·
නව කතාව

චන්ඩිරැජින #🌹🌹🌹

තුන් වන චන්ඩිකම 🙅🙅

👩 ” අම්මෝ දැන් තමයි බන් ඇගට ලේ ටිකක් ඉනුවෙ.

👩 “කියල වැඩක් නෑ නිශෝ සර්කාරය කතා කරන කොටත් බය හිතෙනවනෙ.”

👩 ” මේ ඒක නෙවෙයි බන් යමුද?මොනව හරි ටිකක් බඩට දා ගන්ඩ”😁

නිශා කිව්වෙ රශී දිහා බලල ඇහැකුත් ගහලයි.

👩 ” ආපෝ බන් කොහෙ හරි යන්ඩ ආවොත් උබේ ඔය බඩජාරික ඉස්සර වෙනවනෙ ඉතින්.”
👩 ” නෑ බන් එහෙම බඩගින්නක් නෑ.ඒ උනාට මේ බඩේ ඉන්න පණු පැටව් ටිකට කෑම දෙන්න එපැයි බන්.උන් කියනව බඩගිනි කියල.”😁🤗

බඩත් අත ගගා කටත් උල් කර ගෙන කෙල්ල ඒක කියපු විදියට නම් රශීටත් හිනා.

👩” අනේඇත්තට උබට කියන්න දේවල් නම් හරියට තියෙනව නේද? මෙන්න මෙහෙ වර යන්ඩ.” 😏

නිශාගෙ අතකින් ඇද ගෙන ගියපු රශී ගොඩ වුනේ පාර අයිනෙම වෙන්න තිබුනු පේස්ට්‍රි shop එකකට.

👩 ” මේ නිශො පොඩ්ඩක් හෙමින් කාපං වවුලෙක් වගේ කන්නෙ නැතුව. තොගෙ ඔය කෙල ගෑවිච්ච මාලු පාන් ගෙඩිය කන්ඩ මොකෙක්වත් එන්නෙ නෑ.” 😏😏

සද්දයක්වත් නැතුව එක දිගටම කා ගෙන කා ගෙන යන නිශා ගාවට ලං වෙලා රශී එහෙම කිව්වෙ ටිකක් රහසින් වගේ.

👩 ” මොකක්ද? යකෝ තෝ කිව්වෙ ඉදා තොට”

රශී දිහා බලල රවපු කෙල්ල මාලු පාන් ගෙඩියෙන්ම දමල ගැහුවෙ නැතැයි රශීගෙ මූනට.😋

👩 ” උබට පිස්සුද යකෝ අර අතන කොල්ලත් අපි දිහා බලා ගෙන හිනා වෙනව පොඩ්ඩක් සංවරව කාපංකො.” 😡

රශී කිව්වෙ ඒ කොල්ල දිහා බලල දත් තිස් දෙකම එලියට දාල හිනා වෙන ගමන්.😁

👩” හා හා වහ ගනිං තොගෙ ඔය ලොම්බ.වැදිරියො ඔයිට වඩා ලස්සනට හිනා වෙනව බන්” 🤣

සමච්චල් හිනාවකුත් දාල රශී එහෙම කිව්වම නිශාත් සද්ද නැතුව කන්න වුණේ.ඒත් එක්කම කව්ද? මනුස්සයෙක් shop එක ඇතුලට ආවෙ කෑ ගහ ගෙනම.

” ආ මුදලාලි ඊයෙ හවසත් බ්‍රයන්ගෙ set එකක් Town එකට බැහැලලු නේ”

” නෑ.ඉතින් මොකද? වෙලා තියෙන්නෙ”😳

” නෑ නෙවෙයි සිරිසෝම මුදලාලිය එතනමලු.මිනිහ ඒ කඩේ රෙන්ට් එක ගෙවල නෑ කියන්නෙ.ඒක බ්‍රයන් රෙන්ට එකට දීපු එකක්ලුනෙ” 🤨

” එහෙමද? අපේ මිනිස්සු තමයි බං ඔය නිදා ගෙන ඉන්න සිංහයව ඇහැරෝ ගන්නෙ.නැත්තං බ්‍රයන් කියන්නෙ හිත හොද මනුස්සය”

” ඒක නම් ඇත්ත බං.ඔය කන්ඩ තියෙන දෙයක් ගන්නඩකො”

👩 ” කව්ද? අන්කල් බ්‍රයන් කියන්නෙ.එයා ඒ තරම්ම දරුණු මනුස්සයෙක්ද? ” 🤔

මුදලාලි අර මනුස්සය කතා කරපු දේවල් ඇහුන රශි ඇහුවෙ ලග වාඩි වෙලා හිටපු මනුස්සයෙක්ගෙන්.

“මේ දරුවො මේ town එකට අලුත් වගේ” 🤨

👩 ” ආ ඔව් අන්කල් ටිකක් අලුත්.” ☺️

” ඒක තමයි නැත්තං බ්‍රයන් ගැන නොදන්න කෙනෙක් මේ town එකේ ඉන්න විදියක් නෑ.බ්‍රයන් කියන්නෙ හුගක් දරුනු මනුස්සයෙක් ලමයිනේ.පාතාලෙ ඉන්න දරුණුම මනුස්සයෙක්.මිනිහට දෙයක් ඕනෙවුනොත් හොදින් බැරි නම් නරකින් හරි ලබා ගන්නවමිනිහ වැඩිය මිනිස් ආශ්‍රයට එන කෙනෙකුත් නෙවෙයි.ගෝලයො දාල තමයි ඔක්කොම කරව ගන්නෙ.”

බ්‍රයන් ගැන ගොඩක් විස්තර දැන ගෙන තමයි කෙල්ලො දෙන්න ගෙදර එන්න ආවෙ.

💓💓💓

” ලූකස් ගිහින් බලපං මොකාද ? අර ගේට්ටුව කඩන්ඩ හදන එකා කියල”😡

” හරි රොකී බොස්”

ගොඩ වෙලාවක ඉදන් බ්‍රයන්ගෙ ගෙදර ගේට්ටුවට කව්දෝ සද්දෙන් ගහනව.රොකීට ඒකට තමයි මේ කේන්ති ගිහින් තියෙන්නෙ.

” උබට පිස්සුද ගෑනියෙ ගේට්ටුවට තඩි බාන්නෙ මෙතන බෙල් එකක් තියෙනව ඇස් පේන්නෙ නැද්ද? 😡

” කෝ උබලගෙ මහ එකා එන්ඩ කියපං ඌට මගෙ අහින්සක මිනිහව මරා ගත්ත.”😤

තරමක් මහත මිටි ගෑනු කෙනෙක් ගේ ගාව ඉදන් කෑ ගහනව.

” මේ පලයං ගෑනියෙ යන්ඩ උබේ මිනිහෙක් ගැන දන්නෙ නෑ අපි.” 😡

” රොකී රොකී…..” 🤬

” ඇයි බොස්”

” කව්ද? මිනිහො අර ගේට්ටුව ගාව ඉදන් බලියන එකා” 🤬

” පිස්සු ගෑනියෙක් බොස්.ලූකස් ගියා බලන්ඩ”

රොකී එහෙම කියනවත් එක්කම ලූකස් ආවෙ හති දා ගෙන.

” ආ ලූකස් අර පිස්සු ගෑනිව යැව්වද? “

” නෑ රොකී බොස්.ඒ අර මැරිච්ච සිරිසෝම මුදලාලියගෙ ගෑනිලු.අපේ බොස්ව හම්බ වෙන්ඩ ඕනෙ කියල කෑ ගහනව.”

ලූකස් එහෙම කියනවත් එක්කම අතේ තිබුන phone එකත් පොලවෙ ගහපු බ්‍රයන් රොකීවත් තල්ලු කර ගෙන දිව්වෙ පහලට.බ්‍රයන් යනකොටත් ඒ ගෑනු කෙනා දොර ගාවට වෙලා කෑ ගහනව.බ්‍රයන්ගෙ ගෝලයො දෙන්නෙක් ගෑනිව අල්ලන් හිටියෙ ගේ ඇතුලට යන එක වලක්වන්ඩ.ආපු වේගෙන්ම ඒ ගෑනු කෙනාගෙ බෙල්ලෙන් අල්ලල බිතිතියට තද කර ගත්තු බ්‍රයන් ඒ ගෑනු කෙනා දිහා බලන් හිටියෙ ගිනි පිට වෙන දෑසින්.බ්‍රයන් කොච්චර තදට අල්ල ගෙන හිටියද කිව්වොත් ඒ ගෑනු කෙනාගෙ කම්මුල් දිගේ කවුලු ගලා ගෙන යන්නට වූ අතර ඇගේ මුවින් කිසිදු වදනක් පිට නොවීය.

” බො බො ස් ඔය ගෑනි මැරෙයි.”😳

රොකී කුමක් කීවද ඔහුට එක කිසිදු ගනනක් නැත.මද වේලාවක් කේන්තියෙන් ඇය දෙස බලා හුන් බ්‍රයන් එක වරම පිටතට ඇද ගත්තේ ඉනෙහි රුවා ගෙන සිටි පිස්තෝලයකි.එය දුටු රොකී ඇතුලු පිරිසට එදෙස බලා සිටිනවා විනා වෙන කල හැක්කක් නොවීය.බ්‍රයන්ගේ කටයුතුවලට බාධා කිරීම තමාගේම මාරයාට අත වැනීමක් බව ඔවුන් හොදාකාරවම දනියි.

එම කාන්තාව අපහසුවෙන් පහතටහෙලා සිටි දෑත් එක් කොට වැව ගෙන බ්‍රයන් වෙත පෑවේ ආයාචනාත්මක බැල්මකි.නමුත් ඒ කිසිවකින් ඵලක් නොවීය.බ්‍ර්‍යන්ගේ කේන්තිය අවුස්සා ගැනීම විනාශයකට මුල බව කව්රුත් දනියි.

ඇගේ නලල මතින් තැබූ පිස්තෝලය ඇගේ මුහුණ පුරා ගෙන යන්නට වූයේ තවමත් ගිනි පිට වෙන දෑසිනි.ඉක්මනින්ම පිස්තෝලය ඇගේ මුහුනින් ඉවත් කල බැවින් අනෙක් අය සුසුමක් හෙලුවේ මද සහනයකිනි.නමුත් බ්‍රයන් ය්නු විගසින් අස්වැසෙන අයකු නොවේ.ඇගේ මුව මතින් ඉවත් කල පිස්තෝලය ඇගේ බඩ පෙදෙසට තබා තද කරන්නට වූයෙන් රොකී වහා එදෙසට ඒමට පියවර එසවුවද,ඔහුට එම පියවර නැවතත් ආපස්සට ගන්නට සිදු වූයේ බ්‍රයන් එක් අතකින් කල ඉගියක් හෙයිනි.ඔහු යමක් එපා කිවහොත් එය නොකර සිටිය යුතුය.නොඑසේනම් සිදු ව්න්නේ බ්‍රයන්ගේ තුවක්කු උණ්ඩයක් පපුව පසාරු කොට ගෙන යාමයි.තම ප්‍රියම ගෝලයා වුවද,රොකීටද,එසේමය.

ඔහු ඇගේ කුසට තබා ඇති පිස්තෝලය තවමත් කුස තුලට තෙරපමින් සිටී.කාගේත් නෙත් යොමුව ඇත්තේ එදෙසටය

ඇගේ මුව මතින් තවමත් ගලා හැලෙන කදුලු වැල්වල නම් අඩුවක් නැත.ඇගේ කුස මතට තෙරපා ඇති පිස්තෝලයේ කොකා ගැස්සී ගියේත් රොකී ඉදිරියට පැන බ්‍රයන් පිටුපසට ඇද්දේත් එකවරමය.ඒ වන විටත් රොකී ප්‍රමාද වැඩිය.පිටුපසට ඇදී ගිය බ්‍රයන් නැවත වරක්

පිස්තෝලයේ කොකා ගැස්වීය.ඇගේ කුස හා පපුව පසාරු කොට ගෙන උණ්ඩය ඇදී ගිය අතර කටෙන් හා මුලු සිරුරෙන්ම ලේ වගුරුවමින් ඇය ඇද වැටුණේ කපා බිම හෙලූ කෙසෙල් කදක් මෙනි.සුදු පැහැ බිත්තියද,ඇගේ රුධිරයෙන් තෙමී ගියේය.

” ඇයි බොස් එහෙම කරේ.ඒ ගෑණි කිසිම වරදක්කරල නෑනෙ.”

” මේ බ්‍රයන්ට සද්දෙ දාන එකෙක්වත් මේ ලෝකෙ ඉන්ඩ බෑ. මාකස් මේ ගෑනිගෙ මිනිය අයින් කරල දාල මෙතන හෝදල දාපං” 🤬🤬

අත රැදි පිස්තෝලය නැවතත් ඉනේ රුවා ගත් බ්‍රයන් එතනින් පිට වී ගියද,තවමත් රොකීගේ දෑස් එල්ලව තිබුනේ බිම වැටී සිටි කාන්තාව දෙසටය.තවමත් ඇගේ දෙකම්මුල් මත තිබූ කදුලු වැල් වේලී නොතිබුනි.රොකී බ්‍රයන් හා එක්ව සියලු මැරකම් කලද,ඔහුඇතුලාන්තයෙන් යහපත් ගති ඇති පුද්ගලයෙකි.යමෙකුට නිරපරාදේ වද් හිංසා දීමට ඔහු අකමැතිය.සැනින් සිත උණු වන්නෙකි.මද වේලාවක් ඇය දෙස බලා සිටි ඔහුද,එතනින් පිටව ගියේ මාකස්ට එතන පිරිසිදු කොට දමන ලෙස පවසමිනි.

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
නැවතත් හමුවෙමු