තරු ඇස්🌟

  1. කොටස

පෙර කොටස

තෙනූ පහළට ආවේ මිහේෂ්ට හවස තේ එක ගෙනියන්න…………

එතකොට තෙනූ දැක්කේ…….. එළියේ ජස්ටින් ගාව හිටගෙන හිනා වෙවී කතා කරන තේජ්ව….

“මොනවා තේජ් මෙහෙ??”

එහෙම හිත හිත තමයි….. තෙනූ එළියට ගියේ….. එතකොට තමයි……. තේජ් තෙනූව දැක්කේ………

“අහ් තෙනූ මිස් මෙහෙ??”

“මහත්තයා තෙනූ නෝනෙව දන්නවද??”

“අහ් තේජ්…….. ඔව්නේ සීයේ……. මට ට්‍රේන් එකේ එනකොට මෙයාව හම්බුණා…….. එතකොට තේජුත් මෙහෙද??…….”

“අහ් නෑ…… පුංචි මැඩම්………මං තමා මිහේෂ්ගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්……… ඉන්නේ ළඟ……. මෙහෙට ආවම මිහේෂ් එක්ක දවස් දෙක තුනක් නතර වෙනවා………..”

එහෙම කියලා තේජ් කලේ තම්න්ගේ හැට් එක හදාගෙන තෙනූ අල්ලන් හිටිය ට්‍රේ එකෙන් බිස්කට් දෙකක් අරන් කටේ දා ගන්න එක….

“එහෙනම් ඔයා කාමරේට යන්නකෝ මං මිහේෂ්ට කවලා එන්නම්……”

“කවලා…….. හප්පේ……. ඌ හිතින් බල්ටි ගහනවා ඇති……… ඔයි වෙලාවට තමා හිතෙන්නේ……. මාත් ඕම වෙලා කවුරුහරි මට කවනවා නම්……….”

එතකොටමයි තෙනූ තේජ්ගේ කට තමන්ගේ අතින් වහන්නේ……….

“එහෙම කියන්න තියා හිතන්නවත් එපා…..”

තෙනූ එහෙම්මම අත අරන් උඩ තට්ටුවට ගියා…… තේජ් ඇස් දෙකත් ලොකු කරන් තෙනූ දිහා බලන් උන්නා………

තෙනූ කිරි එකයි බිස්කටුයි අරන් ගියේ මිහේෂ්ගේ කාමරේට ගිහින් කාමරේට දෙපාරක් තට්ටු කරලා ඇතුලට ගියා…… හැමදාම වගේ මිහේෂ් ජනේලෙන් එළියේ අනන්තය සොයනවා…..

ඇත්ත තාම මිහේෂ්ට අවුරුදු 26……. ලියෙවි උන්නා නම් දැන් මේ මිහේෂ් දරු සුරතල් බලන්න ඕනි කාලේ……… මිහේෂ්ගේ ජව සම්පන්න තරුණකාලේ……… ආදරේ හිතේ පුරාවට විඳින්න……ලෝකේ දකින්න තිබ්බ කාලේ……. ඒත් මොකක්දෝ අවාසනාවට මිහේෂ්ට අද ඒ හැමදේම නැති වෙලා……….. මිහේෂ් ගැන හිතද්දි තෙනුලිගේ ඇස් අගට කඳුලක් ආවේ ඉබේටමයි…..

“මිහූ……… තේ බීලා ඉමු………..”

එහෙම කියලා තෙනූ කලේ බිස්කට් එකක් කිරි එකේ පොඟවලා………. මිහේෂ්ගේ කටට ළං කරපු එක……….
මිහේෂ් සද්දයක් නැතුව අහක බලාගෙනම ඒක කෑවා……… දැන් මිහේෂ් ටිකක් තෙනූගේ කීම අහනවා…………. බිස්කට් දෙක තුනක්ම තෙනූ මිහේෂ්ට කවා ගත්තා…….. කිරි වල පොඟවලා දෙන හින්දා කවද්දි මිහේෂ්ගේ කට දෙපැත්තෙන් කිරි වැක්කෙරෙනවා…………… තෙනූ හෙමීට ඒවා පිහදානවා………… වෙලාවකට ඒ තොල් අස්සේ තමං අතරමං වෙනවා කියලා තෙනූට හිතුනේ….. ඝණ ඇහුබැම……. සෘජු නහය….. තියුණු ඇස්…….. මහත තොල්……… ඇත්තටම මිහේෂ්ට ගෙනාවේ කඩවසම්බවක්…………. සත්තයි කෙල්ලෙක් වශී වෙනවා ඒ කඩවසම බවට…………….. කෙල්ලට ඒ මොහොතෙම ඒ තොල් සිප ගන්න හිතුනත් කෙල්ල ආසාව යටපත් කර ගත්තේ තමන් සේවිකාවක් පමණක් නිසාත්……….. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනි නැති නිසායි……..

බර සුසුමක් හෙලපු තෙනූ ආපහු ආවා…….. තෙනූට එතන රැදෙන්නම හිතුනත් තව වැඩ තියෙන නිසා එතනින් ආවා………….

“හු……………”

එක පාරටම කඩාගෙන පැන්න තේජ් නිසා කෙල්ල ගැස්සිලා වැටෙන්න ගියා………… තේජ් අල්ල ගත්තේ නැත්නම් අතේ තිබ්බ පීරිසි කෝප්ප ටිකත් බිම………….

“මොකෝ කෙල්ල අප්සට් ගහලා…………”

“මුකුත් නෑ තේජ්……….. මාව කෙලින් කරන්නකො…………”

තෙනූව් ඇදේට අල්ලන් හිටපු නිසයි තෙනූ එහෙම කිව්වේ……… අනික…….. ඒහෙම ඉන්න තෙනුට ලැජ්ජ හිතුනා……………

“අපිටත්…. කවන්න අය හිටියා නම්………….”

තෙනූට තේරුනා තේජ් වහෙන් ඔරෝ කියන කතාව…………..

“හී……… හම්බෙයි හම්බෙයි කවන්න අය……”

එහෙම කියාගෙන තෙනූ පහළට ගියේ ලැජ්ජාවෙන්…………

දවස් දෙක තුනක්ම ගෙවිලා ගියේ…….. තෙනූවයි තේජ්වයි තවත් ළං කරලා…………..

දවසක් තෙනූ මිහේෂ්ව අරන් ගාඩ්න් එක වටේ ඇවිදින්න ගියා………..

“මිහූ මේ දියැල්ල ලස්සනයි නේද🥰 ……… එහෙ දියඇලි නෑනේ මිහූ………….. ඔයාට පුලුවන්ද ටිකක් ඔතන ඉන්න………. මං ටිකක් ළඟට ගිහින් බලලා එන්නම්……………”

එහෙම කියලා තෙනූ දියැල්ල ළඟටම ගිහින් ඒතන තිබ්බ ගලකට නැග්ගා………

“මේ බලන්නකෝ මිහූ හරිම සීතලයි………. මෙතන හරිම ෂෝක්…………. හරිම ලස්සනයි ….”

තෙනූ කෑ ගහන්නේ උඩ පැන පැන සතුටින්…….. මොකද තෙනූ ඉස්සර ඉඳලම ස්වභාවධර්මයට ආදරෙයි……………

මිහේෂ් හිටියේ හිනාවක් මුවේ රඳවන් මේ දිහා බලන්……….. කාලෙකට පස්සේ මිහේෂ් සැහැල්ලුවෙන් හිනා වෙනවා……… ඒ කියන්නෙ මිහේෂ් සනීප වෙන්න පටන් අරන්ද??

“ඔයා ඉන්න හින්දා තවත් ලස්සනයි………..”

“අහ් තේජ්……….”

තේජුත් ගලින් ගලට පැනල තෙනූ ඉන්න ගල ගාවටම ආවා………..

“තේජ් බලන්නකෝ…….. මෙහෙ කොච්චර ලස්සනද……… ආසවේ බෑ…………”

“මටත්………”

තෙනූ ඒක දියැල්ලට කිව්වට තේජ් උන්නේ තෙනූගේ රූපේ හිත පුරා විඳින ගමන්……….. මේ දවස් ටිකට තේජ්ගේ හිතේ තෙනූ ගැන කියාගන්න බැරි හැඟීම් ගොන්නක් දළු දානවා කියලා තේජ්ට තේරිලයි තිබ්බේ…….

එක පාරම උඩ පැන පැන හිටපු තේනූ….. ගල් වල තියෙන ලිස්සන බව නිසාම වැටෙන්න ගියා…….. තෙනූ දිහාම බලන් හිටිය නිසා තේජ්ට පුලුවන් උනා තෙනූට වැටෙන්න නොදී අල්ල ගන්න……….. මොහොතකට ඒ ඇස් අතරමං උනා………. තේජ්ගේ ඇස් ගියේ ඒ වෙව්ලන රෝස පාට තොල් වලට………… තේජ් හෙමින් ඒ තොල් වලට පාත් උනා……… තෙනූ ඇස් වහ ගත්තේ ඒ හැඟීම විඳින්න ආසාවෙන්………..

“දඩාස්……………”

සුසුම් වැදෙන තරමට ළං උනාටත් පස්සේ ඇහුණ සද්දේ නිසා තෙනූ ගැස්සිලා තේජ්ව අත ඇරියා……… තේජ්ගේ මූණ නම් කළු වෙලා ගියා…

එතකොට තමයි තෙනූ දැක්කේ……… මිහේෂ් රෝද පුටුවෙන් වැටිලා……… තෙනූ දිහා අසරණව බලන් ඉන්නවා……….

“දෙවියනේ…………”

තෙනූට තමන් ගැනම ලැජ්ජ හිතුනා…….. කරන්න ආපු වැඩේ අමතක කරලා හැඟීම් වලට වහල් උනාට තෙනූ තමන්ටම දොස් කියාගන්න ගමන් මිහේෂ්වත් අරන් ආපහු ඇතුලට ගියා…….

රෑ කෑමත් අරගෙන තෙනූ හැදුවේ මිහේෂ්ගේ කාමරේට යන්න……. ඒත් තව කවුරුහරි ඇතුලේ ඉන්නවා කියලා තේරුණ නිසා තෙනූ සද්දයක් නැතුව දොර ගාව හිට ගත්තා………..

ඒත් ටිකකින් ඒ ඇතුලෙන් ඇහුණ දේට තෙනූගේ ඉහින් කනින් දාඩිය දාන්න ගත්තා…….

⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

කෝ කෝ කතාව පරක්කු උනාට සොරි බබාලා……. මට මුකුත් කල්පනා වෙන්නේ නෑනේ 😢😢

කෝ ඉතිම් කියන්න බලන්න……. තෙනූව තේජ්ට දෙන්නද……… මිහේෂ්ට දෙන්නද…….. දෙන්නම හැන්ඩි කොල්ලෝ තමා ඉතිම්…….

මොනාද දන්නේ නෑ තෙනූට ඇහුනේ