙන ‘ඔව් ‘ කීවා.
“දැන් යමු හිමංස … හෙට උදේ මං විස්තරයක් හොයා ගන්නම්..”
හිමංස විනෝද්ගෙන් සමු අරන් ආවේ එච්චර කැමැත්තකින් නෙවෙයි.. මේක ඉක්මණට විසදගන්න තමයි හිමංසට ඕනෙ උනේ.. නිශාදි ඉන්නෙ කොහෙද කියලා හිමංස විනෝද්ටවත් කීවෙ නෑ..
💗💗💗
හිමංස එන ගමන් මගදි ෆෝන් එක අරං ඩයල් කලේ කාලයක් පුරාම හිමංස නිතරම ඩයල් කරපු නම්බර් එකක්…..මීට කලින් ඒ නම්බර් එක ඩයල් කරපු කිසිම වෙලාවක ඒ නම්බර් එක වැඩ කලේ නෑ..
ඒත් අද… හිමංසගෙ මූණෙ ඇදුනෙ හීන් හිනාවක්…. නම්බර් එක රිංස් යනවා…