08 දිගහැරුම ( අවසාන කොටස )

සදනෙත් මිනැසි හා ඔහු වෙනුවෙන් තැනු නව නිවසහි මිනැසි දියණිය හා ඇගේ මව නතරකරන්නට වුයේ..ඇය මිට පෙර දිවි ගෙවු කුලි නිවස තුල ඇයව තවදුරටත් රදවා තැබීමට සිත් නොදුන් නිසාවෙනි…

සෑම දිනකම ආයතනයේ වැඩ නිමා වී මිනැසි සමගින් නිවසට ගොඩ වදින ඔහු දියණිය හා බොහොම වේලාවක් කාලය ගතකර නැවත ඔහුගේ නිවස වෙත පිය නගන්නේ මධ්‍යම රාත්‍රියේය..

මෙදිනද දියණිය හා කල්ගෙවු ඔහු සදනෙත් දියණිය ඔහුගේ තුරුලේ නිදාගත් පසු ඈ යහන මතින් තබා ප්‍රවේශමට ඈ කොට්ට කිහිපයකින් ආවරණය කර කාමරයේන් පිටතට පා ඔසවා සාලයේ ඔහුගේ අපේක්ෂාවෙන් බලා හිදින ඈ අසලින් හිදගන්න වුයේ ඇගේ ඇකයෙන් හිස තබා ගනිමින් ය………

” හැමදේම ලෑස්ති නේද මැණික .මගේ රෝස බෝනික්කිගේ එවත් හරිනේද…”

” හුම්ම්………..”

” ඇයි මැණික ඔයා දුකින් වගේ කතා කරන්නේ..ඔයා මේ දේට කැමති නැද්ද…”

” එහෙම දෙයක් නෑ අයියේ …මන් මේ දේට කැමති එ..එත් ……”

” ඇයි දරුවෝ මොක්කද ඔයා ඔය හිතේ හිරකරන් ඉන්නේ..ම්..ඔයාට මන් දවසකුත් කිව්වා.ඔයාට ඕනිම වේලාවක ඕනි දෙයක් මන් එක්ක කියන්න පුලුවන් කියලා..ම්..එහෙම කියලා තියෙද්දි ඇයි මේ”

” ම..මට බ..බයයි……”

“අනේ දරුවෝ බය වෙනෙනේ මොකද වෙනදා හිටිය කෙනාම තමයි මන් හෙට ඉදන් ..වෙනසකට තියෙන්නේ හෙට ඉදන් ඔයා නීතියෙනුත් මගේ වෙන එක…විකාර හිතන්නේ නැතුව හොද ලමයා වගේ ගිහින් නිදාගෙන .හෙට ලස්සනට එන්න ඕනි හොදද..”

” හරි අයියේ එහෙනම් බුදු සරණයි .පරිස්සමෙන් යන්න……”

” දැන් ඉතිං ඔය අයියා කෑල්ල හලලා මහත්තයා කියන්න නෝනාට පුරුදු වෙන්න වෙයි …..”

මිනැසිගේ නලල් තලය මතින් සිපුමක් තවරම්න් සදනෙත් පවසන්න වුයේ ..ඈ කෝලයෙන් රත් පැහැ වෙද්දීය…….

” මගේ මැණිකයි බෝනික්කිත් පරිස්සමෙන් ඉන්න…බුදු සරණයි මැණික …..”

දුනුකේබණ්ඩාර මුදියන්සෙලාගේ සදනෙත් දේවින්ද දුනුකේබණ්ඩාර වන මම මෙහි සිටින සුරියප්පෙරුම ආරච්චිලාගේ මිනැසි දිනායා ඉදුසරණි වන අය අද දින පටන් මගේ නිත්‍යානුකූල බිරිඳ ලෙස ……………..

සුරියප්පෙරුම ආරච්චිලාගේ මිනැසි දිනායා ඉදුසරණි වන මම මෙහි සිටින දුනුකේබණ්ඩාර මුදියන්සෙලාගේ සදනෙත් දේවින්ද දුනුකේබණ්ඩාර යන අය අද දින පටන් මගේ නිත්‍යානුකූල ස්වාමියා ලෙස………

” එහෙනම් පුතේ ඔය දෙන්නාට සාර්ථක විවාහ දිවියකට මන් ආශිර්වාද කරනවා…
එහෙනම් කොල්ලෝ රෑ වෙන්න කලින් පිටත් වෙන්න…..”

” සර්……”

” දැන් මන් සර් නෙවෙයි දරුවෝ ..අප්පච්චී කියන්න බැරි නම් අන්කල් කියලවත් කියන්න.සර් කියලා මාව දුරස් කරන්න එපා දරුවෝ ..ඔය අද ඉදන් නෙවෙයි එදා ඉදන් මට මගේම දරුවෙක් වගේ……”

” අනේ තාත්තේ ම..මට සමාවෙන්න ඔයාගේ හිත රිදුනනම්.මට..කියන්න ඕනි උනේ ඔයාට හුගාක් පින් කියලා..මන් වගේ කෙනෙක්ට තාත්තාගේ පුතා දුන්නට……”

” මිනැසි …..මන් එදත් ඔයාට කිව්වා.තමන් තමන්ව කිසිම දවසක පහත් කරලා කතා කරන්න එපා…සදනෙත් කියන්නේත් ඔයා වගේම කෙනෙක් …මිනිස්සුන්ගේ ජිවිතේ එකපාරින් සාර්ථක වෙන්නේ නෑ..වැරදීම් සිද්ධ වෙනවා..ඒ දේවල් ජිවිතේට අත්දැකීමක් කරන් ඉස්සරහට යන්න…”

” අප්පච්චී එහෙනම් අපි යනවා ..”

” හරි දරුවෝ පරිස්සමෙන් ගිහින් එන්න…දෝණී ගැන හිත කරදරය කරගන්න එපා..එයාව බලාගන්න අපි තුන්දෙනාම ඉන්නවනේ..ඔය දෙන්නා ඔය දවස් දෙක නිදහසේ ගත කරන්න…””

” අනේ…මට දෝණී නැතුව ඉන්න බෑ අයියේ …”

” දෝණීව දෙන්න අප්පච්චී .දැන් මිනැසිට විතරක් නෙවෙයි ..මටත් දෝණී නැතුව බෑ…”

” එත් පුතේ …..අද වගේ දවසකත්…..”

“එකට කමක් නෑ ..අප්පච්චී මේ බෝනික්කි නිසයි මට මගේ මැණිකව හම්බුනේ ..ඉතිං අද වගේ දවසක මේ බෝනික්කි නැතුව කෝමද….”

” එන්න මැණික තාත්තා අතට….”

” අලේ අම්මි අපි කාද යන්නේ බුම් එතේ…..කුඩා මිනුදිට එකම සතුටකි..මින් පෙර ඈ නිවසින් පිට බොහො දුරක් ගොස් නොතිබු නිසා ඇයට රථයෙන් එපිට පෙනන දේවල් දෙස බලමින් කෑගසන්න වුයේ සතුටිනි…..”

” අපි දෝණීව දාල ආවනම්..එක කොච්චර අපරාධයක්ද නේද..මැණික ..බලන්නකෝ දෝණීගේ සතුට …….”

” ඔව් අයියේ .මට කොහොමත් මේයව අරන් කොහෙවත් යන්න පුලුවන් කමක් තිබ්බේ නෑ..දෝණී අදමයි මෙහෙම එලියට යන්නේ..”

” ගුඩ් මෝනින් මැණික ……”

” ගුඩ් මෝනින් මහත්තයා …..”

” ඕ..කෙල්ල එහෙනම් අයියා කැල්ල ඊයේ රැයෙන් පස්සේ හලලා වගේ ..එ කියන්නේ කොල්ලා වැඩ කාරයානේ….”

” අනේ යන්න මහත්තයා යන්න.ඔයා එක්ක ඕකනේ…බැරි ……”

” හරි හරි බන් විහිලුවක් කරේ..ඔයා ඇහැරිලා හුගාක් වෙලාද..ඇයි ඉතිං මේ තනියම ඉන්නේ මාවත් ඇහැරවන්න එපැයි…”

” මන් ඇහැරලා ටිකක් වෙලා මහත්තයා ..කොහෙද ඉතිං අප්පච්චී දෝණී හොදට ගුලි වෙලා නිදාගෙන ඉද්දී මන් කොහොමද ඇහැරවන්නේ….මට ලෝබ හිතුනා ඉන්න විදිහ දැක්කහම ඇහැරවන්න..දෝණී ඔය ඔයා එක්ක රෑයක් එලිවෙනකන් හිටියමනේ….”

“ම්..පව් මැණික දෝණී මට දුක හිතුනා..රෑ නින්දෙනුත් මට තුරුල් වෙනවා..”

” ඔයා පින් මහත්තයා දෝණීට මේ දෙන ආදරේට…..”

” විකාර කතා නොකියා ඉන්නවා..ඔයාටයි දෝණීටයි නැතුව මන් අල්ලපු ගෙදර ගෑනිට ආදරේ කරන්න ඈ…..”

” හපෝ ඔච්චර කේන්ති ගන්න එපා..ඉක්මන්ට වයසට යයි..එතකොට දෝණීට ලොකු වෙනකොට අප්පච්චී නෙවෙයි සියා කියලා තමයි කියන්න වෙන්නේ…”

” මැණික මේ..මේ..මේ.ඔ..ඔයාට …..”

” ඇයි අයියේ මොක්කද ප්‍රශ්නේ ..ම්..මොක්කද ඔයා ඔය අහන්න හදන්නේ විකාර හිතන්නේ නැතුව ඔය හිතේ තියන දේ අහන්න…..”

” මේ ඔයාට අමාරුවක් එහෙම නෑනේද මැණික ..සොරි මට මාව පොඩ්ඩක් කොන්ට්‍රෝල් කරගනන් අමාරු උනා.මැණික ..”

මිනැසිට දැනෙන්න වුයේ සිය කොපුල් විලියෙන් රත් පැහැ ගැන්වෙන බවකි..ඔහු මේ අහන්නේ කුමක්දැයි කියා නොදන්නවා නොවේ එ නමුත් ඔහු මෙලෙස අසද්දි ඇයට දැනුනේ පොලව පලාගෙන යන තරම් ලෑජ්ජාව මුසු හෑගිමකි………

” ඔය ඉතිං ලැජ්ජ වෙන්න දෙයක්ද මන් දැන් ඇහුවේ ..මන් දැන් ඔයාගේ හස්බන්ඩ් ඔයාට මන් එක්ක ඕනි දෙයක් ඕපන් කතා කරන්න පුලුවන් වෙන්න ඔනි..”

මිනැසි කිසිවක් නොපවසා ඔහුගේ නිරුවත් ලයට තුරුල් වුයේ ..සදනෙත් ඇගේ හිස මතින් සිය ලවන් පෙති තවරද්දීය..

.
” මැණික ඇස් වහගන්නකෝ…..”

“ඇයි….”

” කියන දේ කරන්නකෝ. ඉස්සෙල්ලාම …”

” ම්..හරි දැන් ඇස් අරින්න……”

” අ..ම..මහත්තයා .මේ..මේ…..”

” අනේ මැණික ඔය ඉතිං ඔයා අඩනවානේ..මන් ඕක උදේ දෙන්න හදලත් දුන්නේ නැත්තේ ..ඔයා අඩයි කියලා හිතලා තමයි…”

සදනෙත් ඇගේ දෑත මත තැබුවේ දියණියගේ උප්පැන්න සහිතකයි..මෙතෙක් දවසක් එහි පියාගේ නාමය ලෙස සදහන් හිස් කොටුව අද සදනෙත්ගේ නමින් සම්පුර්ණ වී ගොසින් ය..

පැතුම් හා විවාහ වී දියණිය ලැබුනද..ඔහුගේ දෙමාපියන් කුඩා බිලිදියගේ උප්පැන්න සහතිකයකට ඔහුගේ නමය නොදිමට තරම් කුරිරු වූ නිසාවෙන් එම තීරුව මෙතෙක් පැවතියේ හිස් කොටුවක් ලෙස..එනමුත් අද…එය පිරි ගොසින් ය…..

” මන් ඔයාට මේ ණය කොහොම ගෙවන්නද මහත්තයා ……….” මිනැසි හඩමින් ඔහුට තුරුල් වුයේ..දැනෙන සතුට ඇයට දරාගත නොහැකිවය ……..

” මේ විදිහට මට ආදරේ දෙන්න මැණික ..වෙන කිසිම දෙයක් ඕනි නෑ……”

” මන් ගන්න හුස්ම හුස්මක් ගානේ ඔයාට තියන ආදරේ වැඩිවෙනවා මිසක් එක අඩුවෙන්නේ නෑ..”

” මත් මගේ මැණිකටයි දෝණීට මගේ පණටත් වඩා ආදරේයි …….” සදනෙත් ඈ සිය ලයට තව තවත් තුරුල් කර ගනිමින් වදන් කරන්නට වුයේ ඈගේ හිස මත සිපුමක් තබමින් ය…

මන් මගේ පණටත් වඩා ඔයාට ආදරේයි …මොක්කද සදවත නුඹයි මා හද අදුර මැකු..
මිනැසි ඔහුගේ තුරුලේ හිදිමින් සිතන්නට වුයේ ඔහුගේ ලයට මත සිපුමක් අතුරමිනි….

නිමි………………

කොටස් අටක් පුරාවට මා එක හිටිය ඔයාලා හැම කෙනෙක්ටම හුගාක් ආදරේයි …
ලයික් කමෙන්ට් කරන හැම කෙනෙක්ටම හුගාක් ස්තූති..රිප්ලයි කරන්න බැරි වෙනවට නම් මන් සමාව ඉල්ලනවා..තියන වෙලාව මදි මට රිප්ලයි කරන්න පුලුවන් වෙලාවට මන්‍ රිප්ලයි කරන්න බලන්නම්…

ආදරේයි