කාවින්දි ලියනගේ

🌻 05 දිගහැරුම 🌻

” මහත්තයා ………….”

කේශ්වරට මෝටර් රථය නිවසේ පොටිකෝව යට නතර කරනවාත් සමගම අහිංසා දුව විත් ඔහු තුරුල් වුයේ …ඔහුගේ මුවෙහි සිහින් මදහසක් නැගෙද්දිය …

“මගේ දෝණී …………මොකද අද කරේ කෙල්ල ගෙදට්ට වෙලා..ම්…..

හොද දරුවා වගේ මගේ ඇගෙන් පොඩ්ඩක්වත් අයින් වෙමුද..හොස්පිටල් ඉදලානේ ආවේ දෝණී ජර්ම්ස් ඇති…

තරහ වෙන්න එපා හොදද අයින් වෙන්න කිව්වා කියලා ….මන් වොශ් දාන් අහවම ඇති වෙනකන් තුරුල් වෙලා ඉන්නකෝ…….”

නිවසට වී ඔහු නොමැතිව පාලුවෙන් ගත කල ඈ..ඔහු දුටු විගස දිව ගොස් ඔහුට තුරුල් වුවද….ඔහු මෑත්වන ලෙස පවසන විට තාම කල දෙය පිලිබද ලැජ්ජාවෙන් ඈ..ඔහුගේ මිදි ඉහල මාලය දිව යන්න වුයේ ..ඔහුගේ මුවෙහි සිනාහවක් සිත්තම් වෙද්දිය ….

” ඔයා තාම පුංචිම පුංචි කුරුලු පැටියෙක්..තටු එන්නත් කලින් මන් ඔයාව එ කුඩුවෙන් උදුරන් ඇවිත් ඔයාගේ හැමදේම නැති කරාද කියලත් මට වේලාවකට හිතෙනවා…” කේශ්වර ඔහුගේ හිත සමගම දොඩමලු වන්නට වුයේ ..ඇගේ එ සුරතල් ළදරු හැසිරීම් අබියස හදවත රිදුම් දෙන බැවිනි ..

” ලොකු බේබි කොයි වේලාවෙද ආවේ…වාහනේ එනවා ඇහුනෙවත් නෑ..කෝ මේ චුටි මැණිකේ ..මහත්තයා එනකන් මෙච්චර වෙලා මෙතන්ට මෙච්චර වෙලා බලන් හිටියේ …එ ඩිංගට කොහෙ ගියාද…

ලොකු බේබිට කියන්න…පුදුම දග මල්ලක්..එ ඩිංගක් නිකන් ඉන්න බෑනේ…පොඩ්ඩක් එහා මෙහා වෙනකොට මොකක් හරි අන්ඩපාල වැඩක් කරලා……..”

” ඇයි සෝමා අම්මා මොනාද කරේ දෝණී ….”

” මහත්තයාට කියන්න .මන් දවල් චුටි මැණිකේට බත් එක බෙදලා දිලා.අපේ එක්කෙනා කහට ඩිංගක් ඉල්ලා එක දෙන්න ගියා..මන් එක දීලා එද්දි……..මෙන් චුටි මැණිකේ කොහෙන්දෝ හොයා ගත්ත පුස් තඩියෙක්ට බත් කවනවා…….

ඔව් මහත්තයා අර පුසා පව්……චුටි මැණිකේ ඌගේ කට ඇරලා බත් උබනවා ..මන් ඌව ඊටපස්සේ එලවලා දැම්මා..පව් සතා ඌත් චුටි මැණිකේගෙන් ගැල වෙන්න කොයි වේලාවෙද කියලාද කොහෙද බලන් ඉදලා තියෙන්නේ …මන් බිමින් තිබ්බ ගමන් දිව්වා…..

දග උනාට මොකද සීදේවී දරුවා ලොකු බේබි හරිම හොදයි…….

කතාවෙන් කතාවෙන් මහත්තයාට තේකක්වත් දෙන්න බැරි උනා.බේබි ඇග සෝදන් එන්න..මන් අද බේබි කැමතිම කෑමක් හැදුවා..චුටි මැණිකේ එක්ක එන්නකෝ පහලට…………….

” හරි සෝමා අම්මේ මන් එන්නම්කෝ අර දගමල්ල එක්කම..සෝමා අම්මාගේ රසම රස තේකක් බොන්න……”

සිනාහවකින් මුව සරසා ගෙන තරප්පුපෙල නැග කාමරය පිවිස ඔහුගේ සිනාහව තවත් පුළුල් වුයේ ඈ සිටින ආකාරයට දැකය….

යහන මත වකුටු වී හිසේ පටන් පෝරෝණයකින් ආවරණය කරගෙන ඈ සිටි වරින් වර පෝරෝණය මදක් ඉවත් කර දොර දෙසට නෙත් යොමමින් ය…..

” ආ………චුටි මැණිකේ …පුසාන්ට බත් කවලා හෙන අමාරු ඇතිනේ .එකනේ මෙච්චර ඉක්මන්ට අපේ චුටි මැණිකේට නින්ද ගිහින් තියෙන්නේ ……”

පෝරෝණයත් පසෙකට විසි කරමින් ඈ විදුලි වේගයෙන් යහනෙන් නැගි සිටින්න වුයේ ..ඔහු එය දැන ගත්තේ කෙසේ දැයි සිතමිනි …….

“ඕ…..චුටි මැණිකේ නිදාගෙන නෙවෙයිද හිටියේ ..මට ගොරවන සද්දෙත් ඇහුනා..මන් ඉතිං හිතුවේ නිදි කියලා..බලන් ගියහම මේ හොර නින්දක්නේ නිදන් ඉදලා තියෙන්නේ ….”

” හී………මේ මේ………”

” හරි දැන් ඉතිං මට කියන්න කේප්පයක් ගලපන්නේ නැතුව .පහලට ගිහින් සෝමා අම්මාගේන් තේකක් අරන් එනවද..මන් වොශ් එකක් දාන එනකන්.මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනි……”

” ම්..පට්ට නේද දෝණී මෙහෙම ඉඟුරු දාපු තේකක් එක්ක වඩේ කද්දී…”

” ම්..හරිම රසයි…ගෙදර ඉන්නකොටත් අම්මා හදලා දෙනවා..හැබැයි මේවා ඊයේ වඩා රහයි.මාත් සෝමා අම්මාගේන් අහගන්න ඕනි මේවා හදන හැටි…”

” හරි හරි පස්සේ බැරියෑ..උයන්න ඉගෙන ගන්න..මට මේක කියන්නකෝ ඔයාට ගෙදට්ට වේලා ඉන්න කම්මැලි කිව්ව නිසා මන් ඔයාට කරන්න ඉංග්‍රීසි අයිටී කොස් දෙකක් බැලුවා.එක හෙට පටන් ගන්නවා කිව්වා..මොකද කියන්නේ යනවද….”

” ම්..හා අයියේ …මට ඔයා නැතුව ගෙදර ඉද්දී පාළුයි..ඕකට ගියහම මට ඔයා එක්කම ගිහින් ඔයා එක්කම එන්න පුලුවන් ශොයිනේ …..”

” අනේ .අනේ..මරු අදහස කපටිම නෑනේ…එ ඌනට හැමදාම මට මේ වේලාවට එන්න බැ දෝණී හොදද…සමහර දවස් වලට රෑ වෙනවා..එ වගේම් හදිස්සිය ඩිලිවර් එකක් එහෙම ආවොත් මට රෑ කියට උනත් යන්න වෙනවා..”

” අයියෝ……..ඒමද..කමක් නැ..ඉතිං සුටි බබලා ගන්නනේ ඔයා යන්නේ එ හින්දා කමක් නෑ…..මේ අයියේ ඔයාට පුලුවන්ද මාව දවසක හොස්පිටල් එක්ක යනවද..මන් හරි ආසයි සුටි බබාලාට………”

” ඔයා ඇත්තටම සුටි බබාලට ආසයිද දෝණී”

” ඔව් අයියේ එයලා සොයිනේ..එයාලා ලග හලීම සූදයි……..හලීම සීනිදුයිනේ..මට නම් එයාලව ඉඹින්නමයි හිත….ඔයාට නම් හැමදාම එයාලව අල්ලන්න පුලුවන් නේද.”

” මේ දෝණී මගේ ඔලුව ටිකක් රිදෙනවා.මන් පොඩ්ඩක් ඇල වෙන්නම්.දෝණී ටීවි බලනවනම් බලන්න හොදේ……”

අනේ අයියේ ගොඩාක් රිදෙනවද..මන් ඔලුව ටිකක් අතගාන්නම්ද….”

“ම්..දෝණීට කරදරයක් නැත්නම් හා…”

ඈ සීරුවට ඔහුගේ හිස පිරිමදිමින වුයේ .ඔහුගේ දෑස් පියදෙද්දිය……….

මතුසම්බන්ධයි