“මිහේෂ් බේබි……….. මං එනවා………..”
එහෙම කියලා තෙනූ හිමීටම දොර ඇරියා……….
එතකොටම……………………. තෙනූට හිතන්නවත් වෙලාවක් නොදී……. කොහෙන්දෝ ආපු බලු තඩියෙක් තෙනූගේ ඇඟට පැන්නා…….
“ජීසස්…………….”
තෙනු ගෙනාපු කෑම ඔක්කොම සීසීකඩ විසිරිලා යද්දි………. මිහේෂ් වියරු හිනාවකින් තෙනූ දිහා බලන් උන්නා………… තෙනූ කෑ ගහපු සද්දෙට…….
මැගී සෙනූ වගේම ජස්ටිනුත් දුවන් ආවා…….
“මොකක්ද මේ කෙල්ල කරපු විනාසේ……. බේබිගේ කෑම එක අත ඇරියනේ බිම………”
මැගී දොස් දෙවොල් තියන්න පටන් ගත්තා……..
“කෑ නොගහා ඉන්න මැගී…… මේ ගෙදර කෑම වල අඩුවක් නෑනේ………. රෝවර්…….. මං තමුසෙට කියලා තියෙනවා දඟ කරන්න බෑ කියලා…….”
ජස්ටින් කලේ ඒ බලු තඩියටත් බැන බැන…….. ආපහු එක්ක ගිය එක……..
“ඉන්න මං මේක අස් කරන්නම් අක්කේ…..”
“නෑ ඕනි නෑ සෙනූ මට බඩු තියෙන තැන කියන්න මං කරන්නම්……….. ඔයා ගිහින් බේබිට ආයේ කෑම එකක් අරන් එන්න…………”
තෙනූ බිම විසිරුණු කෑම වගේම වීදුරුකටුත් සේරම අස් කලා…….. හොරෙන් මිහේෂ් දිහා බලන්නත් තෙනූ අමතක කළේ නෑ……. ඒ හැම වෙලේම ඒ තරු ඇස් යොමු වෙලා තිබ්බේ තමං දිහාවට කියලා තෙනූ දැක්කා………. තෙනූ සේරම අස් කළාට පස්සේයි සෙනූ මිහේෂ්ට කෑම එක අරන් උඩට ආවේ………..
“අක්කා ගණන් ගන්න එපා……. ඒ හිටියේ රෝවර්…… බේබිගේ තනි මකන එකම යාලුවා…… රෝවර් වස නෑ……. සෙල්ලමටයි ඇඟේ එල්ලෙන්න එන්න ඇත්තේ………”
“අම්මෝ සෙනූ ඔයා නම් කියයයි……. මගේ හාට් එක එකසියගානට ගැහුණා………”
“අක්කට උදව්වට මං ඉන්නද??……….”
සෙනූ හිනාවෙන ගමන් එහෙම ඇහුවා…….
“අහ් නෑ නංගි කොහොමත් නංගිට වැඩත් ගොඩගැහිලා ඇති…… ඒ නිසා ඉක්මනට පහළට යන්න………. නැත්නම් මැගී කෑ ගහයි……..”
සෙනූ ගියාට පස්සේ තෙනූ මිහේෂ් දිහා එක පාරක් බලලා…….. වොෂ් රූම් එකට ගිහින් අත හෝදන් ආවා…….. ඒ ඇවිත් කෑම එකත් අරන් ගිහින් මිහේෂ් ගාවින් වාඩි උනා……. මිහේෂ් වැරදිලාවත් තෙනූ දිහා බැලුවේ නෑ………. මිහේෂ් කළේ….. ජනේලෙන් එළිය බලාගෙන අනන්තය හොයපු එකයි………
මිහේෂ් ගාවින් වාඩි උණු තෙනූ මාලුපිණි ඔක්කොම දාලා බත් කටක් අනලා…….. මිහේෂ්ගේ කටට ළං කලා………. තෙනූ දිහා ඔරවලා වගේ බලපු මිහේෂ් ආයේ අහක බලා ගත්තා…………
“බේබි……… මේක කන්නකෝ…………….බේබි……..”
නෑ තාම මිහේෂ් අහක බලාගෙන…….
“මිහේෂ් සර්…………”
නෑ තාමත් ඒ ඇස් හැර උණේ නෑ……….
“මිහේෂ්……… අරින්නකෝ කට…….”
එතකොට නම් මිහේෂ් හොරෙන් තෙනූ දිහා බැලුවා………
“මිහූ…………..”
මිහේෂ් ගැස්සුනා ඒ වචනෙට………… මිහේෂ් ඇස් දෙකත් ලොකු කරන් තේනු දිහා බලන් උන්නා…..
බත් එක පැත්තකින් තියපු තෙනූ මිහේෂ්ගාව දණ ගහගෙන මිහේෂ්ගේ ඇස් වලට එබුනා……
“මං දන්නවා මිහූ පරණ දේවල් අමතක කරන්න අමාරුයි……….. ඒත් ඒවා අමතක කරන්න වෙනවනේ……….. මං ඔයාට උදව් කරන්නම් හොඳද??……….. හොඳ මිහූ වගේ බත් ඔක්කොම ටික කමු………. මිහූ දුක් වෙන්න එපා මිහූට කවුරු නැත්තත් තෙනූ ඉන්නවනේ………..”
එහෙම කියලා තෙනූ පහත් වෙලා මිහේෂ්ගේ එක කම්මුලක් සිප ගත්තා……… ඒ තරු ඇස් දෙක දිස්නේ ගහනවා……. කාලෙකට පස්සෙයි මිහේෂ් මෙහෙම ආදරයක් ලබන්නේ………. මිහේෂ්ගේ ඔලුව අත ගාපු තෙනූ ආයේ මිහේෂ්ට කවන්න පටන් ගත්තා………. මේ පාර නම් මිහේෂ් ඔක්කොම බත් ටික කිසි කලබලයක් නොකර කෑවා……… තෙනූ ඇවිත් ඒ හිස් පිඟාන හොදද්දී…… මැඟී උන්නේ පුදුමෙන් බලන්…….
මිහේෂ් රෑ නිදා ගද්දි තෙනු මිහේෂ්ට කතන්දර කිය කිය ඔලුව අත ගාන්න පුරුදු උනා……….
ඊළඟ දවසේ තෙනූ හැදුවේ මිහේෂ්ව පිළිවෙලක් කරන්න………….. එ කියන්නෙ ඉතිම් කොණ්ඩේ රැවුල එහෙම කපලා මනුස්ස පාට ගන්න……
තෙනූ මිහේෂ්ව තල්ලු කරන් වොෂ් රූම් එකට ගෙනිහින්…….. පුටුවක ඉන්දුවා….. තෙනූ කතුරයි පනාවයි අරන් තෙනූ ආසම විදිහට හෙයා කට් එක දැම්මා…… මිහේෂ්ගේ කොණ්ඩේ ස්ට්‍රේට් නිසා….. තවත් හොඳයි………. මිහේෂ් උන්නේ දිවත් හපාගෙන් තමන්ගේ කොණ්ඩේ කපන තෙනූ දිහා බලාගෙන………. කොණ්ඩේ කපලා ඉවර වෙලා තෙනූ හැදුවේ රැවුල කපන්න…… තෙනූ ආසයි රැවුල තියෙන කොල්ලන්න්ට……. ඒත් මිහේෂ් ලෙඩෙක් නිසාත් කන හැමදේම හලාගන්න නිසාත් තෙනූ මිහේෂ්ගේ ටිකක් කොට වෙන්න කපන්න හිතුවා….. ඒත් එච්චර ඈත් වෙලා කොණ්ඩේ කැපුවට රැවුල කපන්න අමාරුයි…………..
“ම්ම්ම්ම් දැන් මොකද කරන්නේ…….”
මිහේෂ් පොඩ්ඩ බැරි වෙද්දි පොඩි එකෙක් වගේ දඟලන නිසා අත නුහුරුවට තියාගෙන කපන්බත් තෙනූට බයයි……… තෙනූ හෙමින්ම දොර ගාවට ගිහින් වට පිට බලලා ඒක ලොක් කරා………….
“සොරි මිහූ……….”
එහෙම කියලා තෙනූ කළේ………… ගවුම ටිකක් උස්සලා කකුල් දෙක දෙපැත්තට දාලා මිහේෂ්ගේ පැත්තට හැරිලා මිහේෂ්ගේ ඔඩොක්කුවෙන් ඉඳගත්ත එක…………… තෙනූ කරපු දේ හිතාගන්න බැරුව මිහේෂ් ටික වෙලාවක් තෙනූ දිහා බලන් හිටියා………. ඒත් ටිකකින් දඟලන්න පටන්ගත්තා…….
“ෂ්….ෂ්…. මිහූ මේ බලන්න……….”
තෙනූ මිහේෂ්ගේ මූණ දෝතට අරන් කිව්වා…….
” මං ඔයාට මුකුත් වෙන්න දෙන්නේ නෑ……….. අපි ලස්සන වෙමු හරිද මිහූ……… බය වෙන්න එපා මං ඉන්නවනේ……………”
එහෙම කියලා තෙනූ රැවුල කපන්න පටන්ගත්තා……….. ටිකක් දිගට තියෙන නිසා මුලින්ම කතුරෙන් කපලා…….. තමයි රේසරෙන් කපන්නේ………….. මිහේෂ්ගේ සුසුම්….. තෙනූගේ ගෙල පාමුල වදිනවා……… තෙනූ පිරිමියෙක්ට මෙච්චර ළං උණ පළවෙනි වතාව මේක……….. මොකද තෙනූට තාත්තෙක්ගේ උණුසුම ලබන්න බැරි වෙනවා…………… ඉතිම් මේ වෙලේ තෙනූගේ ඇඟ පුරා පුංචි කිතියක් දුවනවා……….
ඒත් තෙනූ දන්නේ නෑ……. මේ වෙලේ මිහේෂ්ගේ හිතේ මොනාද තියෙන්නේ කියලා………. තෙනූගේ සුවඳ මිහේෂ් මුළු හිතින්ම විඳනගමන් උන්නේ…… තෙනූගේ ගවුමේ කර ටිකක් ලොකු නිසා……. තෙනූගේ ලැමෙන් අර්ධයක් විතරම මිහේෂ්ට පේනවා………… මිහේෂ් දැන් මානසික ලෙඩෙක් ….. බව ඇත්ත……. නමුත් කාලයකට ඉහතදී ඔහු මෙහි කෙල්ලන්ගේ සිහින කුමාරයයි …….. පිස්සුවෙන් ආදරේ කරපු පෙම්වතෙක්……….. ඉතිම් තෙනූට හිතන්නවත් වෙලාවක් නොදී…….. තෙනූගේ බඳ වටා දෑත් යවපු මිහේෂ් තෙනූගේ ගෙල පාමුල දෙතොල් තැවරුවා…………… තෙනූ ඒ වෙලේ හිටියේ රැවුල කපලා ඉවර වෙලා මිහේෂ්ගේ මූණේ හැඩ බලබල……….. මිහේෂ් ඒ කරපු දෙයින්……. තෙනූගේ අතේ තිබ්බ රේසරයයි…….. පනාවයි අත ඇරුනා………. ඔව් තෙනූ ගල් වෙලා…….. ඒ හැඟීමේ කිමිදෙනවා……….. පියවි සිහියට ආපු තෙනු…….. මිහේෂ්ගේ ඔඩොක්කුවෙන් නැගිට්ටා……… ලැජ්ජාවට කෙල්ලගේ මූණත් රතු වෙලා…………
“ලියෙවි මිසුත් ඉස්සර මෙහෙම කරන්න ඇති……. සර් හිතන්න ඇති මං ලියෙවි කියලා පව්….”
තෙනූ එහෙම හිතලා තමා හිත හදා ගත්තේ…..
තෙනූ ඊළඟට හැදුවේ මිහේෂ්ව නාවන්න…….. මිහේෂ්ගේ ෂර්ට් එක අයින් කරපු තෙනූ මොහොතකට ගල් උනා…….. කොච්චර ලෙඩ වෙලා උන්නත් මිහේෂ් ඉස්සර ජිම් ගිහින් හදාගත්ත ඇඟ තාමත් ඒ විදිහටම තිබ්බා……. මිහේෂ් දිහා කෙලින් බලන්න තෙනූට ලැජ්ජයි…….. මිහේෂ්ව අල්ලද්දී තෙනූගේ අත වෙව්ලනවා……… කොහොම හරි මිහේෂ්ව නෑවට පස්සේ තෙනූ ජස්ටින්ට කතා කලේ මිහේෂ්ට ඇඳුම් අන්දන්න…… මොකද තෙනූ ඒක කරොත් තෙනූට කලන්තේ දානවා ෂුවර්……….
මිහේෂ්ගේ කොණ්ඩේ කපලා රැවුල කැපුවාම….. හැංගිලා තිබ්බ කඩවසම් බව ආයෙත් එළියට ඇවිත් තිබුණා…………..
තෙනූ පහළට ආවේ මිහේෂ්ට හවස තේ එක ගෙනියන්න…………
එතකොට තෙනූ දැක්කේ……..
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
සොරි බබාලා……….. වෙසක් කූඩු හදන නිසා…. කතාව දාන්න බැරි උනා………… මාව මතකවත් නෑ නේද ඔයාලට…..🤧🤧
මොනාද ඒ ගමන තෙනූ දැක්කේ..