බැඳීමක් නැති මුදුවක් 💔

07 වන කොටස

“හොඳ කතා කිරිල්ල..ඈතට ඇහුණා කෑගහන සද්දේ…..ත/මු/සේ කියනවා දිලංක මොකක්ද මෙතන උනේ?…”

ඒ නිලධාරියා මගෙන් එහෙම ප්‍රශ්න කරන කොට විකුම්ගේ මුහුණට සිහින් සිනාවක් නැගුනා …

චමිලත් චමිලගේ සගයන් පිරිසත් මගේ දිහා බලා ගෙන හිටියේ තුෂ්නිම්භූත වෙලා වගේ….

මම නැවතත් විකුම්ගේ මූණ දිහා බැලුවා …
විකුම් මට ඉඟියෙන් කිව්වේ තවත් නිහඬව නොඉඳ දැන්වත් මේ සේරම දේවල් ඉහළට දන්වන්න කියලා ….

ඒත් මම නිසා තවත් කෙනෙක්ගේ රස්සාවක් නිකරුනේ නැති කරන්න ඕනේ නෑ කියලා මගේ හිත මට කිව්වා….

ඒ එක රස්සාවක් නැති උනොත් පවුලකටම බඩගින්නේ ඉන්නේ වෙනවා කියලා මම හොඳටම දැනගෙන හිටපු නිසා…

“මෙතන මුකුත් උනේ නෑ සර්…මේ කට්ටිය අපිත් එක්ක කතා කරා..”

මම එහෙම කිව්වම ඒ ආරක්ෂක නිලධාරීයා මගේ දිහා බැලුවේ මහා අමුතු බැල්මක් කියලා මට හිතුනා .

ඒත් එක්කම චමිලගේ මුහුනේ මෙතෙක් වෙලා තිබුණු බිය පහවෙලා ගිහින් සමච්චල් සහගත හිනාවක් ඒ මුහුණට ආවා…

“හරි අපි බලමුකෝ ..ආයේ මොකක් හරි කෑගැහිල්ලක් ඇහුනොත් මම ඔය කට්ටියම විනය විරෝධී විදියට හැසිරෙනවා කියලා ඇක්ෂන් එකක් ගන්නවා …”

ඉහළ නිලධාරියා එහෙම කියාගෙන අපේ ලඟින් පිටවෙලා ගියා..

“උ/ඹ අපිට බයයි නේද අන්න ඒ බය තියාගනින්….”

චමිල එහෙම කියපු ගමන් මගේ ඉවසීමේ රතු කට්ට පැන්නා…මම තරහින් දත් මිටි කන්න ගත්තා..

“මේ චමිල ලොක්කන්ට කේලම් කිව්වෙ නෑ කියලා ,මේ සේරම ඉවසන් හිටියා කියලා හිතන්න එපා ත/මු/සෙ/ලා මම නිවටයෙක් කියලා…තමුසෙල නිසා හොඳට හිටපු මම පි/ස්/සෙ/ක් වෙලා මාස හයක් පි*සන් කොටුවේ හිටියා ..මේ ගොඩආවා විතරයි උ/ඹ/ලට ඕනේ මාව වට්ටන්න.මම එක දන්නවා .මාව අංගුලිමාලයෙක් නොකර කරුණාකරලා මට පාඩුවේ ඉන්න දී/ප/ල්/ලා…”

“මේ සේරම වැඩ වරද්දගත්තේ ත/මු/සෙ/ම?යි.ආවා මෙතන මුදුනා වෙන්න ..”

“යමු චමිල…ලොක්කා ආවත් මෙතන ලොකු නඩුවක්..”

චමිල සගයන් පිරිස සමඟ එතනින් පිටවෙලා ගියා..

කෑම කමින් ඉඳපු මට මගේ ජීවිතය උඩුයටි කරවපු ඒ සිදුවීම සිහිපත් වුණා….

💔💔💔💔💔💔💔

උදේ ඉඳලා රෑ වෙනකන් රාජකාරි වැඩ කටයුතු කරලා රෑ අටේ ඉඳලා දහය වෙනකන් කෑම්ප් එකේ පිරිසිදු කිරීම් ඇතුළු අනෙක් වැඩ කටයුතු වල නිරත වෙන්න තිබුණු නිසා කෑම්ප් එක ඇතුලේ හුස්ම ගන්නවත් මට වෙලාවක් ලැබුණෙ නෑ …

සේරම වැඩ කටයුතු ඉවර වෙලා මම මගේ හොස්ටල් රූම් එකේ නිදා ගන්න හදනකොටම මාත් එක්ක එකට වැඩ කරන විකුම් මාව හොයාගෙන ආවා …

“මොකෝ මේ රෑ කලබලේ…”

“ඒකල කෑම්ප් එකෙන් කියලා අපේ කෑම්ප් එක ට ඩ්‍රොවින් කරන්න පුළුවන් කො/ල්/ලෙ/ක් ආවයි කියලා ..

“ඉතින්..?”

“මම සද්ද නැතුව කිසි දෙයක් දන්නේ නැහැ වගේ හිටියා…ඕවා කියන්න ගියොත් උ/ඹ/ට/ම/නේ කරදරේ…ඒත් අර සිදත් කිව්වානේ ඒ උ/ඹ කියලා…දැන් ඉතින් උ/ඹ/ට බේරෙන්න වෙන්නේ නැහැ ..

“ඒක නේන්නම් එදා මට කියපු නිසා මමත් මට ඩ්‍රොවින් දන්නැති විදිහට පාඩුවේ හිටියා…”

“”දැන් ඉතින් පුතෝ උ/බ/ට ගැලවීමක් නම් නැහැ…මැඩම්ට අහුවුණොත් ඉතිං ඉවරයි ම තමා..උ/ඹ/ට චිත්‍ර ඇඳ ඇදම ඉන්න වෙයි..”

විකුම් එදා රෑ කියපු විදිහටම පහුවෙනිදා සයිට් ඉන්ස්පෙක්ෂන් එක කරලා ඉවර වෙනවත් එක්කම මාව හොයාගෙන ඇඩ්මින් එකේ හිටපු මැඩම් ආවා..

“ටෙක්නිකල් ඔෆිසර් දිලංක මට පොඩි ඩොවින් වගයක් කරගන්න තියනවා…මට ඔයාගෙන් ඒකට උදව් ඕනේ වෙනවා..”

මම මොහොතක් මැඩම්ගේ දිහා බලාගෙන හිටියේ ඒකට මොන වගේ උත්තරයක් දෙනවද කියල කියල කල්පනා කරගන්න බැරිව…

“මැඩම්ට කවුද මට ඩ්‍රොවින් කරන්න පුළුවන් කිව්වේ…මට එහෙම ලොකුවට ඩ්‍රොවින් කරන්න බෑ…”

මම එහෙම කීවේ රාජකාරි වැඩ අස්සේ අමතර වැඩ භාර ගැනීම මගේ රාජකාරියට බාධාවක් වෙයි කියලා හිතලා…

මම එහෙම කියපු ගමන් මැඩම්ගෙ මූණට අපූරු හිනාවක් ආවා…

“බොරු කියන්න එපා ඔෆිසර්..ඕගොල්ලන්ගේ ට්‍රේනින් කොලේජ් එකෙන්ම තමා මට ඔයා ගැන කිව්වේ… මගේ වැඩේට හරියන බුලට් එකක් ඉන්නවා කියලා….”

“ඇත්තටම කියනවා නම් මට වෙලාවක් නෑ…රෑ අට වෙනකම් මම ඩියුටි ..ඊට පස්සේ නිදා ගන්නකම්ම කෑම්ප් එකේ වැඩ..”

“ඉතින් ඔයා ඩියුටි ඕෆ් උනාට පස්සේ මගේ වැඩේ කරන්න ගන්න …තව මාස තුනක්ම තියෙනවා..මම මේ උදව්ව ඉල්ලන්නේ මම වෙනුවෙන් නෙමෙයි…මුළු එයාෆෝස් එකම වෙනුවෙන්…ඔයා දන්නවද මේ එක්සිබිෂන් එක බලන්න හමුදාපති එනවා…මේක ඔයාටත් හොඳ අවස්ථාවක්…”

“මැඩම් මට ඇත්තටම කියනවා නම් මැඩම් හිතන තරමට නම් ඩ්‍රොවින් බැහැ..ඒත් මැඩම් කියන නිසා මට පුළුවන් විදියට කරලා දෙන්නම්.ඒත් මට මේ ගැන අපේ යුනිට් එකේ හෙඩ්ට කියන්න වෙනවා..”

“ආ ඒක ප්‍රශ්නයක් නෑ..මම ඔයාගේ හෙඩ් එක්ක කතා කරන්නම්..මට මේ වැඩේ ලස්සනට කරලා දෙන්න ඕනේ…දන්නවනේ චීෆ් ගෙස්ට් කවුද කියලා…”

මැඩම් එදා මාත් එක්ක ඒ විදිහට කතා කරලා ගිය දාට පහුවෙනිදා ඉඳන් මම ඩියුටි ඕෆ් වෙච්ච වෙලාවේ ඉඳලා මහ රෑ එළි වෙනකම්ම කරේ චිත්‍ර අදින එක..උදේ ඉඳන් රෑ වෙනකම්ම හෙලිකොප්ටර් අතගාපු මට රෑ එළි වෙනකම්ම හෙලිකොප්ටර් ඇතුළු ගුවන් යානාවල ඇතුල් කඩ,විශාල ආකෘති ඇතුළු අනෙකුත් චිත්‍ර අදින්න උනා.

අවුරුදු තුනේ හතරේ ඉඳන්ම චිත්‍ර ඇඳපු මට මගේ පාසලේ ගුරුවරයෝ හැමෝම කිව්වේ චිත්‍ර මම සහජයෙන් ගෙනාපු දක්ෂකමක් කියලා…ඒ නිසාම මම පුළුවන් තරම් ලස්සනට මට පැවරිච්ච වැඩේ කළා..

ඒත් ඒ සහජ දක්ෂ කමම මගේ ජීවිතය මේ විදිහට අමුතුම හැරවුම් ලක්ෂයකට ගෙනයාවි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ….

මම වැඩ පටන් අරගෙන මාස තුනක් යනකොට ප්‍රදර්ශනය පැවැත්වෙන දින ටිකෙන් ටික ලං උනා..

ඒත් මහ රෑ එළි වෙනකම්ම චිත්‍ර ඇඳලා මම කෑම්ප් එකට එනකොට පාන්දර එලිත් වෙලා…ඒක නිසාම කෑම්ප් එකේ හැම කෙනෙක්ටම වගේ මට පැවරීච්චි පිරිසිදු කිරීම්,මුළුතැන්ගෙයි වැඩකටයුතු මට අතපසු වුණා…

ඒක නිසා මාත් එක්ක කෑම්ප් එකේ එකට හිටපු ගොඩක් අයට මාව පෙන්නන්න බැරි චරිතයක් වුණා…

කෑම්ප් එකේ හිටපු නහරකාරයා වෙච්ච චමිල මට වෛ/ර කරන්න ගත්තා…
චමිල එයාගෙ සගයන් එක්ක එකතු වෙලා මට හිරිහැර කරන්න ගත්තා…

මේ හිරිහැර ත්‍රීව වෙන්න පටන් ගත්තේ එක්ෂිබිසන් එකට හරියටම සති දෙකකට කලින් ඉඳන්…

මට චමිල සගයන් එක්ක ඇවිත් තර්ජනය කළා…ඒ වෙද්දි මම හිටියේ හොඳටම කාර්යබහුල වෙලා…..

“නීති තියෙනවා නම් ඒව හැමෝටම පොදු වෙන්න ඕනේ…උ/ඹ/ට එක නීතියකුත් අපිට තව නීතියකුත් තියන්න බෑ…අපි මේවා දවස් පතා අස්පස් කරනවා…උ/ඹ මෙතන මැඩම්ට ගොට්ට අල්ලලා එනවා… මෙතන ලොක්කා ආපූ දවසට උ/ඹේ නම යයි….අපේ හම යයි…මේක හරි අසා අසාධාරණයි..උ//ඹ අදම ඔය වැඩ නවත්තන්න ඕනේ…ඉස්සර වගේ ඩියුටි ඉවර වෙලා ඇවිත් මේ වැඩ කරන්න ඕනේ ..මම මේ උ/ඹ/ට හොදින් කියන අන්තිම පාර…එක මතක තියා ග/නි/න්…”

ඉස්සරහට සිද්ධවෙන්නේ යන්නෙ ලොකු කරදරයක් කියලා අවබෝධ වෙච්ච මම මැඩම්ව හමුවෙන්න ගියා.

“කොහොමද දිලංක…එක්ෂිබිසන් එකට තව සති දෙකයි…වැඩේ ඉක්මනට ඕනේ…”

පොඩි කාලේ ඉඳලම පාවාදීම් කරන්න පුරුදු නොවිච්ච මම චමිලගෙන් මට එල්ල වෙච්ච තර්ජන කිසිවක් කියන්න ගියේ නැහැ…
ඒ වුණත් මට කෑම්ප් එකේ පිරිසිදු කිරීම් අතපසු වෙන බව විතරක් කියලා මේ වැඩෙන් අයින් වෙන්න ඕනේ කියලා මම මැඩම්ට කිව්වා …

මම එහෙම කියපු ගමන්ම මැඩම්ගේ මූණ වෙනස් වුණා ..

“දිලංක ඔයා හිතන්නේ මේක සෙල්ලමක් කියලා ද?මේක කොච්චර ලොකු වගකීම් සහගත දෙයක් ද?.මම ඔයාව විශ්වාස කරපු නිසා වෙන කෙනෙක්ව හොයන්න ගියේ නෑ…දැන් වැඩේ ගොඩක් කරලත් ඉවරයි… මේ හදිස්සියේ මට වෙන කෙනෙක්ව හොයා ගන්නත් බෑ ඔයාට ඕනේ මේ වැඩේ කඩාකප්පල් කරන්නද?..”

මැඩම් මට එහෙම දොස් කියන්න ගත්තා..
මට කිසිම පැත්තකින් වත් සැනසීමක් නැති වුනා ..
ඕක තමයි කියන්නේ ගෙදර ගියොත් අඹු නසී..මග සිටියොත් තා නසී කියලා…

“ඔයා ඔය ගැන පොඩ්ඩක්වත් හිතන්න ඕන නෑ..මම ඔයාගේ යුනිට් එකේ හෙඩ්ටත් කියලා තියෙන්නේ …ක්ලීනින් කරන්න කිචන් එකේ වැඩ කරන්න කාටත් පුළුවන්…ඒත් ඔය වගේ චිත්‍ර අඳින්න පුළුවන් කාටද?..ඔයා ඔයාගේ දක්ෂ කම තේරුම් ගන්න..ඔයාට මේ ලැබෙන්නේ ලොකු අවස්ථාවක් වෙන්න පුලුවන්…”

අන්තිමේදී මම තීරණය කලා..චමිලගේ තර්ජන අමතක කරලා මෙතෙක් දවස් කරපු වැඩේ සම්පූර්ණ කරන්න..

මම එක්සිබිෂන් එකේ මට පැවරුණු වැඩේ ඊට දවස් තුනකට කලින් සම්පූර්ණ කරලා දුන්නා ….

ඊළඟ දවසේ මම ඩියුටි ඉවර වෙලා කෑම්ප් එකට ගියේ කෑම්ප් එකේ මෙතෙක් දවස් අතපසු වෙච්ච වැඩ අද ඉඳන්වත් කරන්න පටන් ගන්න…

මම සේරම වැඩ කටයුතු අවසන් වෙලා මගේ හොස්ටල් රූම් එකට ගියේ ඇඟපත සෝදා ගන්න..

ඇඟපත සෝදාගෙන කාමරේට ආපු මම ඇඳුම් මාරු කරලා අවසන් වෙනවත් එක්කම කාමරේ දොරට කිසිවෙක තට්ටු කරන්න ගත්තා…

එදා මගේ රූම් මේට් වැකේෂන් ගිහින් මම විතරයි තනියම ඉතිරි වෙලා හිටියේ …

මම කාමරේ දොර විවර කළේ මේ මහරෑ කවුරුන් මාව හොයාගෙන එනවද කියලා කල්පනා කරන ගමන්….

මම විවර කරපු දොරින් කාමරේ ඇතුලට චමිලත් ඔහුගේ හෙන්චයියන් පිරිසත් කඩාගෙන පැන්නා…

තනි මාව වට කරගත්ත විස්සකට අධික පිරිස මට අතින් පයින් ප්‍රහාර එල්ල කරන්න ගත්තා..මම ප්‍රති ප්‍රහාරය එල්ල කරත් මට ගැලවෙන්න ලැබුණේ නෑ….

“උ/ඹ/ල/ට ලැජ්ජ නැද්ද?..තනි එ/කෙ/ක්/ට විස්සක් තිහක් එකතුවෙලා ගහන්නේ….උ/ඹ/ට ගට්ස් තියනවා නම් මා එක්ක තනියම ගහගන්න ව/රෙ/න්…”

මම චමිලට එහෙම අභියෝග කළත් චමිල ඒකට කන් දුන්නේ නෑ…..

එදා මම හිතුවේ නෑ මම පණපිටින් ඉතුරු වෙයි කියලා…ඒත් මගේ ජීවිතය බේරුණා….මම දන්නෙ නෑ මම බේරුනේ මගේ වාසනාවට ද අවාසනාවටද කියලා….

ඒත් එදයින් මගේ ජීවිතය උඩි යටිකුරු වුණා..

ඔවුන්ගේ අඩත්තේට්ටම්,බැනවැදීම් එතකින් අවසන් වුණේ නෑ….

මගේ මානසික තත්ත්වය දවසෙන් දවස පරිහානියට පත් වුණා….

මම මනුස්සයෙක්ගේ මූණක් නොබලන තත්ත්වයට පත්වුණා…

හුදෙකලා ජීවිතයක් ගත කරන්න පුරුදු උනා…

වැකේෂන් හම්බවෙලා ගෙදර ගියාම අම්මා එක්ක උනත් මම කතා කලේ ගොඩක් අඩුවෙන්…
මම හුදකලාවටම,අඳුරටම ඇලුම් කරා..

ඔව් අන්තිමේදී මම මානසික රෝගියෙක් වුණා ….

සාමාන්‍ය ව්‍යවහාරයෙන් කියනවනම් මම පි*සෙක් උනා..

මටම මගේ මානසික තත්ත්වය අවබෝධ වුණා..

මාස හයක් මම අංගොඩ මා&සික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබාගත්තා…

ඒ වෙද්දිත් නෙහාරා මගේ ජීවිතයට ඇවිත් හිටියා …

මම හිතුවේ මම මානසික රෝගියෙක් උනාට පස්සේ නෙහාරගෙ ගෙදර උදවිය මේ විවාහයට අකමැති වෙයි කියලා…

ඒත් එහෙම වුණේ නෑ….

මම මාස හයකින් සම්පූර්ණ සුවය ලැබුවා…

ප්‍රතිකාර අවසන් වෙලා මම ගෙදර ආවා…

මගේ යහපත් සෞඛ්‍ය තත්ත්වය පෙන්නලා මට ආයේමත් රාජකාරි වැඩ කටයුතු වල නිරතවෙන්න පුළුවන්කම ලැබුණා….

මොනදේ උනත් එදා නෙහාරා මාව ප්‍රතික්ෂේප කරලා දාලා ගියේ නෑ…
ඊට අවුරුද්දකට පස්සේ අපි විවාහ වුණා…

💔💔💔💔💔💔💔💔

“ටෙක්නිකල් ඔෆිසර් දිලංක ..පුළුවන් තරම් ඉක්මනට මගේ ඔෆිස් එකට එන්න..”

යුනිට් එකේ ප්‍රධානියාගේ කැදවීම ලැබුණ ගමන් මම එකපාරටම තිගැස්සිලා ගියා…

සයිට් එකේ වැඩ වෙනකෙනෙකුට පවරපු මම ප්‍රධානියාගේ කාර්යාලය බලා සැනෙකින් පිටත් වුණා..

“වාඩි වෙන්න ටෙක්නිකල් ඔෆිසර් දිලංක ….”

මම ඔහුගේ ඉදිරි අසුනේ වාඩිවුණේ මේ හදිස්සියේ ඔහු මාව කැඳවූයේ ඇයි කියලා හිතේ ලොකු චකිතයකින්.

“දිලංක අපිත් එක්ක වැඩකරන අය ඉහළ නිලධාරීන් දිලංක ගැන ඉන්නේ ලොකු අවිශ්වාසයකින්…”

චීෆ් එහෙම කියාපු ගමන් මට දැනුණේ මගේ හදවත මොහොතකට නැවතුනා වගේ…

මොකක් හරි අයහපත් දෙයක් වෙන්න හදනවා වත්ද කියලා මට ඒ මොහොතේ හිතුනා ..

“ඔයාගේ අසනීපෙ නිසා ඔයා නොසැලකිල්ලෙන් ඉන්පෙක්ෂන් නොකර පේපර්ස් සයින් කලොත් ඔයා නිසා එයාක්‍රාෆ්ට් එක කෲ එක පැසෙන්ජර්ස්ලා සේරම අනතුරේ කියලා ඉහළට පැමිණිලි ලැබිලා තියෙනවා..”

“මම දැන් සනීපයෙන් ඉන්නේ චීෆ් මගේ ඩොක්ටර්ගෙන් මට රිපෝට් එකක් අරන් දෙන්න පුළුවන් ….”

මම එහෙම කිව්වේ ලොකු විශ්වාසයකින් ….

විවාහ වුනා විතරයි …

රැකියාව නැතිවුණොත් මේ හැම දේම ඉවරයි මට එහෙම හිතුණා ..

කොහොම හරි රැකියාව ආරක්ෂා කරගන්න ඕනේ කියලා මම හිතාගත්තා..

හමුවෙමු මීළඟ කොටසින්