තරු ඇස්
- කොටස
“ඉතිම් සිස්ටර් මං සිස්ටර් කෙනෙක් වෙන්නනේ ඉන්නේ……………. එතකොට මොකටද සල්ලී??…..”
“තේනූ මං ඔයාට නිතරම කියනවා………… අපි හැම වෙලේම දෙවියන්වහන්සේගේ කැමැත්තට ඉඩ දෙන්න ඕනි……………”
“සිස්ටර් තෙරේසා කියන්න හදන්නේ??……….”
“ඔව් මං කියන්නෙ ………………… ඔයාව අපි රස්සාවකට යවනවා………….”
“ර…..ර…..රස්සාවකට??……….”
“ඔව් වැඩි දෙයක් නෑ එක ලෙඩෙක්ව බලාගන්න තියෙන්නේ………………… නුවරඑළියේ………පැත්තේ……….”
“මොකක්………….. නුවරඑළියේ???……. දුර වැඩි නැද්ද?? සිස්ටර් ………”
“ම්ම්ම්ම් නෑ…………. අපි මේ දේ කරන්නේ ඔයාගෙම හොඳට දරුවෝ……….”
“අනේ සිස්ටර් මං හැදෙන්න උත්සහ කරන්නම්…….. දඟ වැඩ කරන එකත් නවත්තන්නම්………….අනේ…… අනේ……….. සිස්ටර් මාව යවන්න එපා……….. මං හොරෙන් අඹ කඩන එක නවත්තන්නම්………. ගඟෙන් නාන එකත් නවත්තන්නම්………… බේකරි මාමගේ බනිස් උස්සන්නේ නැතුව ඉන්නම්…….. ප්ලීස් ප්ලීස් සිස්ටර් තෙරේසා මාව යවන්න එපා………………….”
” කෑ ගගහා ඉඳලා වැඩක් නෑ තෙනූ…… ගිහින් ඇදුම් ටික පැක් කර ගන්න……….. හෙට උදේ ඔයා එහෙ යන්න ඕනි………”
“හෙ…..හෙට උදේ???…………… හෙටම යන්න ඕනිද සිස්ටර් තෙරේසා………… අනේ……..”
තෙනූට නම් දැන් ඇඬෙන්න වගේ………… තෙනූ දඟවැඩ දෙක තුනක් කරනවා තමයි ඒත් මෙච්චර දඬුවමක් ???……..
“අනේ සිස්ටර් තෙරේසා දඬුවම තව චූට්ටක් ලිහිල් කරන්න බැරිද……………. චූට්ටම චූට්ටක්…….”
තෙනූ ඇස් දෙකත් පුංචි කරලා කටත් හද හද කියනකොට සිස්ටර් තෙරේසට පව් කියලත් හිතුනා……….. ඒත් තෙනූ දැන් අවුරුදු 23ක තරුණියක් ඉතිම් මේ තෙනූ තනියම ජීවිතේට මූණ දෙන්න ඕනි කාලේ………. තවත් තෙනූව හුරතල් කරන්න ගියොත් ඒකෙන් නරකක් වෙන්නේ තෙනූටමයි…….. ඒකයි සිස්ටර් තෙරේසා හිත දැඩි කරන් මෙහෙම තීරණයක් ගත්තේ…………… තෙනූට හිනාවකින් සංග්රහා කරලා සිස්ටර් තෙරේසා යන්න ගියා………
තෙනූ දුකින්ම එයාගේ කාමරේට යන්න ගියා…….. ඒ යනකොට තෙනූගේ ගැන්සිය දොරකඩ ගාව……
“තෙනූ අක්කි ලොකු සිස්ටර් ඔයාට බැන්නද??”
“තෙනු අත්ති තිත්ත ඔයාත ඌවා තලාද??”
“අපි සිස්ටර්ට ගිහින් කියන්නද……. අපි නිසයි ඔයා අඹ කැඩුවේ කියලා………”
තෙනූට දුකයි මේ පැටව් ටික දාලා යන්න………….
“තෙනූ අක්කිට යන්න වෙනවා බබාලා……..”
“මොකක්……….”
“එහෙම අක්කිව යවන්න බෑ………………… අපිත් වැරදි කලානේ………… අපිත් එන්නම් අක්කිත් එක්ක………”
“මේ සැරේ අක්කි ව්තරයි යන්නේ…………. ඔයාලා පරිස්සමෙන් ඉන්නකෝ………..”
එහෙම කියලා තෙනූ ගියේ ඇඳුම් ටික පැක් කර ගන්න………… තෙනූ……. තමන්ට වටිනවා කියලා හිත්න හැමදේම ගෙනියන්න ගත්තා…….. ඒ මාල වලලු නෙමේ……… තමන්ගේ සුන්දර මතක සටහන්……… ගැන්සිය දුන්න තෑගි ………… සිස්ටර්ස්ලා දුන්නු තෑගි………. ඒ වගේම දෙමාපියන් මතක් වෙන්න තිබ්බ එකම දේ……… ටිකක් ලොකු යතුරක්………… තෙනූ ඒක මාලෙකට පෙන්ඩන්ට් එකක් වගේ හයි කරලා තිබ්බේ…………. ඒකේ තෙනුලිගේ නම තිබ්බා…… ඒකෙනුයි හැමෝම තෙනූගේ නම දැන ගත්තේ….. බෑග් එකේ ඇදුම් වලට වඩා තිබ්බේ තෙනූගේ මතක සටහන්
“තෙනූ………………”
තෙනූගේ කාමරේට එබුනේ සිස්ටර් ඈන්…….. ඒ තමා තෙනූගේ හොඳම යාලුවා………
“කියන්න ඈන්……………..”
“අන්න ඔයාගේ ගැන්සිය සිස්ටර් තෙරේසගේ ඔෆිස් එක ඉස්සරහා පිකටින් එකක්……… ඔයාව යවන්න එපා කියලා………….”
තෙනූ දුවගෙන ගියේ මොකක්ද මේ කාලගෝට්ටිය කියලා බලන්න……….. ඒ යනකොට කට්ටියම බෝඩ් උස්සන්…….. බාල්දි වලට ගගහා………….. සිස්ටර්ගේ ඔෆිස් එක ඉස්සරහා……. කෑ ගහනවා තෙනූව යවන්න එපා කියලා………… තෙනූට ඇඬෙන්න වගේ……….
තෙනූ එතෙන්ට යන්න යනකොටම……….
“තෙනූ කාමරේට ගිහින් ඇදුම් පැක් කර ගන්න…… මං මේ අයට තේරුම් කරලා දෙන්නම්………”
තෙනූගේ හදවත පැලෙන්න වගේ…….. තෙනූ සද්ද නැතුවම කාමරේට ගියා………… එදා රෑ තෙනූට නින්ද ගියෙත් නෑ……….. මේ අයව දාලා යන්න තියෙන දුකට තෙනූ එළි වෙනකම් ඇඬුවා.
ඊළඟ දවසේ තෙනූ උදෙන්ම ලෑස්ති උනා…. තෙනූ ලොකු බෑග් එකත් අරන් එළියට ගියා……. තෙනූ ඇදන් උන්නේ දිග ගවුමක්……. රෝසයි සුදුයි ගවුම නිසා තෙනූ තවත් ලස්සනට පෙනුනා……. ඒකටම මැච් වෙන්න ලොකු හැට් එකක් තෙනූ දාගෙන උන්නා………… තෙනූ යනකොට කට්ටියම එළියට බැහැලා…….. තෙනූට සමුදෙන්න………….
“තෙනු අත්ති මේත ඔයාත………”
බකී මලක් දිග් කරලා කිව්වා…….. තෙනූ එතන දණ ගහ ගත්තා……………
“තෙනූ අක්කි අපිව අමතක කරන්න එපා…….”
“ඔයා නැතුව ඉන්න බෑ අක්කි……..”
හැමෝම අඬන්න පටන් ගත්තා……… සිස්ටර්ලාටත් දුකයි…………
“කෝ එන්න මගේ චණ්ඩියෝ ටික………..”
. තෙනූ කට්ටියවම බදාගත්තා……… කටිටියම තෙනූව බදාගෙන අඬන්න ගත්තා………… බලන් ඉන්න කෙනෙක්ගේ ඇස් වලටත් කඳුලු එනවා…… ඒ ආදරේට………….. ඒත් මේ හැමදේම තෙනූගේ අනාගතය හදන්නයි……….
“හැමෝම දඟ නැතුව ඉන්න………. මං ඉක්මනට එනවා………… ඩංකු…….. අර පූස් තඩියට පාඩුවේ ඉන්න දෙන්න……. හරිද?? බුබූ……… බුබ්ලි ඔන්න දෙන්නා රණ්ඩු කරන්න බෑ…….. බකී බයියන් ඔක්කොම කාලා මං එනකොට ලොකු බබෙක් වෙලා ඉන්න ඕනි හරිද???……”
තෙනූ එක එක්කෙනාට වෙන වෙනම උපදෙස් දීලා සිස්ටර්ලාටත් වැඳලා ස්ටේෂ්න් එකට ගියා…….. පැය ගානක ගමනක් නිසා……. තෙනූට කෝච්චිය ඇතුලෙම නින්ද ගියා…………
“එක්ස්කියුස්මී මිස්……… මිස් කනවද??…..”
තෙනූ උඩ ගිහින් ඇහැරුනේ…… කවුද කතා කරපු කට හඬකින්……….
“සොරි මං මිස්ව භය කලා නේද……………. දැන් ගොඩක් වෙලා ඉඳලා නිදාගෙන උන්න නිසා මං හිතුවේ මිස්ට බඩගිනි ඇති කියලා………..”
එතකොටයි තෙනූ ඒ කටහඬ ආපු දිහා හරියට බැලුවේ………….. තෙනූ මොහොතකට ගල් උනා…….. ජිම් ගිහින් හදාගත්ත ඇඟ…. ඝණ රැවුල………. බලල් ඇස් ඔහුට එක් කරලා තිබ්බේ හරිම තේජාන්විත පෙනුමක්………
“මිස් කනවද…………”
එතකොටයි තෙනූ පියවි සිහියට ආවේ…….. තෙනූට ලැජ්ජත් එක්ක……… මෙච්චර වෙලා……. එයා දිහා බලන් හිටියා කියලා දැනෙනකොට……..
තෙනූ ඒ කොල්ලා දිග් කරපු පෑන් කේක් වලින් එකක් ගත්තා………..
“එකක් ඇතිද……….”
තෙනූ ඇති කියන්න ඔලුව වැනුවා……………
“මිස්ව මං මීට කලින් දැකලා නෑ……… මං නිතරම මෙහෙ යනවා එනවා…………..මිස් කොහෙ යන ගමන්ද??……..”
“මං….මේ……………නුවරෙළි……….”
“අහ් මාත් එහෙනේ යන්නේ……… කොයි හරියේද??”
“අහ්…..මේ………..මේ……… දන්නේ නෑ………….”
“අහ් දන්නේ නැහ්???”
“ඔ…………ඔව්……….. රස්සාවකට යන්නේ……”
“මං හිතන්නේ මිස් භය වෙලා………. මං යන්නම් මිස් රිලැක්ස් එකේ ඉන්න………. එනිවේ….. මං තේජාන්……….. තේජ් කියලා කියන්න………..”
“තෙනුලි…………….. තෙනූ කියන්න ………”
“හරි තෙනූ මං යනවා උවමනාවක් උනොත් කතා කරන්න……………..”
තෙනූ ටික වෙලාවක් ඒ කඩවසම් රූපේ දිහා බලන් උන්නා……………
සිස්ටර් කියපු විදිහට අදාල ස්ටේෂමෙන් බැහැ ගන්න තෙනූට පුලුවන් උනා………. බැහැලා තෙනූ වටපිට බැලුවේ…….. තමන්ව ගෙනියන්න වාහනයක් එහෙන් එවනවා කිව්ව නිසා……….
“එක්ස්කියුස්මී………… මිස් තෙනුලි??”
“ඔව් මෙ……….”
“ආ මිස් මං තමයි බංගලාවෙන් ආවේ මිස්ව කැන්දන් යන්න………….. එන්න මිස්………”
තෙනූ ඉතිම් ඒ වයසක මනුස්සයා පස්සෙම ගිහින් වාහනේට නැග්ගා………….. වාහනේ පුංචි පුංචි අතුරු පාරවල් ගොඩකින් ගිහින් බංගලාව කියලා හිතන්න පුලුවන් තැනකින් නැවැත්තුවා…….. මිස් බහින්න……… මං බෑග් ටික ගේන්නම්………………
තෙනූට ඇස් අදහා ගන්න බැරි උනා………..
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
ඒ මොකද ළමයි ඒ?? මොනාද තෙනූ දැක්කේ??
අදහස් කියන් යමු බලන්න ළමයි