07 දිගහැරුම 🌻

” සැක්..මේ හෝතම්ඹුවා පරක්කු මොකද අප්පා.කිව්වේ නම් කොහොමද …..
දෝණි මන් ඇරන වේලාවටම ඉන්නම් කියල..දැන් ක්ලාස් එක ඉවර වෙලා පැයක් වෙනත් ලගයි.මේක නෑනේ.පරක්කු වෙනවනම් අඩුම කෝල එකක්වත් අරන් මට කියන්න බැරිද්….”

අහිංසා පන්ති නිමා වී ඔහු පැවසු ලෙස උද්‍යානයේ බංකුවක් මත වාඩිවී ඔහු එනතුරු බලා හිදින්නට වුයේ ….ඔහු දුරකථනයද ඇමතුම් ලබා ගත්තද ඔහු ප්‍රතිචාර නොදක්වන නිසාවෙන් ඔහුට සිතින් බැනවදිමින් ය…පැයක්ටත් ආසන්න කාලයක් ඈ ඔහුගේ රුව අපේක්ෂාවෙන් කල් මරන්න වුයේ .

” ආ…පොඩි මැණිකේ …..”

” තිවා අයියේ ඔයා මෙහෙ….සැක් මොක්කද අප්පා ඔයා එ කිව්ව නමේ කැත..කාට හරි ඇහුනනම් රෙදි ඉල්ලෙයි……”

” හරි හරි බන්..මෙතන කවුරුත් නැති හිනදා බන් මන් එහෙම කිව්වේ..”

” බලන්න දැන් කාල්ස් ඉවර වෙලා.පැයක් විතර වෙනවා..මන් මෙතන්නට වෙලා උරුලැවා එනකන් කට්ට කනවා…කෝ ඔයාගේ මහ ලොකු අර යාලුවා……”

” උරුලැවා මරු නම..කොහොමත් ඌට ඔය නම මාර මැචින් .ඕක ලග කොහොමත් පට්ට ගදයිනේ..”

” අනේ ඔයාත් .බලන්න ගියාහම යාලුවෝ දෙන්නම එකයි..ඇත්තටම ඔයාල දෙන්න මෙඩිකල් ෆැකල්ටිද ගියේ ..මට නම් පෙන්නේ අංගොඩින් පැනලා ආවා වගේ….”

” හරි හරි එක නෙවෙයි නංගී .මේ නංගී අද කෙෂ්වට එන්න වෙන්නෙ නෑ. ඔයාව මට ගෙදරින් ඇරවන්න කිව්වා.අපි යමුද..”

” අනේ ඇයි එ..මන් එයාට කෝලුත් කරා..එයා අන්සවර් කරේ නෑ…..”

“ඌට හදිස්සිය ඔපරේශන් එකක් වැටිලා පෙග්නට් ලේඩි කෙනෙක් ඇක්සිඩන්ට් වෙලා ගෙනල්ලා..”

” අනේ..එ අම්මාට අමාරුයිද අයියේ ..අනේ එ අම්මිවයි පැටියවයි අයියාට බේරගන්න පුලුවන් වෙයි නේද….”

” හී..මොනවද බන් මේ අහන්නේ ..මොකෝ කෙශ් පුරුදු වෙන්න ඔපරේශන් කරනවැයි..

ඔයා දන්නේ නැති උනාට ලංකාවේ ඉන්න බෙස්ට්ම වීඕජි කේශ්වර . එ නිසා පොඩ්ඩක්වත් එ දෙන්න ගැන බය වෙන්න දෙයක් නෑ…..

එනඔයා ගෙදරින් දාලා මන් ආයි හොස්පිටල් යන්න ඕනි නංගී එ නිසා අපි යන්නද..”

” අනේ සොරි අයියේ මන් නිසා ඔයාට කරදරේ නේද..ඔයාට පරක්කු නම් මාව විල් එකකට දාල ඔයා යන්න මන් තනියම යන්නම්..”

” අනේ මේ බන්…උබට ඕනි අර යකාට කියලා මව බාබකිව් දන්නද..ඔයා තනියම යැව්වා කියලා ඌ දැන ගත්තෝත් මාව ඉතුරු කරන එකක් නැ..පිස්සු කතා නොකියා එනවා යන්න පිස්සු ආච්චි …..”

” අ..අහ්…..අ..අයියේ ඔ..ඔයා..කො..කොයි වේලාවෙද ආවේ .”

සුපුරුදු ලෙස උදෑසන අවදි වන විට .තාම ලයට තුරුල් කරගෙම හිදින ඔහු දැක ඇගේ දෙනෙත් විසල් වුයේ …ඔහු පැමිණෙන තුරු පෙර දින රාත්‍රීයේ නිදි නොමැතිව බලා සිටියද..ඔහු ආ බවක් මතකයේ නොමැති නිසාවෙනි ..

” හී ..මන් ආවා කියලා දැන ගන්නේ කොහොමද .මන් එනකොට එක්කෙනෙක් පස්සත් උඩදාන් ගොරෝ ගොරෝ නිදිනේ.අනේ ඇත්තමයි දෝණී ඔයාගේ ඔය නින්දනම් .කවුරුත් උස්සන් ගියත් දන්නේ නෑ…මන් සෝෆා එකෙන් අරන් ඇවිලා ඇදෙන් තියද්දීවත් නිකමටවත් ඇහුරුනේ නෑනේ..”

” අනේ …..එතකොට මට නින්ද ගිහින්ද..අනේ මට සාමාවෙන්න අයියේ .මන් ඔයා එනකන් හුගාක් වෙලා බලන් හිටියා..එත් මන් දන්නේම නැතුව මට නින්ද ගිහින් නේ….”

” මොනාද දෝණී මේ කියන විකාර කතා .ඔයා මොක්කටද මගෙන් සමාව ඉල්ලන්නේ..අනික ඔයාට කවුද කිව්වේ මන් එනකන් නිදි මරන් බලන් ඉන්න කියලා..කලා බිල ඉක්මන්ට නිදා ගන්න එපැයි දරුවෝ …”

” නෑ..අයියේ මේ….හරි නම් ඉතිං මන් ඉන්න ඔනි නේද ඔයා එනකන් නිදා ගන්නේ නැතුව ..මට අම්මා කිව්වේ ..කවදාවත් මහත්තයා එනකන් නිදා ගන්න එපා..එක හොද නෑ කියලා..අනේ මට සාමාවෙන්න හොදද..අනිත් දවසේ මන් ඔයා එනකන් කොහොම හරි ඇහැරිලා ඉන්නම්..අනේ අදට විතරක් මට සමාව වෙන්න .හොදද..
බයින්න එපා……..”

දෙනෙත් බිමට බරකරගනිමින් ඈ..ආයාසයෙන් වදන් අමුණන්ට වුයේ .මුවින් පිට වීමට උත්සහදරම ඉකිය ආයාසයෙන් මැඩ ගනිමින් ය…….

” දෝණී ………..”

දෙවරක් නොසිතා කේශ්වර ඈ සිය ලයට තුරුල් කරගන්න වුයේ .මෙතෙක් ඈ සිරකරගනිමින් හිදි ඉකිය හැඩිමක් බව පත් වුයේ .ඔහුගේ ලය ඇගේ කදුලින් තෙමාලමිනි..

” කෝ..දැන් හොද දරුවා වගේ නඩා ඉන්න.ම්..කෝ ඔය කදුලු පිහිදාගන්නමු..

දෝණී මන් මේ කියන එක අහන්නකෝ..

ඔයා මාව කසාද බැන්දට ඔයා තාම පොඩි දරුවෙක් . එ නිසා ඔයා අම්මලා ඔයාට කිව්ව දේවල් ගැන වැඩිය හිතන්නේ නැතුව ..ඔයා මාව බදින්න කලින් හිටියා වගේ සැහැල්ලුවෙන් ඉන්න..මන් එනකන් නිදි මරන්න එපා..ඔයාට නිදි මතයි නම් නිදා ගන්න හොදද….ඔයා මන් එනකම් කන්න ඉන්න ඕනි..මන් එනකන් රෑ ඇහැරන් ඉන්න ඕනි කියලා එකක් නෑ..තේරුනාද..ඔයා එහෙම කරේ නෑ කියලා මන් ඔයා එක්ක තරහා නෑ…

හරි නම් දෝණී එපැයි මන් එක්ක තරහ වෙන්න..මන් ඊයේ ඔයාව එක්ක යන්න ආවේ නෑ කියලා….”

” අනේ මන් ඔයා එක්ක මොක්කද තරහා වෙන්නේ..ඔයාට හදිස්සිය වැඩක් වැටුන හින්දා නේ එන්න බැරි උනේ..අනේ එක නෙවෙයි එ අම්මයි බබායි හොදින් නේද.මට ඊයේ තිසා අයියා විස්තරේ කිව්වා..”

” ඔව් දොණි එ දෙන්නාම හුගාක් හොදින්..හරි දැන් ගිහින් වොශ් එකක් දාන් ලෑස්ති වෙන්න පන්ති යන්න….”

” හරි අයියේ ……..”

මතුසම්බන්ධයි