චන්ඩිරැජින#🌹🌹🌹
හතර වන චන්ඩිකම 🙅🙅
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
👩 ” මේ රශියො අද ගියපු ජොබ් එකවත් හරි ගියොත් හොදයි බං.නැත්තන් අපිට හැමදාම පිං බත් කකා තමයි ඉන්න වෙන්නෙ.”
👩 ” ඒක නම් ඇත්ත බං දේවිකා අම්මත් පව්.එයාට තව ළමයි කී දෙනෙක් ගැන බලන්න කියලද?තව මදිවට අපි ගැනත් බලන්න වෙලා. “
අඹ අච්චාරුවකුත් හදා ගෙන නිශා මිදුලෙ කහ මල් ගහ යට බංකුවට ඇවිත් වාඩි වුණේ රශී එතන ඉද ගෙන ගොඩ වෙලාවක ඉදන් ලොකූ කල්පනාවක ඉන්නව දැකලමයි.කෙල්ලො දෙන්න මේ කතා වෙන්නෙ බලන්න ගියපු ජොබ් එක ගැන.දෙන්නම A/L හොදට පාස් වුණත් කැම්පස් යන්න ලකුනු කීපයක් මදි වුණා.
එයාලගෙ ළමා නිවාසෙ මැඩම් ආයෙ A/L කරන්න කියල දෙන්නටම බල කලත් දෙන්නම ඒකට අකමැති වුණේ හැමදේටම වියදම් කරන මැඩම්ට තවත් කරදර කරන්න බැරි නිසාමයි.මැඩම් කිව්වට ඉතින් පුංචි කාලෙ ඉදන්ම කතා කරේ දේවිකා අම්ම කියල.දේවිකා අම්මත් ඒ දෙන්නට ගොඩක් ආදරෙයි.තමන්ගෙම දරුවන්ට වගේ සැලකුවෙ.දේවිකා අම්මත් එයාට අවුරුදු විස්සක් වෙනකොට ඒ ළමා නිවාසෙ දා ගෙන තියෙන්නෙ.
චූටි කාලෙ ඉදන්ම අසරණ ළමයින්ට ගොඩාක් ආදරේ කරපු නිසාම ඒ විදියට ළමා නිවාසයක් දා ගෙන.දේවිකා අම්මගෙ අම්ම තාත්තත් දූගෙ කැමැත්තට ඉඩ දීල.දේවිකා අම්මත් තරුණ කාලෙ වෙනකොට කසාදයක්වත් කර් ගෙන නැත්තෙ ඒ චූටි දරුවන්ට වෙනස්කමක් වෙයි කියලයි.දැන් ඒ ළමා නිවාසෙ එක එක වයස්වල චූටි දෘවො තිස් පහකටත් වැඩිය ඉන්නව.ඒ හැමෝටම අම්ම වුණේ මේ දේවිකා අම්ම.රශී තමයි ඒ ළමා නිවාසෙට මුලින්ම ඇවිත් තියෙන්නෙ.ඒ අවෘදු හතරෙදි විතර චූටිම කාලෙ.ඊට පස්සෙ තමයි නිශා ඇවිත් තියෙන්නෙ.
මොනව උනත් කෙල්ලො දෙන්නට චූටි කාලෙ ඉදන්ම හැමදේම කලේ දේවිකා අම්ම තමයි.ඉගෙන ගන්න පවා ගොඩක් උදව් කරල.පස්සෙ මැඩම්ට තවත් කරදර කරන්න බැරි නිසාම.මැඩම්ම අරන් දීපු චූටි ගෙදරක මේ දෙන්න පදිංචියට ආවෙ.ඒත් මේ වෙනකම්ම කෙල්ලො දෙන්න ගැන බැලුවෙ නම් මැඩම්ම තමයි.ඒ කිව්වෙ දේවිකා අම්මම තමයි.ජොබ් තුන හතරක්ම බැලුවත් ඒ එකක්වත් හරි ගියෙ නෑ.මුලින්ම කෙල්ලො දෙන්න තමන්ගෙ සුදුසුකම්වලට ජොබ් හෙව්ව.ඒත් හරි ගියේ නෑ.සමහර ඒව වේකන්සි නෑ.තවත් සමහර ඒව කෙල්ලො දෙන්නගෙ හිතට හරි ගියෙ නෑ.එහෙමත් නැත්නම් දුර වැඩියි.ඒ වගේ ගොඩාක් ප්‍රශ්න.ඒ නිසාමයි හම්බවෙන ඕනම ජොබ් එකක් කරනවයි කියල කෙල්ලො ජොබ් හොයන්න පටන් ගත්තෙ.ඒ අතරෙ තමයි පත්තරේක දැක්කෙ dress shop එකක එකව්න්ටින්ස් වලට කට්ටිය ගන්නව කියල.
👩 ” නිශා උබ මොනවද? ඔච්චර කල්පනා කරන්නෙ.”
කන්න කට ගාවට ගත්තු අඹ කෑල්ලත් අතේ තියා ගෙන බර කල්පනාවක ඉන්න නිශා දිහා බලා ගෙන රශී ඇහුවෙ.
👩 ” මොකුත් නෑ බං.මං මේ කල්පනා කරේ අද ගියපු ජොබ් එක හරියයිද කියල.ඒ සර් නපුරු පෙනුමට හිටියට හොද ගති ගුන තියෙනව.අපි ගැන අනුකම්පා කරල ජොබ් එක දුන්නොත් හොදයි.”
👩 ” හ්ම්ම් එක දවසින් මිනිස්සු මනින්න බෑනෙ බං.බලමු කෝල් එකක් දෙන්නම් කියල කිව්වනෙ.”
රශී එහෙම කියල හයියෙන් හුස්මක් දැම්මෙ හරියට හිතේ තද කර ගෙන හිටපු ලොකු වේදනාවෙන් පිට කරනව වගේ.
👩 ” හරි හරි ඔය මනෝ පාර ගහන් හිටිය මදැයි.වරෙන් රෑට මොනව හරි උයන්ඩ.
කකා හිටපු අඹ පිගානත් අතට අරන් නැගිටින ගමන් රශී එහෙම කිව්වේ.
හනිකට අල ගෙඩියක් තෙල් දාල පරිප්පුවක් හදල කටට රහට පොල් සම්බෝලෙකුත් හැදුව දෙන්නත් එක්ක.කෙල්ලො දෙන්නටම හොදට රසට උයන්න පුලුවන්.ඒ හැමදේම ඉතින් දේවිකා අම්ම නිසා තමයි.දේවිකා අම්ම නිතරම කිව්වෙ කෙල්ලෙක් උනාම හැම දෙයක්ම පුරුදු වෙන්න ඕනි කියල.නැත්තං ඉතින් කවද හරි නැන්දම්මගෙන් කොහු පාර තමයි කන්න වෙන්නෙ.
කෑමත් කාල කුස්සියත් අස් කරල නිශා ගියේ වොශ් එකක් දා ගන්න.රශීත් ෆෝන් එක අරන් ඇදට ගියේ fb එක පැත්තෙවත් යන්න කියල හිතා ගෙන.ඒත් ෆෝන් එක ඔන් කරන කොටම දැක්කෙ මිස් කෝල් හතරක් විතර තියෙනව.ඒත් නම්බරෙක බැලුවම අදුරන්නෙ නැති නිසා කෙල්ල එච්චර ගනන් ගත්තෙ නෑ.
ඒත් එක්කම වගේ ආයෙත් කෝල් එකක් එනව ඒ නම්බර් එකෙන්ම.ඕන දෙයක් වෙන්න කියල කෙල්ල ආන්සර් කරල කනේ තියා ගත්තෙ.ඒත් වෙපාරක් තුන් පාරක්ම කතා කරත් එහා පැත්තෙන් සද්දයක් නැති නිසා කෙල්ල කේන්තියෙන්ම කට් කර දැම්මේ.
👩” මොන හිකනලෙක්ද මන්ද කෝල් එකක් ගට්ත නම් කතා කරන්න දැන ගන්න එපැයි.කටේ පිට්ටු හිර වෙලාද? කොහෙද මූකල් බස්ස” 😡
කෙල්ල කුටු කුටු ගාල බනිනව හොදටම.ඒ අතරෙ තමයි නිශාත් කාමරේට ආවෙ.
👩 ” මොකද? බං තනියම කියවන්නෙ.කාපු බීපුව උස්මොල්ලෙවත් ගියාද? “😂
👩 “අනේ පලයං උබත් මගෙන් මොකුත් නාහ.මේ මොකෙක්ද? නරියෙක් කෝල් ගන්නව.ආන්සර් කරාම නෝ කතා” 😡
👩 ” ආ ඒකද? උබ මේ නැට්ට පාග ගෙන දගලන්නෙ.😂😂වැරදිලා වෙන්න ඇති බං.”
ඒ පාර කෙල්ල කටත් ඇර ගෙන ෆෝන් එක දිහා බලා ගෙන ඉන්නව.නිශාත් ගිහින් එබිල බැලුවෙ මොකද? මේ කියල.
👩 ” හෑ 😲 කව්ද? බං මේ උබට පැටියො කියල messege දාන එකා” 😯😯
👩 “මං කොහොමද? බං දන්නෙ”
👩 ” මේ ඇත්ත කියපං උබ මටත් හොරා….” 😉
කෙල්ල කියන්න හදපු දේත් සම්පූර්ණ කරන්න නොදී රශී ෆෝන් එකත් ඕෆ් කරල දාල නිශාටත් ගස්ස ගෙන ඇදට ගියේ නිශාට light එක ඕෆ් කරන්න කියන ගමන්.ඊට පස්සෙ කෙල්ලත් සද්ද නොකර light එක ඕෆ් කරල නිදා ගත්තෙ…..
නැවත හමුවෙමු