🌟තරු ඇස්🌟
- කොටස
“සිස්ටර් මරියා…………… කම් හියර් ප්ලීස්”
“යෙස් සිස්ටර් තෙරේසා…………”
“තෙනූ ඉන්නවද…………”
“පේන්න නම් හිටියේ නෑ……….. ගැන්සිය එක්ක කොහෙ හරි ඇති………….”
” සිස්ටර් මරියා…………… ගිහින් තෙනූට පොඩ්ඩක් එන්න කියනවද මගේ රූම් එකට……..”
“ඕකේ සිස්ටර්…………..”
මේ පිටිසරබද පලාතක තියෙන තරමක් කුඩා කන්‍යාරාමයක්……………. මේ කන්‍යාරාමයේ අනාත දරුවන් 10ක් විතර රැක බලා ගන්නවා………. තෙනූ කියන්නෙත් ඒ වගේ දරුවෙක්……….. දරුවෙක් කිව්වට තෙනූට අවුරුදු 23ක්……….. කට්ටිය මෙයාට තෙනූ තෙනූ කිව්වට මෙයාගේ නම තෙනුලි………. තෙනූ කියන්නේ ආදරේට……………. තෙනූව සිස්ටර් තෙරේසට හම්බෙන්නේ අවුරුදු 10 දී…….. පාරක් අයිනේ ඉඳලා……….. කෙල්ල හොඳටම බඩඟින්නේ භයෙන් තමයි ඉඳලා තියෙන්නේ……. තාමත් කෙල්ලට ඒ අතීතේ මතක නෑ……. ලාවට පේන ඡායාවන් ඇරෙන්න………. තෙනූට තමන් පොඩි කාලේ කිසිම දෙයක් මතකෙට එන්නේ නෑ……… ඒත් තෙනූ වැස්සට මාර භයයි………
” ඕ මයිගෝඩ් තෙනූ………….. කොහෙද ඔය ඉන්නේ……………”
සිස්ටර් මරියා ඒ කෑගැහුවේ අඹ ගහ උඩ ඉන්න තෙනූව දැකලා…………. තෙනූ අඹ ගහ උඩ ඉඳන් අඹ කඩ කඩ බිමට දානවා……… පහළ ඉඳන් තෙනූගේ ගැන්සිය…………. ඩිකූ….. චිකූ……. බබූ…….. බුබ්ලි…… ටීනා……. මීනා………..ඩංකු….. බිංකු……… චකී……..බකී……….. ඒ අඹ අල්ලන්න මාර ගේමක් දෙනවා………. ඒ නම් අමුතුයි වගේද…….. ඒ එයාලගේ ඇත්ත නම් නෙමේ…… ඒ තෙනූ එයාලට දාපු නම්………… මේ ගැන්සියේ හැමෝටම අවුරුදු 14ට වැඩි නෑ………. ඩිකූ තමා වැඩිමල්ම………. පොඩිම කෙනා බකී එයාට අවුරුදු 2යි…….. ඉතිම් ඔයාලා බලනවා ඇති….. තෙනූ ඇයි මේ පොඩි උන් ටිකක් ගැන්සිය විදියට තියන් ඉන්නේ කියලා…… ඒකට හේතුව තෙනූගේ වයසේ හැමෝම මේ වෙනකොට සිස්ටර්ස්ලා වෙලා…………. තෙනූ හැම වෙලේම සිස්ටර් තෙරේසට කරදර කරත් තමන්ට සිස්ටර් කෙනෙක් වෙන්න ඕනි කියලා……. සිස්ටර් තෙරේසා කිව්වේ තෙනූ තාම ඒකට සූදානම් මදි කියලා………… දෙවියන්වහන්සේගේ කැමැත්ත අනුව වෙන්න ඉඩ හරින්න කියලයි සිස්ටර් නිතරම කිව්වේ…………..
“තෙනූ මං කියලා තියෙනවා නේද……… ඔය වගේ දඟවැඩ කරන්න එපා කියලා………. බලන්න සිස්ටර් කෙනෙක් වෙන්න නේද ඉන්නේ……….. ඇයි ඔච්චර මුරණ්ඩු ???………”
තෙනූ කලේ අඹ අත්තේ ඉඳඟෙන දත් තිස් දෙකම එලියේ දාලා හිනා උණ එක………
“තිත්ත මලියා…….. තෙනූ අත්තිට බනින්න එපා…….. මතයි ආබුං ඕනි තීවේ……….”
ඒ බකී……… අමාරුවෙන් වචන ගැට ගගහා කියද්දී සිස්ටර් මරීයට හිනා……..
“තෙනූ අන්න ලොකු සිස්ටර් රූම් එකට එන්න කිව්වා……….. ගිහින් බලන්න ඇයි කියලා……..”
සිස්ටර් මරියා බකීව වඩා ගන්න ගමන් කිව්වා….
අපොයි ඒ පාර මං මොන වැරැද්දක් කරලද දන්නේ නෑ……
එහෙම හිත හිත තෙනූ හෙමින් ගියේ…… ලොකු සිස්ටර්ගේ කාමරේට………..
“එක්ස්කියුස්මී සිස්ටර් තෙරේසා මේ අයි කම් ඉන්…”
“යස් ප්ලීස්………….”
“සිස්ටර් මට එන්න කිව්වා කියලා සිස්ටර් මරියා කිව්වා………..”
“ඔව් මං එන්න කිව්වා තමා………. ඔතනින් වාඩි වෙන්නකෝ තෙනූ………”
“සිස්ටර්???…….”
සිස්ටර් කතා කරන විදිහට නම් මොකක් හරි බරපතල සීන් එකක් වෙන්න ඕනි……..
“ඉඳගන්නකෝ තෙනූ මුලින්ම…………”
තෙනූ සිස්ටර් පෙන්නුව පුටුවේ ඉඳගත්තා……..
“තෙනූගේ දඟ වැඩ එන්න එන්නම වැඩි වෙනවා….. “
“සොරි සිස්ටර්…….”
“දැන් බලන්න අපි ඔයාව නර්සින් දැම්මා ඔයා ඒකත් බෑ කියලා ආවා………. “
“අනේ සිස්ටර් මං කැමති නෑ එතන හිටපු ඩොක්ටර්ට……………”
ඇත්තටම එතන හිටපු ඩොක්ටර් විවාහක උනත් තෙනූට අයුතු යෝජනා ගෙනාවා….. තෙනූ ඉවසලා බැරිම තැන තමා එතනින් ආවේ…….
“හරි දරුවෝ මං ඒක දන්නවා……….. ඒත් එතන ඉන්න බැරි නම් වෙන තැනක හරි රස්සාවට යන්න ඕනිනේ…………”
“ඒත් සිස්ටර් මං කැමතියි මෙහෙ ඉන්න………. මෙහෙ ලෙඩ්ඩුන්ට සාත්තු කරන්න………”
“ඒත් දැන් ඔයා ලොකු ගෑණු ළමයෙක්………. ගෑනු උනාම අපි දැන ගන්න ඕනි කාටවත් අත නොපා ජීවත් වෙන්න…………. ඒකට සල්ලි ඕනි…….. මෙහෙ අයට සාත්තු කලා කියලා ඔයාට පඩි ලැබෙන්නේ නෑනේ තේනූ…………..”
“ඉතිම් සිස්ටර් මං සිස්ටර් කෙනෙක් වෙන්නනේ ඉන්නේ……………. එතකොට මොකටද සල්ලී??…..”
“තේනූ මං ඔයාට නිතරම කියනවා………… අපි හැම වෙලේම දෙවියන්වහන්සේගේ කැමැත්තට ඉඩ දෙන්න ඕනි……………”
“සිස්ටර් තෙරේසා කියන්න හදන්නේ??……….”
“ඔව් මං කියන්නෙ …………………”
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
ඔන්න පළවෙනි කොටස ගෙනාවා………. අද ඉඳලා දිගටම කතාව දාන්න උත්සහ කරනවා…….
ඔන්න අද ප්‍රශ්නේ මොකක්ද සිස්ටර් තෙරේසා කියන්න යන්නේ??