ලැබුවා වූ අලුත් අවුරුද්ද ලක් වාසී සැමටම සාමය සතුට සෞභාග්‍යය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!! 🌞 🌞🙏🙏
නව කතාව
චන්ඩි රැජින🌹🌹🌹
පළමු චණ්ඩිකම#🙅🙅🙅
” බ්‍රයන් බොස් කව්ද? මනුස්සයෙක් ඇවිත් බොස්ව හම්බ වෙන්න ඕනෙ කියනව”
” ග්ර්ර්ර්ර්ර් 🤬🤬 අයිසේ මං තමුන්ට එක පාරක් කිව්ව නේද? මොකා ආවත් මං නෑ කියන්ඩ කියල.”
” ඔ ඔ ව් බොස් ඒත් ඒ මනුස්සයට බොස්ව හම්බ වෙන්න ඕනෙමයි කියල කලබල කරනව.”
” මොකාද? මොකාද? බ්‍රයන්ගෙ පොට් එකට ඇවිත් කලබල කරන එකා.” 🤬🤬
දැඩි ලෙස කෝපයට පත් බ්‍රයන් සිය දෑස් ද රතු කර ගනිමින් අසල වූ මේසයට මිට මොලවා පහරක් ගැසීය.
” හරි දැන් කව්ද? ඇවිත් ඉන්න මිනිහ මොකක්ද? කේස් එක.” 🤨🤨
” ඒකනම් මට අහන්න බැරි වුණා බොස්.”
නැවතත් බ්‍රයන්ගේ දෑස් කෝපයෙන් රතුව යාමට වැඩි වෙලාවක් ගත නොවීය.
” අයිසේ මට තමුසෙලව නලවන්න වෙලාවක් නෑ.මං ගාව අවුරුදු ගානක් වැඩ කරලත් තමුන්ට තාම මගෙ තියරිය තේරුම් ගන්න බැරි වුණාද? 🤬🤬 අයිසේ රොකී මොණ එහෙකටද? මේ වගේ බත් කන මී හරක් තියා ගෙන ඉන්නෙ ඔලුව කුඩු වෙන්න දෙකක් තියල දාන්නෙ නැතුව.” 🤬🤬🤬
බ්‍රයන් සිය සගයා නැතිනම් ඔහු ඉතාමත් ලගින්ම ඇසුරු කරන පුද්ගලයා වූ රොකීට බැන වදින්නට වූයේ දැඩි කෝපයෙනි.
” මේ රූබට් බොස්ව කේන්ති ගස්සන්නෙ නැතුව ගිහිල්ල බලල වරෙන් මොකාද?ඇවිත් තියෙන්නෙ කියල.” 😡😡
රොකීට හිස වැනූ රූබට් නැවතත් ඔවුන් සිටි ඒ දෙමහල් නිවසින් පිටතට ඇවිද ආවේ බ්‍රයන්ගේ අණ ඉටු කිරීම සදහායි.දෙමහල් නිවසේ ඉදිරි කොරිඩෝවට ආ ඔහු නිවස ඉදිරියේ ඇති විශාල ගේට්ටුව අසලට ඇවිද ආවේය.
මැදිවියේ පසුවන උස හීන්දෑරි පුද්ගලයකු එම විශාල ගේට්ටුවෙන් පිටත සිට ගෙන සිටියේය.රූබට් දුටු ඔහුගේ මුවේ ඇදී ගියේ පියකරු සිනහවකි.ඔහු අසලට ගිය රූබට් ඔහු හා කතා කරන්නට විය.
” මේ තමුසෙගෙ නම මොකක්ද? කිව්වෙ”
සිනහවෙන්ම මුව සරසා ගත් ඔහු කතා කරන්නට විය.
” මම ගුණේ.කෙහෙල් වත්තෙ ගුණේ කිව්වම කව්රුත් දන්නව.” 😁😁
” කෙහෙල් වත්තෙ බැරි නම් පොල් වත්තෙ.ඒ බයිලවලින් වැඩක් නෑ.දැන් කියනව තමුන් මොකද? අපේ බොස්ව හම්බ වෙන්න ආවෙ.” 😡😡
” ආ මල්ලි මං ඒක බ්‍රයන් බොස්ටම කියන්නම්. මාව බොස් ගාවට එක්ක ගෙන යන්නකො.” 😁😁
” මේ මේ මේ ඇතුලට යන්න ඕනි නම් හේතුව කියනව බයිල නොකිය.” 😡😡
“හරි මල්ලි මං ඒක බොස් එක්ක ජතා කර ගන්නම් මාව ඇතුලට එක්ක යන්නකො” 😁😁
ඔහුගේ වදන්වලින් දැඩි ලෙස කෝපයට පත් රූබට් ඉණෙහිරදවා ගෙන සිටි පිස්තෝලය ගෙන ඔහුගේ හිස අසලින් තැබීය.
” මේ උඹ හිතුවද? ඖආලෙ යන උන් මේකට රොංගෝ ගන්නව කියල. ඇතුලට යන්න ඕනිනම් හේතුව කියනව මට කියල ඔලු කට්ට කුඩු කර ගන්නෙ නැතුව.” 😡😡
එයින් මදක් බියට පත් රූබට් ඔහු ඉදිරියේ බැගෑපත් ලෙස කතා කරන්නට විය.
” අනේ මල්ලි මේක ටිකක් සීරියස් කේස් එකක්.මට බ්‍රයන් බොස් එක්කම කතා කරන්න ඕනෙ.” 😒😒
” හ්ම්ම් ඒකත් එහෙමද? හරි ඔහොම ඉන්නවකො එහෙනම්.”
එසේ පැවසූ රූබට් සිය අත රැදි පිස්තෝලය ඔහුගේ හිසින් ඉවත් කොට නැවතත් ඉණෙහි රුවා ගනිමින් ආපසු දෙමහල් නිවස දෙසට ඇවිද ගියේය.
මද වේලාවකින් ආපසු පැමිණි ඔහු එම පුද්ගලයාද කැටුව බ්‍රයන් හමුවට ගියේය.
” බොස් මේ තමයි මිනිහ.”
විශාල විසිත්ත කාමරයක කෙලවරට වන්නට තබා ඇති මේසයක් අසල ඇති පුටුවක් ම්ත හිද කිසියම් ලියවිල්ලකට නෙත් යොමා සිටි බ්‍රයන් හිස එසවූයේ රූබට්ගේ හඩිනි.
රූබට් අසල සිට ගෙන සිටි පුද්ගලයාගේ හිසේ සිට පාදාන්තය තෙක් විමසිල්ලෙන් බැලූ ඔහු මදක් උගුර පාදා සිය ගොරෝසු කට හඩ අවදි කරන්නට විය.
” ආ මේ ගුණේනෙ.හරි හරි ඇවිත් ව්ාඩි වෙනවකො.” 🤨🤨
මද සිනහවකින් මුව සරසා ගත් ඔහු බ්‍රයන් ඉදිරියේම ඇති පුටුවක් ඇද හිද ගත්තේය.
” හරි මොකක්ද? දැන් කේස් එක ” 🤨🤨
” මේක ටිකක් සීරියස් ප්‍රොබ්ලම් එකක් බ්‍රයන්.” 😁😁
” හරි හරි අයිසේ මේ බ්‍රයන්ට විසදන්ඩ බැරි ප්‍රොබ්ලම් එකක් නෑනෙ.තමුසෙ කියනවකො බලන්ඩ.” 🤬🤬
” බ්‍රයන් දන්නවනෙ විජේසිංහ ගෲප් එක ගැන” 😁😁
” ඔව් ඔව් මනුස්සයො මොකද? මං නොදන්නෙ කියනවකො ඉතින්.” 🤬🤬
” මේකයි බ්‍රයන් කේස් එක.ඔය විජේසිංහ ගෲප් එකේ ලොක්ක ඉන්නෙ ඉන්දික විජේසිංහ මිනිහ මට මීට අවුරුදු හතරකට කලින් ඉඩමක් විකිණුව ලක්ශ හතලිහකට.පස්සෙ මං රට ගිහින් හිටියෙ.ගිය සතියෙ ආවෙ.ඒ ඇවිත් බලන කොට මිනිහ ඒ ඉඩමෙ බිල්ඩින් එකක් හදල.මේ ලගදි ඒකෙ shop එකක් open කරල.”
” ඉතින් අයිසේ ඒක තමුසෙගෙ ඉඩම නම් මිනිහ කොහොමද? ඒකෙ බිල්ඩින් හදන්නෙ.” 🤨🤨
” මාත් ඕක අහන්ඩ මිනිහ ගාවට ගියා.පස්සෙ බලන කොට මිනිහ මට ඉඩම දීල තියෙන්නෙ හොර ඔප්පුවකට .මිනිහ ඉඩම විකුණන්ඩ නෙවෙයි ඉදල තියෙන්නෙ.සල්ලි හදිස්සියක් ඇවිත් නිසා හොර ඔප්පුවක් හදල ඉඩම දීල තියෙන්නෙ.”
” ඌ මාර මිනිහෙක්නෙ අයිසේ.ඉතින් තමුසෙ පොලිසි ගියේ නැද්ද? ” 🤨🤨
” වැඩක් නෑ බ්‍රයන් මං ගියා.ඉන්ස්පෙක්ටර්කාරයත් මට කෑ ගැහුව ඔප්පුව හරියට බලල ගත්තෙ නැත්තෙ ඇයි කියල.නඩු දැම්මත් වැඩක් වෙන්නෙ නෑ.ඔය විජේසිංහකාරය ඉද්දමල්ගොඩ ඇමතියගෙ බොක්කක්නෙ.ඇමතියට කියල නඩුව යට කරල දායි. අනික ඉතින් බ්‍රයන් ද්න්නවනෙ ඔය ඉන්ස්පෙක්ටර්කාරයත් ඔය ඇමතියගෙ ගොට්ටක්නෙ.”
” හ්ම් හ්ම් තමුසෙට දැන් මොකක්ද? මගෙන් කෙරෙන්ඩ ඕනෙ.” 🤨🤨
” මේකයි බ්‍රයන් මට ඕන විජේසිංහයව ඉවරයක් කරල දාල උගෙ හැමදේම මට අයිති කර ගන්ඩ.බ්‍රයන් දන්නවනෙ උගෙ ගාමන් ෆ්රක්ටරීස්ම තුන හතරකට වැඩිය තියෙනවනෙ ලංකාව හැම තැනම ගම්පහ Town එකේම උගෙ රෙදි කඩ තුනකට වැඩිය තියෙයි.”
” හරි හරි අයිසේ මට තමුසෙගෙ වැල් බයිලවලින් වැඩක් නෑ.වෙන්ඩ ඕන දේ කෙටියෙන් කියනව.” 🤬🤬
” මේකයි බ්‍රයන් මට බ්‍රයන්ගෙන් උදව් ඕනෙ ඔය මිනිහ ඉවරයක් කරන්ඩ.ඕනම ගානක් වියදම් කරම්ඩ මං ලෑස්තියි.
තමා හිද සිටි කැරකෙන පුටුවේ වටයක් කැරකුනු බ්‍රයන් මද වේලාවක් ගැඹුරු කල්පනාවක නිමග්නව සිට කතා කරන්නට විය.
” ok මං කේස් එක බාර ගන්නම්.හැබැයි මේක ටිකක් සීරියස් ප්‍රොබ්ලම් එකක්.මං මීට කලින් ඔය විජේසිංහකාරය එක්ක ගනුදෙනු කරල නම් නෑ.හැබැයි තමුසෙ දන්නවනෙ මේ බ්‍රයන් කිය්න්නෙ කව්ද? කියල.මගෙ තියරිය ටිකක් වෙනස්.ඊට පිටින් යන එවුන්ට වෙන දේත් තමුසෙ දන්නවනෙ.” 🤬🤬
මද තර්ජනාත්මක ස්වරයකින් එසේ පැවසූ බ්‍රයන් දඹරැගිල්ල සිය බෙල්ල හරහා ගෙන ගොස් පෙන්වීය.
” හරි බ්‍රයන් මං බ්‍රයන් ගැන හොදට දන්න නිසාම තමයි මේ ආවෙත්.”
” ok මං කේස් එක භාර ගන්නම්.හැබැයි දවසින් දෙකෙන් මේක ඉවර කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.තමුසෙ දන්නවනෙ විජේසිංහ ගෲප් එක කිව්වම නම දිනා ගත්ත ගෲප් එකක්. ඕකෙ අයිතිකාරය ඉන්දික විජේසිංහව ඉවරයක් කරනව කියන්නෙ ලේසි පාසු දෙයක් නෙවෙයි.” 🤨🤨
” ඔව් බ්‍රයන් මං ඒක දන්නව.බ්‍රයන්ට ඕන කාලයක් ගන්ඩ.අවුරුද්දක් දෙකක් ඊට වැඩි උනත් කමක් නෑ.මට ඔඕනෙ මිනිහව ඉවරයක් කරන්ඩ.ඒ වෙනුවෙන් ඕමෙ දෙයක් කරන්ඩ මේ ගුණේ ලෑස්තියි.”
මද වේලාවක් බ්‍රයන් හා කතා කරමින් සිටි ගුණේ නැවතත් හමු වන බලාපොරොත්තුවෙන් ඔහුට සමු දුන්නේය.
බ්‍රයන්.බ්‍රයන් කිෂෝර් දි පෙරේරා.නැති නම් රාජා යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන ඔහු ඉතාමත් කඩවසම් රූ සපුවකට හිමිකම් කියූ තරුණයෙකි.නමුත් ඔහු අනෙක් තරුණයන් මෙන් නොවේ.
බ්‍රයන් යන නාමය ඇසූ පමණින් ඔහු ගැන හොදින් දන්නා හදුනන කවුරුත් බිය වෙති.ඔහු කව්රුත් හොදින් දන්නා හදුනන පාතාල රජෙක් යයි කිවහොත් වැරදි නැත.සිය චණ්ඩිකම් හමුවේ ඕනම අයකු තමා වෙත නම්මා ගැනීමට හැකියාවක් ඇත්තෙකු වන මොහු පොලිසිය ඉදිරියේ වුවද,නොබියව ඔහු පිලිබදව නොදන්නා කෙනෙකු නැත.
රොකී ඔහුගේ හොදම මිතුරා වන අතර ඔහු පිලිබදව සෑම රහසක්ම දන්නේ රොකීය.රොකී හැරුණු කොට බ්‍රයන් යටතේ වැඩ කරන අන් කිසිවෙකුටත් බ්‍රයන් හා සතුටු සාමිච්චියේ කතා කිරීමට හා ඔහු හා සිය අදහස් බෙදා හදා ගැනීමට කිසිදු ඉඩක් නැත.
බ්‍රයන් එසේ හමුවන ඕනෑම කෙනෙකු හා සුහදව කතා බහ කරන අයකුද,නොවේ.අවශ්‍ය ද්ෙය පමණක් කතා කොට නිහඩව සිටීම ඔහුගේ පුරුද්දයි.නමුත් කේන්තියක් ආ විට ඔහු තරම් නපුරු පුද්ගලයකු තවත් නැත. තමාට අවශ්‍ය පරිදි කිසිවෙකුටත් විසීමට නොහැකි නම් ඔලු කට්ට කුඩු වන්නට වෙඩි තැබීම බ්‍රයන්ට අනුව ඔහුගේ තියරියයි.රොකී හැරුණු කොට ඔහු යටතේ වැඩ කටයුතු කරන බොහෝ පිරිසක් සිටි නමුත් රොකී තරම් බ්‍රයන්ගේ රහස් දන්නා අයකු නැත.