07 දිගහැරුම

” අයියේ මා එක්ක කතා කරන්න ඕනි කිව්වේ ..”

මිනැසි සදනෙතගෙන් ලැබුනු කෙටි පණිවිඩේකට ඔහුගේ කාර්යාලට පැමින අසුනක හිදගන්නා අතරතුර විමසන්නට විය…

” අ…අයියේ ….”

” ශ්….බය වෙන්න එපා..මන් මේ දොර වැහුවේ මේ කතාවට කාගෙන්වත් බධානොවෙන්න ඕනි නිසා..”

සදනෙත් කාමරයේ දොර ඇතුලතින් අගුළු දමා බේලසරය අසුනෙහි රදවා යාබද සෝෆාවෙහි හිද ගන්න වුයේ දෑසින් ඇයට තමා අසලින් හිදගන්නා ලෙස සන් කරමිනි….

” ම් ඔව් මිනැසි මට ඔයාට කියන්න දෙයක් තියනවා .මන් මේක ඔයාගේන් හැංගුවේ නෑ..මන් ඒ දේවල් මතක් කරන්නවත් කැමති නෑ එකයි මන් නොකියා හිටියේ ….මන් දන්නේ නෑ ඔයා මේ දේ ඇහුවහම කොහොම රියැක්ට් කරයිද කියන්න..එත් මන් මේ දේ කියන්නම ඕනි….හැබැයි ප්ලීස් මිනැසි මාව බදින්න අකමැති උනට කමක් නැ. එත් ප්ලීස් දෝණීගෙන් මාව ඈත් කරන්න එපා..මට මන් ජිවත් වෙනවා කියලා දැනුනේ දෝණී දැක්ක දවසේ.එ හැගීම අනේ මන්දා මිනැසි මට කියන්න තෙරෙන්නේ නෑ ..මට දෝණී මගේ දරුවෙක් වගේ..එක අපි කසාද බැදලා දරුවෝ කොයිතරම් හිටියත් දෝණීට තියන මගේ ඒ ආදරේ නම් පොඩ්ඩක්වත් වෙනස් වෙන එකක් නෑ……”

” ස.අ..අයියේ අනේ මොනාද මේ ඔයා කියන්නේ .මාව බය නොකර කියන දෙයක් කෙලින්ම කියනවද..හැබැයි ඔයා ඔය කියන්න යන්නේ දෝණිටයි මටයි ඔයාව නැතිවෙනවා කියලම් ..ප්ලීස් අයියේ එක නොකියා මාවයි දෝණීවයි මරලා දාන්න….”

” මිනැසි ……….
උබට මන් මොකෙක් වගේද යකෝ පෙන්නේ.මෙච්චර ආදරේ කරන්නේ උබලාව මරා ගන්නද…..ආ….”

” සො..සොරි තරහ ගන්න එපා ඉතිම් ඔයා ඔහොම කියද්දි මට බය හිතුනා..අවුරුදු ගානක් ජිවිතේ තනියම දෝණී එක්ක ගෙවලා හෙම්බත් වෙලා..හිටිය මන් සතුටින් හිටියේ ඔයා හම්බුනාට පස්සෙ ..ඉතිං මන් බයයි ඔයත් මට නැති වෙයි කියලා..මොකද මන් ආදරේ කරන අය මාව ඉක්මන්ට දාලා යනවා..මට බයයි මන්………”

“ඔව් කියන්න දරුවෝ …ඔයා ඔය කියන්න හදපු දේ…එ කියන්නේ ඔයත් මට ආදරේයි නේද..ම්…..අදවත් මට ඔය කටින් එ අකුරු හතර කියනවද………”

” ඔක්කොටම කලින් අයියා කියන්න හදපු දේ කියලා ඉන්න ..ඊටපස්සේ මන් කියන්නම්කෝ..කියන දේ…..”

” හැමදාම කොහොම හරි එ ප්‍රශ්නේ මග අරිනවා නේ…කවදද මට ආදරේයි කියන්නේ .ම්………”

” එ අකුරු හතරේමද ආදරේ තියෙන්නේ අයියේ ..එක කියන්නම ඕනිද.ඔයා ගැන මේ වදවෙන්නේ ඔයා ගැන මේ තරම් වද වෙන්නේ..ඇයි මන්….මගේ හැගිම් ඔයාට තේරෙන්නේ නැද්ද ……..”

” මැණික ………………”
සදනෙත් මිනැසි වැරෙන් සිය ලයට තුරුල් කරගන්න් වුයේ ඇයට රිදුම් දෙන තරම් තදිනි………

” ඉස්සෙල්ලාම මන් ආයෙම පාරක් සමාව ඉල්ලනවා මේක මෙච්චර කල් නොකියා හිටියට…….
මිනැසි මේ…මේ……මේකයි……..”

” අයියේ පොඩ්ඩක්වත් බය වෙන්න නැතුව ඔනි දෙයක් කියන්න.ඔයා කියන්න හදන දේ මොකක් උනත් මන් ඔයාව දලා යන්නේ නෑ……”

සදනෙත් සියා අසුනෙන් නැගිසිට සාගරය දෙසට මුහුණලා ඇති උස් විදුරු ජනේලය අසලට පා ඔසවා ඈත දියඹ දෙසට දෙනෙත් පා කරමින් ගැඹුරු සුසුමක් වාතලයට පා කර…..

” ම…මන් කලින් කසාද බැදලා ඩිවෝස් වුන කෙනෙක් ………..”

” අ…අයියේ ……”
මිනැසිව හිද උන් අසුනෙන් නැගිසිටිනෙනේ නිරායාසයෙනි ……..

” ඔව් මැණික …….ඔයා දන්නදානේ දේවානන්ද ඇමැතිතුමාව…..එයාගේ දුව ටනාෂා දේවානන්ද මගේ ජිවිතේම කෑවා බැ/ ## ….”

සදනෙත් සිය අතෙහි තිබු විදුරුව පොඩි කරන්නට වුයේ ..විදුරුව කැබැලි වලට කැඩි ඔහුගේ අත රුධිරයෙන් නැහැවෙද්දිය……

” අයියේ ඔය ඔයාගේ අත…..පිස්සුද …..ආ…..”

.
” හරි දැන් කියන්න මට ඉතුරු ටික..”

සදනෙත්ගේ අත සෝදා ප්‍රවේශමට බෙහෙත් දමා අවසනයේ මිනැසි යලිත් අසුනෙන් හිද ගන්නට විය….සදනෙත්ද ඇය අසලින් හිදගෙන ඇගේ ඇකයෙන් සිය හිස තබාගෙන ඇගේ අතක් ගෙන හිස මතින් තබන්න වුයේ ..සෙමෙන් පිරිමදිමින ලෙස සන් කරමිනි…..

” ම්…..මන් ටනාෂාව මැරි කරේ මමිගේ ප්‍රෝපසල් එකකට.මොක්කද මමී දේවානන්ද අන්කල්ගේ වයිෆ් හොද යලුවෝ.මට කොහොමත් ඔය කෙල්ලෝ කිය සබ්ජෙට් එක වැඩිය ඇල්ලුවේ නෑ…..මන් කොහොමත් ස්කුල් ගියෙත් බොයිස් එකකට නිසා ස්කුල් කාලේ එෆෙයාර් එකක් තිබ්බේ නෑ…..

එකි එක්ක කතා බහ කරද්දි එහෙම ලොකු වැරැද්දක් තිබ්බේ නැති නිසා මන් එකිව බදින්න කැමති උනා…..

අනිත් එක එ කාලේ තාම මන් මේ ගාර්මන්ට් එක පටන් ගත්තේ .එ නිසා මට එකි ගැන ලොකුවට හොයලා බලන්න ටයිම් එකක් තිබ්බේ නෑ…කොහොමද හරි මැරි කරලා මසයක් විතර යද්දී මට තේරෙන්නේ මේකි කොහොම එකෙක්ද කියන එක…..කලබ් ගානේ යන එක එකා එක්ක දවල් රෑ.නැතුව ලගින…..මහම මහා එපා…කරපු වේ###

එකිගේ වර්ජින් එක තිබුනේ නැතත් මන් ඒ දෙවල් ගැන ලොකුවට හිතන්නේ නැති හින්දා මන් එකිට මුකුත් කිව්වේ නෑ .එදා..එත් මට පස්සයි හැමදේම තේරුම් ගියේ…..

පස්සේ හොයලා බලද්දි දැන ගත්තේ මේ හැමදේම දේවානන්ද අන්කල්ගේ ප්ලැනක් කියලා..එයාට ඕනි වෙලා තියෙන්නේ එයාගේ පොලිටික්ස් වැඩ වලට අපේ සල්ලි..එ හින්දායි මට එකිව බන්දලා තියෙන්නේ ….එකිගේ එච්චර වැරදි තිබිලත් මන් කිසිම දෙයක් නොකියා ඉවසුවා……එත්…..එත් ඒ……බැ##… දරුවා …….නැති කරහමන් මට එකිව මරන්න හිතුනා…..”

” අ.අයියේ ………”

” ඔව් මැණික එ දරුවා කගේද කියන්න මන් දන්නේ නෑ..හැබැයි එ මගේ දරුවා නෙවෙයි ..මොක්කද මන් එකි ගැන දැන ගත්තට පස්සේ එක විනාඩියකටත් එකි එක්ක හිටියේ නෑ..මන් හිටියේ අපේ අපාර්ට්මන්ට් එකේ….මගේ නොවුනත් එත් දරුවෙක්නේ මැණික …..කොහොමද දෙයියනේ එ හයක් හතරක් නොතේරන එ පුංචි පැටියාව අයින් කරන්න එකි හිත හදාගත්තේ ….”

ඊටපස්සේ මන් ඩීවොස් කේස් එකක් ෆයිල් කලා එකිගේ වැරැදි ලේසියෙන් මට පෲ කරන්න පුලුවන් උනා..අනික දරුවාත් නැති කරපු හින්දා මට ලේසියෙන් ඩීවොස් එක හම්බුනා..එකෙන් පස්සේ මන් මේ හැමදාම දලා රට ගියා..

මන් මේ අයෙමත් ආවේ අවුරුදු තුනක්……මන් කවදාවත් මැරි කරන්නේ නෑ කියලා හිතන් හිටියේ ………..හැබැයි මන් එදා ඔෆිස් එකට ආපු දවසේ ඔයා දැක්කහම මගේ හිත පොඩ්ඩක්වත් හෙල්ලුනා…මුලු ඔෆිස් එකේම එව්වෝ තොරොම්බොල් කරත්තය වගේ එවා මේවා උලන් ඉද්දි උබ විතරක් සරියක් ඇදන් අහිසංක කමට එද්දි මගේ ඇස් ගැස්සුනා…….

එත් එකපාරකුත් එකියක් අහිසංකයි වගේ රගපලා මගේ ජිවිතේම විනාස කරලා ගියා.උබත් එ වගේ බොරුවක් වෙන්නැති කරන්නේ කියලා මට පුදුම තරහක් ආවේ..එකයි මන් මැනිකව සෙකට්ට්‍රි පොසට් එකෙන් අයින් කරේ……

එත්……එදා දෝණී දැක්කහම එ හැමදාම වෙනස් උනා……දෝණීව අසනීප වෙලා කියලා එදා කොල් එක ආව වේලාවේ උබ හැසිරුන විදිහ දැක්කලා එ හැමදේම වෙනස් උනා……දෝණීව දැක්කාහම මට පුදුම ආදරයක් දැනුනේ..අරකි එ ලමයා නැති කරේ නැත්නම් දෝණී වගේ ඉදිනේ කියලා හිතුනා….

මැණික ….ඉතිං ඔන්න මන් හැමදේම කිව්වා….අනේ ප්ලීස් ඔයා මාව දාලයන්නේ නෑ නේද…..”

” අනේ මන්දා අයියේ ඔයා නම්……මන් ඔයාව දාල යන්නේ මොකටද……..මාත් එකපාරක් කසාද බැදපු කෙනෙක්…..අනිත් එක එත ඔයාගේ කිසිම වරදක් නැනේ …..අනික එ මොන දේටත් වඩා….මන් ඔයාට ……ආදරේයිනේ ඉතිං මන් මගේ මහත්තයාව මොන ප්‍රශ්නේ හින්දවත් අතාරින්නේ නෑ ………….”

” මැණික ආයි කියන්න රත්තරන් …..

” ආදරේයි මෝඩයෝ…..මන් මේ මගේ මෝඩ බොස්ට ආදරේයි ……..”

” මාත් ආදරේයි මැණික ………”

මතුසම්බන්ධයි