කාවින්දි ලියනගේ
🌻 06 දිගහැරුම 🌻
කේශ්වර උදෑසන අවදි වී සිය පපුවට ගුලිවී නිදා උන් ඈ සිය ලයෙන් මෑත් කර ඇගේ හිස් මුදුන සිපගන්න වුයේ .ඇගේ හිස කෙස් අතරින් දැගිලි යවමින් පිරිමදිමින් ය…..
” දෝණී කෝ දැන් නැගිටින්න .අද ඔයාගේ පන්ති පටන් ගන්නවා කියලා මන් කිව්වා නේද .කෝ ඇහෙන්න ..මන් වොශ් දාන් ඉද්දි ඇහැරලා ඉන්න ඕනි හොදද…නැත්නම් මන් ඔය ඉන්න විදිහටම උස්සන් ගිහින් බාත් ටබ් එකට අතාරිනවා….”
මදක් දෑස් විවර කර ඔහු වෙත දත් විරිත්තමින් සිනාහවක් පා කර ඈ නැවත පෝරෝණය තුලට ගුලි වුයේ ..ඔහු ඇගේ හිස කෙස් අවුල් කර බාත්රූම් පා ඔසවද්දීය…..
” අනේ…අනේ ……දැන් ඔහොම පස්ස උඩදාන් නිදා ගත්තහම මන්ද පන්ති යන්නේ…
මන් දැන් එකපාරක් ඇහැරෙව්වා නේද…
දෝණී නැගිටිනවා……අම්මපා මේ කෙල්ල..”
ඔහු නැවත කාමරයට පා තබන විටත් ඈ සිටින්න වුයේ පෙර ලෙසම යහන මත ගුලි වි හිසේ සිට පෝරෝණයකින් වසාගෙනය..
” දෝණී මේ මන් අන්තිම පාරට කතා කරන්නේ . නැගිටිනවද නැද්ද..ම්…”
” අනේ…………අ…….අයි…අයියේ මට දෝ මතයි..මන් හෙට ඉදන් පන්ති යන්නම්ද.ඔයා හොදායි නේ………මන් දැන් දොයියන්නම්..ඔයා පරිස්සමෙන් ගිහින් එන්න බුදු සරණයි …”
” ආ..ඇත්තද නෝනා…නෝනට දෝයි මතයිද එන්නකො මන් පොඩ්ඩක් නලවන්න චුටි බබාව .තව ටිකක් දොයියන්න …..”
” අනේ…අනේ..අයියේ ඔයා ඔය මොක්කද කරන්න හදන්නේ .අනේ ඔය මාව වැටෙයි .
අනේ අයියේ එපා..එපා..අනේ හීතලයි අනේ..ඔයා හලිම නරකයි අප්පා…….”
කේශ්වර ඈ ඔසවාගෙන බාත්රූම්යට පිවිසෙන්න වුයේ ඈගේ කෑගසන අතරේය..
” හි..එහෙනම් නොනේ..දත් ටික මැදලා..ඔය කුණු කෙල යන්න හෝදට නාගෙන ලෑස්ති වෙලා පැය භාගයක් ඇතුලත පහලට එන්න හරිද……..”
“යනවා..යන්න පොලොන් තෙලිස්සා.. දුෂ්ඨයා…දිගන්චියා..බකමුණා..ගස් වදුරා..
බටකොල පෙත්තා…….”
” පිස්සු කොව්චියක් මේක නම්…..”
” මිස් එහෙනම් හැමදේම හරි නේද…”
“ඔව් ඩොක්ටර් .පේමන්ට්ස් ඔක්කොම කම්ප්ට්.ඩොක්ටර් අද ඉදන් නංගීව කලාස් එකට එවනවානේ..උදේ අටේ ඉදන් දොළහ වෙනක් ඉංග්රීසි කලාස් එක තියනවා .අයිත් එකේ ඉදන් හවස හතර වෙනකන් අයිටී කලාස් එක..හතරට ඩොක්ටර් ආවනම් නංගී ගන්න පුලුවන් ..”
” ඔකේ මිස් මන් ඒ වෙලාවට එන්නම්..එහෙනම් මිස් මන් වයිෆ්ව කලාස් එකට ඇරලවලාම එන්නම්..මොකක් හරි හදිස්සියක් උනොත් මටකෝල් එකක් දෙන්න මිස් ..”
” එක්ස්කියුස්මි සර්..මේ..මේ මෙහෙම ඇහුවට වැරැදියට හිතන්න එපා..මේ..මේ සර්ගේ නංගී නේද……”
” නැ…නැ..මිස් මේ මගේ වයිෆ්..එයා ඉතිං ගෙදරට වෙලා ඉන්න නිසා .මන් මේ කොස් එකට දැම්මේ ..”
“..ඕ..ඔකේ..සර්….”
” මොකද ඒ පාර තමුන් හිනා වෙන්නේ .ඈ දෝණී ..ඔයාගේ ඔය හිනාවනම් මට එච්චර අල්ලන්නේ නෑ……”
” හී .හිනා යන්නේ නැද්ද..අනේ..පව් අර අක්කා..එයා ඔයාට පනාව දාගෙන වැඩේ කරලා දුන්නේ මන් ඔයාගේ නංගී කියලා හිතන්..මන් ඔයාගේ වයිෆ් කියලා කිව්වා විතරයි .බලන්න එපැයි එයාගේ මුණ නිකන් හුළං ගිය බැලුමක් වගේ ..පව් අප්පා..”
” අනේ මන්දා දෝණී ඔයාත් අනේ මන්දා.මේ ඔය ඇට්ටර වැඩ ගෙදර තියාගන්න .
මේහෙනම් ඕවා එපා හොදද දෝණී ..
එහෙනම් කලාස් එකට යන්න හොදද..මන් එන්න පොඩ්ඩක්වත් පරක්කු උනොත් ඔයා එලියට එන්නේ නැතුව ඇතුලටම වෙලා ඉන්න දෝණී හොදද..”
” හරි අයියේ ඔයාත් පරිස්සමෙන් යන්න හොදද බුදු සරණයි ……”
” හරි දෝණී .හොදට වැඩ ටික කරගන්න හොදද..බුදු සරණයි ..”
කෙශ්වර ඇගේ හිස මතින් සිය දෑත තබා.ආශිර්වාද කර..පිට වුයේ …ඈ පන්ති කාමර වෙත පා ඔසවද්දීය……..
මතුසම්බන්ධයි