රෑ කෑමත් අරගෙන තෙනූ හැදුවේ මිහේෂ්ගේ කාමරේට යන්න……. ඒත් තව කවුරුහරි ඇතුලේ ඉන්නවා කියලා තේරුණ නිසා තෙනූ සද්දයක් නැතුව දොර ගාව හිට ගත්තා………..

ඒත් ටිකකින් ඒ ඇතුලෙන් ඇහුණ දේට තෙනූගේ ඉහින් කනින් දාඩිය දාන්න ගත්තා…….

“මචං මිහේෂ්……”

ඇතුළේ උන්නේ වෙන කවුරුත් නෙමේ………. ඒ හිටියේ තේජ්…………

” මිහේෂ් මං දන්නවා තමුසෙට කතා කරන්න බැරි බව……….. ඒත්…එදා ඉඳලා….. උඹට හොඳට මාව තේරෙනවනේ බන්………….. මේකයි මට කියන්න ඕනි……….. තෙනූ මාර ලස්ස්නයි බන්……. එදා ඒකි ට්‍රේන් එකේ නිදාගෙන ඉන්නවා දැක්කම හිත ගැස්සුණා…………… මේ දවස් ටිකට මට තෙනූව නැතුවම බැරි වෙලා බං………….. ඒකිව දකිද්දි මගේ හිතට මොකක්දො වෙනවා බන්…………….ඔව් බන්………. මං හිතන්නේ මං තෙනූට ආදරේ කරනවා………… මං මේ සැටර්ඩේ උඹලගේ අම්මා ආවාම මේ ගැන කියනවා….. එතකොට මට සන්ඩේ අපේ ගෙදර ගිහින් එයාලව එක්ක ඈවෑකිනේ…………… මිහේෂ් …….. තෙනූ මට කැමති වෙයි නේද බන්???……… මං ඒකි ගැන හෙව්වා……. පව් කාත් කවිරුවත් නෑ….. මට කිසිම දෙයක් එපා……. තෙනූව හම්බුණානම් ඇති බන්………. මේ අවුරුදු 23ට නොලැබුණු හැම දෙයක්ම මං ඒකිට දෙනවා…… සත්තයි මිහේෂ්………”

තෙනූ තම අතින් කට වහගත්තේ……. ආපු ඉකිය අනිත් අයට ඇහෙයි කියලා……….. එහෙම්මම තෙනූ දිව්වේ තමන්ගේ කාමරේට………

“දෙවියනේ………….. ඒ……………ඒ…………….. කියන්නෙ තේජ් මට ආදරෙයි ??……. ඒ තරම් ආදරයක්……………”

තෙනූ පපුව දිගේ අත යවලා……… අර පෙන්ඩන්ට් එකක් වගේ හදාගෙන ඉන්න යතුර අතට ගත්තා……….

“මගේ අම්මේ…………. තාත්තේ……….. ඔයාලට ඇහෙනවද………….. මෙ තෙනූටත් ආදරයක් ලැබෙන්න යන්නේ………….. ඔයාලගේ දෝණිට කවදාවත් වැරදින එකක් නෑ නේද අම්මේ…..”

එතකොටම ඇහුණේ දොරට ගහන සද්දයක්……

“අක්කේ……….. කන්න යමු………..”

“අහ් සෙනූ……… එන්නකෝ………. මෙතනින් ඉඳගන්නකෝ………”

“ඇයි අක්කේ………”

“ඔයා තේජ්ව දන්නවා නේද??……..”

ඒ නම ඇහුවා විතරයි සෙනූ ගැස්සුනා………..

“ඇ……ඇ………..යි……….. අක්කේ………………”

“නැහ්……….. එයා මට ප්‍රපෝස් කරන්නයි යන්නේ…….. සෝක් නේද??……….”

“තේජ් අයියා???………. ඔයාට??………..”

“ඔව් ඇයි……….. ඇයි මොකක් හරි වැරැද්දක් තියෙනවද සෙනූ……… මං වගේ කෙනෙක් තේජ්ට ගැලපෙන්නේ නෑ නේද…..😞😞”

“අනේහ්………….. නෑ අක්කේ…………. අක්කා වගේ කෙනෙක් ලබන්න තේජ් අයියා ගොඩක් වාසනාවන්තයි………….”

එහෙම කියලා සෙනූ හිනා වෙලා යන්න හැදුවා….. ඒත්………

“අක්කේ මේ කෑම එක???”

“අනේ දෙවියනේ…………. මිහේෂ්……………”

කෙල්ල කෑම එකත් අරන් ආයේ මිහේෂ්ගේ කාමරේට දිව්වේ………. මේ වෙනකොටත් මිහේෂ්ගේ කෑම වෙලාව පහු වෙලා පැයක් විතර වෙන හින්දා…………….

ඒ වෙනකොට නම් කාමරේ ඇතුලේ කවුරුවත් හිටියේ නෑ…….. ඒ නිසා තෙනූ කෙලින්ම කාමරේට ගියා………………

ඒත් ඒ ගියපු තෙනූ එක පාරටම ගල් ගැහුණා වගේ නැවතුනා…………….

කාමරේ පුරාම විදුරු කටු………………… කාමරේ තිබ්බ කණ්නාඩිය කුඩු වෙලා………. රෝද පුටුව විසික් වෙලා………. මිහේෂ් බිම ඉඳගෙන……… ඒ අතින් ලේ යනවා………….

තෙනූට උන් හිටි තැන් අමතක උනා……….

“මීහු……මොකද මේ………. අනේ මීහු…..”

තෙනූ මිහේෂ් ළඟට ගිහින් ඒ ඇස් ඉස්සුවා…..

“දෙවියනේ………….. ඒ ඇස්……… ඉඳිමිලා……”

“අනේ මීහූ………… ඇයි මේ??……..”

මිහේෂ් එක පාරටම තෙනූව තදින් බදාගත්තා …. හරියට කවුරුහරි උස්සන් යයි වගේ…….. තෙනූගේත් පපුවේ පැත්තක් හිරි වැටිලා ගියා…..

තෙනූ මිහේෂ්ව වත්තම් කරන් ඇඳෙන් තිබ්බා……. ඒ කරලා………. මුලු කාමරේම අස් කරා………….. ඒ කරලා…… මිහේෂ්ට බේත් දාලා…….. රෑ කෑම කැව්වා………….. මිහේෂ්ගේ ඔලුව අතගාලා…….. ඒ නළලට කෙටි හාදුවක් තියලා තෙනූ හැදුවෙ යන්න………

ඒත් තෙනූ හිතන්නත් කලින් මිහේෂ් තෙනූගේ බඳ වටා දෑත් යවලා ඒ දෙතොල් වලට බර උනා……. මුලින් තෙනූ ගැස්සුනත්……… ඒ පහසට තෙනූ මත් වෙලා උන්නේ………. තෙනූගේ හිත කෑ ගහලා කිව්වත් යන්න කියලා ඒ ගත මිහේෂ්ට අවනත වෙලා හිටියේ………….. විනාඩියක් දෙකක්……… නෑ මිනිත්තු කීපයක්ම මිහේෂ් තෙනූගේ තොල් මත දඟ කරා………….. මිනිත්තු කීපයකට පස්සේ තෙනූගේ තොල් අත ඇරපු මිහේෂ් අනිත් පැත්ත හැරිලා නිදාගත්තේ කිසි දෙයක් නොවුනු ගානට………..

තෙනූගේ පලවෙනි හාදුව…………. තෙනූගේ හිත කියාගන්න බැරි හැඟීම් ගොන්නකින් පිරිලා……. තෙනූටම හිතාගන්න බෑ…….. මේ මොනාද වෙන්නේ කියලා…………………..

එදා රෑ තෙනූට නින්දක් තිබ්බේම නෑ………. තෙනූ තොල් දෙකට දිගේ ඇඟිලි තුඩු යවන ගමන් ඒ හැඟීම ආයෙත් වින්දා……….. තේජ් ළඟ ඉද්දි නොදැනෙන මොනාදෝ හැඟීම් ගොන්නකින් හිත පිරෙනවා මිහේෂ් ළඟ ඉද්දි ……………….. ඒ ගැන හිත හිත ඉන්න ගිහින් තෙනූට නින්ද යද්දි පාන්දරත් උනා……………

පහුවදා………… මිහේෂ්ලගේ අම්මයි තාත්තයි බංගලාවට ආවා………. තෙනූ දන්නවා….. තේජ් දැන් එයාගේ ආදරේ සම්බන්ධව මැඩම්ට කියනවා කියලා……………… ඒත් තෙනූගේ හිතේ පොඩි ගැස්මක් තියෙනවා……….. තෙනූට තේජ්ට බෑ කියන්න කිසිම උවමනාවක් නෑ………… ඒත් ඒක ආදරයක්මද කියලා තෙනූට සැකයි……….

එදා හවස මැඩම් තේනුගේ කාමරේට ආවා……

“තෙනුලි……….. දරුවෝ……… මට ඔයත් එක්ක කතා කරන්න ඕනි…………..”

“කියන්න මැඩම්………….”

තෙනුලි දන්නවා මැඩම් මේ මොනාද කියන්නෙ කියලා……………..

“කියන්න මැඩම්…………”

“මුලින්ම මට සමාවෙන්න දරුවෝ………..”

“ඇයි මැඩම්………..”

“මං මහා ආර්ත්මාර්ථකාමි ගෑණියෙක්………… ඒත් මාත් අම්මෙක්නේ කෙල්ලේ……….”

“මැඩම්………”

“ඔව්………. මං හිතන් උන්නේ ඔයාවයි මිහේෂ්වයි බන්දන්න………….. මං වැරදියි……. ගොඩාක් වැරදියි………… ඒත්……… ඔයා ආව දවසේ ඉඳලා මිහේෂ් වෙනස් වෙන්නගත්තා……………. එයා හිනා වෙන්න ගත්තා………. එයා අර පොඩි එකෙක් වගේ කරන වැඩ අඩු කලා……. ඉතිම් මං හිතුවා…….. ඔයා හැමදාම එයාගේ උනොත් එයා තවත් වෙනස් වෙයි කියලා………………. ඒත් මං දැනන් උන්නේ නෑ ඔයයි තේජුයි ආදරේ කරනවා කියලා……….. ඒ ඔයාගේ ජීවිතේ දරුවෝ…. මිහේෂ් කියන්නෙ ලෙඩෙක්…….. සැමියෙක්ගෙන් වෙන්න ඕනි යුතුකම් මිහේෂ්ට කරන්න බෑ….. ඔයා ගොඩක් ලස්සන පොඩි කෙල්ලෙක්……. ඉතිම්………….. ඔයා තේජ්ව බැඳලා එහෙ යන්න….. මගේ කිසිම අකමැත්තක් නෑ…….”

එහෙම කියලා තෙනූගේ ඔලුවත් අතගාලා මැඩම් යන්න ගියා…………. තෙනූ හැමදාම වගේ මඩමට කෝල් කලා……….

“මං කියන්නෙ තෙනූ…………….. මොලෙන් නෙමේ ඒකට හදවතින් උත්තර හොයන්න………. ඔයාට වරදින්නේ නෑ…………… දෙවිපිහිටයි……”

සිස්ට තෙරේසා කියපු දේත් තෙනූගේ හිතට තදින්ම කා වැදුනා…………..

තෙනූ එදා රෑ එළි වෙනක්ම්ම මේ ගැන හිතුවා…….

“අක්කේ………….. මැඩම් එන්නලු………..”

තෙනූ සෙනූගේ පිටිපස්සෙන් මැඩම් ඉන්න තැනට ගියා………. ඒ කාමරේ සර් මැඩම් වගේම තේජුත් ඉන්නවා……….. තේජ්ගේ ඇස් ස්තුටින් දිලිසෙනවා……….. කාමරේට ඇතුල් උනාම තේජ් හොරෙන් තෙනූට ඇහැක් ගහනවා………

“තෙනූ…………. දරුවෝ ඉතිම් කැමතියිනේ මැරේජ් එකට…….. තේජ් එක්ක……”

“ඔව් මං කැමතියි මැඩ්ම්……………”

තේජ්ගේ ඇස් දිලිසුණා……..

⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

සොරි අනේ මට තේනුව මිහේෂ්ට දෙන්න හිතෙන්නේ නෑ……….. මිහේෂ් ආබාධිතයිනේ….. අනික කලින් බැඳලනේ උන්නේ…… තෙනූ පව්නේ.