03 දිගහැරුම 🌻
නැවුම් දිනකට අරුණළු කැන්දමින් හිරුසෙමෙන් එබිකම් කරද්දි…අහිංසා සෙමෙන් සෙමෙන් යහනෙන් නැගි සිට මැලි අරින්නට වුයේ නිවසේ පුරුද්දට දෑත් දෙපසට විදවමින් කට හොදහැටි විවර කර ඇනුම් යවමිනි….
නමුත් දෑස් විවර කරද්දි ඇගේ නෙත ගැටුන දසුනත් සමග ඇයට දැනුනේ…වලක් කපන් වැළලුනානම් කියාය…
යහන ඉදිරියේ දැත් ලයට බැදන් අහිංසා වෙත නපුරු බැල්මක් පා කරන් කේශ්වර සිටගෙන හිදින්න වුයේ ..අහිංසා කෙල පිඩක් ගිලෙද්දිය…
” ආ .නෝනා හමුට දැන්ද ඇහැරුනේ…අපරාදේ තව ටිකක් නිදා ගත්ත නම් දවල්ට කන්නම තිබ්බා..මරු වයිෆ් හස්බන්ඩ් නැගිටලා ඇග හෝදලා තේ බිව්වට පස්සෙද නැගිටින්නේ…ම්.”
“මේ…මේ…මේ..අ..අ..අයියේ ..නැ…නෑ ..මහත්තයා මේ මේ මට සමාවෙන්න .මේ..මට මහන්සි නිසා නින්ද ගියේ…වෙනදාට මෙහෙම වෙන්නේ නෑ..අනේ මහත්තයා මට සමාව දෙනවද..අනේ..ලොකු හාමිනේටනම් කියන්න එපා…..”
දෑසින් කදුලු බිදු රූටා වැටෙද්දී අහිංසා බිදුණුහඩකින් වදන් මුමුණන්න වුයේ ..කෙශ්වරට සිය විහිලුව දුර දිග ගියා වැඩියැයි තැවෙද්දිය…..
” අනේ දරුවෝ …ඔයා ඔය අඩනවද.මන් විහිලුවක් නේ කලේ…මන් දන්නවානේ ඔයා ඊයේ අර බර ඔසරියත් පටලන් අමාරුවෙන් හිටියේ කියලා…ඉතිං ඔහොම නින්ද යන එක අහන්න දෙයක්ද.මටත් දැන් ටිකකට කලින් ඇහැරුනේ…දෝණී ඉන්න විදිහ දැකලා මට ඇහැරවන්න ලොභ තිතුනා එකයි මන් ඔයා ඇහැරෙනකම්ම හිටියේ ..මන් කිව්ව දේවල් සීරියස් ගන්න එපා..
කිරිල්ලියක් වගේ දුවලා පැනලා නිදහසේ ඉන්න ඕනි කාලේ මමයි ඔයාව මේ කසාදයක් අස්සේ හිරකරගත්තේ ..”
කේශ්වර වහා ඇය අසලින් යහනෙහි අසුන් ගෙන ඈ සිය ලයට තුරුල් කරගන්න වුයේ දෙවරක් නොසිතා ය…..
” අනේ..එහෙම දෙයක් නැ..මහත්තයා ..මහත්තයා කිව්වේ විහිලුවක් උනත් එක ඇත්තනේ..මන් හරි නම් මහත්තයාට කලින් ඇහැරෙන්න එපැයි.ඉන්න මන් මහත්තයාට තේකක් හදලා දෙන්නම්…”
” හරි පැහිච්ච් කතා නම් දන්නවා..දොඩන් ගෙඩි දෙකක් උස නැති උනාට..යන්න යන්න ගිහින් වොශ් එකක් දන්න එන්න..මෙතන ගද ගස්සන්නේ නැතුව …”
” අනේ මහත්තයා …….”
අහිංසා කෝල බවින් යහනෙන් බැස නානකාමරයට දිව යන්න වුයේ .කේශ්වරගේ මුවෙහි ලා මදහසක් නැගෙද්දිය ….
” පිස්සු කෙල්ලක්…..”
” අනේ මහත්තයා …….මන් හදලා දෙනවනේ. ඇයි මේ මහත්තයා කරදර වේලා..මන් මේ මුණ හෝදන් ඇවිත් මහත්තයාටත් එක්ක තේ හදන්න හිටියේ ……”
” හරි හරි දැන් ඉතිං මන් හැදුවානේ..හෙට ඉදන් නෝනා තේ හදන්නකො..දැන් ඇවිත් මේක බොන්න සීතලේ ගැහි ගැගි ඉන්නේ නැතුව …”
” මේ…මේ..ම…මහත්තයා ……..”
” එ පාර මොකද…ඔය හොර ගල් අහුලන්නේ..
ඔහොම බිම හෑරුවොත් නම් ටයිල් එකත් ගෙවෙයි..”
තේ කෝප්පය දෝතින් බදාගෙන කේශ්වර අසලින් සිට ගෙන අහිංසා ඔහුට කතා කරන්න වුයේ ..සිතේ වද දෙන දෙයක් පිලිබද අසන්නට වුවත් .ඇයට එය ඇසීමට සවියක් නොමැති කල් මරණ්න වුයේ පයේ ඇගිලි වලින් බිම හාරමිනි……
” අහන්න තියන දෙයක් බය නොව් අහන්න දරුවෝ .ඔච්චර හිත හිත ඉන්නේ නැතුව …”
” මේ..මේ මහත්තයගේ අම්මා…මේ ලොකු මැනිකේ දැන් ඒවිද මේහාට……”
” එ මොන එහෙකටද අපේ අම්මා මේ හොටෙල් කාමර ගානේ රිංගන්න එන්නේ..එයාට වෙන වැඩ නැතුවටද..මොකෝ මේ උදේ පාන්දර විකාර අහන්නේ…..”
” නෑ..මහත්තයා මේ..මේ අර..අර අරක බලන්න ලොකු මැණිකේ එන්නේ නෑ නේද..”
” මොක්කද දරුවෝ අරක අරක ගන්නේ .
මොනවා බල්ලනද අපේ අම්මා එන්නේ.”
” අනේ ලොකු බේබි අරක අනේ පොඩ්ඩක් තේරුම් ගන්නකෝ…”
කේශ්වර නලල රැලි නවමින් ඈ දෙස මොහොතක් බලා හිදින්න වුයේ .ඇය පවසන එ හතර බීරි කතාව ඔහුට තේරුම් ගත නොහැකි වුවත්..ඇයගේ කෙමෙන් කෙමෙන් රත් පැහැ ගැන්වෙන වතත් ඇගේ දැස් යොමු වු දිශාවටත් වරින් වර නෙත් ගෙන ගිය ඔහට ඇය පැවසීමට උත්සහ කල දේ තේරුම් යන්න වුයේ ..ඔහුගේ මුවෙහි ලා මදහසක් නැගෙද්දිය …
” පිස්සු කෙල්ල මෙහෙ එන්නකෝ…කොහෙද මන් ඊයේ ටිකක් කතා කරන්න ඔනි කියලා හිතන් හිටියට මටත් කලින් නිදා ගත්තනේ..හොද දරුවා වගේ මෙතනින් වාඩිවෙන්න ..”
” ලොකු බේබි…..මේ..මේ මන් මෙහෙම ඉන්නම්..කමක් නෑ..මොක්කද කියන්න තියෙන්නේ …..”
” මේ අහන්න අහිංසා මන් වලව්වේ ලොකු බේබි වෙන්නැති කලින් ඔයාට..එත් දැන් මන් ඔයාටගේ හස්බන්ඩ් එ නිසා..ඔය බොරු මනස්ගාත හිතින් ඇතැරලා මේන්න මෙතනින් වාඩිවෙන්න .අනික ඔයා දැන් නිකන්ම නිකන් අහිංසා මන්දහාසිනි නෙවෙයි ..අහිංසා මන්දහාසිනි ඉරුගල්බණඩාර ….ඒ කියන්නේ ඉරුගල්බණඩාර වලව්වේ ලේලි.. ඔයාට මන් වගේම දැන් ඒ හැමදේකටම අයිතිවාසිකම් තියනවා..එනිසා ඔයා අපේ අම්මා ඉස්සරහා උනත් ඔලුව නමන් ඉන්න ඕනි නෑ..තේරුනාද…”
” ඔ..ඔව් ම…මහත්තයා …..”
” හරි හරි මේ අහන්නකෝ. මගේ වයස එක්ක ගත්‍තහම ඔයා තාම පොඩි දරුවෙක්.ඔයාව තලලා පොඩි කරලා මගේ අමාරුකම් ඇරගන්න තරම් මන් තිරිසනෙක් නෙවෙයි .ඔයා තව ටිකක් ලොකු උනාහම ඔයා මට කැමති නම් විතරක් ඒ දේවල් අපි අතරේ වෙයි..එතකන් ඔයාට ඔයාගේ අකමැන්තෙන් මන් අතක්වත් තියෙන්නේ නෑ දරුවෝ ..එ ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා හොදද..
ඊටත් වඩා මන් අම්මාට කලින්ම කියලා තිබ්බේ..ඔයා විකාර වැඩ වලට එන්න එපා කියලා..එ නිසා ඔයා බය වෙන්න එපා..අම්මා එන්නේ නෑ..ඕවා බලන්න….
ඉතිං දැන් මට කියන්න ඔයා දැන් කොච්චර දුරට ඉගෙන ගෙනද තියෙන්නේ ..’
” මේ මහත්තයා මන් කෑම්පස් තේරිලා හිටියේ ..එත් මේ..මට කසාද බදින්න උන හින්දා මට යන්න වෙන්න නැනේ…..”
” ම්..අහිංසා ආසයිද කැම්පස් යන්න….”
ඈ මලක් මේ සිනා සී හිස ඉහල පහල සොලවන්න වුයේ …ඔහුගේ ලය රිදුම් දෙද්දි……
” අපේ අම්මලා මේ පොඩි කෙල්ල මගේ බන්දලා දිලා මොනවා බලාපොරොත්තු වෙනවද මන්දා…පව් කෙල්ල කොච්චර ආසාවෙන් මන් අහද්දිත් උත්තර දෙන්නේ..පව් ආසාවෙන් ඉන්න ඇත්තේ කැම්පස් යන්න……”
” ම්..කොහෙද ඔයාට කැම්පස් ආවේ…”
” මේ.ම..මට පේරාදෙණිය කැම්පස් එක ආවේ..එත් දැන් එකෙන් වැඩක් නෑනේ…”
” එ මොකද එකෙන් වැඩක් වෙන්න නැත්තේ..කොච්චර හොද කැම්පස් එකද්ද ඇවිත් තියෙන්නේ ..මාත් ගියේ එකට….”
” ඔය ඇත්තමද..මහත්තයා ගියෙත් එකද..එක හරි ලස්සනයිලු නේද මහත්තයා ..
එයත් ඉතිං මට දැන් යන්න වෙන එකක් නැනේ…..”
” ඇයි දැන් යන්න වෙන්නේ නැත්තේ ..කවුද දැන් ඔයාට යන්න එපා කියලා කිව්වේ.”
” අනේ ..ඔය ඇත්තමද..මහත්තයා මට කැම්පස් යන්න දෙනවද..අනේ..කියන්නකෝ මහත්තයා ..ඔයා මට යන්න දෙනවද..”
” ම්..බලමුකෝ අපි..”
මෙච්චර වේලාවක් සිනාවෙකින් ප්‍රීතියෙන් හිදි ඇගේ මුණ ඔහුගේ වදන් සමග හුළං ගිය බැලුමක් මේන් මිලාන වුයේ ..ඔහුගේ මුවෙහි සිනාහවක් සිත්තම් වෙද්දිය ..
” ඇදුමක් දාන් ලෑස්ති වෙන්න අපි පොඩ්ඩක් එලියට ගිහින් ඇවිදලා එමු…”
මතුසම්බන්ධයි