💔බැඳීමක් නැත් මුදුවක්💔
තුන්වන කොටස
නෙහාරා මේ තරමට මාව ප්‍රතික්ෂේප කරන්නේ මේ දෙන්නාගේ සම්බන්ධය තවම තියෙන නිසා කියලා මට ඒ එක්කම හිතුනා……
මගේ හිතට මහා පරාජිත බවක් දැනුණා..
“ඇත්ත කි/ය/ප/න් නෙහාරා…ඇයි මේ දේවල් මගෙන් මෙච්චර දවස් හැංගුවේ?..උ/ඹ/ලා දෙන්නගෙ සම්බන්දෙ තවම තියනවා නේද ?…”
මම එහෙම ඇහුවේ වියලුනු උගුරට අමාරුවෙන් වදන් අරගෙන…..
මම එහෙම කියපු ගමන් උ/ඹේ මූණ එක පාරටම වෙනස් වුනා..
උ/ඹ හැපින්නක් වගේ තරහෙන් පුප්පන්න ගත්තා …
තරහා වැඩිකමට උඹේ මූණ රත් පැහැ ගත්තා..
“එන්න එපා බොරුවට පද හදන්න ..ඕකයි මම කලින් මේ කිසි දෙයක් කිව්වේ නැත්තේ…මගේ එහෙම සම්බන්ධයක් තිබ්බා තමයි..ඒත් ඔයාව ප්‍රපෝස් කරාට පස්සේ මම ර්‍ඒ සම්බන්ධය නැවැත්තුවා..”
අනේ ඇත්තමයි මට උ/ඹ කියන කිසිම දෙයක් තේරුම් ගන්න බෑ ..
උඹේ වදන් මට දැනුනේ ප්‍රහේලිකාවක හරස් පද වගේ …….
එකකට එකක් නොගැලපෙන පද ගළපා ගන්න බැරුව මම කල්පනා කරා…
“නෙහාරා කියන දෙයක් තේරෙන විදිහට කියනවා ..ත/මු/සේ මට එහෙම සම්බන්ධයක් තියෙනවා කියලා කිව්වා නම් මම මේ කසාදෙට කීයටවත් කැමති වෙන්නේ නෑ ….”
“අපේ ගෙදරින් මේකට කැමැති වුණේ නැහැ…එයාලා මට බලපෑම් කරා.මේ සම්බන්ධය නවත්තලා එයාලා කියන කෙනෙක්ව බඳින්න කියලා…”
ඇත්තමයි උ/ඹ එහෙම කිව්වම නම් මට උ/ඹ ගැන දුක හිතුනා …
මේ දේවල් ගැන මම කලින් දැනගෙන හිටියානම් අද මෙහෙම උ/ඹේ ආදරය
උ/ඹ/ට නැති වෙලා යන්නෙ නෑ ..
එහෙනම් උ/බ/ලා දෙන්නගේ ආදරේට මම තුන් වෙන්නෙක් වෙන්නේ නෑ කියලා මම පසුතැවුණා…
“ඉතින් නෙහාරා මම එදා ඔයාව බලන්න ආපු දවසේ ඔයාට තිබ්බා මට මේ දේවල් කියන්න ..එහෙනම් මම කීයටවත් ඔයාව බඳින්න කැමති වෙන්නේ නෑ .”.
“වැඩක් නෑ …අම්මලා එයාට අකමැති වෙයි කියලා මම හිතුවේ නෑ ..අම්මලා අකමැති වෙන කිසිම දෙයක් මම කරන්නෙ නෑ .ඔයාට කැමති වෙන්න කියලා මට ගෙදරින් බලපෑම් කරා…”
උ/ඹ එහෙම කිව්වේ කාමරයේ වහල දිහා බලාගෙන ..
මම උ/ඹේ දිහා එක එල්ලේ බලා ගෙන හිටියා…
උඹේ මූණේ තියෙන හැඟීම් විරහත කම මම දැක්කා …
උ/ඹ කියන්නේ ඇත්ත වෙන්නැති කියලා මට හිතුනේ උ/ඹේ මහුණේ තියෙන දුක්සහගත හැඟීම් මට අවබෝධවුණු නිසා ..
ඇත්තටම උ/ඹ/ත් පව්…
මාත් පව් ….
මම ලොකු හුස්මක් අරගෙන අපේ යුගල යහනේ උඹේ සමීපයෙන්ම වාඩි වුණේ මට උ/ඹ ගැන කියාගන්න බැරි තරමට අනුකම්පාවත් දැනුනු නිසා.
ඒත් දැන් ඉතින් මොනවා කරන්නද ?…
අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලය වහලා වැඩක් නෑනේ ….
උ/ඹ කසාද බඳින්න කලින්වත් මට මේ දේවල් කිව්වනම් මේකට මොනවා හරි විසඳුමක් අපිට හොයන්න තිබ්බා කියලා
මට හිතුනා…
“ඔයා මට බොරුවට චෝදනා කරන එක වැරදියි ..මම මේ කිසි දෙයක් දැනගෙන හිටියේ නෑනේ ….”
මම එහෙම කියනවත් එක්කම උ/ඹ ලොකු හුස්මක් පිට කරා …
“මම දන්නව මම වැරදියි තමයි…ඒත් මට ඔයාව දැක්කම ඉවසන්න බැරි තරමට තරහා යනවා ..මට ඔයා ගැන හැඟීමක් ඇති වෙන්නේ නෑ අයියේ.මට ඔයා ගැන කවදාවත් හැඟීමක් ඇතිවෙයි කියලා මම හිතන්නේ නැහැ…මම මොනවද කරන්නේ කියලා මට හිතාගන්න බැහැ..”
උ/ඹ එහෙම කිව්වාම මගේ ලෝකය උඩු යටිකුරු වුණා වගේ මට දැනුණා..
ගෙවන හැම තත්පරයකම උ/ඹේ ආදරයම බලාපොරත්තුවෙන මගේ හිතට වාවාගන්න බැරිතරම් දුකක් දැනුණා….
කිරට හඬන කිරි දරුවෙක් වගේ උ/ඹේ ආදරය වෙනුවෙන් මගේ හිත කෑගහලා අඬන්න ගත්තා..
තවදුරටත් මම ගැන අංශු මාත්‍රයකවත් හැඟීමක් නැති උ/ඹෙ/න් ආදරය අයදින එක පලක් නෑ කියලා මට හිතුණා…
ගතින් මගේ ළඟ උ/ඹ ඉදියත් උ/ඹේ හිත තවමත් අයිති උ/ඹේ ආදරවන්තයාට කියලා වැටහෙද්දී මම පුදුම තරමට අසරණ වුනා..
“නෙහාරා ලෑස්තිවෙනවා…”
“ඒ මොකටද?.”
උ/ඹ ඇහුවේ මගේ වදන් ගාණකට නොගෙන වගේ…
“තමුසෙට ඕනේ ත/මු/සෙ/ගේ ආදරවන්තයානේ…අපි යමු ඒකාව හම්බ වෙන්න..ඌ ත/මු/සෙ/ව බාර ගන්න කැමති නම් මම ත/මු/සෙ/ව හෙටම දික්කසාද කරනවා.එතකොට දෙන්නාට එකතු වෙන්න පුලුවන්නේ..”
මම එහෙම කිව්වම උ/ඹ ඇස් දෙකත් ලොකු කරගෙන මගේ දිහා මොහොතක් බලාගෙන හිටියා..
ඒ ඇස් වල මෙතක් වෙලා නොතිබුණු බියක් රැඳිලා තියෙනවා කියලා මට වැටහුණා..
“එ..හෙ..ම. කරන්න එපා…අයියේ…මටයි එයාටයි කොහොමටවත් එකතු වෙන්න බෑ..එහෙම වුනොත් මගේ ගෙදරින් මාව අයින්කරලා දාවි…”
උ/බේ කටහඬ හොඳටම බිඳිලා ගිහින්.
මට උ/ඹ ගැන ඇතිවුණේ එසේ මෙසේ තරහක් නම් නොවෙයි…
උ/ඹේ හොඳ නම රැක ගන්න උ/ඹ මගේ ජීවිතය බිල්ලට දෙන්න හදනවා…
එක්කෝ උ/ඹ මේ සේරම අමතක කරලා මාත් එක්ක් සතුටින් ජීවත් වෙන්න ඕනේ..
නැතිනම් උ/ඹ මාව දාලා උ/ඹේ ආදරය ළඟට යන්න ඕනේ…
උ/ඹ නිසා මගේ ජීවිතේ සතුට නැතිවෙලා ගිහින්….
උ/ඹ නිසා මම ඉන්නේ ගිනි ගොඩක දැවි දැවී ..
උ/ඹ නමට උපන් ආදරේ නිසා මාව මැ/රි මැ/රි ඉපදෙනවා කියලා ඇයි උ/ඹට තේරුම් ගන්න බැරි….
මම උ/ඹේ දිහා බලලා ලොකු හුස්මක් පිට කරා…
ඒත් උ/ඹට වගේ වගක් නෑ…
කය මිස හිත නැති උ/ඹට මම ගැන නිනව්වක්වත් නෑ…
💔💔💔💔💔💔
උ/ඹ/ට ආදරේ නොකර ඉන්න මම කොයිතරම් උත්සහා කරත්…
මගේ හිත ගහක් ගලක් කරගෙන
උ/ඹෙ/න් ම්දෙන්න මට අමාරු වුනා…
උඹ එක්ක මම අඩුවෙන් කතා කරන්න පුරුදු වුණේ උ/ඹ කට අරියොත් කතා කරන්නේ මගේ හිත රිදවන වචන නිසා…
මගේ හිත රිදවන එක උ/ඹ/ට සතුටක් වුණේ උ/ඹ මට ඒ තරමට වෛර කරන නිසා …
මලක් වගේ සියුමැලි උ/ඹේ හිත ගලක් වගේ ගොරහැඬි වෙද්දී මම හිත යටින් විඳවමින් ලෝකයට හොරා දුක් වින්දා…
උ/ඹ ගැනම හිත හිතා තුන්හිතම විඳින දුක උ/ඹ නොදන්නවාද නොදන්නවා වගේ ඉන්නවාද කියලා මට හිතා ගන්න බෑ..
වැදූ අම්මාගෙන් පවා මම ඒ දේවල් හැංගුවේ අම්මා වුනත් උ/ඹ ගැන වැරදියට හිතාවී කියලා…
අම්මාගේ හිතේ උ/ඹ ගැන වැරදී අර්ථකථනයක් මට මවා පාන්න නුවුමනා වුනේ මම ඒ තරමට උ/ඹට ආදරේ කරපු නිසා….
මොනතරම් උ/ඹ මට රිදෙව්වත් උ/ඹේ රුව ඉස්සරහා මම නිවිලා යන්නේ එක් ඇසිල්ලකින් …..
අපේම නෑයෙක්ගේ වෙඩින් එකකට යන්න උ/ඹ කහ පාට සාරියක් ඇඳලා කොණ්ඩෙට පිච්ච මල් වැලක් එතුවා..
උ/ඹේ රුව මේ තරමට සුහුඹුල් වෙන්නේ උ/ඹ තවමත් බමර පහස නොලද මලක් නිසාවත්ද කියලා උ/ඹේ හැඩ දුටුවාම මට හිතුණා..
වෙඩින් එක පුරාම උ/ඹේ රුව ඉස්මතුවෙලා කැපී පෙනෙද්දී මගේ හිතේ ඇතිවුණ ආඩම්බරය මෙතැකයි කියලා කියාගන්න බැරි තරම්….
වෙඩින් එක පටන් ගත් වෙලාවේ ඉඳන් අවසන් වන වෙලාව වෙන තුරාවට මගේ ඇස් තිබුණේ උඹ ළඟමයි….
මගේ ඇස් උඹ වටේට එහාට මෙහාට සැරිසැරුවා…
මදුවිතක් බොන්න උඹෙන් මිදිලා පිරිස අතරට වැටුණත් මගේ හිත තිබ්බේ උ/ඹ ළඟමයි…
තමන්ගේ බිරිඳට ඒකපාර්ශවික ආදරය කරන එකම සැමියා මම වෙන්නැති කියලා මට හිතුණේ හිතට ලොකු දුකක් ගෙනල්ලා..
මම ප්‍රමාණය ඉක්මවා මදුවිතෙන් සප්පායම් වුණා…
මම ගෙදර ගිහිල්ලත් උන්නේ හොඳ සිහියකින් නෙමෙයි කියලා මට හිතුණේ වටේ පිටේ තියෙන හැම දෙයක්ම මගේ වටා භ්‍රමණය වෙලා පෙනෙන්න ගත්ත නිසා….
ගෙදර ආපු වෙලාවේ ඉඳන්ම උ/ඹ මට රවන්න ගස්සන්න පුප්පන්න ගත්තේ ඇයි කියලා මම කල්පනා කරමින් උ/ඹ ළඟට ලන් වුණා..
“මොකෝ මැණික මට ගෙදර ආපු වෙලාවේ ඉඳන් රවන්නේ…”.
“රවන්න නෙමේ වටින්නේ..බොන්න පුළුවන් තරමට බොන්න ඕනේ…කොහෙද බොන්න ගියාම ලිමිට් එකක් නෑනේ….කෑදරකම..”
උ/ඹ මට දොස් කිව්වේ හරියට මාව බේබද්දෙක් ගානට දාලා කියලා මට හිතෙද්දී මට ඉවසාගන්න බැරි තරම් දුක හිතුනා..
මගේ ඇස් වලට උනපු කඳුළු ඇස් ඇතුලේ හිරකරන් ඉන්න බැරිතරමට මම පාලනයකින් තොර වුණේ බීමත්වුනාම මම අනික් වෙලාවටත් වඩා හැඟිම්බර වෙන නිසා කියලා මට හිතුණා…
“උ/ඹ කවදාද මට අපාහස නොකර මගේ දිහා ආදරයෙන් බලන් ඉන්නේ සුදූ.?..”
මම එහෙම ඇහුවේ මහා අසරණ විදිහට…
උ/ඹ මම කියපු දේ නෑසුණා වගේ උන්නේ මගේ තරහ තවත් වැඩි කරවමින්…
“මට මේ ඇදුම මාරු කරගන්න ඕනේ..යනවා මේ කාමරයෙන්…”
උ/ඹ එහෙම කිව්වේ අඩක් ගලවා ඉවත් කළ සාරිපොටෙන් නිරාවරිත ඉණ පෙදසත් වසා ගනිමින්….
“මට බෑ මම උ/ඹේ මිනිහා. මගේ ඉස්සරහා උ/ඹ/ට ඇඳුම් මාරු කරන්න බැරිද?..”
මම එහෙම කියද්දී උ/ඹ මගේ දිහා රවාගෙන බැලුවා..
“ත/මු/සෙ/ට පුදුම අ&හනයක්නේ තියෙන්නේ…යනවා මෙතනින්…”
උ/ඹ මගේ ඇඟට කඩන් පනිමින් එහෙම කැගහද්දී මට තරහ ඉවසාගන්න බැරිවුණා…
හමුවෙමු මීළඟ කොටසින්