කාවින්දි ලියනගේ

🌻 04 දිගහැරුම 🌻

” කෝ දෝණී ඔය ඉතිං ……….

අපි වැදලා ඇවිත් ලස්සන බලමුකෝ..සෙනග වැඩිවෙන්න කලින් ගිහින් එමු..”

” අනේ ඔය ඇත්තමද.මේ මට මාළුන්ට කන්න දාන්න පොරි අරන් දෙනවද.අනේ ඔයා හොදයිනේ…”

” හරි හරි බන් අරන් දෙන්නම් වරෙන්කෝ බන් ඉස්සෙලා වැදලා එන්න..අනේ අම්මපා මොන්ඩිසෝරි ළමයි මීට වඩා හොදයි…”

ඇයගේ මේ බොළද දඟකාරකම් අභියස ඔහුගේ ලය වරින් වර රිදුම් දෙන්න වුයේ ..ඇය වැනි ලාබල යුවතියක් විවාහ කරගෙන ඇයට සිදු කරන්නේ අසාධාරණයක් නොවෙදැයි සිත් තැවුලෙනි..

” මහත්තයා ……මට සුදු නෙළුම් මල් වට්ටියක් අරන් දෙන්න පුලුවන්ද ..මන් ගමේ පන්සලට බාරයක් උනා..මට කැම්පස් ආවොත් මාළිගාවට නෙළුම් මල් වට්ටියක් පූජ කරනවා කියලා…මන් ලග සල්ලි නෑනේ දැන් එ හින්දා ඔයාට පුලුවන්ද මට මල් වට්ටියක් අරන් දෙන්න.මන් ඔයාට පස්සේ එ සල්ලි දෙන්නම්……….”

හිස බිමට නැඹුරු කරගෙන පාදයේ ඇගිල්ලකින් බිම සාරමින්..ඇය කුඩා දරුවෙක් පියාගෙන් කඩචෝරුවක් ඉල්ලන තරම් බොලද අයුරින් ඔහුගේන් ඉල්ලා සිටින්න වුයේ .

කුමක් හෝ පවසා විහිලුවක් කිරීමට සිත් වුවත් ඇය එ පැවසු ආකාරයට ඔහුට එසේක කිරිමට නොහැකි වන තරමට ඔහු ගොළුකරමින්‍ ය..

” ඔව්..මතක ඇතුව දිනේ එක්ක ගාණ ලියා තියාගන්නවා.ලේසි පහසු ගානක් නෙවෙයි නේ මල් වට්ටියක්..මට පොලිය එක්කම් දෙනවා මතක ඇතුව ..
අනෙ මේ පණ්ඩිත ආච්චී මන් දැන් මේවාට සල්ලි ඉල්ලුවද.ම්..තව මොනාව හරි ඕනි නම් කියන්න..මානෙල් හරි රතු නෙළුම් මල් හරි ඕනිද ..ම්…”

” එපා මහත්තයා මේ ඇති..මහත්තයාට මොනවා හරි ඔනිනම් ගමු…”

” මට මේ ඇති දෝණී එන්න අපි යමු…තව හවස් උනොත් අපිට වදින්න අමාරු වෙයි..”

” අනේ ඔයාට පින් මහත්තයා ..මන් හරි අසාවෙන් හිටියේ .මාලිගාව වදින්න එන්න .එත් අප්පච්චීට මාව එක්ක එන්න පුලුවන් කමක් නෑනේ..මන් බාරේ උනත් ඔප්පු කරගන්න බැරි වෙයි කියලා බයේ හිටියේ ..එත් අද මහත්තයා නිසා මට එක කරගන්න පුලුවන් උනා..”

” මොනවද දරුවෝ මේ කියන්නේ..ඔයා ඔය කියන්නේ…ම්…ඔයාට තව යන්න ආස තැනක් මේ ලග පාත තියනවනම් කියන්න..අපි යන්..

මට නිවාඩු වෙලාවට අපි ඔය කොහෙ කොහෙහරි යමුකෝ ඇවිදින්න….ඔයා කැමති තැන්වල..හරිද..”

අනිත් එක මේ දේ හොදට මතක තියාගන්න .ඔයාට මොනවා හරි ඕනි නම් ඕනි වෙලාවක මට කියන්න.මන් දැන් ඔයාගේ මහත්තයා .ඉතිං මන් ඔයාට ඕනි හැමදෙයක්ම දෙන්න බැදිලා ඉන්නේ..එ නිසා ඔයා ඔයාට ඕනි දෙයක් තියෙනවනම් බය නැතුව ඉල්ල..

ඔයාට මට කියන්න බැරි කිසිම දෙයක් තියන්න බැ..තේරුනාද..ඔයාට දැන් මේ ලොකේ විශ්වාසවන්ත කෙනා වෙන්න ඕනි මන්..එතකොට ඔයා ඔයාට තියන ඔනිම ප්‍රශ්නයක් ඕනිම වේලාවක මට කියන්න..කිසිම දෙයක් මගෙන් හන්ගන්න එපා තේරුනාද…..”

” හරි මහත්තයා ……….”

” අනිත් එක්ක මන් කියන්නම් හිටියේ ..ඔය කොයි වේලාවෙත් මට පාත්තයා ගන්න එපා..එක්කො මට අයියේ කියන්න එහෙමත් බැයි නම් නම කියලා කතා කරන්න..ඔයා තාම පොඩි දරුවෙක්නේ ම්..දැන් ඉදල මට මහත්තයා මහත්තයා ගන්න ඕනි නැ..තේරුනාද..”

” අනේ ඒ…ඌනට එහෙම හොද නෑනේ..ලොකු හාමිනේ දැන ගත්තොත් මට විසුමක් වෙන්නේ නෑ…”

” ඔයා අම්මා ගැන වදවෙන්න එපා..අපි කොහොමත් වලව්වේ ඉන්නේ නෑ..මට හොස්පිටල් යන්න ලේසි වෙන්නත් එක්ක මන් ඒ ලග ගෙයක් අරන් තියෙන්නේ .අපි විතරයි එහේ ඉන්නේ..එහෙ ඔයාට ඔයා කැමති විදිහට ඉන්න පුලුවන් ..අපි දෙන්නට අමතරව එහෙ ඉන්නේ සෝමා අම්මායි එයාගේ මහත්තයයයි..එයලා තමා ගෙදර වැඩ ටික බලා ගන්නේ..මැණික තියෙන්නේ නිදහසේ ඔයා කැමති දෙයක් කරන් ඉන්න..”

” අනේ..මහත්තයා වැඩ කරන්න අය මොකටද.මන් එවා කරන්නම්….”

” අනේ මේ දොඩම් ගෙඩි දෙකක් උස නෑ..එ ඌනට කතාව .දහයකට ගහන්න…පිස්සු කෙල්ල ඔයා..ගෙදර දොර වැඩ ගැන හිතන්න එපා..එවා සෝමා අම්මා බලා ගනි..මගේ චුටි වයිෆ් මන් ගැන බලන්නකෝ..ම්.එ හොදටම ඇති……”

” අනේ මහත්තයා ඕනි නැති කතා නොකියා……යන්න මට ලැජ්ජයි…….”

” එතකොට උබ හිතන් ඉන්නේ ඕක හැමදාම හංගන් ඉන්න පුලුවන් කියලද කේශ්….”

” අනේ මන්දා බන් .මට මේ කිසි දෙයක් තේරෙන්නේ නෑ .වේලාවකට හිතෙනවා මන් එ කෙල්ලට කරන්නේ අසාධාරණයක් කියලා..මන් අම්මලගේ වදෙන් බේරෙන්න බැරි තැන එ කෙල්ල බදින්න කැමති උනාට..එකි තාම ලාමක පුංචි කෙල්ලෙක් “

” එහෙම හිතන්න එපා..බන් කෙල්ල පොඩි උනාට උබට ආදරේ වෙයි හෙමිට ..උබ ටිකක් ඉවසීමෙන් ඉදහන්..කෙල්ලට ටිකක් යමක් කමක් තෙරුම් ගන්න පුලුවන් වෙන කාලෙදී ඌබ මේ ප්‍රශ්නේ ගැන නංගී එක්ක කතා කරහන්…

මන් දන්නවා සාමන්‍යයෙන් බැදපු කපල් එකකට මේක කොච්චර ලොකු ප්‍රශ්නයක්ද කියන..එක…එ හැමදේකටමත් වඩා උබ වලව්කාරයෙක් නිසා..මේ ප්‍රශ්නේ දරුණුයි…”

” ඔව් බන්..මන් මෙච්චර කාලයක් බදින්නේ නැතුව හිටියේත් මේ නිසා..මන් දන්නවා මේක කතා කරන්න ලේසි උනාට .ඇත්ත ජිවිතේ කොච්චර අමාරුද කියලා..දවසකට මට මේ ප්‍රශ්නේ තියන මැරි කරපු කපල් කොච්චර හම්බෙනවද බන්..හුගාක් කපල් මේ නිසා ඩිවොස් පවා වෙනවා..මට ඒ දේ කවදාවත් කරන්න බෑනේ බන් ..එ අහිසංක කෙල්ලට එහෙම දෙයක් කරන්නේ කොහොමද බන් මන් හිත හදන්……

මටනම් තේරෙන්නේ නෑ මොනවා කරන්නද කියලා ..වේලාවක මට පිස්සු වගේ ගයියා.දෝණී කවදාහරි මේවා දැන ගත්‍තහම මට වෛර කරයි බන්……”

” මේ අහපන් කේශ්..ප්‍රශ්න කියන දේවල් එනවා අපේ ජිවත වලට හැබැයි එ හුගාක් ප්‍රශ්න වලට අපිට කාලේ කියන දේ උත්තර දෙනවා..අපි ඉවසීමෙන් බලන් ඉමු..

කොහොමත් උබ නංගීව කැම්පස් යවනවානේ. ඉතිං කොහොමත් කෙල්ල කැම්පස් අවුට් වෙනකන් එහෙම දෙයක් ඕනි නැනේ..අපි ඊටපස්සේ බලමු මොක්කද කරන්න පුලුවන් කියලා…උබ ඕනිම දේකට මන් ඉන්නවා .කිසි දේකට බය වෙන්න එපා..”

” මන් එක දන්නවා බන් උබට පින් සිද්ධ වෙන්න තමයි මන් මෙහෙම හරි ඉන්නේ…”

” හරි හරි එහෙනම් පලයන්..කෙල්ල බලන් ඇති උබ එනකන්…..”

” හරි බන් මන් එහෙනම් යනවා…”

මතුසම්බන්ධයි