බැදීමක් නැති මුදුවක්💔

(සත්‍ය කතාවක් ඇසුරින් ලියවුණු කතාවක්)

“එක්කෝ ත/මු/සේ ඔය සම්බන්ධේ නවත්වන්න ඕනේ.නැත්නම් මට ඩිවෝස් එක දෙන්න ඕනේ..”

“මොනවාද නෙහාරා මේ කියන්නේ…මට වෙන කවුරුවත් නැහැ.ඇයි මාව බොරුවට සැක කරන්නේ..”

“බොරුවට නෙමේ හේතුවක් ඇතිව මම මේ කතා කරන්නේ.ත/මු/සේ වෙන ගෑ/නු පස්සෙන් යනවා කියලා මම දන්නවා.මම ත/මු/සේ හොරෙන් නටන නාඩගම් ගැන දන්නවා…”

“ත/මු/සේ බොරුවට මට පද හදන්න ලෑස්ති වෙන්න එපා…ඉවසනවා කියලා මෙහෙම ඉවසන්න පුලුවන්ද?.මොන කරදරයක්ද මේ…”

“ගහේ කටු උල් කරන්න ඕනේද?..ත/මු/සෙ/ත් ත/මු/සෙ/ගේ තාත්තා වගේම තමයි..මතක තියාගන්නවා මම නම් තමු/සෙ/ගේ අම්මා වගේ මනුස්සයා වැරදි කරලා ගෙට ආවාම හෝදලා නාවලා ගෙට ගන්න නිවට ගෑ/නි/යෙ/ක් නෙමෙයි කියලා…”

“නෙහාරා තමුසේ කට වහගන්නවද?නැද්ද ?මේක පුදුම ක/රු/ම/ය/ක්නේ…ගෙදර හිටියොත් කනක් ඇහිලා ඉන්න නෑ..”

“ක/රු/මේ ත/මු/සෙ/ගේ නෙමෙයි මගේ …තමු/සේ වගේ හි*න්නෙක්ව කසාද බැදලා මගේ ජීවිතේම විනාශ වෙලා ගියා.

මට ඩිවෝස් එක දීලා තමුසේ නටන නාඩගමක් නටා ගන්නවා.”

තවමත් අපි කසාද බැදලා හරියටම මාස දෙකයි.බැඳපු අළුත වෙන ජෝඩු නම් ඉන්නේ කුරුල්ලයි කිරිල්ලී වගේ ..

ඒත් ඒකට අපි …

කොයිවෙලාවෙත් නයයි මුගටියයි වගේ …

පෝරු මස්ථකය උඩ නැගලා අතපැන් වත් කරලා රන් හුයකින් බැඳලා ,රන් මුදු පැළදවලා අපි විවාහ වුණේ මේ වගේ දුක් විඳින්නද?…

මම උ/ඹ/ව නීතියේ ඉදිරියේ මගේ නීත්‍යානුකූල බිරිඳ විදිහට පිළිඅරගත්තේ උ/ඹ/ත් එක්ක මුළු ජීවිත කාලයම ආදරෙන් ඉන්න…

එදා උ/ඹ මගේ පතිනිය වෙලා මාත් එක්ක මුළු ජීවිත කාලයම දුකේදිත් සැපේදිත් එකට ඉන්නවා කියලා දිවුරලා පොරොන්දු උනේ අතරමඟ මාව මේ විදිහට දාලා යන්නද?..

අපි දෙන්නා විවාහ වුණේ ආදරේ කරලා නෙවෙයි ප්‍රොපෝසල් එකකින් උනාට එදා උ/ඹ/ව දැකපු මුල්ම දවසේ ඉඳලා මම උ/බ/ට ආදරේ කලා…

මට ඒ දවස තවමත් අද වගේ මතකයි ….

💔💔💔💔💔💔💔💔

මම අපේ ගෙදර අය එක්ක මනමාලියෙක් බලන්න ගියේ අම්මගේ උවමනාවටමයි…

කසාද බඳින්න තව වයස තියන නිසා මට විවාහයක් ඕනේ කියලා ලොකුවට දැනුණේ නැහැ ….

අයියා මීට ටික කාලෙකට කලින් කසාද බැඳලා හිටපු නිසා අම්මට මාවත් පිළිවෙලක් කරන්න උවමනා වුණා..

මේ මම මනමාලියෙක් බලන්න ආපු පළවෙනි වතාව නිසා මගේ හිත ලොකු චකිතයකින් පිරිලා තිබුණා..

මේ උදවිය මහා ලොකු සල්ලිකාරයෝ නොවුණත් අපිට වඩා යමක් කමක් තියෙන උදවිය කියලා මේ ගෙදරට ගොඩ වෙච්ච වෙලාවේ ඉදන් මට දැනුණා..

මනමාලියෙක් බලන්න ආවට අපි ගෙට ගොඩ වෙලා මොහොතක් ගත වෙනකනුත් මනමාලි ගේ ඇතුලේ ඉඳන් එලියට ආවේ නෑ…

“නෝනේ….කෝ දුවව එක්කන් ආවා නම්…”

මනමාලිගේ තාත්තා මනමාලිගේ අම්මාට එහෙම කියනවා මට ඇහුණා..

මනමාලිය එන වෙලාවක ආපුදෙන් කියලා හිතලා මම ඒ ගෙදර මිදුල දිහා බලාගෙන උන්නා….

මිදුලේ වවලා තිබ්බ පාට පාට මල් ගොමු අතර මගේ දෑස් මොහොතකට අතරමං වුණා..

ඒත් එක්කම අයියා මගේ අතට වැලමිටින් ඇනපු පාරට මම එකපාරටම තිගැස්සිල්ලා ගියා…

අයියා මට ඇහෙන් ඉඟි කරලා මනමාලිව පෙන්නුවා..

මම මනමාලී දිහාවට මගේ නෙත් යොමුකලා…

රෝසපාට සාරියක් ඇඳන් හිටපු මනමාලිගේ අතේ ඉලත්තට්ටුවක් තිබුණා….

මනමාලී මමයි අයියයි ළඟට හිමිහිට ඇවිදන් ආවා …

මනමාලයා කවුද කියලා හොයාගන්න බැරුව මනමාලී මමයි අයියයි ළඟ හිටගෙන ඒ දෑස් ඇගේ මව වෙතට යොමු කලා…..

“මේ ඉන්නේ දුවේ මනමාලයා…”

මනමාලිගේ අම්මා මාව ඇහෙන් සන් කරලා පෙන්නුවා…

මනමාලි ඉලත්තට්ටුව අරගෙන මගේ ළඟට ඇවිදන් ඇවිත් මට එය පෑවා…

මම ඉලත්තට්ටුවෙන් බුලත් කොලයක් අතට ගත්තේ ඒ මුහුණට මගේ නෙත් යොමු කරන ගමන්…

මනමාලි මෙතුවක් වෙලා බිමට නැඹුරු කරන් හිටපු ඒ දෑස් මාවෙත යොමු කලේ ඒ එක්කමයි…

අපි දෙන්නාගේ දෑස් එක මොහොතකට ගැටුනා.
මට දැනුණේ මට විදුලියක් වැදුනා වගේ….

සත්තයි උ/ඹේ පුංචි බෝල ඇස් දෙක දැකලා මගේ හිත හෙල්ලුනා..

මට දැනුණේ උ/ඹේ සුදු මුහුණ කල්ප කාලාන්තරයක් තිස්සේ මට හුරු පුරුදු දෙයක් කියලා…

උ/ඹ එකපාරටම බිම බලාගත්තේ ලැජ්ජාවෙන් කියලා මට හිතුණා..

උ/ඹ මගේ ළඟින් නික්මෙලා ගියත් උ/ඹ ගියේ මගේ හිතත් හොරකම් කරගෙන කියලා මට දැනුණා…

❤️❤️❤️❤️❤️❤️

එදා උ/ඹ මට කැමති වෙයිද නොවෙයිද කියලා මම හිටියේ ලොකු නොඉවසිල්ලකින්..

මගේ දුප්පත්කම ඒකට පරහක් වෙයි කියලා මම හිතුවත් ඒක එහෙම වුණේ නම් නැහැ….

උ/ඹ මට කැමති උනාම මට දැනුණේ රටක් රාජ්ජයක් ලැබුනා වගේ හැඟීමක්…

එදා ඉදන් මගේ හැම සිතුවිල්ලකම හිටියේ උ/ඹ විතරයි…

මම ඇස් පියවුවත් ඇස් විවර කරන් හිටියත් ඒ හැම මොහොතකම උ/ඹ මගේ ඇස් ඉස්සරහා මැවුනා…

මැණික උ/ඹ/ව මගේ පතිනය කරගෙන මගේ ළඟට ගන්නකම් මම මගේ ඇඟිලි ගනිමින් උන්නා…

අපේ විවාහයට දින නියම වුනේ මගේ ඒ සිහිනය සැබෑ කරන ගමන්..

අපේ කසාදය ඔන්න මෙන්න තියලා උ/ඹේ පුංචි අම්මා මියදුනත් ඒ ම/ළගෙයත් එක්කම අපේ කසාදේ සිද්ධ වුනා.

උ/ඹෙයි මගෙයි කසාදේට දෙපාර්ශවයෙන්ම කැමති වුණත් ස්වභාව ධර්මය එදා එහෙම එරෙහි වුණේ අපි දෙන්නා එක්වෙන්න හිටපු දෙන්නෙක් නෙවෙයි නිසා වෙන්නැති කියලා මට දැන් හිතෙනවා….

කනකට ඇහෙන්නේ නැතිවෙන්න කතා කරපු,කොයි තිස්සෙත් ලැජ්ජාවෙන් බිම බලන් හිටපු උ/ඹ හා පැටියෙක් වගේ අහිංසකයි කියලා මම ඒ දවස් වල හිතාන උන්නේ…

මනුස්සයෙක්ගේ මූණ දිහා බලල කණට ඇහෙන්නේ නැතිවෙන්න කතා කරපු උ/ඹේ වෙස් පෙරලෙන්න කසාද බැදලා සතියක් වත් ගතවුණේ නැති තරම්…..

අපේ මංගල රැය දවසේ උ/ඹ මට මාව අතින් අල්ලන්නවත් දුන්නේ නැති උනාම මම හිතන් හිටියේ ඒ මහන්සියයි ලැජ්ජාවයි නිසා වෙන්නැති කියලාමයි…

මගේ ඇස් ඉස්සරහා ඒ දවස ඇඳිලා පෙනුනා හරි අපුරුවට…

මදුසමයට අපි පිට වෙලා ගියේ තරු පහේ හෝටලයකට නම් නෙවෙයි…

උ/ඹ/ව මට ඒ වගේ තැනකට එක්කන් යන්න ආස නොහිතුනා නෙවෙයි….

යුද හමුදා සෙබලෙක් වෙච්ච මම ගාව ඒ හැටි සල්ලියක් තිබුනෙ නෑ…

ඒත් වෙඩින් කාර් එකේ එන ගමන් මම උ/ඹේ දිහා බලලා මම මටම දිවුරා ගත්තේ මගේ දෙපයින් නැගිටුණු දවසක උ/ඹ/ව ඒ වගේ තැනකට එක්කගෙන යනවා කියලා….

සුදු පාට ඔසරිය ඇදලා නළල් පට,හත් මාල දාලා හිටිය උ/ඹ එදා වෙන කවදාටත් වඩා ලස්සනට හිටියා…

සුරංගනාවියක් වගේ ලස්සන උ/ඹ/ වගේ බිරිදක් මට ලැබුණේ මගේ වාසනාවට කියලා මට මේ මොහොතත් හිතුනා….

උ/ඹ ඇඳ උඩ වාඩි වෙලා හිසකෙස්වල පලඳලා තිබුණු ආභරණ,කොන්ඩ කටු අසීරුවෙන් ගලවමින් හිටියා…

“ඉන්න …මම උදව් කරන්නම්…”

මම උ/ඹ ළඟට ගිහින් පැළඳන් උන්නු ආභරණ,කොණ්ඩා කටු හරි සිරූවට ගලවලා උ/ඹේ අතින් තිබ්බා..

බැඳලා තිබුණු කෙස් කලඹ ලිහිල්වෙලා
උ/ඹේ දිගු කොණ්ඩය මුදා හැරුණා..

කොණ්ඩය බැඳලා හිටියාටත් වඩා කොණ්ඩය මුදා හැරියාම උ/ඹ හරි ලස්සනයි කියලා මට හිතුණා…

මෙතක් දවස් දෑස් වලින් පමණක් විඳගත් ඔය රුව හැබැහින් විඳින්න මට ආසා හිතුණා…..

මම දෙපාරක් හිතන්නේ නැතිව උ/ඹ/ව තුරුළට ගත්තේ උ/ඹ මගේ පතිනිය නිසා..

මගේ තුරුලට ආපු වෙලාවේ ඉදන් උ/ඹ දඟලන්න ගත්තේ දියෙන් ගොඩට ආපු මාළුවෙක් වගේ කියලා මට හිතුණා..

මට සිපගන්නවත් දෙන්නේ නැතිව උඹ මගෙන් මිදුණේ උ/ඹ/ට හරිම තෙහෙට්ටුයි කියලා..

මම නිහඬව පසෙකට වුණේ දවස් ගානක් තිස්සේ මහන්සි වෙලා අදත් උදේ ඉඳන් මහන්සි වුණු උ/ඹ ගැන අනුකම්පා කරලා….

උ/ඹ නාලා ඇවිදින් ඇඳුම් මාරු කරලා වැතිරුණේ මුහුණත් එක්කම ඇඳ පොරවනයෙන් වසාගෙන….

හෝටල් කාමරයේ බැල්කනියට මම ගියේ හිතට දැනුණු තනිකම නිවාගන්න පොඩි බියර් කෑන් එකක් අරගෙන…

බියර් බිබී මම ඈතින් පේන අහස දිහා බලාගෙන උන්නා…

රෑ අහසේ නුරා සඳ හරි අපූරුවට පායලා තිබ්බා ….
ඒ නුරා හඳ මගේ යහනට වඩින්න මග බලාගෙන උන්නා ….

ඒත් අද මගේ යහනට වඩින්න නුරා හදට අවසර නෑ …
ඒ නුරා හද අඳුරු කළු වලාවකින් වැහිලා යනකම් මම සුසුම්ලමින් බලාගෙන හිටියා ..

බැල්කනියේ දොරවහගෙන මම උ/ඹ නිදාගෙන හිටපු සයනයට ආවා ..

උ/ඹේ සුවඳ විඳ නොවිඳ …
උ/ඹේ ගතේ ගෑවී නොගෑවී …

උ/ඹේ එහා පසින් වැතිරිලා ….

මම සෝ සුසුම් හෙළුවා …

පහුවෙනි දවසේත් උ/ඹ හිටියේ මට සීමා මායිම් බැඳලා ….

මම උ/ඹෙ/න් ආදරේ අයදිද්දි උ/ඹ මාව ගණනකටවත් නොගෙන ගහක් ගලක් වගේ උන්නා ….

“එහාට යන්න දිලංක ..මේක හරි වදයක් නේ …මට පාඩුවේ ඉන්න දෙන්න …”

“ඇයි මට මෙහෙම කරන්නේ ..”

“මගේ හිතට හරි නෑ …මට පාඩුවේ ඉන්න දීලා පැත්තකට වෙලා ඉන්න ..”

උ/ඹ මාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කරා …
අඩුම ගානේ මම මම උ/බේ අතින් අල්ලනවාටවත් කැමති වුනේ නෑ ….”

ගේ අස්සට වෙලා ලැජ්ජාශීලීව හැදුණු වැඩුණු උ/ඹ විවාහ ජීවිතයට හුරු වෙන්න තව ටික කාලයක් ගත වෙයි කියලා මගේ හිත කිව්වා …..

මම හදවතට දැනෙන හැම දුකක්ම දරාගෙන උ/ඹ මට ආදරය කරන දවස එනකම් මග බලන් ඉන්න හිත හදා ගත්තා ….

මම නෙළා ගත්ත මල උනත් මල තලලා රොන් උරාබොන බඹරෙක් වෙන්න මට වුවමනා වුණේ නෑ …

අපේ අරුම පුදුම මදු සමය ඒ විදිහට අවසන් වුණා …

💔💔💔💔💔💔💔

අපි විවාහ වෙලා මාසයකටත් ලන්වෙලා …

ඒත් අපි දෙන්නා මැද්දෙන් උ/ඹ දාපු තහංචි ම පවුරු වළල්ලක් වෙලා අපිව වෙන්කරන්න සූදනම් වෙනවා…

උ/ඹ මට අකමැති නම් කසාද බඳින්න කලින් මට ඒ ගැන කියන්න තිබුනා …

එහෙම නොවී මගේ පතිනිය වෙලා උ/ඹ මාව මේ විදියට ප්‍රතික්ෂේප කරද්දී මම තවත් කොහොම ඉවසාගෙන ඉන්නද?..

මෙච්චර කල් ඉවසුවා ඇති …
අද මම මේකේ දෙකෙන් එකක් බේරුම් කරගන්නවා…

මම එහෙම හිතුවේ වැඩ ඇරිලා ඇවිත් තේ එක බොන ගමන් …
උ/ඹ උන්නේ අම්මත් එක්ක කුස්සියෙ උයන ගමන් …

උ/ඹ උයලා ඉවර වෙලා අපේ කාමරයට එනකන් මම මග බලාගෙන හිටියා …

“උයලා ඉවරයි කෑම කන්න පුළුවන් ….”
උ/ඹ කාමරේට ආවේ එහෙම අසමින්..

මම උ/ඹ කාමරේ ඇතුලට එනකන් ඉඳලා කාමරයේ දොර අගුල දාලා වැහුවා…

උ/ඹ මගේ ඇස් දිහා බලාගෙන හිටියේ බය වෙලා වගේ …

මම උ/ඹ ළඟට එනකොට උ/ඹ අඩියෙන් අඩිය පස්සට ගියා…

උ/ඹ කොයිතරම් පස්සෙන් පස්සට ගියාද කියනවා නම් නැවතුණේ බිත්තිය ලඟින් …

බිත්තියට හේත්තු වෙලා උ/ඹ මගේ දිහා රවාගෙන බලාගෙන හිටියා..

මම උ/ඹේ මුහුණට නැඹුරු වෙද්දිම උ/ඹ මගේ මුහුණ පසෙකට තල්ලු කරා…

“එහාට යනවා දිලංක ..”

උ/ඹේ ඇස් වල වගේම කටහඬේ ආදරය පොඩ්ඩක්වත් ගෑවිලාවත් තිබුණේ නෑ ….

කසාද බැඳපු දවසේ ඉඳලා උ/ඹ/ට මාව රුස්සන්නේ නැත්තේ ඇයි කියලා මටනම් හිතාගන්නවත් බෑ ….

හැම විනාඩියේම උ/ඹේ ආදරේ බලාපොරොත්තු වෙන මගේ හිතට දරාගන්න බැරි තරම් දුකක් ආවේගයක් ඇති වුණා….

“මට ඇත්ත කි/ය/ප/න් සුදු…ඇයි උ/ඹ මට මෙහෙම කරන්නේ ?..මම මොකද්ද කරපු වැරැද්ද?….”

මම එහෙම අහද්දී උ/ඹ එකපාරටම තිගැස්සිලා ගියා …

හමුවෙමු මීලඟ කොටසින් 💔💔💔

මේ මගේ කතා කියවන පාඨකයෙක්ගේ ජීවීත කතාවක්..සත්‍ය කතාවක් ඇසුරෙන් තවත් අලුත්ම අත්දැකීමක් ඔයාලට ගේන්න මම කල්පනා කරා..

කතාව කොහොමද?දිගටම ලියන්නද ?.ඔයාලගේ අදහස් දැනගන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා..

ඉතින් කතාව කියවලා අහක බලාගෙන යන්නේ නැතුව දැනෙන හැගීම අකුරක් කරලා ස්ටිකර් දහය ගානේ දාගෙන යන්න