-21 කොටස
“ආවුජ්..රිදෙනවා මට අනේ….”
හිමංස පාර දිහා බල බලා නිශාදි දිහාත් බලනවා..බල බල තව ඔරවනවත් එක්ක
“මොකද ඔහොම විකාර කරන්නෙ…ලයිසන් ගත්තෙ හොරට නේද? නපුරු බොස්..”
“ඔව් හොරට තමයි.. දන්නවනේ මට නීති රීති අදාල නෑ කියලා.. මං කැමති දේ තමා මගේ නීතිය.. තමුසෙටත් ඒක ඒ විදිහටම අදාලයි..”
“හරි ඉතිං දැන් ඉස්සරහ බලාගෙන ඩ්‍රයිව් කරන්නකො… මං ඔයා දිහා බලං ඉන්නම්..”
“ඒ මොකටද?”
“ඔයාගෙ නපුරු මූණෙ තියෙන සිරියාව…”
නිශාදි ඇදලා තාලෙට කියද්දි හිමංසට ලාවට හිනාවක් ගියා..
“ඒයි මෝඩයො හිනා වෙන්නෙ එහෙම නෑ..එතකොට රකුස් මූණ වෙනස් වෙනවනෙ..රකුස් මූණ තමා ගති..”
හිමංස එක පාරටම බ්‍රේක් කලා..
“හිමංස මොකද මේ …”
ගැස්සිලා ගිය නිශාදි ඇහැවෙ ඇස් රවුම් කරගෙන…
“රකුස් මූණ ගති නේද? ආ..ඉතිං බලාගෙන ඉන්නවකො රකුසගෙ හැටි….”
එහෙම කියලා හිමංස නිශාදිගෙ මූණ එයාගෙ පැත්තට හරවා ගත්තා..නපුරු මූණක් මවාගෙන ඇස් දෙක තියුණු කරන් බලං ඉද්දි නිශාදිගෙ ඇස් පියැවුණේ ඒ ඇස් දෙකේ වියරු දිස්නෙටමයි..
හිමංසට කොච්චර ළං වුණත් වෙලාවකට මේ දැනෙන බය නිසා නිශාදි වෙව්ලනවා..
එක පාරටම නිශාදිව අත ඇරලා දාපු හිමංස ආයෙත් කාර් එක ස්ටාර්ට් කරගත්තා.. එක පාරක් වත් ආපහු නිශාදි දිහා හැරිලා බලපු නැති හිමංස කාර් එක ඊළඟට නතර කළේ කඩයක් ළඟ ..
කාර් එකෙන් බැස්ස හිමංස කඩේ ඇතුලට ගිහින් එනකල් නිශාදි බලං හිටියෙ මේ මනුස්සයට එක පාරටම මොනවා වෙනවද කියලා හිතා ගන්න බැරුව…
“මේං…අලියා සිසිල් බීම…තමුසෙගෙ උගුර කටත් වේලිලා ඇතිනෙ දැන් බය වෙච්ච පාර..බොනවා ඉතිං…මොනවද බලං ඉන්නෙ…බොනවා…
මං වහ දුන්නත් තමුසෙ බොන්න ඕනෙ…..my law….my country..any prob???? “
කාර් එකේ නිශාදි හිටපු සයිඩ් එකේ ෂටර් එක ලගින් හිමංස දිග් කලේ බීම බෝතලයක්
“no….no problem… I’II drink’’
“ඔය තේරුනේ අපූරුවට …. “
“හිමංස… .. අද රෑ අර ෂෝ එක බලමුද අපි..”
“නිශාදි ඇහැවෙ බීම එක බොන ගමන්.”
“මොන ෂෝ එකද…”
“ඇයි අර කටවුට් එකේ තියෙන්නෙ ….”
නිශාදි අත දිග් කරපු දිහා හිමංස බැලුවා..
“අප්පෝ…. මහ බෝරිංනෙ හලෝ.. මොකද්දෝ ගී මියැසියක්… ඕවට ගියාම හොදට නින්ද යනව මට”
“ඉතින් හොදයිනෙ එහෙනම්.. ඔයා නිදාගන්න.. මං ඒක බලන්නම්..”
“තමුසෙට මං කියන ඒවා ඔක්කොම හොදයි නේද…”
හිමංස එහෙම කියලා කාර් එකට නගින්න ලෑස්ති උනා..
“මහත්තයෝ … මහත්තයෝ … පින් සිද්දවෙයි මට කීයක් හරි දෙනවද…. “
එහෙම කියාගෙන හිමංසගෙ ඇගේ එල්ලුනේ පොඩි කොල්ලෙක්…
දැලි කුණු ගාගත්ත ලමයා දිහා හිමංස බැලුවෙ අප්පිරියාවෙන්…
“ශිට්. ..මගෙ ඇදුමත් ඉවරයි… මොකද මේ..”
“අනේ මහත්තයෝ … මං පව්නේ…”
“යනව අයිසෙ යන්න..”
“හිමංස ..මොනවද ඔයා මේ කතා කරන හැටි
නිශාදි කාර් එකෙන් බැහැලා ලමයා ලගට ආවා…
“පුතේ.. ඇයි ඔයාට සල්ලි”
“මට බඩගිනියි නෝනා…”
“අම්මා කෝ පුතාගෙ…”
“හිගාකන්න ගිහින්….තවම ආවෙ නෑ”
එහෙම කියපු ගමන් නිශාදිගෙ මූණ හොදටම අවුල් උනා..
“පුතා ඉස්කෝලේ යන්නෙ නැද්ද”
“ඉස්කෝලෙ දැකලා නම් තියෙනවා නෝනා….”
නිශාදි හිමංස දිහා බැලුවා.. ඊලගට නිශාදි කියන දේ හිතාගන්න බැරුව හිමංස බලං හිටියා..
“පුතා යමුකො අර එහා පැත්තෙ තියෙන හෝටලේට”
හිමංසට වචනයක්වත් කියන්න නොදී නිශාදි ලමයවයි හිමංසවයි ඇදගෙන හෝටලේට එක්ක ගිහින් ලමයට හොදට කන්න අරං දුන්නා..කොල්ල කනකල් දෙන්නම දෙපැත්තට වෙලා ඉදගෙන බලං හිටියා..
කෑම කෑවට පස්සෙ කොල්ලට හරි සතුටුයි..
“නෝනා.. කවදාවත් මෙහෙම රසට කෑම කාලා නෑ මං.. ඇත්තමයි..”
ලමයා එහෙම කියනකොට නිශාදිගෙ ඇස් දෙකේ කදුලු පිරෙනවා හිමංස බලාගෙන හිටියා..
ඇයි නිශාදි ඔයා මෙච්චර සංවේදී….
“පුතාගෙ ගෙදර කොහෙද තියෙන්නෙ…”
“මට ගෙයක් නෑ නෝනා. අපි ඔය පාරෙ කොහෙහරි ඉන්නෙ…”
හිමංසට මාර අප්සෙට්… මේ ලෝකෙ යථාර්තෙ ෆැන්ටසියක ජීවත් වුනු හිමංස දැකලා තිබුනෙ නැහැ….
“නෝනා මං යන්නම් අම්ම ඇවිත්ද දන් නෑ …”
කොල්ල දුවන්න හැදුවා..
” ඔහොම ඉන්න හිමංස පර්ස් එක දෙන්නකො..”
හිමංසගෙ පර්ස් එකේ තිබ්බ සල්ලි කොල ටිකක් ලමයගෙ අතේ තියද්දි එයාගෙ මූණෙ ආව හිනාව දැක්කම හිමංසටත් ඇත්තටම දුක හිතුණා…
සල්ලි ගත්ත ගමන් කොල්ල වාශ්ප උනා…
“නිශාදි … මෙහෙම ජීවිතත් මේ ලෝකෙ තියෙනවා නේද.. අනේ මන්දා..”
“ඕව ඔහොම තමයි හිමංස.. ඒව ගැන අපි කම්පා වෙලා වැඩක් නෑ… ආත්මෙන් ආත්මෙට එයාලා ගෙනාපුවා තමා ඒ…”
නිශාදිගෙ ඒ වචන ටික හිමංසට දැනුනෙ එහා ලෝකෙකින් ආවා වගේ…..
“ඔහොම මගෙ දිහා බලන්න එපා හලෝ… මේ අනේ අරකට යමුද රෑට…”
නිශාදි ඇහැක් ගැහැවා…හිමංස ආයෙත් සුපුරුදු මූඩ් එකට ආවා..
“මොකටද..”
“මං කීවෙ…ප්ලීස්… අනේ….”
“මට බෑ..”
“එහෙනම්.මං යන්නද”
“කවුරු එක්කද”
“ශාලුක එක්ක… හිහී…..”. නිශාදිගෙ හිනාව ඇහුනු එහා ටේබල් එකේ හිටපු අයත් හැරිලා බැලුවා…
“හිතේ ඇති… මං ඔය ශාලුකයව ඉතුරු කරන් නෑ… හෙට යමුකො ඔෆිස්…”
“හැන්ඩ්සම් ඔයා… මගෙ සුදු මහත්තයෝ…”
නිශාදි කියද්දි හිමංස ලස්සනට හිනාවුනා..
“ම්ම්ම්ම්ම්. මගෙ පණ යයි අනේ.. ඔය හිනාවට..”
“පිස්සි.. යමු දැන්.. රෑට එක්ක යන්නම් අරකට… හැබැයි මං නිදනවා.”
“හහා… බලමුකො නිදන හැටි..”
දෙන්නම හිනා වුනේ හදවතින්මයි.
💙💙💙💙💙💙
නිශාදි හෙමිහිට දෑස් ඇරියෙ හිමංස ඇසිපිය නොහෙලා බං ඉද්දි…. දෙන්නගෙ සුන්දර මතකයන් එක්කම හිමංසට දැනුනෙ කියා ගන්න බැරි සතුටක්…
කොල්ල ඉක්මණට ඇද ලගින් වාඩි උනා.. නිශාදි හිමංස දිහා බලලා යාන්තම් හිනා උනා..
“නිශාදි … මගෙ වස්තුව. දැන් හොදයි නේද…”
කවදාවත් නැති තරම් ආදරණීයව හිමංස අහද්දි නිශාදිගෙ ඇස් වලට කදුලු ආවා…
“දැන් මොකුත් හිතන්න එපා. මං ඉන්නවනේ…. වෙච්චි දේවල් ඔක්කොම අමතක කරන්න… හරිද.. මං ඩොක්ටර්ව එක්කගෙන එන්නම්..ම්ම්ම්ම්.”
ඒකටත් නිශාදි දුක්බර හිනාවක් පෑවා..
හිමංස ගියාට පස්සෙ නිශාදි ආයෙත් ඇස් පියාගත්තා..
මොකද උනේ මට .. ඔලුව රිදෙනවා …. මං කොහොමද එතනින් පැන ගත්තෙ හීනයක් වගේ…..හිමංස පව්…
💙💙💙💙💙💙💙
කාලෙ ගත් උනේ හරි වේගෙන්… දවස් දෙකක් නිශාදි හිටියෙ හොස්පිට්ල් එකේ… හිමංස හැම වෙලාවෙම නිශාදි එක්ක හිටියා….ඒත් හිමංසට ප්‍රශ්නෙ උනේ ඇයි නිශාදි වෙනද වගේ කතා කරන්නෙ නැත්තෙ කියලා..
ඩොක්ටර් කිව්වෙ… සිද්දිය නිසා කම්පනේට වෙන්න පුලුවන් කියලා….
“හිමංස…. “
වෙලාව රෑ එකොලහයි.. නිශාදිගෙ ඇද ලග පුටුවට හේත්තු වෙලා නිදාගෙන ඉන්න හිමංසට නිශාදි කතා කලා…
“ම්ම්..ඇයි කෙල්ලෙ.. මොනවද ඕනෙ .. “
“මොකුත් එපා හිමංස .. ඇයි ඔහොම දුක් විදින්නෙ..මං කීවනෙ ..මට දැන් හොදයි කියලා.. අනික අද රෑ විතරනෙ.. ඊයෙත් ඔයා නිදි නෑ… යන්නකො ගෙදර .. ගිහින් නිදාගන්න…ඔයාගෙ ඇස් යටත් කලු වෙලා වගේ”
“පිස්සු කියවන් නැතුව ඉන්නව හලෝ…”
“හරි එහෙනම් ඔයත් එන්න මේ ඇදට.. එතකොට හරිනෙ..”
“හා ඩොක්ටර් මට පයින් ගහලා එලවයි.. එතකොට සතුටුනෙ නේද..”
“ඔන්න නපුරා…ඔයා පව්නෙ…”
හිමංස ඇද ලගින් වාඩි උනා..
“හරි එහෙනම් මං යන්නද.. ම්ම්ම්ම්ම්ම්.. හොල්මන් ..භූතයො… එහෙම නැතිව ඇති මෙහෙ… “
“අනේ බය කරන්න එපා ඉතින්….”
“ඔයා ඉතිං බය නැහැනෙ… චණ්ඩිනේ…නේද..මං ජීවිතේ දීලා හරි ඔයාව බේර ගන්නවා කියලා දැන දැනත් පැනලා ගියානෙ..”
“මං දන්නෙ නෑ හිමංස එවෙලේ මට මොනා උනාද කියලා..මට හිතුනෙම උන් මාව ඔයාට දෙන් නැති වේවි කියලා….”
“දැන් වැඩක් නෑ ඕවා….”
“ඔයා සල්ලි දුන්නද..”
“පිස්සි…. සල්ලි වැඩක් නෑ… මට ..”
“ම්ම් ඔයා ඉතිං කෝටිපතියනේ…ඒකනෙ මට මෙහෙම උනේ…”
නිශාදි ඒක කියද්දි නම් හිමංස ගොඩක් අප්සෙට් වුනා…
නිශාදිට තේරුනා කට වැරදුනු බව..
“සොරි හිමංස … මං භිතලා කීවෙ නෑ..”
“ඒක ඇත්ත නිශාදි … මගෙ සල්ලි හින්දයි ඔයාට මෙහෙම උනේ…. ඒත් මං …”
“හරි මහත්තයෝ … ඒක වෙන්න තිබුන දෙයක්.. ප්ලීස් මට සමාවෙන්න…. මගෙ මෝඩකම නිසයි ඔක්කොම..”
“දන් නිදා ගන්න.. හෙට උදේ ගෙදර යමු. පොඩ්ඩො දෙන්නත් බලං ඇති…”
“මගෙ ඔලුව අතගානවද..”
“හ්ම්ම්……”
ඒ රාත්‍රිය නිශාදි නිදා ගත්තට හිමංස හිටියෙ ඇහැරලා.. කොහොමහරි අර මදාවියෝ වැඩ කරන බොස් හොයා ගන්න ඕනෙ.. නැත්නම් උන් ආපහු මේ වගේ දෙයක් කරන්න බැරි නෑ…කවුද මේ… සල්ලි හින්දමද මෙහෙම කලේ….
💚💚💚💚💚
“චූටී මෙන්න පුංචා ඇවිත්..”
අද පොඩි දෙන්නට රජ මගුල්.. දෙන්න උඩ පැන පැන නිශාදි වටේ කැරකෙනවා…..
“ආහා.. පුංචට දගලන්න බෑ දැන්.. ඔයාලා කරදර කලොත් ආයෙත් පුංචව හොස්පිට්ල් එකට ගේන්න කියලා ඩොක්ටර් මාමා කීවා..”
හිමංස තරවටු කලාම ඩබල මූණු එල්ල ගත්තා…
“පව් හිමංස .. හෙට ඉදල සෙල්ලම් කරමු අපි… ඕකේ…”
පොඩි දෙන්නට නිශාදිගෙ පොරොන්දුව හරි අගේ….
💙💙💙
“නිශාදි …කෙල්ලෙ මං අද ඔෆිස් යනවා..”
පහුවදා උදේ හිමංස කීවෙ නිශාදි ඇහැරෙනකොටමයි
“අනේ මාත් එනවා.. මට හොදයිනෙ දැන්…”
“නෑ නෑ. රශ්මි කෝල් කලා ඉම්පෝර්ට්න් මීටිං එකක් කියලා ඒකයි මං යන්නෙ.. ඔයා රෙස්ට් කරන්න.. මං ඉක්මනට එන්නම්… පරෙස්සමට .. හොදද…..”
හිමංස යන හැටි නිශාදි දුකින් බලං හිටියා…
හිමංස ඔෆිස් එකේ ගේට් එකෙන් කාර් එක ඇතුලට දානකොටම සිකුරුටි කොල්ල කාර් එක දිහා බලලා හිනාවුනේ නිශාදි ඇති කියලා හිතලා..
හිමංස කාරෙක නවත්තලා.. ඔෆිස් එකට ඇතුලු වෙන්න කලින් සිකුරුටි රූම් එක ලගට ගියා.. සිකුරුටි කොල්ල ගිඩි ගිඩි ගාලා ගැහෙනවා.. බොස් විතරයි . මැඩම් නෑ.. මං ඉවරයි අද.
“මං කීව නේද තමුන්ව රස්සාවෙන් අයින් කරනවා කියලා.. ඇයි මේ ඇවිත් ඉන්නෙ…’
“අනේ සර් .. එහෙම කරන්න එපා සර්.. මං දැරුපවුල් කාරයෙක්…”
“ඉතිං…”
“අනේ සර් මං පවුනේ.. මැඩම් හිටිය නම් කීයටවත් මාව අස් කරන් නෑ..”
“ඇයි.. “
“මැඩම් සර් වගේ නෙවෙයිනෙ… කරුණාවන්තයිනෙ…”
“තමුසෙ කොහොමද මැඩම් කරුණාවන්තයි කියලා දන්නෙ..”
“ඇයි සර්..මැඩම් යද්දි එද්දි මේ පැත්තක ඉන්න අහිංසක මටත් කටපුරා හිනා වෙලානෙ යන්නෙ.”
‘පෙනේද මේකි සිකුරුටිටත් හිනාවෙලාලු යන්නෙ.. ලග පාත නෑනෙ දැන්.. ‘
හිමංස හෙමීට මුමුණන හැටි සිකුරුටි කොල්ලට ඇහුන් නැහැ…
“අනේ සර්… මැඩම් ආවෙ නැත්තෙ ඇයි අද….”
“මං තමුසෙට කියන් නෑ… මැඩම් ගැන මං බලා ගන්නම්.. මෝඩයා..”
හිමංස බැන බැන යන හැටි සිකුරුටි කොල්ල ඔලුව කහ කහ බලං හිටියා..
අනේ මං සර්ට එච්චර තරහා ගන්න දෙයක් කීවද….
🌿🌿🌿🌿🌿
“නිශාදි …. “
ඔෆිස් එකේ සීට් එකෙන් ඉදගත්ත ගමන් හිමංස ගෙදර නම්බර් එක ඩයල් කලා..
“හෙලෝ.. හිමංස.. ඔයා ආවද.”
“ඔව් ආවා.. ඇයි..”
“මොකද ඒ පාර තරහින් වගේ…”
නිශාදිට තේරුනා හිමංසගෙ කට හඩ වෙනස් කියලා
“තමුසෙ මොකටද අර සිකුරුටි එකේ ඉන්න අපතයාට හිනා වෙන්නෙ යන එනකොට…”
“මොකක්… ඔයා මොනවද කියවන්නෙ අනේ… මනුස්සකමටනෙ මනුස්සයෙක්ට හිනා වෙන්නෙ…”
“ඇත්තද.. අන්න ඌට පාලුයිලු තමුසෙ නැතිව…”
“එහෙමද.. ශාලුක ඉන්නවද ඇවිත්… “
නිශාදි හිනාව තද කරගෙන ඇහැවා…
“ඔව් ඉන්නවා…. තියනවා ෆෝන් එක මගෙන් ගරු සරු ඇතිව අහගන් නැතිව….”
නිශාදි ගෙ හිනා සද්දෙ අහගෙනමයි හිමංස ෆෝන් එක කට් කලේ…
බොරුවට හරි රණ්ඩු වෙවී කියවන්න තමයි දෙන්නම කැමති.. ඒත් තාමත් දෙන්නම ආඩම්බරයි.. මෙච්චර හරියක් වෙලත්
….
💙💙💙💙
හවස දෙක විතර වෙද්දි හිමංස ආපහු ගෙදර යන්න ලෑස්ති උනා….එතකොටම හිමංසගෙ ෆෝන් එක රිං උනා..
“හෙලෝ… මොකක්… ඔහ්… නෝ.. කවද්ද… අදද කියන්නෙ මට.. පිස්සුනෙ බං උඹලට… හතරට…. හරි මං එන්නම්…. හරි…..පව් අප්පා….”