17 කොටස-

හිමංස තමන්ගෙ දකුණු අත අරගෙන මිට මොලවලා බිත්තියට ගැහැවෙ වියරුවෙන් ……

“හිමංස මොකද්ද බං ඔය කරන්නෙ .. ඕක නවත්තනවා දැන්….”

හිමංස ඔලුව බදා ගත්තා.. පිස්සුවෙන් වගේ මුලු කාමරේ පුරාම යන හිමංස දිහා විනෝද් බලං හිටියෙ මොනවා කරන්නද කියලා හිතාගන්න බැරිව….

“ඇයි.. නිශාදි … ඇයි… ඔහ් …ශිට් මචං විනෝද් … ඕකි හින්ද මං දවසක පිස්සන් කොටුවෙ ඉදියි…මං ඇයි මේ අත ඉස්සුවේ විනෝද්.. ඇයි….කවදාවත් කරන්න හිතපු දෙයක් නෙවෙයි ඒක..”

“ප්ලීස් හිමංස… ටිකක් කුල් ඩවුන් වෙයන්….ඇත්තටම සොරි මචං.. මං නිසයි සේරම අවුල් උනේ…”

“විනෝද් …. නෑ බං…. නිශාදිගෙ හිතේ අර හිවලා ඉන්නකල් ඔක්කොම අවුල්… ශිට් ඒත් මං කවදාවත් එයාට මෙහෙම සලකන්න හිතුවෙ නෑ….”

“අපි කතා කරලා මේ ප්‍රශ්නෙ විසදගමු….”

“තවත් මොනවා කතා කරන්නද බං… මගෙ ආදරේ මගෙ වේදනාව එයාට දැනෙන්නෙ නැත්නම්…තවත් කතා කරල වැඩක් නැහැනෙ බං…..”

“කෙල්ල ඉන්නෙ වැරදි වැටහීමකනෙ බං……මේ…. දැන් කොහෙද දන් නෑ කෙල්ල ගියෙ…”

“කොහෙ යන්නද බං …එහා පැත්තෙ ඇති….”

“මං ගිහින් කතා කරන්නම් “
“එපා විනෝද් … මේක ඔෆිස් එකනෙ… දැන් බොස් විදිහට මෙතෙන්න ගෙන්න ගන්නම්”

එහෙම කියපු හිමංස ඔෆිස් ෆෝන් එකෙන් රශ්මිට ගත්තා.

“රශ්මි….නිශාදි මැඩම්ට අර රිපෝර්ට් ටික අරන් මගෙ රූම් එකට එන්න කියන්න… මේ දැන්ම..”

“ඒත් සර් …මැඩම් සර්ගෙ රූම් එකට ඇවිත් ගොඩක් වෙලානෙ…”

“නිශාදි ආපහු ඔය පැත්තට ආවෙ නැද්ද ..”

“නෑ සර්…. මේ හරියෙ පේන්නත් නෑ..”

හිමංස ෆෝන් එක දඩස් ගාලා තියලා පිස්සෙක් වගේ ඔෆිස් රුම් එකෙන් එලියට දුවන හැටි විනෝද් බලං හිටියෙ පුදුමෙන්…
දොර ගාව කොල වගයක් වැටිලා තිබ්බ….හිමංස ඒක අහුලන් බලද්දි ඒ තිබුනෙ අර රිපෝර්ට්ස්…

හිමංස ඔෆිස් එක පුරාම හෙව්වත් නිශාදි නැහැ… පහල බැහැලා වට පිට බැලුවත් නැහැ…සිකුරුටි රූම් එකට දිව්වෙ සිකුරුටිගෙන් අහන්න…ඒත් හිමංස යනකොට සිකුරුටි කොල්ල කට කපල නිදි..හිමංස තරහටම කොල්ලගෙ ෂර්ට් එකෙන් ඇදලා ලගට ගත්තා…
අහස කඩං වැටුනා වගේ එකපාරටම වෙච්චි දෙයින් කලබල වුනු සිකුරුටි කොල්ල තුෂ්ණිම්භූත වෙලා හිමංස දිහා බලං ඉන්නවා..

“ඔහොමද මනුස්සයෝ මුර කරන්නෙ…. “

“ස්…. සර්.. මෙ .මේ”

කොල්ලා බයටම වචන හොයනවා..

“මෙතනින් දැන් මැඩම් ගියාද එලියට…. “

“මැ…..මැඩම්..ම්… අනේ ස්..සර්.. මංදැක්කෙ නෑ….”

“යකෝ… උඹ මුරකාරයා නේද…මේකෙ ඒව රැකගන්නෙ කොහොමද ඔහොම ඉදලා..ශිහ්…

හිමංස කොල්ලට ගහන්න අත උස්සද්දිම විනෝද් එතනට ඇවිත් කොල්ලව බේර ගත්තා .

“මොකද බං මේ පිස්සු නටන්නෙ…. “

“මේකා හොදට නිදි බං මං එද්දි…”

“හරි මේ.. අපි එහෙනම් සීසීටීවි චෙක් කරමු”
විනෝද් බලෙන්ම හිමංසව ඇදගෙන ආවා..
“හෙට ඉදල මට පේන්න ඉන්න එපා… තමුසෙව අස් කරනව මං…. මෝඩයා.”

හිමංස පිටිපස්ස බල බල කෑගහනවා…

“මෙහෙ වරෙං බං…. “

හිමංස ටයි පටිය ගලවලා බිම දැම්ම…

සිකුරුටි කොල්ලා විනෝද්ට පිං දෙනවා.කොහොම හරි නිශාදි මැඩම්ට කියලා ශේප් එකක් දාගන්න ඕනෙ….මැඩම් ගොඩක් හොදයිලු… මටත් කටපුරා හිනා වෙලා යන්නෙ…. ඒත් මැඩම් කොහෙ ගිහින්ද..

සිකුරුටි කොල්ලා දිගට හරහට කල්පනා කරනවා…

සිකුරුටි කොල්ල දුවගෙන ගිහින් ටයි එක අහුලගත්තෙ මැඩම් අතරටම දෙන්න හිතාගෙන …

💙💙💙💙💙

සීසීටී කැමරා චෙක් කරන්න විනාඩි විස්සක් විතර ගතවුනා…
නිශාදි ගේට් එකෙන් පිටවෙලා ටවුන් එකට වැටෙන පාරට යනවා ඒකෙ පැහැදිලිව තිබුනා

“විනෝද් …ඉක්මණට කෙල්ල හොයාගන්න ඕනෙ… තරහ නිසා යන්න ඇති..”

හිමංස කෝල් එකක් අරං බලමු.
“නිශාදි ලග ෆෝන් එකක් නෑ බං..”

“මොකක්…. පිස්සු හැදෙනවා… ඒක වෙන්නෙ කොහොමද ..”

“එයා අපෙ වෙඩිං එකට කලින් දවසෙ රෑ ෆෝන් එක අයින් කරලා”

“ඒ මොකටද ”

“තේරෙන් නැද්ද බං… තරුන් නිසා….මං පස්සෙ ෆෝන් එකක් අරං දෙන්න හැදුවට කැමති උනෙත් නැහැ.අනික උවමනාවක් උනෙත් නැහැ..කෙල්ල දිගටම හිටියෙ මං එක්කමනෙ.”

“මගුලක්නෙ බං….යමු එහෙනම් කාර් එකෙන්ම.. වැඩි දුරක් ගිහින් නැතිව ඇති..පැය බාගයක් විතරනෙ දැන්…”

හිමංස විනෝද් එක්ක කාර් එකෙන්ම ටවුන් එක පැත්තට ආවා…විනෝද් තමා කාර් එක ඩ්‍රයිව් කලේ…හිමංස හිටපු තත්වෙ හැටියට මොනව වෙයිද දන් නැහැ නැත්නම්…

දෙපැත්ත බල බල හොද හෝදිසියෙන් ගියත් නිශාදි පේන්න හිටියෙ නෑ…

දැන් නම් හිමංසගෙ පපුව ගැහෙන වේගෙ ගොඩක් වැඩියි…දෙයියනේ මොනව උනාද …අනේ…

කෙල්ලට කරදරයක් උනාවත්ද..

“ශිට් බං.. මං මහ මෝඩයෙක් .. ඇයි මං කම්මුලට ගැහැවෙ…. මොනවා හිතෙන්න ඇතිද එයාට….එයාගෙ දෙමව්පියෝ වත් ඔහොම ගහලා නැතුව ඇති….අහිංසකී..”

“දැන් උනු දේ උනානෙ බං… ගෙදර ගිහින්ද දන් නැහැ.. කෝල් එකක් දාලා බලමුද..”

හිමංස ගෙදරට ගත්තා

“සීතා…”

“චූටි මහත්තයා”

“සීතා… නිශාදි ගෙදර ආවද..”

“චූටි නෝනා… මේ අපේ…”

“ඔව් බං වෙන කවුද”

“බං….”

“මේ සීතා මගෙ ඔලුව ගිනි අරං තියෙන්නෙ… කියනවා නිශාදි ආවද”

“ආ…..මේ …නෑ මහත්තයා ..”

“හරි ආව ගමන් මට කෝල් එකක් දෙන්න.. හරිද”

සීතා ෆෝන් එක දිහා බලාහෙන කල්පනා කලේ ඒ මොකද්ද උනේ කියලා..

“දැන් වෙලාව පහයි බං… සමහරවිට නිශාදි එයාගෙ ගෙදරවත් ගියාද දන් නැහැ..”

“ඔව්… ඒත් කොහොමද දැන ගන්නෙ….කෝල් එකක් ගමු”

“ගෙදර නම්බර් එක මං දන් නැහැ විනෝද් ….”

“උඹ යකාගෙ බෑනෙක්නෙ … “

“උඹ දන්නවනෙ බං…. මං නිශාදි ව බැදපු හැටි.”

හරි අපි එහෙනම් කෙල්ලගෙ ගෙදර යමු…

විනෝද් එක්ක හිමංස නිශාදිගෙ ගෙදරට ගොඩ වෙනකොට රෑ උනා… ඒත් හිමංස බලාපොරොත්තු උනු රූපෙ ඒ ගෙදර හිටියෙ නැහැ..

“පුතා… මේ වෙලාවෙ…. කොයි දුව.”

ගෙට ගොඩ උනු හිමංසගෙන් නිශාදිගෙ අම්ම ඇහැවා.. හිමංස විනෝද් දිහා බැලුවා..විනෝද් ඇහෙන් ඉගි කලේ… මොකුත් කියන්න එපා කියලා..

“නැහැ අම්ම. ..මේ මගෙ යාලුව විනෝද් .. අපි මේ ලගට ආව ගමන් … ගොඩවෙලා යන්න හිතුවා…”

“අනේ කොච්චර දෙයක්ද …පුතාලා වාඩි වෙන්නකො… මං තාත්තට කතා කරන්නම්…තේ ටිකක් බීලම යමු… නැත්නම් මං ටග් ගාලා රෑ කෑම ලෑස්ති කරන්නද”

“අනෙ එපා ආන්ටි.. අපි ඉක්මණට යන්න ඕනෙ… අනික නිශාදි නංගිත් බලාගෙන ඇති හිමංස එනකල්.”

විනෝද් හිමංස වෙනුවෙන් කතා කලා..අම්ම ඇතුලට ගියා..

“නැහැනෙ විනෝද් දැන් මොකද කරන්නෙ.. සීතා ගත්තෙත් නෑ”

“නිශාදිගෙ යාලුවෝ අදුනනවද උඹ”

“නැහැ බං.. මං දන්නෙ අනුත්තරා විතරයි .. ඒකත් වෙඩින් එක නිසා…දැන් අනුත්තරා ඉන්නෙ ලන්ඩන් වල…”

“මොකෙක්ද අප්ප උඹ..ෂැට්…..”

“කට වහන් ඉදින්කො ටිකක්”

මගින් එද්දි හිමංසගෙ අම්මා කතා කරලා ඇහැවා සීතගෙන් නිශාදි ගැන ඇහැවෙ ඇයි කියලා.චතුරිකා ගෙදර එද්දිත් පරක්කු උනා අද… ආපු ගමන්මයි සීතා විස්තරේ එක දෙක කරලා කනේ තිබ්බේ…නිශාදි ඇවිත් නෑ ඒ කියන්නේ

“අම්මෙ… නිශාදි … අනේ අම්මෙ.. “

“මොකද පුතේ උනේ”

“අම්මෙ මං නිශාදිගෙ කම්මුලට ගැහැවා…එයා…එයා ගිහින් අම්මෙ.. කොහෙවත් නෑ..”

“මො.. මොනව…… මොකද්ද උඹ කලේ පුතේ…අනේ අපෙ කෙල්ල…”

චතුරිකා එහෙමම ෆෝන් එක අතැරලා කාමරේට දිව්වා..

“රාජ්..රාජ්… අනේ. රාජ්…. “

“මොකෝ චතූ…”

“මං කීවනෙ මෙහෙම වේවි කියලා”

“ඇයි මේ කලබලෙන්… ආ..”

“අනේ රාජ්.. නිශාදි නැහැලු… කොහෙ ගිහින්ද දන් නැහැලු…..පුතා එයාගෙ කම්මුලට ගහලා..”

“මොකද්ද …කොයි පුතා දැන්…”

“එයා ආවෙ නෑ තාම අනේ රාජ්..”

“ටිකක් කලබල නැතිව ඉන්නකො චතු..ඉන්න මං බලන්නම්..”

💙💙💙💙💙

“හිමංස තව ටිකක් බලලා පොලිසියට කියන්න වෙයි.”

විනෝද් කියද්දි හිමංස ඔලුව බදාගත්තා..

“මචං ගෙදරට ආවා..”

ගෙදර හැමෝම බයවෙලා හිටියෙ…පොඩි දෙන්න අඩනවා.

“අනේ බාප්පි.. පුංචව ඕනෙ අපිට…. ඔයා ඇයි එයාට රිදෙව්වෙ.. පව් පුංචා. ඔයා නපුරුයි … ඉහි ඉහි….”

විනෝද් ගෙදර අයට සිද්දිය පැහැදිලි කලා

අන්තිමේදි රාජ් තීරණය කලා හෙට උදේ වෙනකල් බලලා පොලිසියට කියන්න..

විනෝද් ගියාට පස්සෙ හිමංස උඩ නිශාදිගෙ රූම් එකට ආවා…රූම් එකම පාලුයි…

නිශාදිගෙ ඇදුමක් ඇද උඩ තිබුනා…හිමංස ඒක අරගෙන ඇද උඩින් ඉද ගත්තා …

“නිශාදි …..”

ඇදුම තුරුලු කරගෙන හිමංස ඇඩුවෙ පිස්සෙක් වගේ…..

මුලු කාමරේම පාලු සොහොන් පිටියක් වගේ…..

“ඇයි නිශාදි ..මෙච්චර ලොකු දඩුවමක් මට….”

පොඩි කාලෙදිවත් මොනව හේතුවකටවත් අඩලා නැති හිමංස අද කෙල්ලෙක් නිසා අඩනවා…ආදරේ හැටි එහෙමලුනෙ ඉතිං.

💙💙💙💙💙

“හිමංස …ඔයා ඔච්චර හැන්ඩ්සම් උනේ කොහොමද ….”

දවසක් නිශාදි ඇහැවෙ හිමංස ඔෆිස් යන්න සූට් එක අදිනකොට…

“ඇයි අහන්නෙ…”

“දැනගන්න..”

“ම්ම්ම්ම්ම්.මං එච්චර හැන්ඩ්සම්ද”

“ඔව් හරියට වරුන් ධවාන් වගේ…”

“ඒ කවුද ? “

හිමංස ඇහැවෙ සැකෙන් වගේ ඇස් චූටි කරලා නිශාදි දිහා බලන ගමන්….

“ඔහ්… ඔයා දන්නෙ නැද්ද.. බොලිවුඩ් ඩ්‍රීම් ස්ටාර්…”

“තමුසෙ ආයෙ ඔය හින්දි ෆිල්ම් බලන් නෑ ..හරිද?”

“ඇයි ඒ….”

“තමුසෙ එතකොට එක එක නලුවොත් එක්ක මාව සම කරනවා….i dont like it”

“නෑ..නෑ.. ඒක නෙවෙයි හේතුව…ඔයා කැමති නෑ ඔයා දිහා ඇරෙන්න මං නලුවෙක් දිහා වත් බලනවට…”

නිශාදි කොමල පපා කියද්දි හිමංස නිශාදිගෙ නහයෙන් ඇද්දා…

“දැන් ඉතිං ආඩම්බර වෙන්න එපා . මං එහෙම කීවා කියලා..”

“කොහොමද”

“වරුන් ධවාන් වගේ කියලා”

“වරුන් ධවාන් වගේ මාත් ඇක්ට් කරන්නම්කො දැන් ….ඔයා කැමතිද.”

“ම්ම්ම් කොහොමද “

“වරුන් ෆිල්ම් වල මේන් ඇක්ට්‍රස් ලගට අරන්… මෙන්න මෙහෙම.. තුරුලු කරන්.. ඊලගට හෙමීට මෙහෙම ලංවෙලා..තව ටිකක් ලංවෙලා… කෙල්ලගෙ ලිප්ස් දෙක මෙහෙම අතගාලා”

“ආ..ආ…. ඇති ඇති ෂූටිං… පිස්සා….”

හිමංසගෙ හිත අතීතෙන් මිදුනෙ ෆෝන් එක රිං වෙන සද්දෙන්..

රෑ දොලහයි වෙලාව.. නම්බර් එක unknown …නිශාදි වත්ද?හිමංස ෆෝන් එක ආන්ස්වර් කලා…

“හෙලෝ..”