බැඳීමක් නැති මුදුවක්

06 වන කොටස

මම කුස්සියේ ඉඳලා සාලෙට ඇවිදන් යනකොට දැක්කේ කිසිවකු විසින් සාලේ දොර විවර කරලා තිබුණු විදිහ …

මම විවර කරපු දොර ලඟට ඇවිදන් ගියේ නිකමට වගේ …

දොර ලගට යනකොටම උ/ඹ හෙමිහිට කිසිවෙකු සමග මුමුණන කට හඬක් ඇහුණා …

මහා පාන්දරම නැගිටලා උ/ඹ මේ හොර රහසේන් මුමුණන්නේ කා එක්කද කියලා මගේ හිතේ සැක සංකාවක් මතුවුණා..

මම හෙමිහිට දොර ළගට වෙලා උ/ඹ කතා කරන දේවල් අහන් හිටියේ උ/ඹේ හැසිරීම ගැන හිතේ ලොකු සැකයක් ඇතිවුණ නිසාමයි….

මගේ හදවතේ ගැස්ම උපරිමයට වේගවත් වෙලා තිබුණා…

මගේ හිත රිදවන දෙයක් අසන්නට නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම උ/ඹ මොබයිල් එකෙන් කතා කරන දේවල් වලට ඇහුම්කන් දුන්නා..

“එයා හෙට කෑම්ප් එකට යන්න ඉන්නේ..මම එයා ගියාට පස්සේ එන්නම්…”

උ/ඹ මොබයිල් එකේ එහාපසින් හිටපු කෙනාට එහෙම කිව්වාම මගේ පපුව රිදෙන්න ගත්තා ..මට මේ මොනවාද ඇහෙන්නේ මගේ දෙසවන් මට අදහා ගන්න බැරිවුණා …

මම රිදෙන පපුව එක අතකින් අතගාමින් හිත දැඩිකරගෙන හුන් තැනම සිටගෙන කල්පනා කරන්නට වූයේ මේ වෙන්නට යන්නේ කුමක්දැයි කල්පනා කරන ගමන්…..

මම ළංවෙන්න් ළංවෙන්න උ/ඹ මගෙන් දුරස් වන්නේ මාව ප්‍රතික්ෂේප කරන්නේ ඇයි කියලා මට වැටහෙන්න ගත්තා .

මාව කසාද බැන්දත් උ/ඹ පරණ පෙම්වතා සමඟ තියෙන සම්බන්ධය තවම නවත්තලා නෑ කියලා මට හිතුණා …

පටන් ගත්ත තැනම මගේ ජීවිතය විනාශ වෙලා යන්න හදන බව මට දැනුනා …මගේ හිතට අසරණ කමක් දැනුනා …

” මටත් මෙහේ ඉන්න හරිම පාළුයි …

ඔහේමයි මතක් වෙන්නේ …

“නැන්දම්මාත් පුතා වගේ ම තමා . හරිම බෝරින් මිනිස්සු …”

“නැන්දම්මා නම් වස නැහැ .. පාඩුවේ ඉන්න කෙනෙක් ….”

ඇහෙන දේවල් වලට හිතට වැඩිපුර තරහ දැනෙද්දි මම අසීරුවෙන් තරහව පාලනය කර ගත්තා ….

වහා දුවගෙන ගිහින් උඹේ අතේ තිබුණ මොබයිල් එක උදුර ගෙන එහා පසින් ඉන්න තැනැත්තාට බැණ වැදීමට සිතුනත් කතා කරන්නේ මොනවද කියලා අසා දැන ගන්න ඕනේ නිසාම මම නිහඬවම හිටියා ….

“මම එහේ ඇවිත් සති දෙකක් ම ඉන්නම් ..”

“මම එයාගෙන් අහලා කියන්නම් ,ගෙදර ටික දවසක් ඇවිත් ඉන්න තියෙනවා නම් කොයිතරම් ලොකු දෙයක් ද ?අම්මා එන්න ඕනේ නෑ..මම එහෙට එන්නම්…”

උ/ඹ එහෙම කිව්වට පස්සේ නම් ඇත්තමයි මට පොලව පලාගෙන යන්න හිතුනා .

උ/ඹ තමන්ගේ අම්මත් එක්ක කතා කරද්දි මම උ/ඹ ගැන කොයි තරම් නරක විදිහට හිතුවද ?..මට තියෙන්නෙ කැත හිතක් කියලා ජීවිතයේ පළවෙනි වතාවට මට හිතුනා ….

” හරි අම්මා බය වෙන්නෙපා…මම ඔහේ සති දෙකක් ම ඉන්නම්..මටත් මෙහෙ ඉන්න එක හරිම කම්මැලියි …”

උ/ඹ ඇමතුම විසන්ධි කරන්න කලින් මෙතනින් පිට වෙලා යන එක හොඳයි කියලා මට හිතුනා …මම හිමිහිට එතනින් ඈත් වෙලා කාමරය දිහාට ඇවිදගෙන ගියා …

ඇඳේ වැතිරිලා ත් මම කල්පනා කලේ මම උ/ඹ ගැන කොයි තරම් නරක විදිහට සැක කළා ද කියලා මගේ හිතට ම දොස් කියන ගමන් ….

මට සමා වෙන්න සුදු …
මම ආයෙමත් උ/ඹ ගැන වැරදියට තේරුම් ගන්නේ නෑ කියලා මම මගේ හිතටම පොරොන්දු වුණා …

ඒත් එක්ක ම මට උ/ඹ ගැන මහා අමුත්තක් දැනුනා ..තමන්ගෙ අම්මත් එක්ක උ/ඹ ඇයි මේ විදියට හැංගි හොරා කතා කරන්නේ කියලා මට හිතුනා.කාමරයේ ඉඳගෙනම කතා කරන්න පුලුවන්කම තියෙද්දි ඇයි එහෙම එළියට ගිහින් කතා කරේ කියලා මට ඒ එක්කම හිතුනා ..

උ/ඹ නම් තේරුම් ගන්න මට මගේ ජීවිත කාලයම වුණත් ප්‍රමාණවත් මදියි කියලා හිතලා මම ලොකු සුසුමක් පිට කරා..

මොහොතකින් උ/ඹ කාමරයට ආවා ….

මම නින්දෙන් අවදි වෙලා කියලා දැකපු උ/ඹ එක පාරටම තිගැස්සිලා ගියා ….

“ඔයා ඇහැරුණාද?..”

උ/ඹ යහනේ මගේ එහා පසින් වැතිරුනේ එහෙම අහන ගමන්මයි.

“ඔව් …ඔයා කොහෙද ගියේ සුදු ..?”

“ම..ම කු..ස්..සි..යට ගියා අයියේ…”

උ/ඹ ගොත ගහමින් එහෙම කියද්දී මට පුදුමත් හිතුනා..අම්මා කතා කරපු එක උ/ඹ මගෙන් මේ විදියට කිසිම හේතුවක් නැතුව හංගන්නේ ඇයි කියලා මට හිතා ගන්න බැරි වුනා …

උ/ඹ මෙහෙම හැසිරෙන්නේ හරියට මම

උ/ඹ/ට උ/ඹේ ගෙදර අය ,අම්මා තාත්තා ආශ්‍රය කරන්න එපා කියලා මම තහංචි දැම්ම වගේ කියලා මට හිතුනා .

“එහෙනම් මොකටද ෆෝන් එක අරගෙන ගියේ…”

මම එහෙම කිව්වම උ/ඹ ඇස් දෙකත් ලොකු කරගෙන මගේ දිහා පුදුමයෙන් වගේ බලාගෙන හිටියා …

“අම්මගෙන් කෝල් එකක් ආවා…අම්මලාට මම නැතුව පාලුයි ලු…ඔයා කෑම්ප් එකට ගියාම මාව එහේඑක්කගෙන යන්න එන්න අම්මා එනවායි කිව්වා ….”

“ඉතින් සුදු මේ කාමරේ ඉඳලාම කතා කරන්න තිබුණනේ..මොකටද එලියට ගිහින් කතා කරේ ?..”

මම එහෙම කිව්වම උ/ඹ තිගැස්සිලා වගේ මගේ දිහා බලාගෙන හිටියා ..උ/ඹේ මේ එකට එකක් නොගැලපෙන හැසිරීම තේරුම් ගන්න නොහැකි ව මම කල්පනා කරන්නට වුණා ….

උ/ඹ එක පාරටම මගෙ තුරුලට ඇවිත් මගේ පපුවට හිස තියා ගත්තා ….

එක පාරටම උ/ඹ/ට මම ගැන අමුතු ආදරයක් පහල වෙලා තියෙන්නේ ඇයි කියලා මට නොහිතුනා නෙවෙයි….ඒත් මම ඒ ගැන වැඩිපුර කල්පනා කරන්න ගියේ නැත්තේ උ/ඹ/ම කැමැත්තෙන් මගේ තුරුලට මේ විදියට ආපු එක ගැන මගේ හිතේ සතුටක් ඇති වෙලා….

උ/ඹ කවදාවත් නැති ව මගේ පපුවේ නිය රටාවක් අඳින්න ගත්තා…

“ඔයා ඇහැරෙයි කියලා එළියට ගිහින් කතා කරේ …අම්මා කිව්වා අනිද්දා මාව එක්ක යන්න එන්නං කියලා …මම එහේ ගිහිල්ලා සතියකින් දෙකකින් ඉන්නම්…මෙහේ හිටියත් තනියම ඉන්න එක නේ ..”

ඔය පැන්නෙ බළලා මල්ලෙන්..
ගෙදර යන්න ඕන නිසා මාව කැමති කර ගන්න උ/ඹ මෙහෙම හැසිරෙන්නේ කියලා හිතෙද්දි මට හිනා යන්න ගියා…

එහෙම හරි උ/ඹ මට ලං වුන එක ගැන මට සතුටු හිතුණා ….

“හරි ගිහින් එන්න සුදු ….හැබැයි ඉක්මනට එන්න ඕනේ .ආයේමත් මෙහේ එද්දි තනියම එන්න එපා .. තාත්තා එක්ක හරි මල්ලි එක්ක හරි ගෙදර එන්න …”

උ/ඹ හරිම ආදරෙන් මාව සිප වැළඳ ගත්තා .

අපිට හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න පුළුවන් නම් කොයි තරම් හොදයිද කියලා කියල මට හිතුනා…

වැකේෂන් ඉවරවෙලා කෑම්ප් එකට ගිහින් වැඩ කරද්දිත් මට උ/ඹ/ව සිහිපත් වුණා .. දහසක් වැඩ එක්ක මට පුළුවන් වෙලාවට මම උඹව ඇමතුමක් දුන්නා ..කතා කරා..

උ/ඹ ගෙදර ගිහින් උන්නු නිසා හරි සතුටින් මාත් එක්ක කතා කළා…

උ/ඹ සතුටින් කතාකරද්දි මටත් ලොකු සතුටක් දැනුනා ..ඒත් ඒ සතුට මහ ලොකු වෙලාවක් නම් තිබුණේ නැහැ …

චමිල ඇතුළු පිරිස මගේ ළඟින් ඇනුම්පද කියමින් ගියේ මගේ දිහා බලලා අපහාසයට වගේ කට කොනකින් හිනාවෙලා…

“ලොක්කන්ටත් පි/ස්/සු… පි/ස/ස/න්/ව මේක අස්සේ දාන් ඉන්නවා ..ඕ/කු/න්/ව එලවලා දාන්න ඕනේ…”

“පව් බ/න්…ඒ/කා අහිංසකයා…”

“අහිංසකයා නම් පාඩුවේ වැඩක් කරන් ඉන්න තිබ්බා.ආවා මෙතන මුදුනා වෙන්න..”

“ඌ වැඩ්ඩා ඒ වුණාට…”

“හොඳ වැඩ්ඩා…ඔය වගේ කුරුටු චිත්‍ර ඕන එ/කෙ/ක්/ට අදින්න පුළුවන් ..අපේ මෑඩම්ටත් පිස්සු…මූ නැත්නම් මේකේ උත්සවයක් වත් මැඩම්ට කරගන්න බෑ…මූ හොඳයි පන්සලේ චිත්‍ර අදින්න යැව්වා නම්…ලොක්කන්ට ගොටු අල්ලන්න ගිහින් අන්තිමේ පි*සෙක් වුණා …

චමිලගේ වදන් වලට මම තරහෙන් රත් වුනත් මම ආයාසයෙන් ඒ දේවල් නෑසුනා වගෙ කෑම කමින් උන්නා.

විකුම්ගේ මුහුණත් කෝපයෙන් නලියන අන්දම දුටු මම විකුම්ටද ඉගි කරේ

කිසිවක් නොදුටුවා නොඇසුනා වගේ ඉන්න යැයි පවසමිනි…

“මේ වගේ පි&සෙක්ට පුළුවන්ද එයාක්‍රාෆ්ට් එකේ විෂුවල් ඉන්ස්පෙක්ෂන් එකක් කරන්න..”

සිදත්ගේ ඒ වදන් වලට විකුම් වාඩිවෙලා හිටපු තැනින් නැගිට්ටේ දඬු පහරක් කාපු සර්පයෙක් වගේ….

“උ/ඹ/ලට පාඩුවේ ඉන්න බැරිද?..මෙච්චර කල් මේ අහිංසකයාට කරපු දේවල් මදිද?..

“බ/ල/පං බ/න් අපේ රෙජී එකට අලුත් වීරයෙක් බිහිවෙලා ….ගහමුද මූට හොඳ අත්පුඩියක්….”

“උ/ඹ කවුද මේවට කට දාන්න …වැඩිය කියවන්න ආවොත් මූත් එක්කම උ/ඹ වත් ගෙදර පන්නනවා….”

“ඇයි බ/න් උ/ඹ/ලා අහිංසකයෙක්ට රස්සාවක් කරන් පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ…”

“අපිට උ/ඹ එක්ක ප්‍රශ්නයක් නෑ …උ/ඹ උ/ඹේ පාඩුවේ හි/ට/පං ….අපිට ප්‍රශ්නය තියෙන්නේ මූ එක්ක …මූ මෙතැන වැඩ්ඩා වෙන්න ආවා …”

මට චිත්‍ර අඳින්න පුළුවන් වුනු නිසයි මේ සේරම වුණේ ..මම මගේ උපතින් ලැබුණු ඒ දක්ෂ කමට සාප කරන්න ගත්තා …

“මොකද මොකද මොකක්ද මෙතන මෙච්චර සද්දෙ ?…”

ඉහළ නිලධාරියෙක් එහෙම අසාගෙන අපේ මේසයට ළං වුණා ..මමත් විකුම් ත් මූණට මූණ බලා ගත්තේ දැන් මොකක්ද කරන්නේ කරන්නේ කියලා කල්පනා කරන ගමන්….

“නැ සර් අපි පොඩ්ඩක් කතා කරකර හිටියා…”

ඒ නිලධාරියා කෑම මේසේ වාඩි වෙලා ඉන්න මගේ දිහාත් මගේ අසලම හිටගෙන හිටපු විකුම් දිහාත් අපේ මේසයේ වටේ වට වෙලා හිටපු චමිලගේ රෑන දිහාත් විමසිල්ලෙන් බැලුවා…

“හොඳ කතා කිරිල්ල..ඈතට ඇහුණා කෑගහන සද්දේ…..ත/මු/සේ කියනවා දිලංක මොකක්ද මෙතන උනේ?…”

ඒ නිලධාරියා මගෙන් එහෙම ප්‍රශ්න කරන කොට විකුම්ගේ මුහුණට සිහින් සිනාවක් නැගුනා …

චමිලත් චමිලගේ සගයන් පිරිසත් මගේ දිහා බලා ගෙන හිටියේ තුෂ්නිම්භූත වෙලා වගේ….

මම නැවතත් විකුම්ගේ මූණ දිහා බැලුවා …

විකුම් මට ඉඟියෙන් කිව්වේ තවත් නිහඬව නොඉඳ දැන්වත් මේ සේරම දේවල් ඉහළට දන්වන්න කියලා ….

හමුවෙමු මීළඟ කොටසින් 💔💔💔💔

මෙච්චර දවස් කතා කළේ දිලංකගේ පෞද්ගලික ජීවිතය ගැන විතරයි …

අද ඉදලා දිලංකගේ රාජකාරි ජීවිතය ගැනත් කතා කරන්න සූදානම් වෙනවා…

සමහර විට මේ කොටස තේරුම් ගන්න අමාරුවෙයි…ඒත් ඉදිරිය කියවන් යද්දි ඔයාලට ඒ හැම දෙයක්ම පැහැදිලි වෙයි …

කතාව කියවන ඔයාලා හැමෝටම ස්තූතියි ආදරෙයි.