-24 කොටස-
හිමංසවත් නිශාදිවත් හීනෙකින් වත් නොහිතපු දෙයක් තමා සිද්ද වුණේ…ඈශ් කලර් ෂර්ට් එකට කළු පාට ෆුල් සූට් එක ඇදලා තාලෙට ඩාන්ස් කලේ ..වෙන කවුරුවත් නෙවෙයි..තරුන්..
“ඔය බඹසරට සිත බැඳිලා…
ඔය නෙතට මා ගැටුනා..
ජීවිතය උමතුයි ලඳේ..”
නිශාදි ඇස්පිය හෙලන්නෙත් නැතිව බලං හිටියේ මේ වෙන දේ අදහා ගන්න බැරුව…තරුන්ට සිංදු කියන්න පුළුවන් වගේම ඩාන්ස් කරන්නත් පුළුවන් කියලා නිශාදි දැනගෙන හිටියෙ නෑ…ඒත් අවුරුද්දකට රට ගිය තරුන් මෙච්චර ඉක්මණට ආවෙ කොහොමද?
ඩාන්සින් ෆ්ලෝ එකේ ඉන්නෙ තරුන්මද කියල විශ්වාස කරන්නත් නිශාදිට බෑ..ඒ තරම් පොශ් ටයිප්..කොන්ඩෙ ස්ට්‍රේට් කරලා ලස්සනට හදලා..අමුතුම ගතියක් තියෙනවා.
හතර දෙනාම එකම තාලෙට ඩාන්ස් කරද්දි පුදුම ලස්සනක් තිබ්බේ..හැමෝම වශීවෙලා හිටියෙ ඩාන්ස් එකට …කට්ටිය නැගිටලා ෆ්ලෝ එක ළඟට ගියේ ඩාන්ස් එක හොදට බලන්න..
හිමංස හිතුවෙ වත් නැති විදිහට නිශාදිත් නැගිටලා ඉස්සරහට ගියා…හිමංසගේ පපුව ගැහෙනවා කවදාවත් නැති තරම් වේගෙන්…
“සනසාවි මා හා..
හුස්මක් හොවාලා…
දෙනුවන් වසාලා.. සතපාලා..
සන්තාපේ මා හා..
අනුරාගේ පාලා..
හොඳින් සිනාපා.. පිදුවා..
මා.. මා පැතුවෙ ඈ
ලෙලනා රුවේ.. දසුනක් මැවේ..
ඒ.. ඒ රැයම මා..
සිටියේ නුඹේ.. යහනේ ලඳේ..”
තරුන් දැන් සිංදුව කිය කියා ඩාන්ස් කරන්නෙ නිශාදි වටේට…නිශාදිගෙ දිහාම බලාගෙන. කෙල්ලො විතරක් නෙවෙයි කොල්ලොත් වශී වෙලා බලං ඉන්නවා…
තරුන් මූණෙන් එක එක ඇක්ශන් දාන්නෙ සුපර් ඩාන්සර් කෙනෙක් වගේ . වෙලාවකට ඩාන්ස් කරන්නෙ මයිකල් ජැක්ශන්ගෙ ස්ටයිල් එකට..
තරුන්ටම හරියන්න යාලුවො තුන් දෙනත් ෆුල් සපෝර්ට් එක දෙනවා…. ඩාන්සින් ෆ්ලෝ එක වරින් වර පාට පාට එලි විහිදන්නෙ ඩාන්ස් එකටම මැච් වෙන්න… ඒක සුපිරිම රියැලිටි ෂෝ එකක්..
හිමංස දෑත් මිට මොළවගෙන බලං හිටියේ ගිනි පිටවෙන ඇස් වලින් …නිශාදි තවමත් පුදුම වුණු ඇස් දෙකෙන් තරුන් දිහා බලං ඉන්නවා..
“ඔය බඹසරට සිත බැඳිලා…
ඔය නෙතට මා ගැටුනා..
ජීවිතය උමතුයි ලඳේ..
සනසාවි මා හා..
හුස්මක් හොවාලා…
දෙනුවන් වසාලා.. සතපාලා.
.
සන්තාපේ මා හා..”
තරුන් ආයෙත් ෆ්ලෝ එකට ගියා…සිංදුවෙ අන්තිම කොටසටත් අමුතුම ඇක්ශන් එකක් ඇහෙන් දාලා ඩාන්ස් කරලා වැඩේ ඉවර කලේ උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැදින් …
නිශාදිට මේක දැනුනෙ හීනයක් වගේ…තරුන් ආපහු ඇවිත්..ඒත් වෙනස්ම විදිහක රූපෙකින්…මේ ඉස්සර හිටපු තරුන්මද..නැත්නම් වෙන කවුරු හරිද?
ඒත් ඒ ඇස් දෙකේ උතුරන ආදරේ අදුනගන්න නිශාදිට බැරි වුණේ නෑ..මේ නිශාදිගේ තරුන්ම තමයි….
‘‘වාව්…සුපර්…බ්‍රිලියන්ට්…එක්සලන්ට් ……වචන නෑ….නියමයි”
කට්ටිය කෑ ගහනවා… ප්‍රතිචාර උපරිමයි…..
හිමංසට තවත් ඉවසන්න පුළුවන්කමක් තිබ්බෙ නැහැ…පුටුවෙන් නැගිට්ට හිමංස තවමත් ඩාන්සින් ෆලෝ එක ළඟ තුෂ්ණිම්භූත වෙලා ඉන්න නිශාදිවත් ඇදගෙන හෝල් එකෙන් එළියට ගියේ නිශාදිට වචනයක් කතා කරන්න නොදී..
හිමංසගෙ පිටි පස්සෙන් යන නිශාදි හැරි හැරී තරුන් දිහා බැලුවා…කට්ටිය එක්ක හිටියට තරුන්ගෙ ඇස් දෙකත් දිව්වෙ නිශාදිගේ පිටි පස්සෙන්මයි.
උදාවෙලා තිබ්බෙ යක්ෂයාගෙ හෝරාව වෙන්න පුළුවන්..ඒ තරමටම හිමංස හිටියේ උපරිම කේන්තියෙන්… මග හිටිය හෝටල් සේවකයොත් පුදුමෙන් බලං හිටියේ හිමංස නිශාදිව ඇදගෙන යන හැටි..
පහළට ගිහින් හිමංස නිශාදිව කාර් ඇතුලට තල්ලු කරේ හිතක් පපුවක් නැති ගාණට..නිශාදි ගැහෙනවා හොදටම..හිමංස දිහා බලන්නත් බයයි..
වෙලාව රෑ දොළහටත් කිට්ටුයි..හිමංස කාර් එක අරං යන්නෙ හිතේ තිබ්බ ආවේගෙටම හරියන වේගෙකින්…අසරණ නිශාදි කර කියා ගන්න දෙයක් නැතිව සීට් එකට හේත්තු වෙලා ඇස් පියං හිටියා…
වචනයක් කතා කරගන්නවත් නිශාදිට පණක් තිබ්බෙ නෑ..
හිමංස එක පාරටම බ්‍රේක් ගැහැවෙ පාරට බල්ලෙක් පැනපු නිසා.. නිශාදිගෙ ඔලුව කාර් එකේ ඉස්සරහ කොටසේ වැදුණත් හිමංස ගණන් ගත්තෙ වත් නෑ..නිශාදි ඔලුව අතගානවා.
“සීට් බෙල්ට් එක දාගන්නවා.. “
හිමංස කිව්වට නිශාදි ඇහුන් නෑ වගේ හිටියා..
“නිශාදි…ඇහුණෙ නැද්ද තමුසෙට….”
ඒත් නිශාදි සද්ද නෑ..
හිමංස පාත්වෙලා බලෙන්ම සීට් බෙල්ට් එක දැම්මෙ නිශාදිට රිදෙන්නමයි..ඒත් නිශාදි කතා කලේ නෑ…
“ඇස් ඇරගෙන ඉන්නවා…මැරුණත් මැරෙන්නෙ මං එක්කමයි තමුසෙ..”
නිශාදි ෂටර් එකෙන් එළිය බලං හිටියේ වෙන කරන්න දෙයක් නොතිබුණු නිසා..දැන් කතා කළත් හිමංස මීටත් වඩා තරහ ගනියි…ඒත් මං මොකද්ද කරපු වරද..මං දන්නෙ කොහොමද තරුන් එතන ඉදියි කියලා…හිමංසමනේ මං බෑ කියද්දි මේ පාටියට මාව එක්ක ගියේ..
හිමංස ආයෙත් කාර් එක ස්ටාර්ට් කරගත්තා…අන්ධකාරෙ වෙලාගෙන තිබුනු පාරෙ එක වාහනයක් වත් ගමන් කලේ නෑ…හිමංස මේ වාහනේ අරං යන්නෙ කොහෙටද කියලා නිශාදිට හිතා ගන්නවත් බෑ…
පාළු පාරක්….කැලෑවක් දිහා වගේ…මොකුත් අහන්නත් බෑ..
හිමංස බ්‍රේක් කලේ පාලමක් ළඟ කියලා කාර් එකේ එළියෙන් නිශාදිට පෙනුනා..කාර් එක නවත්තපු හිමංස කාර් එකෙන් බැහැලා ඉස්සරහට යන හැටි නිශාදි බලං හිටියා..
නිශාදි හුස්මක් අරං අවට බැලුවා..ලොකු පාලමක් ..යටින් ගගක් ගලන සද්දෙ ඇහෙනවා….මේ වගේ තැනකට ඇයි ආවේ..මේ මහ රෑ…
හිමංස පාලමේ බැම්ම උඩට අත තියාගෙන වතුර දිහා බලං ඉන්නවා…දැන් මොනවද කරන්න ඕනෙ කියලා නිශාදි කල්පනා කරනවා…
ඒක පාරටම නිශාදි දැක්කෙ හිමංස ඔළුව අහස දිහාට හරවලා කෑ ගහන හැටි..
“නිශාදී…………………………………..”
නිශාදි ඉක්මණට කාර් එකෙන් බැහැලා හිමංස දිහාට දුවගෙන ගිහින් හිමංසගෙ පිටේ මූණ තියා ගෙන හිමංසව වැළදගත්තා..
“හිමංස ප්ලීස්….ප්ලීස්……”
නිශාදි බයටම අඩනවා..ඇස් පියාගෙන අඩනවා.
හිමංසට තිබුණෙ පුදුම තරමේ ආවේගයක්..නිශාදි තමන්ට අහිමි වේවි කියලා දැනෙන ඒ බය…නිශාදි තරුන් ළඟට ටේබල් එකෙන් නැගිටලා ගියපු හැටි.මතක් වෙනකොටත් කොල්ලගේ ඇඟ රත්වෙනවා…හිමංස හෙමිහිට ඔලුව හරවලා නිශාදි දිහා බැලුවා…
දෙන්නා දිහා බලං හිටියේ අහසෙ තැනින් තැන පාලු මකන තරු පොකුරු කීපයක් විතරයි..
ඈත කැලේ දිහාවෙන් බකමූණෙක් හ්ම් හ්ම් ගානවා….කාර් එකේ ලයිට්ස් වලින් නිශාදිගෙ රූපෙ හිමංසට පෙනුනෙ ඊජිප්තුවෙ ක්ලියෝ පැට්රාගෙ රූපෙ වගේ.
පහළ ගඟේ සද්දෙ හෝ හෝ ගාලා ඇහෙනවා…. ගඟේ දිය රැලි එක්ක හමන හුළඟ නිසා ටිකෙන් ටික නිශාදි සීතල වෙන්න පටං ගත්තා.
“නිශාදි ඇස් අරිනවා.. බලනවා මගෙ ඇස් දෙක දිහා… “
හිමංස උගුරෙන් කියද්දි නිශාදි හෙමින් ඇස් ඇරියා..
හිමංසගෙ ගිනි පිටවෙන ඇස් දෙක වියරුවෙන් ගැහෙන හැටි නිශාදිට බලං ඉන්න පුළුවන් වුණේ නෑ..ඒත් හිමංස අහක බලන්න ඉඩ දුන්නෙ නෑ..
“නිශාදි..කියනවා..කියනවා..මගෙ ආදරේ අඩුව මොකද්ද? මං උඹ වෙනුවෙන් මොනවද නොකළේ..
උඹව බලෙං අරං ආවට මං උඹව සතුටින් තිබ්බෙම නැද්ද? පිස්සෙක් වගේ ආදරේ කලේ නැද්ද? උඹව රැක්කෙ නැද්ද? “
නිශාදි වෙව්ලන්නෙ දැන් දැන් හාට් ඇටෑක් වෙයි වගේ…..හිමංස මේ තරම් තදින් කවදාවත් කතා කරල නෑ..මෙතනට අරං ආවෙ මරාගෙන මැරෙන්නද? නිශාදි හොදටම බයවෙලා..
කෙල්ලට කතා කරගන්න හයියක් නෑ..හිමංසගෙ අත් දෙකට වාරු වෙලා හිටියේ කොයි වෙලේ සිහි නැති වෙයිද කියලා..
“උත්තර දෙනවා නිශාදි..තමුසෙ මාව පිස්සෙක් කරලා ඉවරයි…තවත් මට වෙන්න දෙයක් නෑ..තමුසෙ නැතිව මට ඉන්න පුළුවන් කියලද හිතන්නෙ….ආ….
.මං තමුසෙව අර හිවලට දෙන්න තීරණේ කලේ තමුසෙගෙ සතුට ගැන හිතලා..ඒත් දැන්..බෑ..කවදාවත් බෑ… තමුසෙ මගෙම විතරයි…ඇහුණද? “
හිමංස නිශාදිගෙ අත්ගොබ හිර කරලා අල්ලගෙන කියද්දි නිශාදි ඔහේ අහගෙන හිටියා..
“කතා කරනවා නිශාදි..උඹ අරූ දැක්ක ගමන් මං ගැන බිංදුවක්වත් හිතන් නැතිව මාව අමතකම කරලා නැගිටලා ගියේ ඒකා ළඟට..ආ…..කියනවා..ඇයි ඒ..ඇයි ඒ….”
නිශාදි අඩනවා හොදටම
“නවත්තනවා ඔය ඇඩිල්ල මගෙන් මැරුම් නොකා….කිව්වම අහනවා…”
හිමංසගෙ හිතේ නිශාදි ගැන පොඩි අනුකම්පාවක් වත් තිබුනෙ නෑ …හිමංසට මැවි මැවී පෙනුනෙ නිශාදි නැගිටලා තරුන් ළඟට ගියපු හැටි..තරුන් නිශාදි වටේ ඩාන්ස් කරපු හැටි…
“උඹට ඕනේ මගෙ මාරයා අවුස්සන්නද නිශාදි..මං මේ අන්තිම පාරට කියන්නෙ..”
හිමංස කෑ ගැහැවා..
“නෑ..නෑ..හිමංස…අනේ..ඔහොම වෙන්න එපා…”
නිශාදි අමාරුවෙන් වචන ගැලපුවා…
“මං ඔයාව දාලා..කො..කොහෙවත් යන් නෑ…..”
“බොරු ..උඹේ මායම් ඕවා…. මායම්..එහෙනම් ගියේ…. අර හිවලා දැක්ක ගමන් පැනලා ඒකා ළඟට”
“අනේ නෑ..හිමංස…”
“උඹ ගියා..මාව දාලා ගියා….”
ආදරයත් වෛරයත් අතර තියෙන්නෙ කෙස් ගහක තරම් පරතරයක්ලු…..හිමංස මේ ගත කලේ ඒ පරතරේ බිදෙන අදුරු මොහොතක්…
මුලදි තරුන්ට නිශාදිව දෙන්න කැමති වුණාට නිශාදි හිමංසට ළං වුණාට පස්සෙ හිමංස මොහොතකටවත් ආපහු නිශාදිව ඈත් කරන්න හිතුවෙ නෑ..
අනිත් කාරණේ නිශාදි මේ බැදීම කඩා ගෙන ආපහු තරුන්ගෙ ලෝකෙට යයි කියලත් හිතේ බය තිබ්බට හිමංස විශ්වාස කලේ නෑ…ඒත් මේ ලෝකෙ වෙන්න බැරි දෙයක් නෑ…
“කියනවා නිශාදි …තමුසෙ මට ආදරෙයිද.. ආ…. කියනවා..”
“ඔ..ඔව්… හිමංස …”
“බොරු… තමුසෙ ආදරේ අර හිවලට… ඔව්….. මං මෙච්චර කල් උඹට පෙන්නුවෙ මගෙ හොද රූපෙ විතරයි … ඒත් අද උඹ මගෙ හැබෑ රූපෙ බලාගයි..
හිමංස දෙනුවන් දෑලබන්ඩාර … හ්හ්…මට ඕනෙ දේ අයිති මට විතරමයි…”
…හිමංස හිනාවුනේ වියරුවෙන් …. නිශාදි හිමංස දිහා බලං හිටියෙ හිස් බැල්මකින්.. සිතුවිලි ඔක්කොම නතර වෙලා….හිමංස ඇයි මෙහෙම කරන්නෙ…
එක පාරටම හුලග සැර උනා…. කොහේදෝ නැති වැහි වලාකුලක් ඇවිත් අහස වහ ගත්තා..
ගොරවන සද්දෙත් එක්ක අකුණු සැරකින් රාත්‍රිය එලිය උනා…. බිංදුව බිංදුව ඇද හැලුනු වැස්ස…. මහවරුසාවක් වෙන්න වැඩිවෙලාවක් ගියෙ නෑ…..