තරු ඇස්🌟

  1. කොටස

පෙර කොටස

වාහනේ පුංචි පුංචි අතුරු පාරවල් ගොඩකින් ගිහින් බංගලාව කියලා හිතන්න පුලුවන් තැනකින් නැවැත්තුවා……..

“මිස් බහින්න……… මං බෑග් ටික ගේන්නම්……………… “

තෙනූට ඇස් අදහා ගන්න බැරි උනා……….. ඇත්තටම ඒක තෙනූ හිතන් හිටියටත් වඩා ලොකු බංගලාවක්…………. ඒ වගේම ඒකෙ පේන්න තියෙන්නේ පෞරාණික බවක්…..

“අම්මෝ මේකේ ලොකු……….”

තෙනූ කිව්වා නෙමේ කියවුණා…………

“අහ් මිස් පුදුම වෙලා වගේ………….. ඕක ඉංග්‍රීසි කාලේ හදපු බංගලාවක්………. මහත්තයා ඕක සල්ලි දීලා ගත්තේ හෝටලයක් කරන්න…….. ඒත් පුංචි මහත්තයා අසනීප උනාට පස්සේ…….. එයාව මෙහෙට ගෙනාවා පරිසරයෙන්වත් බේබිට ගුණයක් තියෙයි කියලා……………”

“ඇයි බේබිට මොකද සීයේ??”

“මට ජස්ටින් කියන්න පුංචි නෝනා………… නෝනට පස්සේ විස්තර දැනගන්න ලැබෙයි නෝනෙට දැන් මහන්සිත් ඇති ගිහින් පොඩ්ඩක් විවේක ගන්න……… ලොකු නෝනේ ආවම ඔක්කොම කියයි………….”

තෙනූ ආයෙත් බැලුවේ ඒ බංගලාව දිහා…….. ඒක ලොකුයි කියනවට වඩා හොඳයි දිගයි කිව්වා නම්………… ඒ බංගලාවේ බිත්ති හදලා තිබ්බේ තනිකරම කලු ගලෙන්…….. ඉස්සරහා කොටස විතරක් ලී වලින් හදලා තිබ්බා……… ඒ කොටස අලුතින් හදන්න ඇති කියලා තෙනූ හිතුවා….. බංගලාවේ බිත්ති වටේම රතු රෝස හිටවලා…….. දකුණු පැත්තේ කෙලවරේ පුංචි දියැල්ලක් යනවා……… ඒ අවට ස්ටෝබෙරි පැල වවලා තිබුනා………… ඊට ටිකක් එහායින් පැද්දෙන බංකුවක් තිබ්බා……. වටේට ගස් වවලා…… ගානට කපලා හරියට තාප්පයක් වගේ…………..

“ඉන්න නෝනේ මං මැගීට කතා කරන්නම්……..”

“මැගී…………… මැගියෝ………… පොඩ්ඩක් මෙහාට වරෙන්……….”

“මොකද කෑ ගහන්නේ……………..”

එවිට නිවස තුලින් පැමිණියේ තරමක් මැදි වයසේ කාන්තාවක්……….. ඈ නිල් පැහැති කොටු විසිරී ගිය සුදු ගවුමක් ඇඳන් හිටියා. ඒප්‍රනයේ අත පිස දමමින් පැමිණි ඇගේ මුහුණේ කිසිදු සුහදශීලි බවක් පේන්න තිබුනේ නෑ…………

“මැගී……….. මේ ඉන්නේ බේබිව බලාගන්න අලුතින් ආපු නෝනා……….”

“කොච්චර කාලෙකටද දන්නේ නෑ…….”

මැගී සමච්ච්ලේට හිනා වෙවී තෙනූ දිහා බැලුවා………

“ගිහින් මේ කෙල්ලගේ කාමරේ පෙන්නන්න……..”

“එන්න……”

තෙනු ඉතිම් බෑග් එකත් උස්සන් මැගී පස්සෙන් ගියා…………… මැගී උඩ තට්ටුවට ගිහින් වැරෙන්ඩා එක දිගේ කාමර දෙක 3ක් විතරක් තියෙන පැත්තකට ගියා…….. ගිහින් එතනනින් එක කාමරයක් ඇරියා………..

“මේකේ තමා ඉන්නේ………. තමන්ගේ කාමරේ තමන්ම අස් කර ගන්න හැඩි කරනවා නම්…….. තමුන් තමා බේබිව බලාගන්න ආපු 15 වෙනි සාත්තු සේවිකාව……… මං නෝනලට කොච්චර කිව්වත් මට බේබිව බලාගන්න පුලුවන් කියලා අහන එකක්යෑ……………….. තමුනුත් වැඩි කාලයක් ඉන්න එකක් නෑ……….. තමුන්ගේ නම මොකක්ද…..??…..”

“තෙනුලි………..”

“මොකක් උනත් කමක් නෑ………. මේක ඉස්සර මිස් ලියෙවි උන්න කාමරේ………… ඉස්සරහා තියෙන කාමරේ තමා බේබි ඉන්නේ……… බේබි දැන් නිදි කරදර කරන්න එපා………. ලොකු මැඩම් ආවම කරන්න ඕනි ටික කියයි……. මට මිස් කියලා කතා කරනවා……….. තේරුනාද??”

“ඔව්……………”

එහෙම කියන් මැගී යන්න ගියා……….

“හරිම දුෂ්ඨයි…………..”

තෙනුලි හිතුවා…………. තෙනුලිගේ ඇස් ගියේ කාමරේට……….. ඇත්තටම කාමරයක් කිව්වට ඒක පුංචි ගෙදරක් වගේ……………. ඒ තරම් විශාලයි………… අනික නිදාගන්න තිබ්බේ ඩබල් ඇඳක්………. කාමරේටම අල්ලපු බාතෲම් එකක්………. තෙනුලිට දන්නේම නැතුව මහන්සියට නින්ද ගියා……………

තෙනූ ඇහැරුනේ කවුද දොරට ගහන සද්දෙන්……. තෙනුලි ගිහින් දොර ඇරියම දොර ගාව උන්නේ තෙනූටත් වඩා ලාබාල පෙනුමක් තියෙන කෙට්ටු කෙල්ලෙක්…………. ඇත්තටම කෙල්ල දකිද්දි තෙනූට කියාගන්න බැරි අනුකම්පාවක් ආවා………….

“ලොකු මිස් මිස්ට එන්න කිව්වා…………”

“අහ් ඉන්න……….”

තෙනූ එහෙම්මම මූණ කට හොදන් ඒ කෙල්ක එක්ක යන්න ගියා…………

“නංගිගේ නම මොකක්ද ???……..”

“මං සෙනුලි………….”

“ම්ම්ම්ම් මං සෙනූ කියන්නම්………. සෙනූ මොනාද කරන්නේ??”

“මං……….. මේ……………… මෙහෙ වැඩ කරනවා……… “

“මෙච්චර අඩු වයසින්….??”

තෙනූ අහද්දි සෙනුලි කලේ අසරණ හිනාවක් දාන එක…………… සෙනුලි තෙනූව එක්කන් ගියේ ලොකු කාමරේකට……….. ඒකේ මේසේ උඩ කෑම ජාති ගොඩක් තිබුණා……… මේසෙ කෙලවර කාන්තාවක් හා පිරිමියෙක් වාඩි වෙලා උන්නා….

“වාඩි වෙන්න තෙනුලි………..”

මැඩම් කියලා හිතන්න පුලුවන් කාන්තාව කිව්වා………

“තෙනුලි බඩගිනි ඇති කැමති දෙයක් කන්න…..”

තෙනූ ඉතිම් බඩගින්නට නූඩ්ලස් ටිකක් බෙදාගත්තා………….

“මිස් තෙනුලි මෙනංසා…….. “

ඒ පිරිමි පුද්ගලයා කටහඬ අවදි කලා………….

“මං තමයි මේ ගෙදර හෙඩ්…….. මට ලොකු සර් කියලා කියන්න මේ ඉන්නේ මගේ වයිෆ් මැඩම් කියලා කතා කරන්න……… ඔයාට තියෙන්නේ මිහේෂ්ව දවස පුරාම දරුවෙක් වගේ බලාගන්න…… මිහේෂ් මුරණ්ඩුයි……. ඒ නිසා පොඩ්ඩක් දැඩිව ඉන්න……………. මං තමුන්ට අකවුන්ට් එකක් ඕපන් කරලා ඒකට මාසේ පඩිය දාන්නම්……….. තමුන්ට මං නිල ඇදුමක් මැගී අතේ එවන්නම් විශේෂ අවස්ථා හා රාත්‍රියට ඇරෙන්න අනිත් හැම වෙලාවටම ඒක ඇඳන් ඉන්න ඕනි……….. තමුන්ට කෑම මෙතෙන්ට ඇවිල්ලා හරි කාමරේට ගෙන්නගෙන හරි කෑවැකි…………….

මං හිතනවා කරන්න ඕනි වැඩ පිළිවෙල තේරුනා කියලා………. දන්නැති හරි තේරෙන්නැති හරි දෙයක් තියෙනවා නම් මැඩම්ගෙන් හරි මැගීගෙන් හරි අහන්න…….. මායි මැඩමුයි වැඩියේ මෙහෙ ඉන්නේ නෑ……. අපි ඉන්නේ කොළඹ……… මං එහෙ ගෙදර නම්බරේ දීලා යන්නම් උවමනාවක් උනොත් කතා කරන්න……. මං දැන් වැඩකට යනවා…… මැඩම් එක්ක මිහේෂ්ගේ කාමරේට යන්න……..”

එහෙම කියලා ලොකු සර් යන්න ගියා………

“එන්න දරුවො……. “

මැඩම් එහෙම කතා කරාම තෙනූට හිතුනේ මැඩම් නම් වැඩියේ දැඩි කෙනෙක් නෙමේ කියලා………..

මැඩම් තෙනූව එක්කන් ගියේ තෙනූගේ කාමරේට ඉස්සරහා කාමරේටයි………. ගිහින් හෙමීට දොර ඇරියා……….

තෙනුත් හිමින් කාමරේට ඇතුල් උනා…….

ඒ දැකපු දෙයින් තෙනූ ඉන්න තැනම ගල් ගැහුණා………..

⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

ඇයි තෙනූ එහෙම බය උනේ???…….. කෝ කෝ ඉතිම් අදහස් කියන් යමුකෝ බලන්න.