නව කතාව

චන්ඩි රැජින🙅🙅

” නිශා නිශා නැගිටපන්කො බන්.බලපං වෙලාව කීයද? කියල.පස්සට අව්ව වැටෙනකන් නිදා ගන්ඩ එපා කියල මං උබට හැමදාම කියනවනෙ.කොහෙද? ඉතින් ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනෙ.”😏😏

” අයියෝ වහ ගනින්කො ඔය රේඩියෝ එක.උදේ පාන්දරම ඔන් කර ගත්තද? “🤐 බලපං මං sweets drems එකක් බල බල හිටියෙ. ඒකත් කෑවනෙ මේ එලදෙන ඇවිත්.” 😣😣

👩 ” උදේ පාන්දර,🤨 බලපන් වෙලාව කීයද? කියල.උබ එහෙනම් ඔය sweet drems එක බල බල හිටපන්.මං යනව Interview එකට.” 😏😏

Interview කිව්ව විතරයි කෙල්ල පෙරවන් හිටපු ෂීට් එකත් විසි කරල නැගිටපු පාර ඇදෙනුත් වැටිලයි නතර වුණේ.

👩 ” ආ ආ ඇන ගත්ත නේද? පස්ස.😯මං කියන්නෙ බොරුද? ඉතින් මී හරකියක් කියල.” 😏😏

බිම වැදී රිදුම් දෙන පස්සත් අත ගාමින් නැගිට ගත් නිශාදි රශිනිටත් රව රවා සිය පාවහන් යුවලද,දමා ගෙන වේගයෙන් දොර දෙසට ඇවිද ආවේ පිට මැදට වැටී ඇති කොණ්ඩයද,ගැට ගසමිනි.

👩 ” ඒ පාර කොහෙද? දුවන්නෙ කුලප්පු වෙච්ච ඇතින්නක් වගේ.”😏😏

👩 ” උයන්ඩ,වරෙන් යන්ඩ පරක්කු වෙනව.” 🤨🤨

👩” ආ උබට දැන් ද,පරක්කු වුණේ.මං උදේම නැගිටල උයල.,ගේත් අස් කරා.පලයන් ගිහින් වොෂ් එකක් දා ගෙන ලෑස්ති වෙයන්.නැත්තං job එකට යන පලවෙනි දවසෙම බොසාගෙ දේශනාව අහ ගන්ඩ තමයි වෙන්නෙ.” 😏😏😣

නිශා රශීටත් ගස්ස ගෙන ගියේ බාත් රූම් එකට.නිශා නා ගෙන එනකොට රශී ලස්සන සාරි එකක් ඇදල කොණ්ඩෙත් ලස්සන පෝනි ටේල් එකකුත් දාල.කණ්නාඩිය ඉස්සරහට වෙලා හැඩ බලනව.

👩 ” අම්මේ මේකිගෙ තියෙන ලස්සන.ඔන්න බලපං බොසාගෙ පුතාවත් සෙට් කර ගන්න පුලුවන් උබට.” 😯😯

👩 ” අනේ මේ මගුලක් කියවන්නෙ නැතුව ඉක්මනට ලෑස්ති වෙයන්.9.00 වෙනකොට එතන ඉන්නත් ඕනි.”

කෙල්ලත් කහ පාට පසු බිමේ රතු පාට මල් වැටිච්ච සාරි එකක් ඇදල ඉන ගාවට තියෙන කොණ්ඩෙත් ටිකක් උඩට කරල ලස්සනට පෝනි ටේල් එකක් දැම්මෙ.මේකප් දාන්න ඕනෙ නෑ.ඒ තරම්ම ලස්සනයි කෙල්ල.රශීටත් නිශා තරම්ම නැති උනත් හොද පැහැපත් සමක් පිහිටල තිබුන.
හැබැයි ඉතින් Interview එකට යනව උනාට මේ දෙන්නට අනිත් කෙල්ලන්ට වගේ ආශිර්වාද කරන්න අම්මයි,තාත්තයි නම් හිටියෙ නෑ.රශී නම් චූටි කාලෙ ඉදලම හැදිල තියෙන්නෙ අනාත නිවාසෙ.ඒ නිසා අම්ම තාත්ත කව්ද? කියන්නවත් කෙල්ල දන්නෙ නෑ.කෙල්ල චූටි කාලෙ ඉදන්ම අම්ම කිව්වෙ නිවාසෙ භාරව ඉන්න මැඩම්ට නිශාදිනම් එහෙම නෑ.එයා චූටි කාලෙ ඉදන්ම හැදුණෙ වැඩුණෙ එයාගෙ අම්ම තාත්ත ගාව.එයාට වෙන සහෝදරයො හිටියෙත් නෑ.ඒ නිසාම හරිම ආදරෙන් වගේම හුරතලෙන් හැදුණෙ.
ඒත් නිශාට ඒ ආදරේ අහිමි වෙන්න ගොඩ කාලයක් ගියෙ නෑ.අවුරුදු දා හතරක් වෙනකොට නිශාට හැදෙන්න වුණේ ළමා නිවාසෙක.එහෙදි තමයි කෙල්ලට රශීව හම්බ වෙන්නෙ.දැන් එයාල ජීවත් වෙන්නෙ නිවාසෙ මැඩම්ම අරන් දීපු චූටි ගෙදරක.ගම්පහ නගරයට ඉතා කිට්ටුවෙන්ම තමයි මේ දෙන්න ඉන්නෙ.

👩 ” කෙල්ලෙ දැන් අපි යමු නේද? තවත් හිටියොත් පරක්කු වෙනව.” 😥😥

අම්මගෙ තාත්තගෙ ෆොටෝ එකක් දිහා බලා ගෙන හූල්ලන නිශාගෙ හිස අත ගාමින් රශී කිව්වෙ ඇහැට උනපු කදුලක් පිහදාන ගමන්.
හරියටම interview එකට පැය භාගයක් තියල දෙන්නම ගම්පහ town එකෙන් බැහැ ගත්තෙ.බස් එකෙන් බැහැල ටික දුරක් ඇවිදන් ගියපු කෙල්ලො දෙන්න නතර වුණේ පාර අයිනටම වගේ වගේ වෙන්න හදල තිබුන ලොකු බිල්ඩින් එකක් ගාව.ඒකෙ උඩින්ම ගහල තිබුනෙ “අභිරූ ටෙක්ස්ටයිල්” කියල.ඔව් dress shop එකක්.
වීදුරු දොර තල්ලු කර ගෙන ඇතුලට ගියපු කෙල්ලො දෙන්න ඉස්සරහ කව්න්ටරෙන් අහ ගෙන උඩ තට්ටුවට නගින පඩි පෙල දිගේ නැඟල උඩට ගියේ.තට්ටු හතරක් තිබුන ගොඩනැගිල්ලෙ හතර වෙනිම තට්ටුවට ආපු කෙල්ලො දෙන්න එතන තිබුන සෝෆ එකකවාඩි වුණේ දිගටම වාඩිවෙලා ඉන්න අනිත් කට්ටිය දිහාත් බලල.

👩‍ ” මේ නිශෝ පණ්ඩිතකමට ආව වගේ නෙවෙයි දැන් නම් හාට් එක ගැහෙනව එකසිය ගානට ඈ” 😣😣

රශී ඒක කිව්වෙ ටිකක් සද්දෙට ඒක ඇහිලද කොහෙද,ලග හිටපු කෙල්ලො දෙන්නෙකුත් බලල හිනා වුණා.

👩 ” ඒ කට වහ ගෙන හිටු ඊරියෙ මෙතන මිනිස්සු හිනස්සන්නෙ නැතුව.” 🤭🤭

👩 ” ඇයි යකෝ මං වැරැද්දක් කිව්වද? බොට බයක් නැති වුණාට මං බයයි යකෝ.” 😣😣

👩 “ආ උබ හිතුවද? මං සෝවාන් වෙලා කියල.මටත් බයයි තමයි.ඒත් මේ ජොබ් එක හරි නොගියොත් අපිට හිගා කන්න තමයි වෙන්නෙ.” 😣😣

👩 ” ඒකනම් ඇත්ත බ.අඩේ මේ උබට ජොබ් එක සෙට් වුණොත් මං ගැනත් අනුකම්පා කරපන් හොදේ.” 😒😒
කෙල්ල ඒක නම් කිව්වෙ හෙන සීරියස් මූඩ් එකක් හද ගෙන.

👩 ” අයියෝ වැසිසියෙ කබල රත් වෙනකං හිටපං රොටිය පුච්චන්න.තාම සර්කාරය ඇවිල්ලත් නෑ උබ මෙතන බණ කියනව.”

ඒත් එක්කම වගේ පඩිපෙල නැඟල ආවෙ ටිකක් උස මහත මැදිවියක වගේ ඉන්න පුද්ගලයෙක්.මූනෙ තිබුන ගාම්භීරත්වය,ආඩම්භරකමත් එක්ක බලන කොට ඒ මේකෙ අයිතිකාරය කියල හිතා ගන්න පුලුවන්.එයත් එක්කම තවත් දෙන්නෙක් පිටිපස්සෙන් ගිහින් office එක ඇතුලට ගියේ.

👩 “අඩෝ රශියො ඒ ලොක්කද? බන්”😯😯

👩 ” වෙන්ඩ ඇති බන්.දත් තිස් දෙකම එලියට දාල හිනා වුණාට මොකද? පොර නම් ටිකක් අමාරුකාරයෙක් වගේ.” 😯😯

👩 ” අඩේ දැන් නම් මට චූත් බරයි වගේ බන්.”😖😖

👩 ” මේ උබ එතනට ගිහින් එහෙම අඩේ හුඩේ ගානව නෙවෙයි.තේරුනාද?”

👩 ” හරි හරි බන්.”

ටිකෙන් ටික කෙල්ලො දෙන්නට ඇතුලට යන්නත් වෙලාව ලං වුණා.ඊලගට යන්න ඉන්නෙ නිශා.

👩 ” ඒ රශියො උබ පලයන්කො මුලින්ම.මං ඊලගට යන්නම්.” 😖😖

👩 ” අනේ මේ මගුලක් කරන්නෙ නැතුව පලයං ඇතුලට.” 😡

ගැහි ගැහීම කෙල්ල office roome එකේ දොරත් ඇටන් ඇතුලට ගියේ.

👩 ” Exqus me sir”

👨 ” Come doter take A sit “

👩 Thanks sir”

චූටි හිනාවකුත් දාල පුටුවෙන් වාඩි වුණු නිශාදිඅතේ තිබුනු ෆයිල් එක සර් අතට දුන්නෙ.නිශාගෙ සහතික ටික ඔක්කොම හොදට බලපු මිස්ට විජේසිංහ කතා කරන්න වුණේ.

👨 ” දුව් මොනවද? A/ L වලට කරේ”

👩 ” කොමස් කරේ සර්”

👨 ” හ්ම්ම් මෙහෙමයි දුව.අපි මේ dress shop එක අලුතින් දැම්මෙ.ඉතින් අපට මේකෙ එකව්න්ටින්ස් වැඩවලට තමයි කෙනෙක් ඕනෙ වෙලා තියෙන්නෙ.අපේ සේවකයන්ගෙ පඩි හදන වගේ වැඩ තමයි අපිට කර ගන්න ඕනෙ.තව දෙන්නෙක් ඉන්නව.ඉතින් දෙන්නෙක් ඉදල මදිනෙ.ඒකයි අපි මෙහෙම Interview එකක් තියන්න හිතුවෙ.මං මෙහෙම ඇහුව කියල මේ දරුව මොකුත් හිතන්න එපා. මෙච්චර හොද සුදුසුකම් තිබිලත් ඇයි දුව මේ වගේ එකකට Aply කරන්න හිතුවෙ.”

👩 ” මේකයි සර් මට ඉක්මනට ජොබ් එකක් අවශ්‍යයි.ඉතින්….”

👨 ” ආ හරි හරි දුව.නම මොකක්ද? කිව්වෙ”

👩 ” සර් මම නිශාදි චංචලා වික්‍රමනායක.”

👨 ” ම්ම්ම්.ok නිශාදි.මං ඔයාගෙ සුදුසුකමුත් බලල අනිත් අයගෙ සුදුසුකමුත් බලල දැනුම්දීමක් කරන්නම්.”

👩 ” ok Thanks sir”

ප්‍රතිචාර අනුව තමයි කතාව එක දිගටම දානවද කියල තීරනය කරන්නෙ.මාත් ඉගෙන ගන්න වැඩත් එක්ක කතාව දාන්නෙ.