බැඳීමක් නැති මුදුවක්💔

02 වන කොටස

“මට ඇත්ත කි/ය/ප/න් සුදූ…ඇයි උ/ඹ මට මෙහෙම කරන්නේ ?..මම මොකද්ද කරපු වැරැද්ද?….”

මම එහෙම අහද්දී උ/ඹ එකපාරටම තිගැස්සිලා ගියා …

“මම දන්නේ නෑ අයියේ ..මට ඔයා ගැන ආදරයක් ඇති වෙන්නේ නෑ …අයියා දන්නවනේ ආදරය බලෙන් ඇති කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා…ආදරය කියන්නේ හිතේ ඇතිවෙන්න ඕනේ දෙයක්…”

උ/ඹ එහෙම කිව්වම මට දැනුනේ උ/ඹ මගේ පපුව සූරලා දැම්මා වගේ හැඟීමක් …

මගේ මුළු රිදුම් කන්න ගත්තා …
පෙරුම් පුරලා උ/ඹ/ව මගේ ලඟට ගත්තේ උ/ඹේ/න් මෙහෙම ප්‍රතික්ෂේප වෙන්නද කියලා මට හිතුනා …

බිත්තියට සිරවෙලා උන්නු උ/ඹ මගේ දිහා බලාගෙන ඉදියේ බියපත් වෙච්ච මුව දෙනක් වගේ කියලා මට හිතුනා..

මම උ/ඹේ හිස දෙපසට වෙන්න තියන් සිරකරන් උන් මගේ දෑත් අහක් කරන් උ/ඹ/ට මගෙන් මිදිලා යන්න ඉඩ දුන්නේ ලොකු හුස්මක් වාතලයට පිට කරන ගමන්…

උ/ඹේ අකමැත්තෙන් ඔය ඇගිල්ලක් වත් අල්ලන්න මම කැමති වුනේ නැහැ…

උ/ඹ/ම උ/ඹේ කැමත්තෙන් මගේ ළඟට එනකන් මම ඉවසන් ඉන්න හිත හදා ගත්තා…..

උ/ඹ කවදාහරි මගේ හිත තේරුම් අරගෙන මට ආදරේ කරාවී…

මම එහෙම හිතුවේ මගේ ඇස් වලට උනපු උනු කදුළු උ/ඹ/ට නොපෙනෙන්න මගේ ඇස් ඇතුළේම හංගගන්න ගමන්….

ගැහැනුන්ට වගේම පිරිමින්ටත් දුක හිතෙනවා …

ඒත් ගැහැනුන්ට වගේ පිරිමින්ට කඳුළු ප්‍රසිද්ධියේ සලන්න තහනම් ….

ඒක නිසා ගොඩක් වෙලාවට පිරිමි අඩන්නේ ලෝකෙටම හොරෙන් හදවතින්…

ඒ කඳුළු කාටවත් පේන්නේ නෑ ….

ඒ කදුළු වේදනාව නොපෙනන සමාජය පිරිමි ගොරහැඩියි,රළුයි කියලා හංවඩු ගහනවා …

ඒත් ඒ ගොරහැඩි පිරිමි පපුව යට තියෙන හදවත හරිම සංවේදී කියලා කවුරුවත් දන්නෙ නෑ …

පුපුරන්න තරමට කකියන හදවත මුරන්ඩු වෙලා උ/ඹ/ව ඉල්ලද්දි මම ගොඩක් අසරණ වුණා …

වැඩ ඇරිලා ගෙදර ආපු මම ගෙට ගොඩ උනේ උ/ඹේ රුව උ/ඹේ හඬ හොයාගෙන …

ඒත් උ/ඹ පේනතෙක් මානෙකවත් හිටියේ නෑ …

උ/ඹ මම එනකන් ගේ දොරකඩ බලාගෙන ඉඳියි කියලා යටි හිතේ තිබ්බ බලාපොරොත්තු සේරම මැ*ලා ගියේ ගේ දොරකඩ දැක්කට පස්සේ…

මම එනකන් එදා වගේම අදත් ගේ දොරකඩට වෙලා බලාගෙන හිටියේ මගේ රත්තරන් අම්මා විතරයි ….

මම අම්මගේ දිහා බලලා හිනා උනේ මහා අසරණ විදිහට ….

“මොකෝ පුතේ මහන්සියෙන් වගේ….”

“නෑ අම්මේ බස්වල සෙනග …”

මම එහෙම කිව්වම අම්මා මගේ දිහා බැලුවේ දුකින් වගේ …

“ගිහින් පුතේ ඇඟපත සෝදගෙන ආවා නම් …මම තේ ටිකක් හදලා තියන්නම් ..”

මම ගෙදරට ඇවිල්ලා විනාඩි පහකටත් වැඩියි…

ඒත් උ/ඹ පේන තෙක් මානෙක නෑ .

උ/ඹ/ව හොය හොයා මගේ ඇස් ගේ හතර වටේ සැරිසැරුවා…

උ/ඹ නැතුව මේ මුළු ගෙදරම පාලුවට ගිහින් වගේ කියලා මට හිතුනා..

“කෝ අම්මේ නෙහාරා..”

“ඒ ලමයා කාමරේ .ඒ ළමයා ඉතින් මුළු දවසම කාමරේනේ..”

අම්මා එහෙම කියාගෙන කුස්සියට ගියා …

මම ගෙදර ඉන්න වෙලාවට උ/ඹ බොරුවටත් එක්ක කුස්සියට යන්නේ මාව මග හරින්න කියලා මට දැනුයි තේරෙන්නේ…

අඟුළු නොදැමූ කාමරේ දොර ඇරගෙන මම කාමරයට ගියේ ටවල් එකයි ගෙදරට අඳින කොට කලිසමයි ගන්න…

මම කාමරයට යද්දී උ/ඹ වහල දිහා බල බලා ලොකු කල්පනාවක …

හූල්ල හූල්ල කල්පනා කරන්න තරම් උ/ඹ/ට මෙච්චරටම තියෙන ප්‍රශ්න මොනවද කියලා මට උබ දැක්කම එක පාරට හිතුනා…

“සුදූ …”

මගේ කටහඬ ඇහිච්ච ගමන් උ/ඹ එකපාරටම තිගැස්සිලා ගියා …

“ඔයා ආවද ?..”

උ/ඹේ කටහඩේ තිබුණේ මහා ඇල්මැරුණු ගතියක් කියලා මට තේරුනා…

වෙන බිරින්දෑවරු වගේ උ/ඹ කවදා මම වැඩ ඇරිලා ගෙදර එනකම් ඇඟිලි ගැන ගැන බලන් ඉඳියිද කියලා මගේ හිතේ චකිතයක් ඇති වුණා …

“ඔව් …මම වොෂ් එකක් දාගෙන එන්නම් ..”

මම නාන කාමරයට ගිහින් ඇඟපත සෝදගෙන කුස්සියට ගිහින් අපි දෙන්නාගේ තේ දෙක අරගෙන කාමරයට ආවා…

“ආ සුදු ඔයාගේ තේක..”

“පේන්නේ නැද්ද මම හාන්සි වෙලා ඉන්නේ කියලා…ඔය කොහෙන් හරි තියන්න …”

ඇත්තමයි උ/ඹ එහෙම කිව්වම මට මගේ තේ එකත් විසි කරල දාන්න හිතුනා…

ඒත් අම්මා ආදරයෙන් හදලා දුන්නු තේ ඒක නිසා මම කරබාගෙන හිටියා …

මම තේ එක එක හුස්මට බීලා කාමරයේ කණ්ණාඩි කන්නාඩි මේසේ උඩින් තිබ්බා…

කන්නාඩි මේසේ උඩ ඇල්මැරෙමින් තිබුනු උ/ඹේ තේ එක දැකලා මම ලොකු හුස්මක් ගත්තා …

උ/ඹ තවම ඇඳේ වැතිරිලා කල්පනා බරිතව බලාගත්ත අත බලාගෙන ඉන්නවා ….

උ/ඹ මගේ හිත කොච්චර රිදෙව්වත් කමක් නෑ …

මට නොසැලකුවත් කමක් නෑ…

මාව උ/ඹේ සැමියා විදිහට පිළිගත්තේ නැතත් කමක් නෑ …

අඩුම තරමේ උ/ඹ සතුටින් ඉන්නවානම්….

තමන්ගේ බිරිඳගේ ආදරය දිනා ගන්න බැරි …

බිරිඳව සතුටින් තියන්න බැරි …

අවාසනාවන්ත සැමියෙක් මම..

මට එහෙම හිතිලා මම ගැනම තරහා ගියා….

උ/ඹ නිහඩව සුසුම් හෙළන හැටි බලාගෙන ඉන්න බැරි කමට මම උ/ඹ වැතිරිලා ඉන්න අපේ යුගල යහනේ උ/ඹ ලගින් වාඩි උනා …

පුංචි කාලේ ඉඳන් හැදුණු වැඩුණු ගෙදර දාලා ,අම්මා තාත්තව, මල්ලිව දාලා ආපු දුකට වෙන්න ඇති උ/ඹ මේ දුකින් ඉන්නේ ….

උ/ඹ/ගේ දිහා බලන් හිටපු මට එහෙම හිතුනා …

අම්මා තාත්තා දාලා උ/ඹ ආවේ මගේ ලඟට….

උ/ඹ/ට හැම සැප සම්පතක්ම දෙන්න මගේ ලඟ සල්ලි නෑ තමයි..

ඒත් මම උ/ඹ/ට කවදාවත් දුකක් දෙන්නෙ නෑ ….

උ/ඹ/ට මහමෙරක් වගේ ආදරේ කරනවා ….

තවත් මේ වගේ ගතින් ළංවෙලා ඉඳලා හිතින් දුරස් වෙලා ඉන්න බෑ මට…

මම උ/ඹේ ඇස් දෙක දිහා බලාගෙන එහෙම හිතුවා …

මම උ/ඹේ හිසකෙස් හෙමීට පිරිමදින්න ගත්තේ තවත් මේ ආදරය හිත ඇතුලේ හංගගෙන තෙරපගෙන ඉන්න මට අපහසු වුණු නිසා…

උ/ඹ මගේ ස්පර්ශයට එකපාරට තිගැස්සුණා …

පුංචි බෝල ඇස් දෙක ලොකු කරගෙන උ/ඹ මගේ දිහා බය වෙලා වගේ බලාගෙන උන්නා…

උ/ඹේ ඒ බැල්ම ඉස්සරහා මගේ මුලු හිතම හිරිවැටිලා ගියා වගේ මට දැනුණා..

“ඇයි මැණික මේ දුකින් ඉන්නේ …”

මම එහෙම කියලා උ/ඹ/ව මගේ තුරුලට ගත්තේ මගේ හිතින් මම බැඳගත්ත සේරම තහංචි මට එක් සැනකින් අමතක වෙලා ගිහින් …

“එහාට යනවා …මාව අල්ලන්න එපා ..තමුසෙට පුදුම අ*හනයක් නේ තියෙන්නේ …”

උ/ඹ එහෙම කිව්වම මට දැනුණේ උ/ඹේ පිහිතුඩක් වගේ වදන් වලින් මගේ පපුව පසාරු වුණා වගේ….

උ/ඹ මගේ බිරිඳ ….
උ/ඹ මාව මාව පිළිගන්න කම් මම මෙහෙම ඉවසන නිසාද උ/ඹ මගේ ඔළුවට අත හෝදන්න හදන්නේ ..

මට එහෙම හිතිලා තරහා ගියා…

“අස*නය තිබ්බා නම් මෙහෙම ගෑ/නි/ගේ ඉස්සරහ මාස දෙකක් සිල් රකින්නේ නෑනෙ මම …ත/මු/සෙ/ට මාව හොඳ වැඩියි ….ඇයි තමුසේ මට මෙහෙම කරන්නේ …මම මොකක්ද ත/මු/සෙ/ට කරපු වැරැද්ද ?..

මම එහෙම ය/ක්/ෂා/වේශ වෙලා කෑ ගැහුවා …

උ/ඹ පොඩ්ඩක්වත් බය උනේ නම් නෑ …

උ/ඹ රවාගෙන මගේ දිහා බලාගෙන හිටියා….

“නෙහාරා කතා කරනවා …ඇයි මගෙන් මෙහෙම පළිගන්නේ…මගෙන් පලි ගත්තත් කමක් නෑ අඩුම තරමේ ත/මු/සෙ/ව/ත් සතුටින් ඉන්නව නම් …..ඇයි කොයි තිස්සෙත් හූල්ල හූල්ල ඉන්නේ …මට උත්තර දෙනවා ..මට අද මේකේ දෙකින් එකක් දැනගන්න ඕනේ..”

මම එහෙම කිව්වම උ/ඹේ මුහුණ එක පාරටම වෙනස් වුණා …

උ/ඹ මොහොතක් කල්පනා කරනවා මම දැක්කා ..

“ත/මු/සෙ මගේ ජීවිතය විනාස කරා …මම ඒක නිසා ත/මු/සෙ/ට වෛර කරනවා …”

උ/ඹ එහෙම කිව්වම සත්තයි මට මගේ දෙසවන් අදහා ගන්න බැරි වුණා …

කුරා කුහුඹුවෙකුට වත් හිරිහැරයක් කරපු නැති මට ඇයි උ/ඹ එහෙම චෝදනා කරන්නේ කියලා මට හිතාගන්න බැරි වුනා …

මේ සේරටම මුල උ/ඹ මම ගැන වැරදි වැටහීමකින් වත් ඉන්න නිසා වත්ද කියලා මට හිතුනා..

තවමත් මගේ දිහා රවාගෙන බලාගෙන ඉන්න උ/ඹේ දිහා මම පුදුමයෙන් වගේ බලාගෙන හිටියා ….

“ත/මු/සේ මේ තරම් මගෙන් පළිගන්න තරමට මම මොකක්ද ත/මු/සෙ/ට කරපු වැරැද්ද?..

මම එහෙම ඇහුවේ උ/ඹේ දිහා එක එල්ලේ බලන ගමන් ….

මගේ වගේම උ/ඹේ හද ගැස්ම වැඩි වෙලා කියලා මට තේරුනේ උඹේ වේගයෙන් උස් පහත් වෙන පපුව දැකලා…

“හරි මම කියන්නම්…මේ සේරම හිතේ තියාගෙන ඉඳලා මට දැන් ඇති වෙලා …”

උ/ඹ එහෙම කිව්වේ මගේ හිතේ කුතුහලය උපරිමයට වැඩි කරලා…

“මට මගේ ආදරේ නැති උනේ ඔයා නිසා…අපි දෙන්නා ගොඩක් ආදරෙන් හිටියා…ඒත් ඔයා ඇවිත් මේ සේරම වෙනස් කරා …”

උ/ඹ එහෙම කිව්වම මගේ හිතේ තිබුණු කුතුහලය තව තවත් වැඩි වුණා …

මම කොහොමද උ/ඹේ ආදරේ කඩාකප්පල් කරා වෙන්නේ …

උ/ඹ අද කියනකම් මම දන්නෙ නැහැ උ/ඹ/ට ආදරේ කරන්න කෙනෙක් හිටියා කියලවත් ….

අපි බඳින්න කලින් මම උ/ඹ/ව බලන්න කීපාරක් නම් උ/බේ ගෙදරට යන්න ඇතිද ?……

ඒත් උ/ඹ මට හාංකවිසියක්වත් මේ ගැන කිව්වෙ නෑ …..

උ/ඹ එතකොට මාත් එක්ක හොඳට

කතා කරා …හිනා වුණා..

අඩුම තරමේ උ/ඹට ඒ වෙලාවකවත් මට මේ ගැන කියන්න තිබුනා..

එහෙනම් අද උ/බ/ට උබේ ආදරේ නැති වෙන්නෙත් නෑ …

අද මට මගේ ජීවිතේ නැති වෙන්නෙත් නැහැ ….

“අපි propose කරලා අවුරුද්දකින් කසාද බැන්දේ …ත/මු/සෙ/ට එහෙම සම්බන්ධයක් තිබ්බනම් මට කියන්න තිබුනා…ත/මු/සෙ මට කියන්නැතුව මට දැනගන්න දිවැස් නෑනේ …”

මම එහෙම කිව්වත් උ/ඹ ඒකට මුකුත්ම කිව්වේ නෑ .
.
මම දැක්කා උ/ඹේ ඇස්වල තිබුණේ ලොකු හිස් ගතියක්…

“ඇයි ත/මු/සේ මට බඳින්න කලින් මේ දේවල් කිව්වෙ නැත්තෙ ..?මම නෙමෙයි ත/මු/සේ මගේ ජීවිතේ විනාස කලේ…..”

මම ආයෙත් වතාවක් එහෙම ඇහුවා..

ඒත් උඹ නෑහුනා වගේ කල්පනා කර කර ඉන්නවා ….

අනේ ඇත්තමයි මට උ/ඹේ හිත අස්සට රිං ගන්න තිබ්බනම්….

කියලා මට හිතුනේ උඹ ඒ තරමට ගුප්තයි කියලා මේ ටික දවසට මට තේරුණ නිසා ….

බදින්න කලින් ඇයි මට මේ දේවල් කිව්වේ නැත්තේ…

බැඳලා මාස දෙකක් යනකම්ම ඇයි මගෙන් මේ දේවල් හැංගුවෙ ?…

නෙහාරා මේ තරමට මාව ප්‍රතික්ෂේප කරන්නේ මේ දෙන්නාගේ සම්බන්ධය තවම තියෙන නිසා කියලා මට ඒ එක්කම හිතුනා……

මගේ හිතට මහා පරාජිත බවක් දැනුණා..

“ඇත්ත කි/ය/ප/න් නෙහාරා…ඇයි මේ දේවල් මගෙන් මෙච්චර දවස් හැංගුවේ?..උ/ඹ/ලා දෙන්නගෙ සම්බන්දෙ තවම තියනවා නේද ?…”

මම එහෙම ඇහුවේ වියලුනු උගුරට අමාරුවෙන් වදන් අරගෙන…..

හමුවෙමු මීළඟ කොටසින්