-23 කොටස-
“ඔයා මට බනින්නෙ ජපානෙ කාලගුණේ වගේ කියලා..ඒ වුණාට දැන් ඔයානෙ ඒ වගේ..මේ බනිනවා..මේ සුවද බලනවා..අයින් වෙන්න ඉතිං…”
“තමුසෙට බෑ මාව එලවන්න..මට තියෙනවා ලීගලි ඩොකියුමන්ට්..”
“මොනවද දන් නෑ ඒ…….”
“මේ හෙට පාටි එකක් තියෙනවා..විනොද්ගෙ බර්ත්ඩේ එක..ලෑස්ති වෙන්න ….යමු ඔයාට ඇදුමක් ගන්න..ලස්සනට යන්න ඕනේ..”
“අපෝ මට බෑ..”
නිශාදි ගත් කටටම කියද්දි..හිමංසට තරහා ගියා..
“ඇයි..”
“මට බෑ..මං ගොඩේ කෙල්ලක්නෙ..මට ඕවට යන්න පුළුවන්ද?”
ආ..මේකි ඉස්සෙල්ලා එකේ පළිය තමා ගන්න යන්නෙ..හිමංස කපටි හිනාවක් මූණට අරගෙන හිතුවා..
“හරි තමුසෙ එන්නත් එපා…මං රශ්මිත් එක්ක යන්නම්..රශ්මිත් ආයෙ ලස්සනට ඇන්දම ..වාව්…බබාලා දෙන්නෙක් ඉන්නවා කියලා කාටද කියන්න පුළුවන්..මට හොද පිස්සුවකුත් නටන්න බැරියැ..”
නිශාදි හිමංසගෙ මුණට එබුණෙ රවාගෙන
“එහෙමද? හා යනවකො එහෙනම්…රශ්මි….ඒ පාර ආයෙත් පටං ගත්තා..”
හිමංස ඇදේ හාන්සි වෙලා ෆෝන් එක අරං රශ්මිට කෝල් කරන හැටි නිශාදි අහගෙන හිටියෙ තරහින්…කොච්චර වුණත් රශ්මි තමා ලොකු…
“හායි රශ්මි..කොහද ඉන්නෙ.. “
හිමංස ස්පීකරේ ඕන් කලා..
“සර් මං ගෙදර..”
“මේ හෙට හවස වැඩක් තියෙනවාද?”
“ම්… හෙට හවස නම් නෑ සර්..”
“මේ එහෙනම් මගෙත් එක්ක..”
හිමංසට ඉතුරු ටික කියන්න ලැබුණෙ නෑ..නිශාදි ෆෝන් එක උදුරගෙන කට් කළා..
“මොකද්ද අයිසෙ කලේ..”
“හිතේ ඇති එක එක ලලනාවො එක්ක පාටි වලට යන්න…ඒවා කොහද මං ඉන්නකල්..”
“තමුසෙ එන්නෙ නැත්නම් මට තනියම යන්න බෑනෙ..විනෝද් කීවෙ කපල් පිටිං එන්න ඕනෙ කියලා..අනික අකමැති අයව බලෙන් අරං යන්න මට ඕනෙ නෑ..”
“මේ මං එනවා හරිද?”
“එපා..ඕනෙ නෑ.තමුසෙ යක්ෂණියක් වගේ එතනදිත් මට කඩං පනියි..මං බැරි වෙලාවත් වෙන කෙල්ලෙක් දිහා බැලුවොත්..”
“අපෝ වැඩේමයි…මහ ලොකු නළුවා..”
“ඇයි තමුසෙමනෙ දවසක් කීවෙ මං වරුන් ධවාන් වගේ කියලා..”
“මං කිව්වද?”
“ඉන්නවකො මං මතක් කරලා දෙන්න”
හිමංස නිශාදිව ඇදලා ළඟට අර ගත්තා..
“මේ …මේ හිමංස..ඇදුම් ගන්න යන්න ඕනෙ නේද?යමුකො දැන්..නැත්නම් රෑ වෙනවා…”
“පස්සෙ යමු..”
“කඩවල් වැහැවට පස්සෙද?”
“මේ ඒක නෙවේ… සීත දුන්නනෙ ගුඩ් අයිඩියා පාරක්.”
හිමංස ඇද විට්ටමට කොට්ටයක් තියලා හේත්තු උනා…
“සීතා…”
“ඔව් මේ අපේ සීතා …අර පිස්සු වයසක ඩයල් එක…”
“පව් සීතා”
“මොකද්ද පව්… මං කීවා කසාදයක් ඉක්මණට සෙට් කරලා දෙන්නම් කියලා..තව හැට පැනලත් නැහැනෙ..”
“ඉතිං.. “
නිශාදි ඇහැවෙ හිනා වෙන්න බලාගෙන… හිමංස ඉතින් කාගෙ එක්ක හරි රණ්ඩු අල්ලන එකනෙ කරන්නෙ…
“ඉතිං සීතා කිව්වනෙ එයා කසාද බැන්දම නිශාදි නෝනගෙ ලමයි බලාගන්නෙ කවුද කියලා..”
“යන්න බොරු නොකියා ”
නිශාදි ලැජ්ජවෙන් අහක බලනවා ..
“මොකද තමුසෙ ඇඹරෙන්නෙ…”
ඒත් නිශාදි සද්ද නෑ..
“කියනවකො… තමුසෙ නිකම් ඇඹරෙන්නෙ ඒක ඇත්ත වගේනෙ… “
“මොකක්ද අනේ විහිලු කරන්නෙ… සීතට පිස්සු…”
“නෑ සීතා කියන්නෙත් ඇත්ත තමා… සීතත් ගෙදරට වෙලා නිකම් ඉන්න එකේ වැඩකුත් තියෙන්න එපැයි..”
“අනේ දැන් යමුකො කට වහගෙන… “
නිශාදි ඇදෙන් නැගිට්ටා..
“මේ….. සිරාවටම එහෙම කේස් එකක් නම් කියනව ඈ.. මං ආයෙත් කොට්ට මෙට්ට අරගෙන මගෙ කාමරේ පදිංචියට යන්නම්..”
“ඒ මොකෝ.”
කෙල්ල ඇස් දෙක හීනි කලා ..
“ඇයි අයිසෙ …තමුසෙ රෑ තිස්සෙත් දොල දුකට අරක මේක ඉල්ල ඉල්ල පහුරු ගානකොට අහිංසක මං නිදාගන්නෙ කොහොමද?”
“ආ … එතකොට ඒකටත් වැරදි මං..”
“නැතුව….”
“නපුරා.. “
නිශාදි මූණ ඇඹුල් කරනවා..
“පිස්සු මරාලයක්නෙ මං බැදගෙන තියෙන්නෙ බලෙං හරි…”
“තරහයි මං… එන් නෑ යන්න හෙට.. ආ..නෑ..නෑ.. එනවා”
රශ්මි මතක් උනු ගමන් කෙල්ල කියද්දී හිමංස කනෙන් අදිනවා
“රිදෙනවා මැට්ටෝ….”
“යමුකො ටවුන් එකට… ඉක්මණට ඔය මොකක් හරි ඇදගන්නවා.. පැය ගානක් හැඩවෙන් නැතුව..”
💜️💜️💜️💜️💜️💜️
හිමංස ෆුල් සූට් එක ඇදලා කණ්ණාඩියෙන් හැඩ බලනවා..
“ආවු ආවු..කුමාරයා…හරි ලස්සනයිනෙ…”
නිශාදි කටපුරා හිනා වෙලා කියද්දි හිමංස නිශාදිව ළඟට අරං කම්මුලක් කිස් කලා..
“ඔයත් ලස්සනයි මැණික..මට නම් පාටියට අරං යන්නත් බයයි…”
හිමංස කීවෙ නිශාදිගෙ සුන්දරත්වය දෑසින්ම විදගන්න ගමන්..
අයිවරි කලර් අත් කොට දිග ගවුමට කොණ්ඩෙ කඩාදාලා හිනාවෙවී හිමංස දිහා බලං ඉන්න රුවැත්ති ගැන හිමංසට ඇත්තටම බයයි..
“මං නං බය නෑ….හිමංස..ඔයා ඉන්නකල් මං ළඟ…”
“නිශාදි … මොන දේ සිද්ද උනත් ඔයා මගෙන් ඈත් වෙන්නෙ නෑ නේද.. “
හිමංස කවදාවත් නැති විදිහට අහද්දි නිශාදිට පුදුමයි…
“ඇයි හිමංස මං ඔයාගෙන් ඈත් වෙන්නෙ…”
” නපුරු උනාට ඔයා මට ගොඩක් ආදරෙයි කියලා මං දන්නවා…”
හිමංස නිශාදිගෙ මූනට වැටිලා තියෙන කෙස් රොදක් හෙමීට අයින් කලා.
“මට මහ බයක් දැනෙනවා වෙලාවකට…. ඔයා මගෙන් ඈත් වේවි කියලා..”
“අපි හැමෝම කවදහරි ඈත් වෙනවා හිමංස …. ඒ ජීවිතේ හැටිනේ..”
“බෑ මට බෑ… ඔයා නැතුව ඉන්න…මගෙ ජීවිතෙ පාලු සොහොනක් වෙයි …. “
“මේ බැදීම අපිට බර වැඩියි හිමංස …. “
“දන්නවද මං මෙහෙම රොමෑන්ටික් උනු කොල්ලෙක් නෙවෙයි…. අනික මං කවුරුවත් ගැන හිතපු කෙනෙකුත් නෙවෙයි… කවුරුවත් ගනන් ගත්තු කොල්ලෙකුත් නෙවෙයි…
ඒත් එදා අනුත්තරාගෙ වෙඩින් එකේදි ඔයා බ්‍රයිඩ් මේඩ්ට ඇදලා ඉන්නවා දැකපු වෙලේ ඉදලා මගෙ ජීවිතේ වෙනස් උනා….”
“ඔව් හිමංස අපි දෙන්නගෙම.. ”
නිශාදි ඒක කීවෙ හිතේ තියෙන වේදනාව හංගගෙන… ජීවිතේ වෙනස් උනේ හිමංසගෙ විතරක් නෙවෙයි..
“නිශාදි … එදා මං කම්මුලට ගහද්දි රිදුනද ඔයාට”
හිමංස ඇහැවෙ කම්මුල හෙමීට පිරිමදින ගමන්…
“ඕව වැඩක් නෑනෙ දැන්..”
“ඇයි මග අරින්නෙ කතාව”
“හිත රිදෙන නිසා”
“හරි …..හිනාවෙන්නකො ඉතිං”
නිශාදි කට ඇද කලා.
“මොකද ඕයි විරිත්තන්නෙ ….”
“කවුද ..මමද….. වදුරෙක් දැක්කම විරිත්තන්න ඕනෙනෙ ඉතිං…”
“ආ… මංද වදුර දැන්…”
“ඔව් ඇයි වෙන කවුරුවත් නෑනෙ මෙතන…”
“තමුසෙ අහිංසක පාර්ට් එකට ඉදලා අපේ ගෙදර සෙට් එකව අල්ල ගත්තට මාව නටවන්න බෑ හරිද”
“ගෙදර අය විතරක් නෙවේනෙ මං අල්ලං ඉන්නෙ.. ඔයාගෙ ඔෆිස් එකේ සෙට් එක…”
“මොකට කියනවද ඉතිං ඒවා නම්…
මං ඉස්සර හිටියෙ රජෙක් වගේ ඔෆිස් එකේ. දැන් මං අර හෙනහුරා පාත් උනු පාත්තරේ අයිති හිගන්න වගේ…. මගෙ මේ දුක පේන් නැහැනෙ ඉතිං කාටවත්…”
“බලන්නකො… ඉස්සරහට මං ඔයාව ආයෙත් රජෙක් කරන්නම්කො..”
“ඒ කොහොමද ….”
හිමංස කල්පනා කරනවා…නිශාදි කණ්නාඩියෙන් බල බල කොණ්ඩෙ හදනවා..
“කියනවකො අගේ නොකර…ආ.. මං දන්නවා තමුසෙ මට පිය පදවිය දෙනව නේ..”
“ඔහ් නෑ… මං ඔයාව මඩ වලකට තල්ලු කරනවා..”
“ඒ මොකෝ”
“ඇයි අහලා නැද්ද .. මඩ සෝදා ගත්කල ගොවියා රජ කමටත් සුදුසුයි කියලා…”
“ආ… එතකොට මං ගොවියා දැන්”
“ඉතින් නරකද… ගොවියා බත් දෙන නිසානෙ අපි කන්නෙ බඩ පිරෙන්න…”
හිමංස නිශාදිගෙ බද වටේ අත දාගෙන ලගට ඇදලා ගත්තෙ රිදෙන්නම..
“තමුසෙගෙ කට වැඩියි හොදටම….”
“ඇත්ත තිත්තයිනෙ ඉතිං….
“වහනවා කට ..”
“දැන් පාටි එකට යන් නැද්ද ..මට තර්ජනේ කර කර ඉන්නෙ.. විනෝද් අයියා බලං ඇති”
“අයියා… කවද්ද ඌ තමුසෙගෙ අයිය උනේ…”
“ඕ …..මංදා හිමංස.. මං කොල්ලෙක් ගැන කීවොත් මෙයා ඉරිසියාවෙ පුපුරනවනෙ”
“ඉතිං තමුසෙ කොල්ලො ගැන නොකියා ඉන්නවකො “
“හා හරි යමු එහෙනම්…”
💙💙💙💙💙
දෙන්නා පිටත් වෙනවා දෑලබණ්ඩාර ජෝඩුව බලං හිටියෙ හරි සන්තෝසෙන්..
“රාජ් මට නම් හිතට සැනසීමයි…දෙන්නා සන්තෝසෙන් ඉන්න හැටි දැක්කම..”
“ඔව් චතූ මටත් දැන් හරි නිදහසක් දැනෙනවා..ඒත්….”
“ඇයි රාජ්..”.
චතුරිකා ඇහැවෙ බය වෙලා වගේ
“ඕකනේ මොකුත් කියන්න බෑනේ ඔයාට ..කලබල වෙනවා..
මං කියන්න හැදුවෙ අපිට දරු මුණුබුරෙක් මේ ජෝඩුව ගේන්නෙ නැද්ද දැන්ම කියලා”
“ආ..ඒක මිසක්…ඒවත් හෙමිහිට සිද්ද වෙයි…ඕවට අපි ඇගිලි ගහන්න ඕනෙ නෑ.”
“හ්ම්…”
💙💙💙💙💙💙
හිමංසගෙ අතේ එල්ලිලා නිශාදි පාටිය තිබුණු හෝල් එකට ඇතුළු වෙද්දි විනෝද්ගෙන් දෙන්නට ලැබුනෙ උණුසුම් පිළිගැනීමක්…
හිමංසගෙ යාළුවො ඔක්කොම ඇවිත් හිමංසටයි නිශාදිටයි කතා කලා..ගොඩක් අය නිශාදිව අදුනගන්න කැමති වුණා.. කතා කරන්නත් කැමති වුණා..ඒත් හිමංසගෙ හැටි දන්න නිසාම පැත්තකට වෙලා හිටියා..
හෝල් එක ලස්සනට සරසලා තිබුණා.නිශාදි ටේබල් එකේ ඉදගෙන අවට සිරි නැරඹුවා..හිමංස බීම වීදුරුවක් බොන අතරෙත් බලන්නෙ වට පිට නෙවෙයි ..නිශාදි දිහා..
“හිමංස ඔහොම කන්න වගේ බලන්න එපා..ලැජ්ජයි මට…”
“හා එහෙනම් මං අර ඉන්න තොරොම්බල් කරත්ත දිහා බලන්නම්කො..හැබැයි මට බනින්න එපා ඕං..”
“තොරොම්බල් කරත්ත …ඒ මොනවද?”
“අර අර යන්නෙ..”
හිමංස ඇහෙන් පෙන්නුවෙ කොට ගවුමක් ඇදගෙන මාල වළලු කරාඹු පුරවගෙන යන කෙල්ලෙක්ව..
“හාද? බලන්නද?”
“හා…”
නිශාදි බිම බලාගෙන හිනා වෙනවා…ඇත්තටම නිශාදි චාම්වට හිටියට එයාට සම කරන්න කෙල්ලෙක් ඒ හෝල් එකේම හිටියෙ නෑ…
ඉතිං කොල්ලා ආඩම්බර වෙන්න නැතුව තියේවිද?
⚡⚡⚡⚡⚡⚡
ඩාන්සින් ෆ්ලෝ එකේ ලයිට්ස් ඔන් වෙලා මියුසික් එකක් ප්ලේ වුණේ එක පාරටමයි..දෙන්නගෙම අවධානය යොමු වුණේ ඒ පැත්තට…
සන්ක දිනෙත්ගෙ සිංදුවක රිදම් එකක් ප්ලේ වෙද්දි කොල්ලො හතර දෙනෙක් ඩාන්සින් ෆ්ලෝ එකට ආවෙ කට්ටියම අත්පොලසන් දෙද්දි..
එකම විදිහට ඇදල හිටිය හතරදෙනා එකම විදිහට මුලින්ම ඩාන්ස් කලේ කට්ටියට පිටුපාලා…ඊලගට පිලිවෙලට රිදම් එකට ඉස්සරහට හැරුනා…
ඒත් මැද හිටපු බෝයි ඉස්සරහට හැරෙද්දි නිශාදිට දැනුනෙ අකුණක් ගැහැවා වගේ…
හිමංසගේ ලෝකම උඩු යටිකුරු වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ…
“රෑ.. රෑ සිහිනෙ මා..
මායාවෙ පෑ.. සේයාවි ඈ..
ඈ.. මදහාස පා.. දැහැනේ බිඳී..
ආදරේ පෑ…
ඔය බඹසරට සිත බැඳිලා…
ඔය නෙතට මා ගැටුනා..
ජීවිතය උමතුයි ලඳේ..
ඔය බඹසරට සිත බැඳිලා…
ඔය නෙතට මා ගැටුනා..
ජීවිතය උමතුයි ලඳේ..
සනසාවි මා හා..
හුස්මක් හොවාලා…
දෙනුවන් වසාලා.. සතපාලා..
සන්තාපේ මා හා..
අනුරාගේ පාලා..
හොඳින් සිනාපා.. පිදුවා..”