·
බැඳීමක් නැති මුදුවක්
08 වන කොටස
“ඔයාගේ අසනීපේ නිසා ඔයා නොසැලකිල්ලෙන් ඉන්පෙක්ෂන් නොකර පේපර්ස් සයින් කලොත් ඔයා නිසා එයාක්‍රාෆ්ට් එක කෲ එක පැසෙන්ජර්ස්ලා සේරම අනතුරේ කියලා ඉහළට පැමිණිලි ලැබිලා තියෙනවා..”
“මම දැන් සනීපයෙන් ඉන්නේ චීෆ් මගේ ඩොක්ටර්ගෙන් මට රිපෝට් එකක් අරන් දෙන්න පුළුවන් ….”
මම එහෙම කිව්වේ ලොකු විශ්වාසයකින් ….
විවාහ වුනා විතරයි …
රැකියාව නැතිවුණොත් මේ හැම දේම ඉවරයි මට එහෙම හිතුණා ..
කොහොම හරි රැකියාව ආරක්ෂා කරගන්න ඕනේ කියලා මම හිතාගත්තා..
“අපි මේ ගැන මෙඩිකල් බෝඩ් එකත් එක්කත් කතා කරා….මේ රස්සාව හොඳ සිහි කල්පනාවෙන් කරන්න ඕන රස්සාවක් ..ඒ නිසා අපි තීරණය කළා…”
යුනිට් හෙඩ් එහෙම කියලා මොහොතක් කල්පනා කරන්න ගත්තා..
මේ මොකක්ද මේ වෙන්න යන්නේ
මම කල්පනා කරන්න පටන් ගත්තා…
මෙච්චර දවස් ආසාවෙන් කරපු රස්සාව නැතිවෙලා යන්න වත්ද හදන්නේ කියලා මම කල්පනා කරන්න ගත්තා….
“අනේ චීෆ් මගේ ජොබ් එක නැතිකරල දාන්න එපා ..මම කසාද බැඳලා ටික දවසයි…මට මගේ ජීවිතේ හදාගන්න අවස්ථාවක් දෙන්න සර් …”
ගෙදර ඉන්න මගේ අහිංසක අම්මාත් නෙහාරාත් මතක් වෙලා මම මගේ ප්‍රධානියා ගෙන් එහෙම කන්නලව් කරන්න ගත්තා…
“මට කරන්න දෙයක් නෑ දිලංක….ඔයාගේ අයහපත් මානසික තත්වය හේතුවෙන් ඔයාගේ සේවය අත්හිටුවන්න අපි තීරණය කළා …”
ප්‍රධානියා මගේ මූණ දිහා බලල එහෙම කියද්දී මට මොහොතකට හුස්ම ගන්න පවා අමතක උනා…
ජොබ් එක නැති වුණාට පස්සේ ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතලා මගේ හිස කකියන්න ගත්තා…
“එ.හෙ.ම ක…රන්න එපා සර්..මගේ මුළු පවුලම ජීවත් වෙන්නේ මේ ජොබ් එකෙන් …”
මට කතා කරගන්න බැරි තරමට මගේ උගුර පැටලෙනවා වගේ කියලා මට දැනුනා …
“මට ඔයාගේ සිටුවේෂන් එක තේරුම් ගන්න පුළුවන් දිලංක…ඇත්තටම තියෙනවා නං මේක මගේ ඩිසිෂන් එකක් නෙමේ..මේ ඉහළින් ආපු අණක්….අපරාදේ දිලංක…ඔයා පර්මනට් වෙලා හිටියනම් ඔයාට අද මේ ජොබ් එක මේ විදියට නැතිවෙලා දැන් යන්නෙ නෑ…”
ලොක්කා එහෙම කියද්දී මට මම ගැන මහා ලොකු අසරණ කමක් දැනුනා…මගේ හිස කකියන්න ගත්තා.
“මට දැනගන්න ඕනේ දිලංක….සාධාරණ හේතුවක් නම් මට ඒක ඉහලට දන්වලා දිලංක වෙනුවෙන් මොනව හරි කරන්න තිබුණා …ඔයාගේ මානසිකත්වය ඔහොම වුණේ පුද්ගලික ප්‍රශ්න නිසාද රාජකාරි ප්‍රශ්න නිසාද කියලා මට කියන්න දිලංක
මම මොහොතක් කල්පනා කරන්න ගත්තේ මේ දේවල් ගැන කියනවද නැති ද කියලා…
මගේ රස්සාව බේරගන්න තවත් පිරිසකගේ රස්සා වලට තට්ටු කරවන්න මට වුවමනා වුණේ නෑ…
ඒ නිසා මේ දේවල් ගැන නිහඬව ඉන්න මම තීරණය කරා..
“මගේ පෞද්ගලික ජීවිතයේ පොඩි ප්‍රශ්න වගයකට මට මුහුණ දෙන්න වුණා…ඒකයි එහෙම වුණේ..”
“ප්‍රශ්න කියන දේවල් වලට අපි හැමෝටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා.ඒත් ප්‍රශ්න ඔළුවට අරගෙන ජීවත් වෙන්න ගියොත් අපේ මේ මුළු ජීවිතයම විනාශ වෙලා යනවා..ඉදිරිය වත් ප්‍රවේශමෙන් ජීවත්වෙන්න ..මට ඇත්තටම ඔයා ගැන හරි කණගාටුයි…ඒත් මට කරන්න දෙයක් නෑ…ඔයා කෑම්ප් එකට ආපු ගමන්ම නේ මේ දේවල් සිද්ධ වුණේ….”
ලොක්කා ඊට පස්සේ මේසය උඩ තිබුණු දිග ලියුම් කවරයක් මගේ අතේ තිබුවා…..
මම ඒක අතට ගත්තේ ගැහෙන අතැගිලි වලින්….
මම චීෆ්ගේ කාමරයේ ඉඳලා රෙස්ට් රූම් එකට ඇවිදගෙන ගියේ හොඳ සිහියකින් නම් නෙවෙයි….
තාත්තට රස්සාවක් නෑ…
මුළු පවුලම ජීවත් වුණේ මගේ රස්සාවෙන්…
ඉස්සරහට ජීවත් වෙන්නේ කොහොමද කියලා කල්පනා කරද්දි මගේ හිස කකියන්න ගත්තා…
දැන් ඉතින් සේරම හමාරයි..
රස්සාව නැතිවුණා කියලා දැන ගත්තොත් නෙහාරා මාව දාලා යාවි කියලා මගේ හිතේ බයක් ඇති වුණා…..
යන්තම් උ/ඹ මට ළං වුණා විතරයි…
උ/ඹ මගේ ජීවිතයෙන් ඈත් වෙලා යාවි කියලා සහේතුක බියක් ඇතිවෙලා මගෙ පපුව දැවෙන්න ගත්තා …
අනාගතය ගැන හිතද්දී මට තද හිසේරදයක් හැදුනා…
මම අත් දෙකෙන් හිස අල්ලගෙන දෑස් පියා ගත්තේ හිස තදින් කකියන්න ගත්ත නිසා…
මට වැඩි වෙලාවක් එහෙම ඉන්න ලැබුණෙ නෑ…කිසිවෙකු මගේ පිටට තට්ටු කරන්න ගත්තා..
“මොකෝ උ/ඹ/ට උනේ…සයිට් එකේ උ/ඹ පේන්න හිටපු නැති නිසා මම මේ හොයාගෙන ආවේ…”
මම හිස ඔසවා විකුම්ගේ දිහා බැලුවා…
“මොකෝ උ/ඹ/ට සනීප නැද්ද?..”
මම ඒක විකුම්ට සිද්ධ වෙච්ච හැම දෙයක්ම කිව්වා ..
ඒ දේවල් අහලා විකුම්ගේ මූන වෙනස් වෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ….
“උ/ඹ මහා මෝඩයෙක් බං..අඩුමගානේ ලොක්කා අහද්දී වත් උ/ඹ/ට මේ දේවල් කියන්න තිබ්බා..ඇයි කට පියාගෙන හිටියේ…එහෙනම් උ/ඹ/ට රස්සාව බේරගන්න තිබුණා ..”
විකුම් මට එහෙම බැන වදින්න ගත්තා….
“මම ඒ දේවල් කිව්වා නම් ඒ සේරගෙම රස්සාවල් නැතිවෙන්න තිබුණා…එතන හිටපු ගොඩක් අයට දරුවෝ දෙතුන් දෙනා ඉන්නවා…උන්ගේ වැරදි වලට ගෙදර ඉන්න අහිංසක මිනිසුන්ටයි දුක් විඳින්න වෙන්නේ….ඒකයි මම මේ කිසි දෙයක් කිව්වේ නැත්තේ…”
මම එහෙම කිව්වම විකුම් මගේ දිහා පුදුමෙන් වගේ බලාගෙන හිටියා …
“උ/ඹ අනුන් ගැන හිතුවට අනිත් එවුන් උ/ඹ වගේ නෑ…..ඒක දැන්වත් තේරුම් ගනින් බ/න්..දැන් එතකොට උ/ඹේ ගෙදර අය ජීවත් වෙන්නේ කොහොමද?..උ/ඹ කියලත් තනිකඩයෙක් නෙමෙයි…”
“මම දන්නෙ නෑ මචං..මම මගේ ගෙදර මිනිසුන්ට බඩගින්නේ ඉන්න දෙන්නෙ නැහැ….පොඩි රස්සාවක් හරි හොයාගන්නවා…මට තව වැඩි වෙලාවක් නැහැ …”
“ඇයි බ/න් උ/ඹ වගේ අහිංසකයෙක්ට උන් මෙහෙම කලේ..උ/න්/ට නම් හොදක් වෙන්න නරකයි…එකට වැඩ කරන එ/කෙ/ක්/ට හරි යනවා බලන් ඉන්න ගොඩක් අයට අමාරුයි…කකුලෙන් ඇදලා දාන්නමයි බලන්නේ..උ//ඹ/ට අද මේ කරපු දේට උ//න් සේරටම දවසක විඳවන්න වෙනවා…”
“අපි කරපු හොඳ නරක අපිට…උ/න් කරපු හොඳ නරක උ/න්/ට..”
මම ලොක්කගෙන් ලැබුණු අස්වීමේ ලිපියත් අත මිට මොලවගෙන මගේ හොස්ටල් රූම් එකට ඇවිදගෙන ආවා….
මාත් එක්කම විකුම් ඇවිදගෙන ආවා….
මම හොස්ටල් රූම් එකේ තියෙන මගේ ඇඳුම් පැක් කරද්දී මට විකුම් උදව් කරා..
ඒ ඇඳුම් බෑගයටම මම අස්වීමේ ලිපියත් දාගත්තා…
කෑම්ප් එකේ හොස්ටල් එකේ ගත කරන අන්තිම දවස අන්තිම මොහොත මෙයයි කියල හිතනකොට මගේ හිතේ ඇතිවුණේ ලොකු දුකක්…
මම ඇඳුම් බෑග් එකත් අතට අරගෙන හොස්ටල් රූම් එක දිහා අවසන් වතාවට බැලුවා …
පුංචි කාලේ ඉඳන්ම දැකපු හීනේ මට හැබෑ කරගන්න පුළුවන් වුනත් අද ඒ හීනේ බොද වෙලා ගියා….
හිතට දැනුණේ ස්වල්ප දුකක් නම් නෙමෙයි…
“මම හෙට අනිද්දා වැකේෂන් යනවා…උ/ඹ/ට කෝල් කරන්නම්…අපි සෙට් වෙමු…උ/ඹ අද මෙහෙන් ගියත්.මම උ/ඹ/ව කවදාවත් අමතක කරන් නෑ..අපි හැමදාම යාලුවෝ….”
විකුම් මාව වැලඳගෙන එහෙම කිව්වා.මම විකුම්ගෙන් සමු අරන් හොස්ටල් එකෙන් පිටවෙලා එළියට ආවා….
හොස්ටෙල් එකේ ගේට් එකෙන් එළියට එද්දි මට මහා අමුතු හිස් ගතියක් දැනෙන්න ගත්තා …
ගුවන් හමුදාවේ සැකිලි කාර්මික ශිල්පියෙක් විදියට සේවය කරපු මම අද ඉඳන් සාමාන්‍ය සිවිල් වැසියෙක්….
තනතුරු කියන්නේ කොයි තරම් තාවකාලික දෙයක්ද කියලා කල්පනා කරමින් හිතට දැනුණ වේදනාව තුරුල් කරගෙනම මම බස් හෝල්ට් එකට ඇවිදගෙන ආවා ..
💔💔💔💔💔💔💔💔
මම පළවෙනි පලවෙනි වතාවට ගෙදරට නොකියා ගෙදරට ගොඩ වුණා …ගේ අතු ගගා හිටපු අම්මගෙ මුහුණ එක්වරම පුදුමයෙන් විසල් වුනා…ඊට පස්සේ ඒ මුහුණට අපූරු හිනාවක් ආවා.
“පුතා කියන්නෙම නැතුව ගෙදර ඇවිත්….ඉන්න මම තේ එකක් හදලා ගන්නම්..”
මම මගේ අතේ තිබුණු එළවළු මල්ල අම්මාගේ අතේ තිබ්බා…අම්මා ඒ මල්ලත් අරගෙන කුස්සියට ගියා…
අම්මට මේ දේවල් ගැන පස්සේ කියනවා කියලා මම හිතාගත්තා…නෙහාරා හොයාගෙන කාමරේට යන්න හදනකොටම තාත්තා එළියේ පැත්තේ ඉඳන් ගෙට ඇතුලු වුණා…
“දිලංක මොකෝ මේ හදිස්සියේ…”
“vacation ආවා ..”
“මේ ලඟදිත් ආවානේ ..”
තාත්තා සැකෙන් වගේ එහෙම අහද්දී මම ඒකට පිළිතුරු දෙන්නේ නැතුව මගේ කාමරේට ගියා…
මම කාමරේට යද්දි උ/ඹ කාමරයේ ඇඳට වෙලා ෆෝන් එක බලමින් හිටියා..
මම කාමරේට ඇතුල් වෙලා හිටියත් උ/ඹ මාව දැක්කෙ නෑ…උ/ඹ ඒ තරමට ෆෝන් එකේ කිමිදිලා හිටියේ…
උ/ඹ/ව දැකපු ගමන් මොහොතකට හිතේ තිබුණු හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා ගියා…පොඩි දඟකාරකමක් කරන්න මගේ හිත මට කිවා…
මම හයියෙන් ඇඳට කඩන් පැන්නා…
මම ඒ පැනපු පාරට කොයිතරම් උ/ඹ තිගැස්සුනාද කියනවා නම් උ/ඹේ අතේ තිබුන මොබයිල් එක අතින් ගිලිහිලා ඇඳට වැටුනා….
මාව දැකපු ගමන් උ/ඹේ පුංචි ඇස් දෙක නි විසල් වෙලා උ//ඹ අතකින් පපුව වසා ගත්තා…..
“අම්මෝ අයියේ …ඔයා මාව බය කරපු තරම්…තව පොඩ්ඩෙන් මට හාට් ඇටෑක් එකක් එනවා …අම්බෝ තවම වගේ පපුව රිදෙනවා…”
උ/ඹ පපුව අතගගා එහෙම හුරතලයට කියද්දී මට හිනා ගියා..මගේ හිතේ උ//ඹ ගැන තිබුණු ආදරය තව තවත් වැඩි වුණා….
“කෝ එන්න මම අතගාන්න….”
මම උ/ඹ/ව තුරුල් කරගෙන එහෙම කියද්දී උ/ඹ හයියෙන් හිනා වෙන්න ගත්තා…උ/ඹ මේ හයියෙන් හිනා උනාම ද කොහෙද?…උ/ඹේ ඒ හිනාව හුරතලේ ඉස්සරහ මෙතෙක් වෙලා හිතේ තිබුණු හැම දුකක් වේදනාවක්ම හිරු දුටු පිනි වගේ වියැකිලා ගියා…
“හිතේ ඇති…කෝ එහාට යන්න….වැඩ ඇරිලා ආපු ගමන් දාඩිය පිටින් ඇඳට ආවා….යන්න ගිහින් හෝදන් එන්න අයියේ . “
මම උ/ඹ කියන දේවල් සත පහකටවත් ගනන් ගන්නැතුව උ/බේ මුහුණ දෝතට අරගෙන ආදරයෙන් සිඹින්න ගත්ත…
“පුතා තේ හැදුවා…එන්න බොන්න…”
අම්මා කාමරේට තට්ටුකරලා එහෙම කියාගෙන ගියත් මට උ/ඹේ/න් මිදෙන්න හිතක් තිබුණේ නෑ
“කෝ ගිහින් වොෂ් දාගෙන එන්න අයියේ.තේ එකත් නිවෙනවා ඇති.”
“ඔයා මාත් එක්ක තනියට ආවොත්.මම එනවා…”
උ/ඹ මාත් එක්ක ලිද ලගට යන්න ආවා..
මම නානකල් උ/ඹ ලිද ලග තිබුණු කන්ඩිය උඩ වාඩි වෙලා බලාගෙන හිටියා..
මගේ දිහා බලාගෙන ඉන්න උ/ඹ/ව දැක්කම දැවෙමින් තියෙන මගේ හිත මේතරමට නිවෙන්නේ ඇයි කියලා මට නම් හිතා ගන්නවත් බෑ..
උ/ඹේ ඔය දෑස් ඉදිරියේ මගේ ජීවිතයේ හැම දුක් වේදනාවක්ම ධූරිංභූත වෙලා යන හැටි මට නම් තවම අදහා ගන්නවත් බෑ….
මම නාලා උ/ඹ/ත් එක්ක ගෙට ගොඩ උනා…
අම්මා මටයි උ/ඹ/ටයි දෙන්නටම තේ හදලා තිබුණා…
“ආ පුතේ කන්න…”
අම්මා පොඩි දීසියක් මගේ අතේ තැබුවා….
ඒ දීසියේ කළු දොදොල් කෑලි කීපයක් තිබුනා.මම කෑල්ලක් අරගෙන උ//ඹ/ටත් දොදොල් කෑල්ලක් දුන්නා ..
“මේ කොහෙන්ද අම්මේ?”
මම දොදොල් කෑල්ල හපමින් අම්මාගෙන් එහෙම ඇහුවා…
“දුවගේ අම්මා දුව මෙහෙ බස්සන්න එනකොට ගෙනල්ලා …ඒක නෙමේ පුතේ..මම මේ අහන්නමයි හිටියේ අද මොකද මේ කවදාකවත් නැතුව කියන්නෙත් නැතුව වේලාසනම ගෙදර ආවේ…”
අම්මා එහෙම අහනකොට මට එකපාරම ඉස්පොල්ලේ යන්න ආවෙ කලබල වෙච්ච වැඩිකමට….
“ආ පුතා..මේ වතුර බොන්න..”
අම්මා හනිකට වතුර වීදුරුවක් පුරවලා මගේ අතේ තිබ්බා….
අම්මගේ ආදරේ කොයිතරම් පරිපූර්ණ ද කියලා මට ඒ වෙලාවේ හිතුනා .
කවදාවත් වෙනස් වෙන්නෙ නැත්තෙ ඒ ආදරේ විතරයි කියලා මට ඒ වෙලාවේ හිතුණා…
මගේ රස්සාව නැතිවුණා කියලා මම කොහොම නම් කියන්නද?…
අම්මට දුක හිතුනත් ඒ මොන දේ වුනත් අම්මගේ ආදරේ වෙනස් නෑ කියලා මම ඉරහද වගේ දන්නවා…
ඒ වුණත් ඒ දේවල් දැන ගත්තම නෙහාරා මොන විදිහට හැසිරෙයිද කියලා හිතාගන්න බැරිව මම මොහොතක් කල්පනා කරා….
නෙහාරා මට ආදරේ කරන්න පටන් ගත්තා විතරයි…
අපි දෙන්නා සතුටින් ඉන්න පටන් ගත්ත විතරයි..
මගේ ජීවිතයේ මට තියෙන ඒ සතුටත් නැති වෙලා යයි කියලා මට බය හිතුනා…
මම නෙහාරාගේ මූණ දිහා බැලුවා …
ඒක තමයි අයියේ මමත් මේ අහන්න හිටියේ….”
උ/ඹ එහෙම ඇහුවම මම එක පාරටම ගල් ගැහුනා වගේ වුණා…
හමුවෙමු මීළඟ කොටසින්