24වෙනි කොටස🦋
“එයා ලස්සනද කැතද කියලවත් මං දන්නේ නෑ බබා.මොකද මේ ආදීගේ හිතේ ඇදිලා ඉන්න එකම රූපේ ත/මු/සේ විතරයි.ත/මු/සේ නැති දවස්වල මං හිටියේ පිස්සෙක් වගේ බබා. අනික එයාව මං එකපාරක්වත් දැකලා නෑ.”ආදී එහෙම කියලා ඉවර වෙද්දිම වගේ මගේ මූනේ ඇදුනේ හිනාවක්.ඒ ආදීගේ හිතේ හැමදාම ඉදලා තියෙන එකම කෙනා මං හින්දා.ඒත් එකපාරටම ගෙවී ගිය අවුරුදු පහ මතක් වෙලා මට හුස්මක් හෙලුනේ ඒ වේදනාව මගේ හිතේ වදදෙද්දි.
“අනේ ප්ලීස් බබා මට සමාවෙන්න…”ආදි කිව්වේ මං ලගට එන ගමන්.ඒත් මොකක්දෝ හේතුවකට මට තාම හිත හදාගන්න බැරිවුනා.
“හ්ම්ම් වෙච්ච දේට මට ඔයාට දොස් කියන්න බෑ ආදී…”මං කිව්වේ ආදීගෙන් ඈත් වෙලා.මං කියපු දේ නිසා ආදීගේ මූනේ ඇදුනේ හිනාවක්.වෙනදා වගේම ඒ හිනාව දිහා මං බලාගෙන හිටියේ වශීවෙලා.කොහොමත් ආදිට තිබුනේ කෙනෙක් වශී කරගන්න පුලුවන් විදිහේ හිනාවක්.එයා කියපු දේවල් අහද්දි මට හිතුනෙ ආදීගේ වැරැද්දක් නෑ සේරම වැරදි මගේ කියලා.මොකද මටයි ඕන වුනේ මේ සම්බන්දේ රහසක් විදිහට තියාගන්න.අනික මගේ ෆැමිලි එක ගැන කියන්න අකමැති වුනේ මමයි.ඉතින් මං කොහොමද තවත් මගේ වැරැද්දට ආදිට දොස් කියන්නේ…
“මං ඔයාට සමාව දුන්නා ආදී .ඒත් අපිට ආය එක වහලක් යට ඉන්න බෑ.මොකද ඔයා දාලා ගියපු වේදනාව මං දරාගත්තේ ගොඩක් අමාරුවෙන් ආපහු සැරයක් මට ඒ වේදනාවම විදින්න බෑ ආදී එහෙම වුනොත් මං මැරිලා යයි .ඉස්සර ගොඩක් මං ඔයාට ආදරේ කරා.ඒත් දැන් මට ඔයා ගැන කිසිම හැගීමක් නෑ ආදී මට සමාවෙන්න.”මං එහෙම කියනවත් එක්කම ආදීගේ මූනේ තිබ්බ හිනාව වියැකිලා ගියේ ඒ ඇස් වල කදුලු පිරෙද්දි.
“නෑ මිහානා…ගෙවුනු අවුරුදු පහ ආපහු අපි ගාවට ගන්න පුලුවන්.අපිට පවුලක් විදිහට ආපහු සතුටින් ඉන්න පුළුවන්.මම පුතා ඔයා ඒ නැතිවුන සතුට ආපහු ගේන්න පුළුවන්.ප්ලීස් මිහානා එක පාරක් හා කියන්න එකම එක පාරක්…”ආදී එහෙම කියද්දිම අපි දෙන්නගේ කතාවට බාධා කරලා ෆෝන් එක රින්වුනේ ආදී කැබින් එකේ ජනේලේ ගාවට යද්දි.ෆෝන් එක අතට ගත්ත මං දැක්කේ ඒ කෝල් එක එන්නේ ආරුගේ ටීචර්ගෙන්.මං ආදී දිහා බලලා ෆෝන් එක ආන්සර් කරද්දිම වගේ….
“මිසිස් මිහානා ඔයාට පුළුවන්ද දැම්ම ස්කූල් එකට එන්න.”ආරුගේ ටීචර් එහෙම කියද්දිම වගේ මගේ හදවත වේගෙන් ගැහුනේ ඇස්වලට කදුළු උනාගෙන එද්දි.
“ටීචර් මගේ ආරුට මොකද…එයා රංඩුවකවත් පැටළුනාද….”මං ඇහුවේ වේගෙන් ගැහෙන පපුවට අතක් තියාගෙන.
“ආර්‍යන්ට පුංචි බඩේ කැක්කුමක් ආවා.අපි ගිහින් බෙහෙත් අරගෙන ආවේ ඔයාට පුළුවන්නම් එයාව ගෙදර එක්කගෙන ගිහින් පොඩ්ඩක් රෙස්ට් කරවන්න.”ඒ වදන් ඇහෙද්දිම මගෙ මුවින් පිටවුනේ සැනසුම් සුසුම් හඩක්.
“හරි ටීච මං දැන්ම එන්නම් මට විනාඩි පහක් දෙන්න.”මං ෆෝන් එක කට් කරලා මගේ බෑග් එක අතට ගත්තේ ආදී දිහාවත් නොබලා….”
“මිහානා අපේ පුතාට මොකද….” ආදී ඇහුවේ මං ගාවට ලංවෙලා.
“එයාට පොඩි බඩේ කැක්කුමක්.දැන් මන් යන්න ඕන…”
“යන් මාත් ඔයත් එක්ක එන්නම් එයා ඔයාගෙ වගේම මගෙත් පුතා.එයාට අම්මයි තාත්තයි දෙන්නම ඕන.”ආදී එහෙම කියලා කෝට් එක අතට ගද්දිම වගේ…
“ඕන වෙන්නෙ නෑ ආදී..මට තනියම යන්න පුළුවන්.ඔයා එයාගේ තාත්තා වෙන්න ඇති.ඒත් මේ ගෙවුනු අවුරුදු පහටම එයාට මායි මට එයයි හිටියේ.ඒක නිසා ඔයා අපි දෙන්නා අතරට එන්න හිතන්නවත් එපා.”
“මේ අහන්න මිහානා මට ඔය දෙන්නා අතරය එන්න ඕන නෑ.මට ඕන ඔයාලා දෙන්නට ආරක්ශාව දෙන්න…”ආදී කියද්දි මගේ මුනේ ඇදුනේ හිනාවක්.
“ඒත් ආදී ආරු ඔයාගේ පුතා උනාට ඔයා දැන් ගොඩක් පරක්කුයි ගොඩක් හරියටම අවුරුදු පහක්.”ආදීට තවත් කිසිවක් කියන්න් ඉඩ නොදී මං කැබින් එකේ දොර ඇරගෙන එලියට ආවේ ආදී ගල් ගැහිලා වගේ මං දිහා බලාගෙන ඉද්දි.
“අපේ ප්‍රොජෙක්ට් එකේ මහන්සි වෙලා වැඩකරපු අයට ගොඩක් තෑන්ක්ස්.මොකද ඔයාලා නැත්තම් මට මේක කරගන්න බැරිවෙනවා.”ගිහාන් තම් සේවකයන් කිව්වේ හිනාමුසු මූනින්.
“හැමෝම දැන් ගිහින් වැඩ කරන්න මීටීන්ග් එක ඉවරයි.”මීටින්ග් එක ඉවරවෙලා ගිහාන් එලියට යද්දි සෙක්‍රටිත් ගිහාන්ගේ පස්සෙන් ගියේ ගිහාන්ගේ කැබින් එකට.
“සර් අර කලම්බෝ වල ඉන්න මිස්ටර් දිසානයක එක්ක මීට ටික්කට කලින් මට කතා කරා.එයානම් කියන්නේ මේ ෆ්‍රොජෙක්ට් එක ගැන ඩික්සස් කරගන්න කලම්බු වලට එන්න කියලා.”ගිහාන්ගේ ඇහිබැම රැලි ගැහුනේ සෙක්‍රටි කියපු දේට.සෙක්‍රටි අතේ තියෙන ලැප් එක අරගෙන ඊමෙල් එක කියෙව්වේ බැරෑරුම් මූනක් මවාගෙන.ඊමේල් එක කියවලා ඉවරවුනු ගිහාන් සෙක්‍රටි අතට ලැප් එක දීලා …
“දිසානායකට කතා කරලා අපේ මීටින්ග් එක තියෙන දවස වෙනස් කරගන්න.ඒක ලබන සතියට දාගන්න.”
“සොරි සර් ඒක අපිට දැන් වෙනස් කරන්න බෑ.මොකද මිස්ටර් දිසානායක ටුවර් එකක් යනවා සතියකට ඇමරිකාවට ඒක නිසා අනිවාරෙන්ම හෙට අපිට යන්න වෙනවා.”සෙක්‍රටි කියද්දි ගිහාන් ඔලුව වැනුවේ කල්පනාවෙන්.ටික වෙලාවක් එහෙමම හිටපු ගිහාන්…
“හ්ම්ම් එහෙනම් හැමදේම ලෑස්ති කරන්න අද අපි රෑ යනවා.”සෙක්‍රටීටට සමු දුන්න ගිහාන්ගේ පෝන් එක රින් වුනේ ගිහාන් පුටුවෙන් වාඩිවෙද්දි. ජැකට් එකට අතදාලා ෆෝන් එක එලියට ගත්ත ගිහාන් දකින්නේ ඒ කෝල් එක එන්නේ….
💫මතු සම්බන්ධයි💫
කතාව කියවන හැමෝම ශෙයාර් කරගෙන යමු