-18 කොටස-

“හෙලෝ…හෙලෝ…..”

හිමංස හෙලෝ කීවට එහා පැත්තෙන් කිසි සද්දයක් නෑ..

“හෙලෝ..හෙලෝ…”

හිමංස ආයෙත් ෆෝන් එක අතට අරගෙන නම්බර් එක බැලුවා… නිශාදිද තරහටද කතා නොකරන්නෙ.. එහෙම හිතපු හිමංස ආයෙත් හෙලෝ කීවා

“නිශාදි .. ඔයාද… “

හිමංස ඇහැවෙ සැකෙන්

“හහ්….. “

ඒ එක්කම ඇහුනෙ ගොරෝසු පිරිමි කටහඩක්…..හයියෙන් හිනා වෙනවා

“ඔහෝ… නිශාදිද නම මේ කිරිල්ලිගෙ..කෙල්ල වගේම නමත් සුන්දරයිනෙ”

හිමංසගෙ ඇස් උඩ ගියා… නිශාදිව කිඩ්නැප් කරලා…ඔහ් මයි ගෝඩ්…..

“කවුද උඹ…ආ…කවුද….”

“ඔච්චර කලබල ඇයි සර්… මතක නැද්ද අපිව… එදා සර් අපිට මදි නොකියන්න සැලකුවේ….”

“උඹලද…. මොනවද ඕනෙ කියපන් උඹලට… ආ….. ඕන දෙයක් ඉල්ලනවා.. ඒත් මගෙ කෙල්ලට අතක් හරි තියලා තිබ්බොත් උඹල මිනී පෙට්ටි ලෑස්ති කරගන්නවලා… “

“හ.හා..බොස් ….. දැන් මමනෙ තර්ජනේ කරන්න ඕනේ… ඒත් දැන් සර්නෙ තර්ජනේ කරන්නෙ ..ඒක මරු….මීට කලින් සර් වගේ සිරා පොරක් එක්ක අපි ගනුදෙනු කරල නෑ.. ආඩම්බරයි සර්…”

යකෝ මේක මාර අවනඩුවක්නෙ… කිඩ්නැප් කරපු එකාම මගෙ ගුණ වයනවා..

“මේ ඔය කතන්දර වැඩක් නෑ… උඹලට ඕනෙ මොනවද”

“ආන්න… ඒකටයි මං කැමති බොස්ට….බොස්ගෙ කෙලින් කතාවට…ඕනෙ මොනවද ….ලොකු දෙයක් නෙවෙයි බොස්….අපිට ඉතින් ටික කාලයක් යහතින් ඉන්න පොඩි ගතමනාවක්…. කෝට් පහක්…”

“යකෝ.. කෝටි පහට මං දහයක් දෙන්නම්.. මගෙ වයිෆ්ව ගෙනත් දෙනවා..”

“ශා..ශා…. මං කිව්වෙ සර් සිරා පොරක්… මීට කලින් සර් වගෙ සුපිරි ඩයල් එකක් සෙට් වෙලා නෑ මට…”

.”.කියවිල්ල නවත්වනවා ඕයි…”

“ඕකේ බොස්…. ගනුදෙනුව සිද්ද වෙන ආකාරය හෙට උදේට පැහැදිලි කරන්නම්..”

“පිස්සුද ඕයි… මට එච්චර වෙලා ඉන්න බෑ… තමුසෙ තැන කියනවා මං එන්නම් දැන්ම..”

“සොරි සර්…. අපේ බොස්ගෙ අණ….”

“බොස්…. උඹලගෙ බොස් නියම මිනිහෙක් නම් ෆේස්ටු ෆේස් එන්න කියනවා.. නිකම් ගෑණුන්ව මැද්දට දාගන් නැතුව…”

“පිස්සුද සර්… අපෙ බොස්ට සර් එක්ක හැප්පෙන්න බෑ….සර් ජැකී චෑං වගේනේ….”

“බයිලා නොකියා කියනවා කවුද ඔය බොස්…”

.

“සර්… මං මදාවියා තමා.. ඒත් බොක්කෙන්ම අවංකයි… ඒ නිසා බොස් ගැන කියන්නෙ නැහැ..”

“හරි කියන්න එපා.. මට මගෙ වයිෆ් ඕනෙ..”

“ෂුවර් සර්.. අපි මැඩම්ව ඇහැ වගේ ගාර්ඩ් කරනවා… මේ කන්ට්‍රැක් එක ඉවර උනාම ඕන වෙලාවක සර්ට සේවෙ සපයන්න අපි ලෑස්තියි…”

මේකා මොන ජාතියෙ කිඩ්නැපර් කෙනෙක්ද..හිමංස නිකම් කර කැවිලා අතඇරිය ගානයි..

“සර් තව දෙයක්…බැරිවෙලාවත් පොලිස් කේස් එකකට ගියොත් වැඩේ දෙල් වෙයි…”

“මේ තමුසෙට ඕනෙ නම් පොලිසියට කියා ගන්නවා…”

“අන්න සුපිරි සර්…ඔය තේරුනේ අපූරුවට…

එහෙනම් සර්.. දැන් දෙයියනේ කියලා නිදාගන්න …හෙට උදේ මං ඇහැරවන්නම්…”

“මේ… හෙලෝ.. හෙලෝ..”

ශිට් කට් කලානෙ…..හිමංස ආයෙත් ඒ නම්බර් එක ඩයල් කලා

“ඔබ ඇමතූ අංකයෙන් ප්‍රතිචාරයක් නොමැත..”

හිමංස තරහටම ෆෝන් එක ඇදට දමලා ගැහැවා..

“ඔහ්.. ගෝඩ්….. නිශාදි මොකද්ද මේ උනේ.. මං හින්දයි මේ සේරම…..ඔයාට කරදරයක් කරයිද උන්… අනේ.. මං කොහොමද හොයා ගන්නෙ….හැබැයි ඒ කිඩ්නැපර් කියපු විදිහට උන්ට ඕනෙ සල්ලි……ඒත් මේ රෑ ඔයා කොහෙද… “

හිමංස ෆෝන් එකත් අරං ගෙදරින් එලියට බැහැලා කාර් එක ස්ටාර්ට් කර ගත්තා…

💙💙💙💙💙💙

“ම්ම්ම්ම්ම්ම්ම්…”

නිශාදි හෙමීට ඇස් ඇරියා.. ඔලුව රිදෙනවා පැලෙන්න වගේ…. . මොකද්ද උනේ මට …නිශාදිට හිතා ගන්න බෑ… නිශාදි හිටියෙ අදුරු කාමරේක.. කාමරේ පාලුයි .. මූසලයි.. කවුරුවත් හිටියෙ නෑ ඒකෙ…

නිශාදි කල්පනා කලා මොකද උනේ කියලා..

හිමංස … රැවැට්ටුවා මාව…. මුල ඉදලම..ඇයි හිමංස මාව අයිති කරගෙනත් ඔහොම කලේ… මට ඇහුන ඒව ඇත්තක්ද…

එවෙලෙ නිශාදි හිටියෙ හොද සිහියෙන් නෙවෙයි …හිමංසගෙ රූම් එකෙන් එලියට ආපු නිශාදි කෙලින්ම ගියෙ ඔෆිස් එකෙන් එලියට…. ටවුන් එක පැත්තට ඇවිදන් ගියේ මලමිනියක් වගේ ඒ තරම් ශොක් එකක් කෙල්ලට තිබුනා…..

ඒත් හිතුවෙ වත් නැතිවිදිහට නිශාදිගෙ මග හරස් කල සුදු වෑන් එකකින් බැස්සෙ එදා හිටපු මදාවියෝ ටික.. උන්ට නිශාදිගෙ නහයට කලෝරොෆෝම් අල්ලලා සිහි නැතිකරල වෑන් එකට දාගන්න විනාඩි දෙකක්වත් ගියෙ නෑ..

ඒ වෙලාවෙ පාර පාලු වෙලා තිබ්බෙ… කවුරුවත් සිද්දිය දැක්කෙ නෑ..

නිශාදිව හිර කරලා තිබ්බෙ පාලු ගෙදරක….නිශාදි ඇදක නිදිකරවලා තිබ්බෙ..

නිශාදි නැගිටලා වටපිට බැලුවා… පොඩි ජනේලයක් තියෙනවා.. .ඒත් ඒක අරින්නත් බෑ.. කාමරේ තියෙන්නම ඇදක් විතරයි…නිශාදි බයටම බිත්තියක් දිගේ රූටලා ගියා…නිශාදි ගැහි ගැහී අඩනවා..

මොකද්ද මේ උනේ.. අනේ කවුද ඇයි මට මෙහෙම කරන්නෙ…දැන් කවුද මාව බේරගන්නෙ…නිශාදිගෙ දම් පාට ගවුම පුරාම කදුලු

.. අනේ හිමංස ..හිමංස මේ ගැන දැන ගයිද.. මං මෝඩියක් වගේ එලියට ආවනෙ…. නිකම්වත් එයාට කීවෙ නෑ.. ඒත් එයා කරපු දේ හරිද.. මට ඇහුනු දේ ඇත්තක්ද… තරුන්ව රට යැව්වෙ හිමංසගෙ යාලුවද…

ඒත් එක අතකට තරුන් මොකටද එයාලා කියන දේ ඇහැවෙ.. එයාට මාව ඕනෙ නම් මොකටද කවුරුත් කියන දේ අහන්නෙ…..තරුන් මට ඇත්තටම ආදරේ නම් මාව අරං යන්න තිබුනා නේද.

හිමංස ..අපි කොච්චර සතුටින්ද හිටියෙ පහුගිය දවස් වල…මං ඇත්තටම ඔයාට ආදරේ කරන්න පටංගත්තා ..ඒ දවස් කොච්චර ලස්සනද… ඔයාගෙ ඇස් දෙකේ පිරිලා ඉතිරිලා යන ආදරේ දැක දැක මට අහක බලං ඉන්න බැරිඋනා.. කොච්චර රැක්කද ඔයා මාව..

දැන් අපි අපේමයි… ඒත් මේ… අනේ හිමංස මාව බේරගන්න….ඉහි… ඉහි…..

නිශාදිට ගොඩක් දුකයි… දැන් තමයි කෙල්ලට කරපු මෝඩකම තේරෙන්නෙ…. මේ අදුරු කාමරේ ….. නිශාදිට මතක් උනේ එදා ට්‍රිප් එක දවසෙ රෑ…

🌹🌹🌹🌹

” නිය රටා මවනවා අප අතරේ වූ කතා.. රැය පුරා උනුහුමේ …. “

හිමංස, සනුක වික්‍රමසිංහගෙ ඒ සිංදුව නිශාදිගෙ ඇස් දිහා බලං කිව්වෙ.. ගොඩක් ආදරෙන්…නිශාදි ලැජ්ජාවෙන් හිනා වෙවී හිටියා.

“සරාගයේ …රැයේ …පිනිබිඳුවක් වී රැදී….”

කෑගහන්න එපා කීවට ඇහැවෙම නෑ පිස්සා මගෙ…ඒ තරම් සතුටින් හිටියෙ මං ආදරේ කීව නිසා..

“නිශාදි …. හැමදාමත් මං ඔයාගෙමයි… ඔයා මගෙමයි.. තේරුනාද .. ඒක වෙනස් කරන්න දැන් කාටවත් බෑ…මගෙ ආදරේ විශ්වාස කරන්න…. “

“හ්ම්… ඔයා මට ආදරේ ඇයි ඔච්චර …”

“දන් නැහැ……. මං කාටවත් මෙහෙම ආදරේ කරලා නෑ…. ඔයා වෙනුවෙන් මට මැරෙන්නත් පුලුවන් .. මරන්නත් පුලුවන්…..”

හිමංස ඒක කීවෙ නිශාදිගෙ අත් දෙකම සිපගන්න ගමන්….

“ඔයාට පිස්සු හිමංස …. ඔව්.. පිස්සු.. ඔච්චර ආදරේ කරන්න එපා මට….. හදිසියේ මං නැති උනොත්…ඔයා දරා ගන්නෙ කොහොමද … “

“ඒයි .. මගෙන් මැරුම් කන කතා කියන්න එපා… මෝඩි…”

🌹🌹🌹🌹🌹🌹

හිමංස ඔයාගෙ ආදරේ මහමෙරක් වගේ… මට ඒක තේරුම් ගියේ දැන්

….අනේ මට සමාවෙන්න හිමංස … ඒත් ඔයාගෙන් සමාව ගන්නවත් මං ජීවත් වේවිද.. ඇයි මේ අය මාව අරං ආවෙ… අනේ මට කරදර කරයිද… කවුද මේ…

💙💙💙💙💙💙💙

හිමංස කාර් එක අරන් පාර දිගේ ආවෙ අරමුණක් නැතිව… නිශාදි නැති ගෙදර උහුලන්න බැරි පාලුවක් තිබුනෙ..

මෝඩයෙක් වගේ තරුන්ට එදා දීල දැම්ම නම් ජීවිත කාලෙම විදවන්න වෙයි කියලා දැනුයි හිමංසට තේරෙන්නෙ….

නිශාදි කොහෙද… අන්තිමේදි හිමංස දන්නෙම නැතිව ඇවිත් තිබුනෙ .. නිශාදි එක්ක ආව පන්සලට…. හිමංසට කොච්චර බලපුලුවන්කාරකමක් තිබුනත් මේ වෙලාවෙ මොකුත් කරගන්න පුලුවන් කමක් නෑ…. විනෝද්ට කිව්වෙත් නැත්තෙ බැරි වෙලාවත් විනෝද් පොලිසියට කීවොත් නිශාදිට අනතුරක් වේවි කියලා හිතලා…

හිමංස හෙමින් හෙමින් ඇවිදගෙන ආවෙ බෝමලුව පැත්තට… පේන හරියක කවුරුවත් නෑ.. හිමංස බෝමලුවෙ ඉදගත්ත… වෙනද නිශාදි එක්ක ඉද ගන්න තැනින්ම.. බෝපත් හෙලවෙන සද්දෙ තාලෙට ඇහෙනවා. එද නිශාදි කීවදේ ඇත්ත කියලා හිමංසට හිතුනා දැන්.

“හිමංස .. මොන ප්‍රශ්නෙ ආවත් බෝ මලුවකට ආවම හිත නිවෙනවා… අපේ ප්‍රශ්න විසදෙයි කියල හිතෙනවා. ලොකු සැනසීමක් දැනෙනවා…”

හිමංස බෝධිය දිහා බලාගෙන අත් දෙක එකතු කරලා වැද ගත්තා..

නිශාදි වගේ ගාථා කියන්න මං දන්නෙ නෑ… ඒත් නිශාදිට අනතුරක් වෙන්න එපා… ආපහු එයා එක්ක ඇවිත් මෙතනම ඉදගෙන වදින්න පුලුවන් වෙන්න….මගෙ නිශාදිට කරදරයක් වෙන්න එපා..

හිමංස හිතින් හොදටම වැටිලා හිටියෙ….. හිමංස බෝමලුවෙන් පිට වෙද්දි පාන්දර තුනටත් කිට්ටුයි..

💜️💜️💜️💜️💜️

නිශාදි ගැස්සුනේ වාහනේක හෝන් සද්දයක් ඇහුන නිසා… ටිකකින් සද්ද වගයක් ඇහෙන්න ගත්තා… කාමරේ දොර ඇරෙද්දි නිශාදි ගැහෙනවා….. කාමරේ ඇතුල අදුරුයි …ඒ නිසා ආව කෙනා කවුද කියලා පැහැදිලි උනේ නෑ නිශාදිට…

අඩ අදුරේ පෙනුනෙ කලු කෝට් එකක් දාපු සන් ග්ලාස් දාපු අවතාරයක් වගේ….මූන පුරාම රැවුලකුත් තිබුනා

“ක්..කවුද තමුසේ…. “

නිශාදි ඇහැවෙ හිතට වීරිය අරං…. ඒත් ඒ මනුස්සයා සද්දයක් නැතිව හෙමින් හෙමින් නිශාදි ලගට ඇවිත් හිටගත්තා ..

“කවුද .. ඇයි මට මෙහෙම කරන්නෙ….

මොනවද ඕනෙ ඔහෙට…”

ඒත් නිශාදිගෙ එක ප්‍රශ්නෙකටවත් ඒ මනුස්සයා උත්තර දුන් නැහැ… නිශාදි දිහා බලං හිටපු එක විතරයි කලේ… ඒ මනුස්සයා නිශාදිගෙ කම්මුලක් දිහාට අත දිග් කරනකොටම ෆෝන් එක රිං උනා..

පරිසරය නිශ්ශබ්ද නිසා ෆෝන් එකෙන් කීව හැමදේම නිශදිටත් ඇහුනා.

“බොස්.. වැඩේ ගොඩ …ලොක්ක කෝටි පහක් දෙන්න කැමති උනා…. සිරාවටම කීවෙ නම් කෝටි පහට දහයක් දෙන්නම් මගෙ කෙල්ල ගෙනත් දියන් කියලා…. .ඒත් බොස් හෙට උදේ වෙනකල් හිටියොත් වැඩේ අවුල් වෙයිද මන්දා.. ලොක්ක කාර් එකත් අරගෙන ඉබාගාතේ යනවයි කියලා මගෙ කොල්ලෙක් නිවුස් එක දුන්න දැන්… බොස් එනවද දැන්.. “

“හ්ම්…..”

ෆෝන් එක කට් කරපු බොස් කියන මනුස්සයා නිශාදි දිහා ආපහු බලලා එක පාරටම යන්න ගියා…වාහනයක් ස්ටාර්ට් කරන සද්දෙත් ඈතට යන සද්දෙත් නිශාදි අහගෙන හිටියා…

නිශාදි සැනසුම් සුසුමක් හෙලුවා.. ඇත්තටම කෙල්ල හොදම බය වෙලා හිටියේ.

මං හිමංස ගැන කොච්චර වැරදියටද හිතුවෙ.. එයා මං වෙනුවෙන් කෝටි ගානක් උනත් දෙන්න කැමතියි…. අනේ හිමංස ඔයා ඇයි මට මෙච්චර වටිනාකමක් දෙන්නෙ…. ඒත් …. කෝටි පහ අරගෙනත් මේ නපුරු මිනිස්සු මට යන්න දුන් නැති උනොත්… මං මොකද කරන්නෙ….

නිශාදි කාමරේ දොර අරින්න හැදුවා. හොලවන්නවත් බෑ…

“කවුරුවත් නැද්දො…..”

නිශාදි කෑ ගැහැවට සද්දයක් නෑ.. ඒකෙ තේරුම කවුරුවත් නෑ කියන එක…

ඊලගට ආපහු ජනෙලෙ ලගට ආවා… ඒකත් එහෙමයි… ඒත් නිශාදිට හිතුනා මේ ජනෙලෙ කඩන්න පුලුවන් වේවි කියලා….යකඩ පටි දෙකක් හරහට ගහලා තියෙන්නෙ.. ඒත් කඩන්නෙ මොකෙන්ද …නිශාදි ඇදේ මෙට්ටෙ අයින් කරලා ඇද පොල්ලක් අතට ගත්තා…