🌟තරු ඇස්🌟
මැඩම් තෙනූව එක්කන් ගියේ තෙනූගේ කාමරේට ඉස්සරහා කාමරේටයි………. ගිහින් හෙමීට දොර ඇරියා……….
තෙනුත් හිමින් කාමරේට ඇතුල් උනා…….
ඒ දැකපු දෙයින් තෙනූ ඉන්න තැනම ගල් ගැහුණා……….. ඇත්තටම ඒ තරුණ වයසේ පිරිමි ළමයෙක්……… තෙනූ බලාපොරොත්තු උනේ වයසින් ලාබාල පිරිමි ලමයෙක්…………. මිහේෂ් උන්නේ රෝද පුටුවක……….. ජනේලයෙන් පේන ඈත අහස දිහා බලාගෙන මිහේෂ් මොනවදෝ හිතනවා……………..
“සුදු පුතේ…………. “
තෙනූ උන්නේ ඒ විසල් ඇඳට මුවා වෙලා ඒ නිසා තෙනූව මිහිහේෂ් දැක්කේ නෑ………. ඒත් මැඩම්ගේ සද්දේ ඇහුනා විතරයි මිහේෂ්ගේ මූණ පුරා ඇඳුනේ හිනාවක්………. ඒත් ඒ හිනාවේ වේදනාව හැංගිලා තියෙනවා කියලා තෙනූට තේරුනා……………..
“සුදු පුතේ………… මේ බලන්න කවුද ආවේ කියලා…….. මං ඔයාට ලස්සනම ලස්සන යාලුවෙක් ගෙනාවා…………. සුදුපුතා අද ඉඳලා මෙයත් එක්ක සෙල්ලම් කරන්න……….. තෙනූ පුතේ එන්න ඇවිත් සුදු පුතාට කතා කරන්න………..”
තෙනූ ඇඳෙන් මෑත් වෙලා හෙමින් ඇවිදගෙන ගියේ මැඩම් ළඟට……….. තෙනූව් දැක්ක ගමන් මිහේෂ්ගේ ඇස් ගැස්සෙනවා තෙනූ හොඳටම දැක්කා………..
“අහ්……………..අ……………………ම්ම්ම්………………….ආඅ…………………………”
තෙනූව දැක්කා විතරයි මිහේෂ් මැඩම්ගේ සාරි පොටේ එල්ලිලා කෙඳිරිගාන්න පටන්ගත්තා………
“බය වෙන්න එපා මිහේෂ් මෙයා යාලුවෙක්…….”
මැඩම් මොනා කිව්වත් මිහේෂ් කලේ තවත් දඟලන එක විතරයි………..
“තෙනූ ඔයා එළියෙන් ඉන්නකෝ මං එන්නම්……..”
නොකිව්වට තෙනුත් උන්නේ බය වෙලා…………. ඒ නිසා කිව්ව පමාවෙන් තෙනූ කළෙ කාමරෙන් එළියට පැනගත්ත එක……… තෙනූ එහෙම්මම ගියේ තමන්ගේ කාමරේට…………. තෙනූගේ හදවත එකසිය ගානට ගැහෙනවා…………. තෙනූ මතක් කළේ දැන් ටිකකට කලින් වෙච්ච දේවල්…………. මිහේෂ්………. ඇත්තටම මිහේෂ් කියන්නෙ කඩවසම් තරුණයෙක්…….. කොච්චර ලෙඩ වෙලා හිටියත් ඒ ඇගේ තියෙන ජවය…… තාමත් එහෙම්මමයි………. හැබැයි….. ජීවිතේට පනාවක්වත් රේසරයක්වත් දැකලා නෑ ඒ කොණ්ඩෙයි රැවුලයි………… කොච්චර අපිළිවෙලක් තිබුණත් තෙනූගේ හිත ගියේ ඒ ඇස් දෙකට…………. ඒ ඇස් දෙක හරිම දීප්තිමත්……. කටින් කියාගන්න බැරි හැඟීම් ගොඩක් ඒ ඇස් අතරේ හිර වෙලා තියෙනවා කියලයි තෙනුලි හිතුවේ…………..
” තෙනුලි…………. “
තෙනූ පියවි සිහියට ආවේ මැඩම්ගේ කටහඬිනුයි………..
“මැඩම්…….මං……. මං……. මං…………”
මැඩම් කලේ සද්ද නැතුව ඇවිත් තෙනූගේ ඇඳෙන් ඉඳගත්ත එක……….. එහෙම කියලා තෙනූට ඇවිත් එතනින් ඉඳගන්න කියලා ඇස් වලින් කිව්වා……….. තෙනූත් හෙමින් ගිහින් එතනින් වාඩි උනා………… මැඩම් තෙනූගේ අත් අල්ල ගත්තා…………
“දුවේ………….”
ඒ හඬ හරිම හැඟීම්බරයි……………. ඒ ගාම්බීර මූණ පිටිපස්සේ සිය දහස් වාරයක් තම පුතා වෙනුවෙන් හඬා වැටෙන අම්මෙක් තෙනුලි ඒ ඇස් දෙකෙන් දැක්කා………………..
“දුව භය උනා නම් සමාවෙන්න……….. මෙච්චරකල් අපි පුතාව බලාගන්න ගෙනාවේ මැදිවයසේ අය…………. දුව තමා ආපු පළවෙනි තරුණ ළමයා……….. අපි එහෙම කළේ එයාට ඒකෙන්වත් පරණ දේවල් මතක් වෙයිද බලන්න……. “
” බේබිට මොකද උනේ මැඩම්???”
“ඒක හරිම අඳුරු දවසක් දුව……….. අපි හිතුවේ පුතූට හරි ගියා කියලා………… එයාගේ තාත්තා නැති වුණ දවසේ ඉඳලා පුතූ හිටියේ දුකින්…….”
“තාත්තා???………….”
තෙනූට මේ කිසි දෙයක් පැහැදිලි නෑ……………
“හම්ම්ම් ඔව්…… මිහේෂ් කියන්නෙ මගෙයි සරත්ගෙයි දරුවා………… සරත් මැරුණට පස්සේ අපේ ගෙදරින් මට තවත් විවාහයක් කරලා දුන්නා………….. ඒත් එයා පුතාට කවදාවත් වෙනස්කම් කලේ නෑ………… ඒත් සරත් වගේ පුතා එක්ක එකතු නෑ මොකද එයා ගොඩක් දැඩි කෙනෙක්………. නීතියට වැඩ………… ඒ උනාට එයා කිව්වේ අපිට මිහේෂ් ඇති තව දරුවෝ ඕනි නෑ කියලා………… ඒත් සරත් නැති අඩුව අපි කාටත් පුරවන්න බැරි උනා…………. ඒත් පුතා වෙනස් උනේ ලියෙවි පුතාගේ ජීවිතේට ආවට පස්සේ………… පුතාගේ කොලෙජ් එකේ කෙල්ලෙක්…………. පුතාගේ තනිකම මැකුවේ ලියෙවි………… පස්සේ දෙන්නා මැරි කරලා හනිමූන් ගියා………… ඒ ගිහින් එනකොට තමයි……. කාර් එක හෙලකට පෙරලිලා තිබ්බේ………. ඒකෙන් ලියෙවි දුව අපිට නැති උනා………… පුතාට ඇවිදින්න බැරි උනා……. ලියෙවි ගැන හිතලම පුතා පිස්සෙක් උනා…… අපි කොච්චර උත්සහ කරත් පුතාගේ හිත හදන්න අපිට බැරි උනා……… පුතා පොඩ්ඩක් හරි කීකරු මට විතරයි………… තෙනුලි පුතාට ආදරේ ඕනි…….. පාලුවක් දැනෙන්න දෙන්න එපා පුතාට…….. ඔයාට ඒක කරන්න පුලුවන් නේද තෙනුලි??”
ඒ කටහඬ බිඳිලා…………….
“මං පොරොන්දු වෙනවා මැඩම්………….. මට පුලුවන් හොඳට මං බේබිව බලා ගන්නවා…”
එවෙලේ තමයි සෙනූ තෙනූගේ නිල ඇඳුමත් අරන් කාමරේට ආවේ…………
“ලොකු සර් මැඩම්ට එන්න කිව්වා………….”
“අහ් හරි දුව………. මං යන්නම් තේනුලි……. පරිස්සමෙන් ඉන්න………….”
මැඩම් යන ගමන් සෙනූගේ ඔලුවත් අතගාගෙන තමයි යන්න ගියේ………..
“තෙනූ මිස් මේක ඇඳගෙන ගිහින් ලොකු බේබිගේ දවල් කෑම එක හදලා ඇති ඒක ලොකු බේබිට කවන්න ඕනි……………….”
“තෙනූ මිස් නෙමේ තෙනූ අක්කා කියන්න…….”
තෙනූ කටත් ඇද කරන් කිව්වා……..
“තෙනූ අක්කා………. මේක ඇඳගන්නකෝ…..”
සෙනුලි හිනා වෙවීම ඇඳුම දීලා යන්න ගියා …..
තෙනූ ඇදුම ඇඳගෙන ටික වෙලාවක් කණ්නාඩිය ඉස්සරහට වෙලා හිටියා……….. ඒක තද නිලට හුරු ලා නිල් රෙද්දකින් මහලා තිබ්බේ…… කකුල් දෙක ගාවට වෙනකම් දිගයි….. අතුත් සෑහෙන්න ලොකුයි………….. ඒ එක්කම ඒප්රන් එකකුත් තිබ්බා…………. තෙනුලි පහළට ගිහින් කෑම එක අරන් උඩට ආවා…………… මිහේෂ්ගේ කාමරේ ළඟට එද්දි නම් තෙනූ උන්නේ බයෙන් ආයේ මොන වගේ මිහේෂ් හැසිරෙයිද කියලා……..
“මිහේෂ් බේබි……….. මං එනවා………..”
එහෙම කියලා තෙනූ හිමීටම දොර ඇරියා……….
එතකොටම…………………….
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
එතකොටම මොකද උනේ??? 😁😁 කියන්න බලන්න කට්ටිය…………..
සමහරු කියනවා මේක කලින් කියවලා තියේලු…….. අනේ මන්දා ඉතිම්…….. කතාවේ කෑලි 3න 4කින් මුලු කතාවම තීරණය කරන්න එපා…………….. දන්නවනේ මුල හිතන්නෙවත් නැති දේවල්නේ මං අවසානෙට කරන්නේ…….😊😊 මං ආසයිනේ ඔයාලව පටලවන්න……..
අහ් තව එකක්……… මං විහිලු කතා නම් නෙමේ ලියන්නේ හා හා රියැක්ට් දාන්න හොඳේ………….
මේ ඒක නෙමේ මට හොල්මන් කතාවක් ලියන්න කියලත් ආරාධනාවක් ආවා…………. ලිව්වොත් ඒ වගේ එකක් කියවනවද???