කාවින්දි ලියනගේ
·
🌻 08 දිගහැරුම 🌻

” දෝණී දැන් මන් මේ කියන දේ හොදට අහගන්න…දැන් මේ ගේට්ටුවෙන් ඇතුල් උනාට පස්සේ ඔයාට හුගාක් වෙනස් දේවල් වලට මුණ දෙන්න සිද්ධ වෙයි..සමහරවිට ඔයාගේ හිත රිදෙන්න උනත් පුලුවන් ..එ මොන දේ උනත් ඔයා එ කිසිම දේකට ඔයා උත්තර නොදි සද්ද නැතුව ඉන්න. මන් දන්නවා ඔයාට එ වගේ දේවල් හුරු නෑ කියලා..එත් මන් වෙනුවෙන් මේ දවස් දෙක එ දේවල් ඉවසන් ඉන්නවද..”

ඉරුගල්බණඩාර වලව්වේ සුවිසල් ගේට්ටුවට මෙපිටින් සිය මෝටරථය මදකට නවතා ගෙන.කේශ්වර ඇය හට පැහැදිලි කරන්න වුයේ .සිය මව හා මිත්තනියගේ ගති පැවතුම් මැනවින් දන්නා බැවිනි ..

ඔවුන් මෙලෙස ඉරුගල්බණඩාර වලව්ව වෙත පැමිණෙන්නට වුයේ .මවගේ බල කිරීම මත දින දෙකක් සදහා ඔවුනට වලව්ව වෙත පැමිණිමට සිදුවු නිසා ය…

” හා අයියේ …….”

” ආ..තව දෙයක් .වලව්ව ඇතුලෙදි කිසිම වෙලාවක මට අයියා කියන්න එපා හොදද දෝණී ..ඔයා අර ඉස්සර වගේ මහත්තයා කියන්න..මන් කැමති නෑ..එහෙම කතා කරනවටත් ඔයාව එහෙම හරි හිර කරන්නවත් ..එත් මොනවා කරන්නද..දෝණී අපි මේ දවස් දෙක අමාරු උනත් ඉවසන් ඉමු හොදද..”

” යසයි අලුත බැදපු ජෝඩුවට ගෙදර මතක් වෙලා තියන වෙලාව..එකත් අපි මතක් කරන නිසා..නැත්නම් ඉතිං අම්මලා තාත්තාලාත් මතක නැ…..”

” අම්මා ඔයාට ඊයේම කිව්වා..මට වැඩ තිබ්බ නිසා එන්න බැරි උනේ කියලා..ඔයලා මගේ රස්සාව ගැන හොදටම දන්නවානේ.. එහෙම දැන දැනත් ගෙදරට ගොඩ වෙද්දිම අඩපාලි කියන්න එපා අම්මා…..”

” මැණිකේ ඔය දරුවන්ට ඇතුල එන්න දුන්නානම් …පුතේ එන්න මහන්සිත් ඇතිනේ පැය කියක් එක විදිහට එන්න ඇද්ද…”

” අප්පච්චී ……..”

ඉරුගල්බණඩාර වලව්වේ ප්‍රතාපත් අයිතකරු…මිගාර ඉරුගල්බණඩාර .බස්තමට බර වෙමින් තේජසින් ආලින්දයට වු අසුනකට බර වුයේ. කේශ්වර ඔහුගේ පා මුල ඈ සමගින් වැද වැටෙද්දිය .

” බුදු සරණයි ..දෙන්නටම..කොහොමද පුතේ ඉතිං වැඩ කටයුතු .පුතා දිගටම ඔය රස්සාව කරන් යන්නද දැන් හිතන් ඉන්නේ .කවදද දැන් මේ දේවල් ඔයා බාරගන්න හිතන් ඉන්නේ..මන් කැමති ඔයා ඉක්මනින් මේ හැමදේම බාරගෙන මාව නිදහස් කරනවනම්.

දෝණී කොහොමද ඉතිං ඔයාට ..මහත්තයා හොදදයිද .දෝණීට පාලු ඇති නේද..ගෙදර ඉද්දි වගේ දගලන්න කරන්න බැරුව ඇති නේද.”

” තාම එහෙම හිතලා නම් නැ…කොහොමත් සුදු නෝනා කැම්පස් ගිහින් ඉවර වෙනකන් ඉන්නවා.ඊටපස්සේ මන් අප්පච්චී කිව්ව දේ ගැන හිතලා බලන්නම්..පුලුවන් එතකන් පොඩිව ගෙන්න ගන්න බලමු .එයා උනත් දැන් ඔය රට හිටියා ඇති .”

” ඔව් මාත් කිප වතාවක්ම කතා කරා.එත් මිනිහා කැමති නෑ..අයි එන්න..ඔයා පුලුවන් නම් පොඩ්ඩක්වත් එයාට තේරුම් කරන්න බලන්න ලොකු …..”

” හරි අප්පච්චී .මන් පොඩි එක්ක ආයි කතා කරන්නම් කෝ……”

” කෝ ඉතිං ආව් වෙලවේ ඉදන් මේක විතර නේ කතා කරන්නේ…මොකො මේ සුදු නෝනාගේ කට වැහිලා ..අර ඉස්සර තොරතෝංචියක් නැතුව කියවන කට ගෙදර දාලද ගියේ .පුතාට මතක පොඩි කාලේ මෙකිගේ කට .හම්මෝ අයි අහුඋනොත් බේරුමක් නෑ……”

” එ..එහෙම නැ.ලොකු හාමු…………හාමු මහත්තයා එක්ක කතාවක් නිසා මන් සද්ද නැතුව හිටියේ . මට පාලු නෑ..මහත්තයා මාව ඉංග්‍රීසි පන්තියකට දැම්මා..එ නිසා මට පාලු නෑ..මහත්තයා හොදයි..මාව හොදට බලාගන්නවා..”

” දැන් මට හාමු හාමු ගන්න එපා දරුවෝ ..මේ ඉලන්දාරියා වගේ අප්පච්චී කියන්න..ඔයත් දැන් මගේ දරුවෙක්.මිට පස්සේ එහෙම කතා කරන්න .

හරි හරි එහෙනම් දෙන්න එක්ක ගිහින් ඇග පත හෝදන් එන්නකෝ කෑම ටිකක් කන්න….”

” හරි අප්පච්චී ….”

” අහිංසා කෑම කාල උඩට යන්න කලින් මාව ඇවිත් හම්බ වෙන්න …””

” හා..ලොකු හාමිනේ ……”

” අම්මා……”

” ලොකු පුතා ඔයා කටවහගන්න..ඔයාගේ කැමැත්ත කියලා මන් මේ කෙල්ලව ඔයාට බදින්න දුන්නා තමයි..එහෙම කියලා ඔයාට ඕනි ඔනි හැබැයි කරන්න මේ අම්මා ලෑස්ති නෑ..අනික මේක සාමාන්‍ය ගෙයක් නෙවෙයි ..එනිසා මේ පවුල් වල සිරිත් විරිත් කියලා දේවල් ටිකක් තියනවා එවා අපි කරන්න ඕනි ..

එ නිසා ඔයා ඔයාගේ නෝනාට කියන්න මාව හම්බවෙන්න කියලා..”

” අහිංසා ……..”

” ලො…ලොකු මැණිකේ …….”

” එලියට එනවා..මේ දේවල් ගේ ඇතුලේ කතා කරන්න බෑ…..”

” ම්..තමුන්ටයි තමුන්ගේ පවුලේ අයටයි.දැන් බොහොම සතුටු ඇති නේද..මගේ පුතාව දැලේ දාගෙන එ අහිංසයාව කසාද බැදගත්‍තානේ…”

” ලො……ලොකු මැණිකේ ……”

මතුසම්බන්ධයි