01 දිගහැරුම 🌻

“සෝමදාස එහෙනම් මන් කිව්ව දවසට හැමෝම එක්ක බංගලාවට එන්න…”

” හරි බේබි මන් ඒ විදිහටම කරන්නම්..”

” අපේ මහත්තයා ……….”

“අපි කියලා මොනවා කරන්නද නන්දා……

අපි මෙහෙම හරි ජිවත් වෙන්නේ බේබි හින්දා.එහෙව් මනුස්සයා උදව්වක් ඉල්ලුවාම නොකර ඉන්නේ කොහොමද …”

” අනේ මන්දා අපේ මහත්තයා ..දෝණී ඉන්නේ හරිම හිතේ අමාරුවකින්..”

” මන් දන්නවා නොනේ..කිරිල්ලියක් වගේ එහෙ මෙහෙ දුව පැන හිටපු කෙල්ලට එකපාරට මංගල්ලයක් ගෙනවම එ දරුවා උනත් හිතා ගන්න බැරුව ඇති..”

” ඔව් මහත්තයා කෙලි විහාගෙ කොරලා ඉවර උනා විතරයි නේ..එකි පුදුම අසාවකින් උන්නේ විශ්වවිද්‍යාලය යන්නේ..දැන් ඉතිං එ හැමදේම එකීට හීනයක්ම වෙනවා විතරයි .”

” නන්දා ඔයා කෙලිගේ හිත හදන්න .එ වගේ හෙට ඉදන් එයාට කරන තියන වගකීම් යුතුකම් එහෙමත් කියලා දෙන්න..”

” පුතා ඔහොම නැවතුනානම්…”

” අම්මා…….”

” ඔව් අම්මා තාම ඉන්නවා..ඔය කොහොමද පුතා අර හිගන කෙල්ල බදින්න හිතුවේ.ඔයාට ඕනි මේ වලව්වට අවනම්බු කරන්නද..”

” අම්මා.ඔයා මයි මට කසාද බදින්න කියලා බලකලේ .නැතුව මන් කවමදාවකවත් බදින්න ඕනි කිව්වේ නෑ..ඉතිං මන් බදින්නේ මට ඕනි කෙනවා.එ කගේ කවුද කුලෙ මොක්කද කියන දේ මට අදලා නෑ…”

” පුතා…….”

“ඉන්න අම්මා මන් තවම කියලා ඉවර නෑ..හෙට එ කෙල්ල මේ ගෙදරට ආවහම එවා මේවා කියලා හිත රිද්දන්න එපා..එහෙම දෙයක් උනොත් මන් සද්ද නැතුව ඉදී කියලනම් හිතන්න එපා.මොකද මන් කෙශ්වර ඉරුගල්බණඩාර එතකොට ඒ කෙශ්වරගේ වයිෆ් අහිංසා මන්දහාසිනි ඉරුගල්බණඩාර …………”

” , ඉනෆ්…මන් යනවා මැණික් අම්මාට කියන මගේ කෑම එක කාමරේට ගෙනත් තියන්න කියලා….”

” අනේ මන්දා මේ දරුවගේ හිතුවක්කාරකම් කවදා නැති වෙයිද මන්දා…”

මුතු මැණිකේ හාන්සි පුටුවේ දිග ඇදී දෑස් පියන්න වුයේ .කෙලෙස හෝ ඔහු විවාහ වීමට කැමැත්ත වු නිසාවෙන් දැනුනු සැන සීමෙණි…
දුනුකේබණ්ඩාර වලවේ එක දරුවා වු කේශ්වර අභිමන් ඉරුගල්බණඩාර වූ ඔහු විසි නවවන වියට පා තබන් තුරුත් විවාහ නොවී සිටිම නිසාවෙන් මුතු මැණිකේ ඔහු විවාහයක් කරගන්නා ලෙස බලකරන්නට වුයේ .ඔහුගේ සිය පරම්පරාව අවසන් වනට දැකිමට ඇති අකමැත්ත නිසාවෙනි ..

කෙසේ හෝ සිය බලවත් පෙරැත්ත නිසාවෙන් සිය නිවසේ රියදුරු වූ සෝමදාස දියණිය විවාහ කරගැනීම යෝජනාවක් ගෙන එන්න වුයේ .සියල්ලන් පුදුම කරමින්‍ ය..
තවමත් දහනවන විය පසු කල ඈ වැනි දැරියක් විවාහ කරගැනීම පිලිබද මුතු මැණිකේ එතරම් කැමැත්තක් නොමැති වුවද අවසානයේ ඈය එයට කැමති වුයේ වෙන කරන්නට දෙයක් නොමැති නිසාවෙනි

” අනේ දෝණී අදවගේ දවසක උදේම අඩන්න තියා ගන්න එපා .”

” ඉහී ..ඉහී අනේ අම්මා මට බෑ අම්මා කේශව මහත්තයා කසාද බදින්න..”

” අනේ දෝණී අපිත් අසරණයි මැණික .බයවෙන්න එපා..කේශව මහත්තයා දෝණීව අප්පච්චී වගේ බලා ගනී.මැණිකේ ටිකක් සැර උනාට දෝණීට වෙනස්කමක් කරන එකක් නෑ..ම්..මොනවා උනත් අද ඉදන් දෝණී දුනුකේබණ්ඩාර වලවේ මැණිකේ කෙනෙක් කියන එක….”

” හරි අම්මා…”

මතුසම්බන්ධයි