කාවින්දි ලියනගේ

🌻 02 දිගහැරුම 🌻

” ම්..දෝණී එහෙනම් පුතේ ප්‍රවේශමෙන් මහත්තයා එක්ක යන්න.මතකයිනේද මන් කියපුවා..”

විවාහ මංගල්ලයේ වැඩ අවසානයේ කේශ්වර හා අහිංසා හෝටලයෙන් පිටත් වීමට සැරසෙද්දි.නන්දා ඇයට ආශිර්වාද කරමින් පෙරදින රාත්‍රීයේ ඇය දැනුවත් කල කරුණු කාරණ නැවත සිහිපත් කරන්න වුයේ ..ඇය තවමත් එතරම් මෝරා නැති සියුමැලි යුවතියක් වු නිසාවෙනි ………

” අනේ මහත්තයා මේ මගේ ඇස් දෙක..මහත්තයාට මන් දෝණීව අද බාර දෙන්නේ මහත්තයාව හුගාක් විශ්වාස කරලා..මේකි අතින් පොඩි පොඩි අඩුපාඩුකම් එහෙම වෙන්න පුලුවන් . අනේ ඒවට මේකිට කෑ නොගග පුලුවනිම් හෙමින් සිරුවේ පැහැදිලි කොරලා දෙන්න…මොක්කද මේකි තාම හරි ලාමකයි මහත්තයා…”

” එවා ගැන වද වෙන්න එපා..සෝමදාස මන් මෙච්චර දවසක් සෝමදාස අහිංසාව බලා ගත්‍තටත් වඩා හොදට බලා ගන්නවා කියලා පොරොන්දු වෙනවා..ඔයාලට ඕනි වෙලාව අපේ ගෙදර ඇවිත් අහිංසා එක්ක කතා කරන්න ඉන්න පුලුවන් එකේ කිසිම ප්‍රශ්නයක් නෑ ..අනිත් දේ මන් කොහොමත් වලව්වේ ඉන්නේ නෑ..එනිසා අම්මා ගැන බය වෙන්න එපා…තේරුනාද …”

“අනේ මහත්තයා මහත්තයාට බුදුබව අතවෙන්න ඕනි..”

කෙශ්වර කිසිවක් නොපවසා මද සිනවහවක් පමණක් නගන්න වුයේ .ඔහුනගේ එ අහිංසක අව්‍යාජයත් පිලිබද සොම්නසිනි.

” ඔය ඇඩුවා ඇති නේද…ම්..හැමදාම අම්මාව දාල යනවා නෙවෙයි නේ..ඔයාට අම්මාලව බලන්න ඕනි ඕනිම වෙලාවක මට කියන්න මන් ගෙදරින් ගෙනත් ඇරලවන්නම් .එ නිසා දැන් හොද ළමයා වගේ ඔය කදුලු පිහිදාන් කාර් එකට නගිමු..නැත්නම් මිනිස්සු හිතයි මන් මේ බල්නෙ කසාද බැදගෙන කියලා…”

කේශ්වර නන්දාගේ තුරුලේ ගුලිදී ඉකිබිදිමින ඇය සිය ගතට වාරු කරගනිමින් සෙමෙන් ඇගේ සවනට කොදුරන්නට විය..

අහිංසා ඔහුට සවන් දී කිසිවක් නොපවසා ඔහුගේ සහයෙන් මෝටර් රථයට ගොඩ වුයේ ..දැසින් ගලන කදුලු බිදු පිස දමමිනි..

“මන් ඉස්සෙල්ලා වොශ් එකක් දන් එනකම් ඔයා ඔය ඉතුරු ඇදුම් ටික අයින් කර ගන්නවද…”

ඈගේ කෝණ්ඩය සැරසු ආයිත්තම් හා ආභරණ ඉවත් කර ගැනීමට සහය වු කේශ්වර නානකාමරයට පා ඔසවන අතරේ විමසන්න වුයේ .ඇගේ ඇගලුම් ඉවත් කරීමට සහය වී ඈ අපහසුතාවයකට පත් නොකල යුතු යැයි සිතමිනි…

ඇය ටයිල් පොළව වෙත නෙත් යොමන් හිස දෙපසට සොලවන්න වුයේ …කේශ්වරගේ මුවෙහි ලා මදහසක් නැගේද්දීය ……..

පව් කෙල්ල බයේ ඇත්තේ..වොශ් එකක් දාන ඇවිත්ම කෙල්ල එක්ක කතා කරන්න ඕනි…කේශ්වර ශවරය යටට වී සිතන්න වුයේ ඇගේ බියෙන් පිරුනු වත සිහිපත් කරමිනි….

” අහිංසා මේහෙ එන්නකෝ පොඩ්ඩක් මට ඔයා එක්ක ටිකක් කතා කරන්න තියෙනවා..”

“ම…මහත්තයා ………”

” මොක්කද දරුවෝ ඔය බය වෙලා..ම්..බය වෙන්න එපා..මන් ඔයාව ගිලින්න නෙවෙයි අඩගැහුවේ පොඩ්ඩක් කතා කරන්න..

ඔය ඉතිං එ පාර හිටගෙන ඉන්නේ..මෙච්චර මේ පුටු තියෙන්නේ වාඩිවෙන්න …..”

” ක..ක..කමක් නෑ මහත්තයා මෙහෙම හොදයි…”

” දරුවෝ මේ වලව්ව නෙවෙයි ..ඊටත් වඩා දැන් මන් ඔයාගේ මහත්තයා . එ නිසා ඔයා ඔහොම මට බය වෙන්න එපා..එ වගේම තව දෙයක් මන් කැමති ඔයා මන් දෙයක් කිව්වහම එක පාර එකට අහනවනම්..”

” ගුඩ්……හරි එහෙනම් …ඔයා මන් ගැන දන්නේ මොනවද…….”

අහිංසා හිස දෙපසට සොලවන්න වුයේ .ඈ සැබවින්ම ඔහු පිලිබද එ තරම් තොරතුරක් නොදන්න නිසාවෙනි ..

එකවරම කේශ්වර තමා පිලිබදව දැනුනේ දැඩි කලකිරීමකි..තමා පිලිබද කිසිවක් නොදන් මේ ලාබල යුවතිය සිය බිරිද කරගෙන ඇයට මේ තමා සිදු කරන්නේ අසාධාරණයක් නොවෙද ..

“ම්.සෝමදාස මන් ගැන මොනවත් කිව්වේ නැද්ද..ම්..හරි එහෙනම් අහන්නකෝ..මගේ නමනන් දන්නදනේම්..මන් කේශ්වර අභිමන් ඉරුගල්බණඩාර එතකොට මට වයස විසිනවයයි……මන් වී ඕ ජී ඩොක්ටර් කෙනෙක්. ඕවා තමා ඉතිං මගේ විස්තර …”

ඔහුගේ වයස අසද්දී විසල් වූ අහිංසාගේ දෑස් තවත් විසල් වුයේ ඔහු වෛද්‍යවරයෙක් බව පැවසීමත් සමගයි..ඔහු වැනි උගත් ධනවත් අයෙක් තමා වැනි දුප්පත් යුවතියක් විවාහ කර ගත්තේ මන්ද…

” මට කියන්නකෝ දරුවෝ ඔයාගේ විස්තර ටිකක්..” ඇගේ කල්පනාවට බාදාකරමින් ඔහු ඇගෙන් විමසන්නට විය…

” ම..මන් ..අහිංසා මන්දහාසිනි ..ම..ම.මට වයස දහඅටයි….”

“මොකක්……….ඔ..ඔයාට විස්සක් නෙවෙයිද වයස…ආ……”

එක්වරම කේශ්වර කෑගසමින් ඇගෙන් විමසන්න වුයේ ඈ බියෙන් වේව්ලද්දීය….

කදුලු පිරි දෑසින් ඈ හිස දෙපසට සොලවද්දී…කේශ්වරට සිය මව පිලිබද දැනුනේ විසල් කෝපයකි….

ඕ ශිට්……….

” අනේ දෝණී කෝ ඔය ඉතිං අඩන්න එපා..මට එකපාරටම කේන්තිය ගියා .ඇත්තටම මන් දැන් හිටියේ නෑ ඔයාට දහඅටයි කියන්න අපේ අම්මා මට කිව්වේ ඔයාට විස්සයි කියලා..එකයි මන් ඔයාව බදින්න හිතුවේ ….”

” විවාහ වීමටයි බල කරන මවගෙන් බේරීමට නොහැකි තැන .ඔහු මෑ විවාහ කර ගෑනිමට යෝජනා කලද.. සිය රාජකාරි කටයුතු නිසාවේලාපත් කඩ නැකත් ආදි සියල්ල සොයා බැලුවේ මව විසිනි..මවගෙන් ඇය පිලිබද යෝජනා කල දින ඇගේ වයස ඇසු විට ඈ කියා සිටියේ ඇය ඊලග මස දහනවනය අවසන් වන බවයි..

කෝපයෙන් කාමරයේ එ මේ අත ඇව්දි ඔහු ඈ ඉකිබිදිමින හඩ ඇසී එ දෙසට නෙත් යොමද්දි ඔහුගේ නෙත ගැටුනේ ..සෝෆාවේ ගුලි වී ඉකිබිදිමින ඇයයි…

අඩියට දෙකට ඈ අසල ලංවු ඔහු දෙවරක් නොසිතා ඈ සිය ලයට තුරුල් කරගන්න වුයේ ..ඇගේ හිස පිරිමදිමින්ය…

” කෝ..ඔය ඉතිං ඔහොම අඩන්න එපා..දරුවෝ මට එතකොට හිතන්නේ මන් මහ අපරාධකාරයෙක් කියලා..හොද ලමයා වගේ අඩන්නේ නැතුව ඉන්නවද..ම්…”

සිය ලයෙන් ඈ මදකට ඈත් කර ඇගේ කදුලැලි වලින් තේමි ගිය ඇගේ කොපුලක් පිස දා ඈ නැවතත් සිය ලය තුරුල් කරගනිමින් ඔහු පවසන්නට විය……

මිනිත්තු කිහිපයක් ඇගේ හිස පිරිමදිමින් සිටි ඔහු ඇගේන් කිසිදු හඩක් නොනැගෙන නිසාවෙන් ඈ ලයෙන් මෑත් කරද්දි ඔහු දුටුවේ .ඇය සිය ලය මතම නිදි දෙව්දුව වැලදගෙන ඇති බවයි…

” පව් කෙල්ල අද පාන්දර ඉදන් අර ඔසරිය පටලවන් එ මෙහෙ ඇවිදලා අමාරු ඇති..තමා පොඩි වයස නිසා මේවා ඔරොත්තු දෙන්නෙත් නැන්නේ…”

ඇය අවදි නොවන ලෙස ප්‍රවේශමට ඈ ඔසවාගෙන ගොස් යහනෙහි තබා ඈ පොරනයකින් ආවරණය කර ඔහුද යහනෙහි අනෙක් පසින් දිගා විය..

මතුසම්බන්ධයි