23 වෙනි කොටස🦋
ආදී එහෙම කිව්වත් ආදිගේ තාත්තගේ මූනේ අදුනේ හිනාවක්.ආදිගේ තාත්තා තමන්ගේ සාක්කුවෙන් පෝන් එක අරන් ඒකේ තිබුන දෙයක් දිහා බලාගෙන ඉදලා ආදිට දික්කරේ ආදි කුතුහලයකින් ඒ දිහා බලද්දි.
“මෙයා දිහා හොදට බලන්න බලලා කියන්න එයා ලස්සනයිද කියලා…”ආදී තාත්තා දුන්න පොටෝ එක දිහා නොබලා අහක බලාගත්තේ ඒක තමන්ට වැඩක් නෑ කියලා හිතුන නිසා.ඒත් එක්කම වගේ තාත්තා තමන්ගේ අතේ තියෙන ෆෝන් එක මේසේ උඩ තියලා දෑගිලි එකට පටලවාගත්තේ ආදී දිහාම බලාගෙන.දිග හුස්මක් ගත්ත ආදීගේ තාත්තා….
“ආදී මං ඔයාගේ තාත්තා අනික මං ඔයාට හොද මොකක්ද හොද නැත්තේ මොකක්ද කියලා මං හොදට දන්නවා.මම හදන්නේ අපේ බිස්නස් වල ඔයාට හොද නමක් හදලා දෙන්න.ඒත් ඔයා කරන්නේ මේ කොහෙවත් යන ගෑනු හුරතල් කරන එක.ඔයාට ඕන ඔයාගේ අර ගර්ල්ෆ්‍රෙන්ඩ්ට කරදරයක් වෙනවා දකින්නද…එහෙම ඕන නැත්තම්….
පියල් එහෙම කියනවත් එක්කම ඇහුනේ ආදීගේ ෆෝන් එක රින් වෙන හඩ.ආදී රින් වෙන ෆෝන් එක සාක්කුවෙන් එලියට අරන් ඩිස්ප්ලේ එක දිහා බලද්දි දැක්කේ ඒ කෝල් එක එන්නේ මිහානගෙන් කියලා.මිහානගේ නම ඩිස්ප්ලේ එකේ දකිද්දි ආදීගේ මූනේ ඇදුනේ හිනාවක්.ආදී කෝල් එක ආන්සර් කරන්න හදද්දිම වාගේ ආදීගේ තාත්තා ෆෝන් එක ඇදලා ගත්තේ ආදීට රැවුමක් පා කරලා.
“හ්ම්ම් බලමු මේ වෙලාවේ කවුද කතා කරන්නේ කියලා…”පියල් එහෙම කියලා කෝල් එක ආන්සර් කරන්න හදද්දිම වාගේ ආදීට පෝන් එක උදුරලා ගන්න ඕන වුනත් කුසුම් හිසෙන් එපා කියලා සන් කරපු නිසාම ආදී ඒ හැගීම මැඩගත්තා.
“ඔයා හොද කෙනාව තෝරගයි කියලා මං විශ්වාස කරනවා ආදී.”පියල් එහෙම කියලා කාමරයට ගියේ ආදීගේ අත ඉබේටම මිට මොලවෙද්දි.පියල් ගියාට පස්සේ කුසුම් ආදී ගාවට එන්න හැදුවත් ආදී නැගිටලා ගියේ දොර ගාවට.ආදී එලියට යනවත් එක්කම දැක්කේ දොර දෙපැත්තේ හිටගෙන ඉන්න තමන්ගේ තාත්තගේ මිනිස්සු.
“ආදී එන්න මාත් එක්ක…”ආදිගේ අයියා ආදී ගාවට ඇවිත් කනට ලංවෙලා කිව්වේ රහසින් වගේ.ආදීගේ අයියා එහෙම කියලා කිචන් එක පැත්තට ගියේ ආදීගේ මුවින් සුසුමක් පිටවෙද්දි.ආදීට හිතුනෙම දැන් තමන් මේ ගෙදර හිර කාරයෙක් වෙලා කියලා.
“ඒ මොකටද….”ආදී ඇහුවේ අයියා දිහා බලලා කේන්තියෙන් .
“හැමෝටම ඔහොම නපුරු විදිහට සලකන එක නවත්තන්න ආදී .අනික අම්මයි මායි තාත්තට වඩා ගොඩක් වෙනස්.”
“ඒක කියන්නද ඔයා මට මෙතනට එන්න කිව්වේ…”ආදී ඇහුවේ පෙර තිබ්බ කේන්තිය පොඩ්ඩක්වත් අඩුනොවෙද්දි..
“නෑ ඒකට නෙමේ…මං ඔයාට මෙහෙන් පැනලා යන්න උදව් කරන්නම්”අයියා කියද්දි ආදීට කිසිම දෙයක් විශ්වාස කරන්න බැරිවුනා.ආදිට හිතුනෙම කවුරු හරි තමන්ට හිර ගෙදරකින් පැනලා යන්න උදව් කරනවා වගේ හැගීමක්.
වර්තමානයට
“මට එලියට එන්න බැරිවුනා මිහානා.”ආදී කිව්වේ බිදුනු හඩින්.ආදි කියපු හැම දෙයක්ම දිහා මං බලාගෙන හිටියේ විමසිලිමත් දෑසකින්.ඒ හැම ඉරියව්වක්ම බලපු මට ආදී මේ කියන්නේ බොරු නෙවේ කියලා තේරුනා.
“බබා මේ අහන්න මං පැනලා යන්න හැදුවේ නෑ.මං ඔයාට සහන්ගේ නම්බර් එකෙන් අරන් ගොඩක් කෝල් කරා.ඒත් මට ඔයාට කතා කරන්න බැරිවුනා.මම ඇත්තටම ඔයා ගැන හෙව්වා මිහානා.මං ඔයාට කිව්ව ඔයාව හොස්පිටල් එකට එක්කගෙන යන්නම් කියලා ඒත් මට ඒක කරන්න බැරිවුනා මං ඔයාගේ පොරොන්දුව කැඩුවා මිහානා මට සමාවෙන්න.මං…”
එයා මාව දාලා ගියේ නෑ ඒ කියන්නේ…මම එදා ඒ හැමදේම දාලා ආවේ නැත්තම් මට ආදීව හම්බෙන්න තිබ්බා.එහෙනම් මෙච්චර දුකක් නෑ.මං හිතුවෙම ආදී මාව දාලා ගියා කියලා.ඒක නිසයි මං නුවර ආවේ…
“මට ඇත්තටම සමාවෙන්න බබා…”ආදී කිව්වේ මගේ අත් දෙක අල්ලගෙන.ඒත් මගේ හිතේ වදදුන්නෙම එකම එක ප්රශ්නයයි ඒ ආදී මැරි කරපු ඒ ගර්ල් කොහෙද ඉන්නේ කියන එක.
“එතකොට ඔයා මැරි කරන්න හිටපු ගර්ල්ට මොකද වුනේ ආදී එයා එතකොට කොහෙද…”මං ඇහුවේ ආදී දිහාම බලාගෙන.
“මම දන්නෙ නෑ…”
“ඔයා දන්නේ නෑ…”ආදී එහෙම කිව්වත් මට හිතුනෙම ආදී මොනවහරිම දෙයක් මගෙන් හංගනවා කියලා.ටික වෙලාවක් නිහඩව හිටපු ආදී….
“මං හිතන විදිහට අපෙ අයියා ඒ ගර්ල්ව මැරි කරා”ආදී කිව්වේ කැබින් එකේ ජනේලේ ගාවට ගිහින් එලිය බලාගෙන.ඒත් මට ආදීගෙන් මට ඕන උත්තරේ හම්බුන් නැති නිසාම මං ආදී ගාවට ගිහින් ඒ උරහිසට අතක් තිබ්බේ ආදී දිග හුස්මක් අරගෙන මං දිහ බලද්දි.
“එයාගේ නම මොකක්ද…එයා ගොඩක් පොහොසත්ද …..නැත්තම් එයාගේ අම්මයි තාත්තයි පොහොසත්ද ….ඒකද ඔයාගේ තාත්තා එයාව බන්දන්න හිතුවේ….මං ඇහුවේ ඇස් දෙකේ කදුලු පුරවගෙන ආදී දිහාම බලාගෙන.මට හැමදේම දැනගන්න ඕන වුනා.මොකක්දෝ හේතුවකට මට ආදී ඉස්සරහා එයාගෙන් ඒවට උත්තර ඕන වුනා.ආදී දිග හුස්මක් අරගෙන මන් දිහා බලලා….
“එයාගේ නම මොකක්ද කියලා හරියටම මන් දන්නේ නෑ හැබැයි මට මතක විදිහට එයාගේ නම පටන් ගන්නේ ස අකුරෙන් වගේ.”ආදී එහෙම කියනකොටනම් මගේ මූණේ ඇදුනේ හිනාවක්.මොකද තමන් බදින්න හිටපු ද්කෙනාගේ නම දන්නේ නැති එකම කෙනා ආදී වෙන්න ඇති.
“එයා ලස්සනද කැතද කියලවත් මං දන්නේ නෑ බබා.මොකද මේ ආදීගේ හිතේ ඇදිලා ඉන්න එකම රූපේ තමුසේ විතරයි.තමුසේ නැති දවස්වල මං හිටියේ පිස්සෙක් වගේ බබා. අනික එයාව මං එකපාරක්වත් දැකලා නෑ.”ආදී එහෙම කියලා ඉවර වෙද්දිම වගේ…..
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
💫මතු සම්බන්ධයි