බැඳීමක් නැති මුදුවක්
05 වන කොටස
කෑම්ප් එකට යන්න තියෙන්නෙ තව දවස් දෙකයි .උ/ඹ නැතුව තව මාසයක්ම ඉන්නේ කොහොමද කියලා හිතෙද්දි හිතට දුකයි ..
උ/ඹ මගෙ ළඟ දැවටෙන්නේ නැති වුණාට මම උ/ඹේ ළඟ දැවටෙද්දි උ/ඹ විරෝධතාවයක් නොපා නිහඬව ඉන්න පුරුදු වුණා .
සාමාන්‍යයෙන් ගැහැණු ගිරව් වගේ
දොඩමළුයි කියලා මම අසා තිබුනත් උ/ඹ නම් බකුසෙක් වගේ කියලා මට හිතුණා .
උ/ඹ මට ආදරේද නැද්ද කියලා මම තාම දන්නේ නැති වුණත් ආදරේ ලැබිය යුතු දෙයක් නෙමෙයි ,දිය යුතු දෙයක් කියලා මම අහලා තියෙන නිසා මම ඒ ගැන හිතන්න ගියේ නෑ ..
“මට යන්න දෙන්න ..”
“කොහෙද සුදු මාව දාලා යන්න හදන්නේ “
මම එහෙම ඇහුවේ හරි බරි ගැහිලා උ/ඹේ උකුලේ හිස තියන ගමන් ..
කොහේ කොතන නිදා ගත්තත් මේ තරම් සුවයහනක් කොහෙන්වත් හොයාගන්න බෑ ….
මම උ/ඹේ උකුල උඩ හිස තියාගෙන උන්නත් උ/බ නිකමටවත් වත් මගේ හිස අත ගෑවේ නෑ …
උ/ඹ මට ආදරේ නොකළාට කමක් නෑ .
ඒත් දවසක උ/ඹ මට ආදරේ කරයි කියලා හිතාගෙන මම ලොකු හුස්මක් පිට කලා …
“සුදු මගේ ඔලුව අත ගාන්නකෝ මගේ ඔලුව කකියනවා ..”
මම එහෙම කිව්වම උ/ඹ ඕනෑවට එපාවට වගේ මගේ හිස හෙමිහිට පිරිමදින්න ගත්තා …
මම උ/ඹේ සැමියා නිසා උ/ඹ මේ දේවල් ඉවසන් උන්නට උ/ඹ/ට තවම මාව රුස්සන්නෙ නැති ද කියලා මට ඒ මොහොතෙත් හිතුනා ..
“ආදරෙන් අත ගාන්නකෝ ..”
මම එහෙම කිව්වම උ/ඹ මගේ හිස හිමිහිට පිරිමදින්න ගත්තා…
“පුතා දුවත් එක්ක කෑම කන්න එන්න ..”
අම්මා දොරට තට්ටු කර ගෙන එහෙම කියාගෙන ගියා …
“තාම බඩගිනි නෑ තව නෑ තව ටිකකින් එන්නම් ..”
ඇත්තටම මගේ කුස කුස ගින්නට නොදැවුනා නෙවෙයි ..
ඒත් උ/ඹේ උණුසුමේ ඉන්නකොට මට බඩගිනි පවා අමතක වෙලා යනවා ..
උ/ඹ මගේ හිස දකුණු අතින් අතින් අත ගාද්දී මම උඹේ අනෙක් අත මගේ මුවට ළං කර ගෙන සිප ගත්තා …
උඹ ඒ සිපුම් දරාගෙන ඔහේ නිහඬව ඉදිද්දි මට පුදුමත් හිතුන ..
මගේ සිපුමක් වත් නොදැනෙන තරමට උ/ඹ ඔය තරම් අසංවේදී විදිහට ඉන්නේ් කොහොමද කියලා මට ඒ මොහොතේ හිතුනා …
මම උඹේ මූනට එබිලා බැලුවා …
උ/ඹේ මුහුණේ හිනා පොදක් නෑ …
වෙන ගෑනු ළමයි කොයි තරම් නම් හිනා වෙනවද ..
ඒත් උ/ඹ හිනා වෙන්නේ හරියට අවාරයට පොල් කඩනවා වගේ …
මම උ/ඹ/ට කොයි කොයි තරම් ආදරේ කළත් මට තවම උ/ඹ/ව හරියට තේරුම් ගන්න බෑ කියලා මට හිතෙනවා ….
උ/ඹ/ව තේරුම් ගන්න නම් උඹේ හිත අස්සටම රිංගන්න ඕනේ කියලා මට ඒ මොහොතෙත් හිතුනා ..
උ/ඹ/ව මට තේරුම් ගන්න කොයි තරම් අමාරුද කියනවනං මම ගොඩක් වෙලාවට උ/ඹ/ව තේරුම් ගන්න මුහුණේ ඉරියව් පවා අධ්‍යනය කරනවා..
“සුදු මට ආදරේ ද ?”
“දන්නෙ නෑ..”
උ/ඹ මගෙ තුරුලේ ඉඳන්ම එහෙම කියද්දී මට දුක නොහිතුනා නෙමෙයි.ඒත් ඉතින් ඒ මගේ නොලැබීම කියලා මම හිත හදා ගත්තා ..
උ/ඹේ ආදරේ නොලැබුණාට කමක් නෑ…
මම උඹටත් එක්ක හරි යන්න ආදරේ කරන්නම් ..
මම එහෙම හිතා ගත්තා ..
මම උ/ඹේ දෙකොපුල් ආදරේට සිප ගත්තා …
වෙන තරුණියක් වගේ උ/ඹ දෑස් පියා ගෙන ඒ සිපුම විඳ ගත්තෙ නෑ ..
උ/ඹේ මූණේ තිබුණේ මහා ඇල් මැරුණු ගතියක් කියලා මට තේරුණා..
“අයියේ මම ලිදට ගිහින් ඇඟ හෝද හෝදගෙන එන්නම් ..බඩත් ගිනියි ..”
උ/ඹ මගේ තුරුලෙන් හෙමිහිට මිදුනා ..
ටවල් රැක් එක උඩ තිබුණු ටවල් එකයි ඇඳුමකුයි උ/ඹ අතට ගත්තා ..
“මාත් එනවා අපි දෙන්නම යමු .සුදු මගේ ටවල් එකයි ශෝටකුයි ගන්න ..”
මම එහෙම කියාපු ගමන් උ/ඹේ මුහුණ ඇඹුල් වුණා වගේ වුණා ..
උ/ඹ මගේ ටවල් එකයි ශෝටකුයි හොයාගෙන මගේ අතේ තිබ්බේ ඕනෑවට එපාවට වගේ ….
උ/ඹ මගෙත් එක්ක ඇවිදන් ගියේ හරියට නිකං ම*න්න ගෙනියන හරකෙක් වගේ කියලා මට හිතුණා …
උ/ඹ/ට මේ තරම් මාව රැස්සන්න බැරි උ/ඹේ හිතේ තවමත් පරණ ආදරවන්තයාගේ මතක තියෙන නිසා වෙන්න ඇති කියලා මට හිතුණා…
මගේ ආදරයෙන් ,මතක වලින් උ/ඹේ හිත පිරෙව්වාම ඔය ගති මඟහැරිලා යයි කියලා මගේ හිතේ විශ්වාසයක් ඇතිවුනා..
අපි දෙන්නා කතාවක් නැතුවම ලිද ලගට ගියා ..
මම පනිට්ටුවට ලිදෙන් වතුර ඇද ඇද උ/ඹ/ව හෙමින් සැරේ නැහැවූවා ..
පලවෙනි පනිට්ටුවේන් වතුර උ/ඹේ හිසට වත් කරද්දී උ/ඹ දෑස් අයාගෙන පුදුමයෙන් වගේ මගේ දිහා බලාගෙන උන්නා ..
තෙත් බරිත උ/ඹේ ගවුම ඇඟටම ඇලිලා ඒ නාරි දේහයේ හැඩ ඉස්මතු කරද්දී තෙත් බරිත හිසකෙස් උ/ඹේ රුවට සරාගී බවක් ගෙන දුන්නා..මම මගේ දෑසින් ඔය රූසිරූ වින්දා…
අපි නාලා ඉවර වෙලා කෑම කන්න ගියා ..
අම්මා මට වගේම වෙනසක් නොකර උ/ඹ/ට/ත් කෑම බෙදලා දුන්නා …
අම්මා මට තරමට උ/ඹ/ට/ත් ආදරේ කියලා මට හිතුනා..
“අම්මා කෑවෙ නෑ නේද?.අම්මත් එන්න අපිත් එක්කම කන්න ..”
“තාත්තා පාරට ගියා ..මම තාත්තා ආවට පස්සෙ කන්නම් ..”
අම්මා හැමදාමත් එහෙමයි.
යශෝධරා කුලකයේ කාන්තාවෝ තවම මේ ලෝකේ ඉන්නවා කියලා මට ඔප්පු කරලා පෙන්නුවේ අම්මා …
අම්මා යශෝදරාවක් වුණාට තාත්තා කවදාවත් අම්මට හොඳ ස්වාමිපුරුෂයෙක් වුණේ නැහැ …
සිදුහත් කුමාරයා යශෝධරාව හැර දාලා අභිනික්මන් කරා වගේ අපේ තාත්තා අම්මව දාලා අබිනික්මන් කරා….
ඒත් ඒ අබිනික්මන් කරේ සසර දුක නිවන්න නෙමෙයි ….
තාත්තා ගේ පහත් ආශාවන් සන්සිඳුවා ගන්න ..
අම්මා යශෝදරාවක් වුණාට තාත්තා සිදුහත් කුමාරයෙක් වුණේ නැහැ ..
ඒ වුණත් අම්මාගේ ආදරේ අඩුවක් වුණේ නැහැ…
තමාව හැර පියා ගිය තාත්තාට අපේ විරෝධතාවය මැද්දෙම අම්මා සමාව දුන්නා..
අපේ තාත්තා මොන වගේ වුණත්.අම්මට තාත්තව හදාගන්න බැරි උනත්. ..
අම්මා මාවයි අයියාවයි හොඳට හදා ගත්තා .
ගැහැණියෙක්ට ගරු කරන විදිහ..
ගැහැණියෙක්ට ආදරය කරන විදිහ ..
මේ සේරම අම්මා අපට කියා දුන්නා..
අම්මා තාත්තා නිසා දුක් විඳපු හැටි කඳුළු බීපු හැටි සියසින් දැකපු නිසා ම මට වත් අයියා ට වත් තාත්තාගේ අඩි අඩි පාරේ යන්න උවමනාවක් තිබුණේ නැහැ ..
අන්තිම හුස්ම යනකම් අම්මව බලා ගන්නවා …
මම මගේ බිරිඳ ට යහපත් ස්වාමිපුරුෂයෙක් වෙනවා කියලා මම යමක් කමක් තේරෙන වයසෙදිම මටම පොරොන්දු වුණා ..
නෙහාරා මට මොන වෙනස්කම කරත් මම නෙහාරාට එක හිතින් හිතින් ආදරය කරන්නේ අන්න ඒ නිසා ….
ආදරණීය ආලිංගනයක ට පස්සේ මම උ/ඹේ තුරුලේ උන්නා …
ආදරණීය ආලිංගනයක් කියලා හැඳින්වුවත් අපේ ආලිංගන වල ආදරණීය කමක් තිබුණෙ නෑ ..
මගේ උවමනාවට බල කිරීමට ඒ දේවල් සිද්ධ වෙන්නේ උ/ඹේ ඇනුම් බැණුම් විරෝධය මැද්දේ …
“ඇයි මට මෙච්චරටම අකමැති “
මම එහෙම ඇහුවේ උ/බේ ඇස් වලට එබිලා ඒ ඇස් වල හැඟීම් කියවන්න උත්සාහ කරන ගමන් ..
උ/ඹේ දෑස් වල තිබුණේ මහ මළානික බවක් ..
“එහෙම නෑ අයියේ මට මහන්සියි”
වෙලාවකට උ/ඹ හැඟීමක් දැනීමක් නැති අසංවේදී ගැහැණියෙක් කියලා මට හිතෙනවා ..
ඒත් උ/ඹ එහෙම වුණේ පවුලේ ආභාෂය නිසා කියලා මට ඒ එක්කම හිතුනා ..
ආදරය කිරීම ලොකු පවක් විදියට හිතපු පවුලක හැදුණු වැඩුණු උ/ඹ එක අතකින් මේ විදිහට හැසිරීම පුදුමයක් නෙවෙයි කියලා මට හිතුණා .
එහෙම හිතලා මට උ/ඹ ගැන ලොකු අනුකම්පාවක් හිතුණා …
උ/ඹ/ත් එක්ක හැම දවසෙම එකට ඉන්න තිබ්බනම් උ/ඹේ මේ ගති ටිකක් මග හැරෙන්න තිබුණා…
ඒ වුණත් මගේ රස්සාව ඒකට පරහක් වුණා …
විවාහ වෙලා පලවෙනි මාසේ පළවෙනි සති කීපය මම නිවාඩු දාලා ගෙදර හිටියත් ,මගේ රස්සාවට අනුව මට ගෙදර එන්න ලැබුනේ මාසෙටම එකම එක වතාවයි ..
මට උ/ඹ එක්ක කාලය ගත කරන්න ලැබෙන්නේ මාසෙටම දවස් හයයි …
ඉතුරු දවස් ටිකේ තනියම මේ කාමරේ අස්සට වෙලා උ/ඹ කොහොම ඉන්නවද කියලා මටනම් හිතා ගන්නවත් බෑ …..
ඒ වුණත් උ/ඹ ඒ ඒ ගැන මැසිවිල්ලක් නම් නැඟුවේ නෑ ….
වැඩි කතාවක් බහක් නැති උ/ඹ/ට හුදකලාවේ කාලය ගත කරන්න ලැබීම සතුටක් වෙන්න ඇති කියලා මට හිතෙන්නේ මම ගෙදර
ආවාමත් උ/ඹ තනිවෙලා ඉන්න උත්සාහ කරන නිසා …
“අපිට බබෙක් ලැබෙන්න ආවොත් …ඔයා කැමති ද ?..”
උ/ඹ එහෙම ඇහුවමයි මට හිතුනේ උඹ මෙච්චර වෙලා කල්පනා කරේ ඒ ගැන කියලා ..
“මොකද ආස නැත්තෙ සුදු.මගේ – වලින් හැදිච්ච චූටි පැටියෙක් මේ බණ්ඩියේ හැදෙනඑක තරම් වෙන සතුටක් තියෙනවද …”
මම උ/ඹේ කුස හිමින් සැරේ අත ගාන්න ගත්තා …
මට මගේම මූණුවර තියන ,උ/ඹේ පාට තියන
දඟකාර පුංචි කොලු පැටියෙක් ව මැවිලා පෙනුනා …
“ඇයි බබාලට ආසද ?”
“නෑ මම නිකන් ඇහුවේ ….මමත් ආසයි ..ඒ වුණත් අපි ගාව ඉතුරු කර ගත්ත ලොකු සල්ලියක් නෑනේ ..ළමයි හදනවා නම් අතේ සල්ලි තියෙන්න ඕනේ …”
ඒත් උ/ඹ එහෙම කිව්වා විතරයි ..
මගේ හිතට ලොකු දුකක් දැනුනා..
සමහර විට උ/ඹ මට ආදරේ නැත්තේ මම ලොකු සල්ලියක් අතේ නැති හමුදා සෙබළෙක් නිසා වත්ද කියලා මට ඒ මොහොතේ හිතුනා …
තවම මට උ/ඹ/ව තේරුම් ගන්න අපහසු නිසා මගේ හිතේ උ/ඹ ගැන එකකට එකක් වෙනස් සිතුවිලි හට ගත්තා ..
තවම අපි විවාහ වෙලා මාස තුනයි ..තව කාලයක් ගත වෙද්දී මට උ/ඹ/ව තේරුම් ගන්න පුලුවන් වෙයි …
එතකම් උ/ඹ ගැන වැරදි නිර්වචන මගේ හිතේ ඇති කර ගන්න හොඳ නෑ කියලා මට එක පාරටම හිතුනා…
කාලය හැම දේකටම ලොකු ඔසුවක්…
සමහරවිට කාලයත් එක්ක අපේ මේ හැම දුරස් වීමක්ම නැතිවෙලා යාවි…
මම එහෙම හිත හදා ගෙන මගෙන් ඈතට වෙලා යහනේ වැතිරිලා ඉන්න උඹව මගේ මගේ තුරුලට අරගෙන දෑස් පියා ගෙන නිදා ගත්තා …
මම පසුදා උදෑසන අවදි වුනේ උ/ඹේ උණුසුමෙන් එකපාරටම මම මිදුණු නිසා…
තවම ඉර පායලා වත් නෑ ….
මේ තරම් පාන්දරින් ඇහැරිලා උ/ඹ කොහෙද ගියේ කියලා මම කල් කලා කරන්න ගත්තා ..
අම්මට උයන්න උදව් කරන්න යන්න ඇති .
මම එහෙම හිතලා ආයෙමත් දෑස් පියා ගත්තේ ඇස් දෙක තවමත් නිදි මතින් බර වෙලා තියෙන නිසා ….
ඒත් මම ගෙදර ඉන්න දවස් වලට අම්මා නෙහාරාට කුස්සියේ උදව්වට එන්න එපා කියලා කිව්ව විත්තිය ඒ එක්කම මට සිහිපත් වුණා…
නෙහාරා මහ පාන්දර ඇහැරිලා කොහෙද ගියේ කියලා බලන්න ඕනේ කියලා මට ඒ මොහොත හිතුණා …
මම යහනෙන් නැගිටලා කාමරේ විවර කරපු දොර ළඟට ගියේ ගියේ තවමත් පහ නොවුණු නිදිමත එක්ක…..
මම කුස්සියට උඹව හොයන් යද්දී
අම්මා කුස්සියට වෙලා තනියම කෑම උයමින් හිටියා.ලිප පැත්තට හැරිලා ලිපේ හොද්දක් හැඳි ගාමින් හිටපු අම්මා මාව දැක්කෙ නෑ ..
මම කුස්සියේ ඉඳලා සාලෙට ඇවිදන් යනකොට දැක්කේ කිසිවකු විසින් සාලේ දොර විවර කරලා තිබුණු විදිහ …
මම විවර කරපු දොර ලඟට ඇවිදන් ගියේ නිකමට වගේ …
දොර ලගට යනකොටම උ/ඹ හෙමිහිට කිසිවෙකු සමග මුමුණන කට හඬක් ඇහුණා …
මහා පාන්දරම නැගිටලා උ/ඹ මේ හොර රහසේන්මුමුණන්නේ කා එක්කද කියලා මගේ හිතේ සැක සංකාවක් මතුවුණා..
හමුවෙමු මීළඟ කොටසින්💔💔💔💔
අහක බලාගෙන යන්නඑපා.
ස්ටිකර් කමෙන්ට්ස් දහය ගානේ දාගෙන යන්න