-19 කොටස-

“හෙලෝ….බොස් කියන්න…මොකද කරන්න ඕනේ..”

“මං මග ඉන්නෙ…තවත් ප්‍රමාද කරන්න බෑ… ලොක්කා කෙසේ වෙතත් ලොක්කගේ යාළුවා ෂුවර් නෑ…පොර දැනගත්තොත් පොලිසියට දෙනවා ෂුවර්….”

“ඒත් බොස් ලොක්කා නම් දෙන්නෙ නෑ… මට සර්ව ෂුවර්..කෙලින් කතාව…සිරා පොරක්”

“යකෝ උඹලගේ බොස් මම නෙවෙයිද?”

“හරි හරි බොස් ..මේ ගේම් එකට විතරනෙ ඉතිං…දැන් ඉතිං මොකද කරන්න ඕනේ…”

“දැන්ම කෝල් කරලා කියනවා තව පැයක් යනකොට සල්ලි එක්ක ගේ ළඟට එන්න කියලා..උඹලත් එතෙන්න යනවා .සල්ලි ටිකත් අරං ඉක්මණට මාරු වෙනවා..හරිනෙ…”

“එතකොට බොස් කෙල්ල..”

“බූරුවො..කෙල්ලවත් දෙනවා…ආ..මෙහෙම කරනවකො… ගෙදර යතුර දීලා කෙල්ලව අරං යන්න කියනවා.. කෙහොමත් අපිට ආයෙ ඔය අත ඇරලා දාපු ගෙදරින් වැඩක් නැහැනේ..උඹලා මං කීව පොට් එකට ආපුවම ගණුදෙනු බේරගමු..හරිනෙ වැඩේ..”

“සිම්පල්නෙ බොස් ඔය තියෙන්නෙ අපූරුවට බැබළි ..බැබළි..ඒත් බොස් එතකොට අපි කොහොමද අපිට එදා ලොක්කා සළකපු වාඩුව ගන්නේ..”

“මේ ….ඒක පස්සෙ අරගමු..දැන් අපි මේ වැඩේ ඉවරයක් කරගෙන ඉමු..දන්නවනේ නූලෙන් හරි ගැස්සුනොත් කෝටි පහක් වතුරෙ…”

“ඕකේ.බොස්…එහෙනම් ගුඩ් බායි.”

🌿🌿🌿🌿🌿🌿

හිමංස පන්සලෙන් එළියට ඇවිත් කාර් එක ස්ටාර්ට් කරගත්තා..එතකොටමයි ෆෝන් එක රිං වුණේ…අර නම්බර් එක..

“හෙලෝ…”

“හෙලෝ…. සර්.. කොහෙද ඇවිදින්නේ..ඉබාගාතේ ගියාට මැඩම් මීට් වෙන් නෑ…”

“ඕයි..තමුසෙලා මං ගැන ඇහැ ගහගෙන ඉන්න කොට කවුද මැඩම්ව බලා ගන්නෙ”

“ඇයි අපේ බොස් ඉන්නේ….”

.එහෙම කියලා මදාවියා මහ සද්දෙන් හිනා වුණා..

“මගෙන් මොකුත් නාහා ඔය හැකර කට වහගන්නවා …”

“ඕකේ සර්…එහෙනම්… ප්ලෑන් එක චේන්ජ් කලා..ඒක කියන්නයි මං කතා කලේ..තව පැයක් ඇතුලත සල්ලි අරගෙන සර් එන්න ඕනේ….තනියම..හරි….”

“හරි ..තැන කියනවා..”

“තැන මැසේජ් කරන්නම් පැය බාගෙකින්. සර් ගෙදර ගිහින් සල්ලි ටික අරං එන්නකො….. හහා….”

හිමංස ෆෝන් එක කට් කරලා ඇක්සලේටරේ පෑගුවා….

නිශාදි හිටිය නම් කියයි ඔන්න ඩූම් ත්‍රී පටං ගත්තා කියලා…නිශාදි…නිශාදි…කොහෙද ඔයා ..තව පැයකින් මං ඔයාව මං ළඟට ගන්නවා කෙල්ලෙ…

හිමංස යන ගමන්ම කෝල් කලේ අප්පච්චිට..

“හෙලෝ පුතා..කොහෙද කොල්ලො ඉන්නෙ..අපි මේ බයවෙලා ඉන්නෙ…”

“අප්පච්චි..මං කියන දේ හොදට අහගන්න..කලබල වෙන්න එපා හරිද?අම්මට කියන්නත් එපා..එයා කලබල වෙනවනේ…මං උදේම ගණූදෙනු ඔක්කොම බේරන්නම් ..මට කෝටි 3 ක් ඕනේ….මේ දැන්මම..

මං ළඟ දැනට කෝටි දෙකක් තියනවා… බෑන්ක් එකෙන් උදේම ඉතිරිය ගන්න වෙන්නෙ..ඒත් දැන්ම මට මේ සල්ලි ඕනේ…”

“පුතා මොනවද කියවන්නෙ මේ…”

“ප්ලීස් අප්පච්චි..බිලීව් මී..මං කරන්නෙ හරි දේ… මං ගෙදරට එනවා දැන් ..සල්ලි ලෑස්ති කරලා තියන්න..”

“ඕකේ පුතා….හෙට ඩීල් එකකට ගත්තු සල්ලි වගයක් මං ළඟ දැන් තියෙනවා… මං ඒක දෙන්නම්..”

“තෑන්ක්ස් අප්පච්චි…”

හිමංස සැනසුම් සුසුමක් හෙලුවා…

දෑලබණ්ඩාර පරම්පරාවම දේපළ ,වතුපිටි… හිමි වැවිලි කාරයො…. ඊට අමතරව ගිරිරාජ් දෑල බණ්ඩාරට වගේම එයාගෙ පුත්තු දෙන්නටත් වෙන වෙනම කම්පැණි තිබුණා..ඉතිං සල්ලි කියන්නෙ මහ දෙයක් නෙවෙයි එයාලට…ඒත් ඒ අය ගත කලේ සාමාන්‍ය ජීවිතයක්..ඒකයි වෙනස…

හිතුවක්කාර දඩබ්බර විදිහට හිටියෙ හිමංස විතරයි…ඒත් දැන් යාන්තම් හිමංස පිළිවෙලක් වීගෙන ආවා විතරයි…

මහ රෑ ගෙවිලා පාන්දර හතරට කිට්ටුයි… හිමංස මදාවියා මැසේජ් කරලා තිබුණු තැනට ආවෙ තනියමමයි..ගිරිරාජ් එන්න හැදුවත් හිමංස කැමති වුණේ නෑ…කොහොමත් රාජ් දන්නවා පුතා යකෙක්ටවත් බය නැති විත්තිය…

චතුරිකාව කන්ට්‍රෝල් කරගන්න තමා අමාරු වුණේ..එයා කේන්දරයක් බදා ගෙන විලාප තියනවා…

හද එළිය යන්තම් වැටිලා තිබුණු පාරෙ හිමංසගේ කාර් එකේ ලයිට්ස් එක්ක ගේ එලිය වුණා..

හිමංස කාර් කෙන් බැස්සෙ බෑග් එකත් අරගෙනමයි..මදාවියෝ තුන්දෙනා වෑන් එක ළඟ හිටගෙන හිටියා..

“සර්…. නියමයි ..සුපිරියි… සන්තෝෂයි..”

“ඇති ඇති ඕයි බයිලා..කෝ නිශාදි… “

“මං කීවෙ බං උඹලට ‍සර් නියම සුපරි ඩයල් එකක් කියලා… “

මැද හිටපු එකා අනිත් දෙන්නට කියනවා..
“මේං උඹලට ඕනේ වුණු බල්ලොත් නොකන සල්ලි ..ආ..තියා ගන්නවා..”

හිමංසම ඉස්සරහට ඇවිත් සල්ලි බෑග් එක මදාවියා අතට දෙනකොට තුන් දෙනාම ඩිම් වුණා වගේ බලං හිටියා..

“කොයි බං මගෙ කෙල්ල..උඹලට ඕකත් මදි නම් හෙට මගේ ඔෆිස් එකට වරෙං ඉල්ලන ගාණක් දෙන්නම්..දැන් මගේ කෙල්ල දීපල්ලා..”

“අයියා..ඇත්ත තමා ..අයියා කීවට විශ්වාස කලෙත් නෑ අපි…අපේ බොසා වගේ නෑ..කැලෑ ටෝක් නෑ.”

අනිත් කොල්ලො දෙන්නා කියනකොට මැද හිටපු කොල්ලා කොලර් එක උස්සනවා..

“සර්… මැඩම් ඉන්නවා අර ගෙදර තියෙන එකම රූම් එකේ …මෙන්න යතුර..අපි මදාවියෝ වුණාට ..ජෙන්ග්ල්මන්ට්ලා…. මැඩම්ට හීරීමක්වත් වෙලා නෑ….එහෙනම් අපි කැපුණා..සුබ මංගලම් ….”

මදාවියෝ තුන්දෙනා වාහනේට නැගලා ගියාට පස්සෙ හිමංස දිව්වෙ ගේ ළඟට …යතුර දාලා දොර ඇරලා වහලා තිබුණු කාමරේ දොරත් ඇරියෙ පුළුවන් ඉක්මණට…දෙයියනේ නිශාදි …..කෝ නිශාදි..කාමරේ හිස්..

හිමංස පිස්සෙක් වගේ කාමරේ පුරාවට ගියා.. අරුන් මාව රැවැට්ටුවා…ෂිට්..මහ මෝඩයෙක් මං..කෙල්ල දකින් නැතුවම සල්ලි දිග් කලා…

ඒත් එක්කම හිමංස දැක්කේ..කාමරේ ජනේලේ බිදිලා වීදුරු කටු හැමතැනම ගිහින් තියෙන හැටි…ඇද පොල්ලක් ..බිම වැටිලා…ජනේලේ යකඩ කූරු දෙකක් ඇදවෙලා…

ඕ….ගෝඩ් ..නිශාදි… ඔයා මෙතනින් පැන්නද? හිමංසට හිතා ගන්න බෑ කෙල්ලට මෙච්චර හයියක් ආවෙ කොහොමද කියලා

ඒත් ඔයා කොහෙද ගියේ නිශාදි..දැන් කොහොමද මං ඔයාව හොයන්නේ…ඔයා දන්නවනෙ කෙල්ලෙ මං තියෙන සන්තකේම දීලා හරි ඔයාව බේරග්නනවා කියලා.. ඇයි හිටියෙ නැත්තෙ මං එනකල්.

.හිමංස දැක්කා බිම දිලිසෙන දෙයක්.. බලද්දි ඒ මාලයක්.

ඔව් නිශාදිගෙ මාලෙ…. හාට් ෂේප් පෙන්ඩන්ට් එක….ඒ කියන්නෙ නිශාදි මෙතන ඉදලා තියෙනවා… ඒක කැඩුණෙ කොහොමද?

හිමංස ආයෙ බල බලා හිටියේ නෑ..ජනේලෙන් පැනලා අදුරෙම ඉස්සරහට ගියා… මදාවියොන්ගෙ වෑන් එක පේන්න වත් නෑ…සමහර විට උන් කෙල්ලව ආයෙත් අරං ගියාද?

හිමංස හද එළියෙන් කැලෑව පැත්තට ගියා…කොහොම හොයන්නද?

“නිශාදී..නිශාදි….”

කොල්ලා උගුර ලේ රහවෙනකල් කෑ ගගහා ඉස්සරහට ගියා….පාරක් …අඩි පාරක් මොකක්වත් නෑ… කැලෑවක්… නිශාදි මෙහෙට ආවද ..කොල්ලට හිතා ගන්න බෑ…

හිමංස ආපහු හැරිලා පාර පැත්ත හොයා ගෙන ආවා.

.‘‘නිශාදී….’

පාරෙ කාණුවක් ළඟ බෝක්කුවක හැංගිලා බයෙන් වේවල වෙව්ල හිටිය නිශාදිට හිමංසගේ හඩ ඇහුණෙ හීනෙන් වගේ… ඒත් ඒ හිමංසමද කියලා කෙල්ලට විශ්වාස කරන්නත් බෑ…මුළු ඇගම හීරිලා තුවාල වෙලා වේදනා දෙනවා… මේ බොක්කුව අස්සෙ හිරවෙලා ඉදලා ඊටත් වඩා මුළු ඇගම රිදෙනවා…

“නිශාදී..”

ඔව් ඒ හිමංසම තමයි…ඒත් නිශාදිට කතා කරගන්නවත් පණක් තිබුණෙ නෑ….

කොහොමහරි හිතට හයිය අරගෙන නිශාදි බෝක්කුවෙන් එලියට ආවා…ඇවිත් පාර දිහා බලද්දි ඈත ඉන්න හිමංසව දැක්කා…

“නිශාදි “

හිමංස තවම නිශාදිව දැක්කෙ නෑ….හිමංස … පාරෙ අනිත් පැත්ත හැරෙනකොටම හද එලියෙන් දැක්කෙ නිශාදි හෙමීට උඩට එන හැටි… තත්පරයක් වත් ප්‍රමාද උනේ නැති හිමංස කෑගහගෙනම නිශාදි හිටපු පැත්තට දුවගෙන ගියා…..

ගාට ගාට හිමංස දිහාට ආපු නිශාදි එක පාරටම ඇදගෙන වැටුනෙ හිමංසගෙ අත් දෙක උඩට….

“නිශාදි …. මගෙ කෙල්ල මොකද උනේ…”

හිමංස ගොඩක් බය වෙලා හිටියෙ.. නිශාදිගෙ ඇස් දෙක පියවිලා තිබුනෙ.. මූන පුරාම ලේ පැල්ලම්… අත් දෙකත් හීරිලා…. ගවුම පුරාම මඩ….

නිශාදිව හරහට වඩා ගත්තු හිමංස .. පුලුවන් වේගෙන් කාර් එක දිහාට දිව්වා…

💜️💜️💜️💜️💜️

නිශාදි කලේ ලේසියෙන් කෙල්ලෙකුට කරන්න බැරි වැඩක්…. ඇදේ පොල්ලෙන් ගහලා ජනේලේ කඩපු කෙල්ල යකඩ පොලු දෙකත් කොහොමහරි ඈත් කලා….. ජනෙලෙන් පනිද්දි වීදුරු කටු වලට අතත් තුවාල උනා…

ඒත් වේදනාව අමතක කරලා පාර පැත්තට දිව්වත් පේන හරියක එලියක් නෑ.. හද එලියයි පොඩ්ඩක් හරි උදව්වට තිබුනෙ… සෑහෙන දුරක් දිව්ව කෙල්ල ඈතින් වාහනයක හෝන් සද්දයක් ඇහිලා බය උනු පාර තමා අඩ අදුරෙම පාරෙ යට තිබුනු බෝක්කුවක් අස්සට රිංගුවේ….

එලිය වැටෙනකල් එතනට වෙලා ඉන්න එක හොදයි කියලා නිශාදි හිතලා තිබ්බෙ…ඒත් හිතුවෙ නැති විදිහටයි හිමංස එතනට ආවෙ.

.
💜️💜️💜️💜️💜️

හිමංස ප්‍රයිවට් හොස්පිට්ල් එකේ රූම් එකක දොරේ වීදුරුවෙන් කාමරේ ඇද උඩ ඉන්න නිශාදි දිහා බලං හිටියා.. තවම කෙල්ලට සිහිය ආවෙ නැහැ… හිමංස ඉවසන් හිටියෙ පුලුවන්වට නෙවෙයි.

මොකද උනේ මගෙ කෙල්ලට… හැමතැනම හීරිලා… පව්… කොහොම පැන්නද අර ජනෙලෙන්….. ඇයි නිශාදි මං එනකල් නොහිටියේ… ඒත් නිශාදි බය වෙන්න ඇති සමහරවිට මං මේ ගැන දන්නෙ නෑ කියලා. ඒ නිසා පැනලා යන්න ඇති…

කොහොමහරි මට ඔයාව ලැබුනනෙ.. ඒත් අර බූරුවො ටික නම් මං අත අරින් නෑ…. කටවල් නම් තිබුනෙ කොහොමද … ඒත්… ශිට්……..

හිමංසට පිස්සු වගේ දැන්.. ඇයි මේ කෙල්ල ඇස් අරින්නෙ නැත්තෙ .. දැන් පැයහතරක් තිස්සෙම හිමංස නිශාදි දිහා බලං ඉන්නවා…