06 දිගහැරුම

” ඔව් අම්මා..මට අපෙ ගෙදරත් එක්ක කතා කරන්න කලින් මට අම්මාගේ උත්තරෙ ඕනි.මන් අම්මාට පොරොන්දු වෙනවා..දෝනිව වගේම මිනැසිවත් මගේ ඇස් දෙක වගේ බලා ගන්නවා..”

” එ ගැන මොන කතාද පුතේ..මේ ගෙවිච්ච දවස් දෙක තුනට මන් අපුරුවට දැක්කානේ එක..පොඩි දරුවා උනත් දැන් පුතාව දැක්කත් ඇති දෝනිවත් දාලා පැනැන් එන්නේ . එත් පුතේ …….”

” ඇයි අම්මා මොක්කද ප්‍රශ්නේ ……..”

” පුතාගේ ගෙදරින් දෙස් තියන් අපිට..කිසිම දෙකින් අඩුවක් නැති පුතා වගේ කෙනෙක්ට දරුවෙක් එක්ක තනි උන ගෑනියෙක් කර එල්ලුවා කියලා….”

” මන් කිව්වානේ අම්මා..මන් එ හැමදේම බලාගන්නම් මට අම්මා කැමතිද කියලා විතරක් කියන්න……”

” මන් මොනවට අකමැති වෙන්නද දරුවෝ ..පුතා වගේ කෙනෙක් ..හීනෙකින්වත් අපිට ලබාගන්න පුලුවන්ද……..”

” ඕ….කොල්ලෝ මාව බිමින් තියන්න…ඔය පුතේ මාව වැටෙයි ….”
සදනෙත් මිනැසි මව උසවාගෙන කරකවන්න වුයේ ඔහුට දැනුනු සතුට නිසාවෙනි …..

” ඕ..සොරි සොරි අම්මා මේ..මට දැනුනු සතුටට..හරි හරි මේ අහන්නකෝ අම්මා..මන් මේ ගැන කතා කරපු බවක් අම්මා මිනැසි එක්ක කියන්න එපා..අපි එයාද සප්‍රයිස් කරමු..හාද……”

” අනේ මන් ඕවා දන්නේ නෑ කොල්ලො..මන් ඔනිනම් නොකියා ඉන්නම්….”

” අන්න හරි හොද අම්මා…උම්මා.ඈ…..”

” අනේ ……අනේ මේ කොල්ලා…
පුතා දැන්නම යන්නේ නෑනේද ……දැන් හවස් වෙලා නිසා රෑට කාලම යමු…..”

” හා අම්මේ ….මේ දෝණී අඩනවා නේද මන් බලන්නම් කමක් නෑ නේද…..”

” මොනවද දරුවෝ අහන්නේ ..ඕක අහන්න ඕනිද .තාත්තා දෝණීව බලන්න කාගෙන්වත් අහන්නේ මොකටද………”

” තාත්තා …………………….ම..මන් එතකොට දැන් තාත්තා කෙනෙක්ද……..
ම්……දෝණී මන් දැන් තාත්තෙක් ම්……මගේ මැනිකගේ තාත්තා මන්ද…ම්……”

සිය ලය මත ගුලි වී තුරුල් වී හිදින දියණියගේ හිස මත සිපුම් තබන්න වුයේ ..කියාගත නොහැකි හැගුම් දහසක් ලය පුරා පිරි යද්දිය ….
.
.
.
.
.
.
” අන්න මැණිකගේ අම්මි එනවා…..”

” සර්….කොයි වේලාවෙද ආවේ.මට කිව්වේ වත් නෑ..ආවා කියලා….”

” තාත්තී ඔය කාවවත් බලන්න ආවේ නෑ නෙද මැණික .තාත්තී ආවේ මැණික බලන්න නේද…”

” අම්මි තුත්තු……..”

” ඉන්න දෝණී අම්මා වොශ් දාන් ඇවිත් දෝනිට කුක්කු දෙයි…මොනාද කට ඇරන් බලන් ඉන්නේ ..දරුවා කිරි ඉල්ලනවා නේද .ගිහින් ඉක්මන්ට වොශ් එකක් දාන් ඇවිත් දරුවට කිරි දෙනවා……”

” මෙයාගේ සැර…..තාම මන් කැමති කිව්වෙත් නෑ..අයිතිවාසිකම් කියලා මට සද්දේ දානත් එනවා..දෝණී හින්දා මන් කට පියන් ඉන්නේ .දන්නේ නෑ මගේ හැටි ගිණිමකරා…”

මිනැසි සිතින් ඔහුට බැන වදිමින් නිවසට පා තබන්න වුයේ .සදනෙත් දියණිය සමග මිදුලේ වු බංකුවෙහි හිද ගනිද්දිය …..

” අප්පුත්තී …….ආදෙයි………..”

” මැණික …..ආයි කියන්න රන්…..ම්….මොක්කද කිව්වේ …..දෝණී “

” අප්පුත්තී ………”

” මගේ මැණික අප්පච්චී තාම මන් මැණිකගේ….අප්පච්චී ආදරේයි මේ රෝස මලට……..”

සදනෙත් දියණියගේ වත පුරා සිපුම් තවරන්න වුයේ …දියණියගේ සිනා මැදිනි.
.
.

.
.
.
.
” පුතා ………ඔයා හිතනවදා අම්මා කැමති වෙයි කියලා….මිනැසි නරක දරුවෙක් නෙවෙයි කියලා මන් දන්නවා .එත් පුතේ ඔයා දන්නවානේ එයාගේ ඇත්ත තත්ත්‍ වේ…..”

” ප්ලීස් ඩැඩි ඔයාට විතරයි අම්මාව කැමති කරගන්න පුලුවන් ….මට මිනැසි දෝණී නැතුව ඉන්න බෑ..ඩැඩි …මොන බැදිමක්ද කියන්න මන් දන්නේ නෑ ඩැඩි මට එ දරුවා දැක්කහම පුදුම ආදරයක් දැනෙන්නේ…හරියට මගේ ඇගේ කෑල්ලක් වගේ…..”

” මන් දන්නවානේ පුතේ ඔයා ගැන..මට සතුටුයි ඔයා ඔය කසාදේ කියන වචනෙ ගැනවත් කතා කරපු එක..මන් බයේ හිටියේ අර ප්‍රශ්නේන් පස්සෙ ඔයා කවදාවත් අයි කසාද බදින එකක් නෑ කියලා….ම්..බලමු මන් අම්මා එක්ක කතා කරන්නම්….”

“මොනාද තාත්තාලා පුතාල කතා කරන්නේ..ඔය කතා කරන දෙයක් අපිටත් කියන්න……”

” ආ…..මෙහෙ එන්නකෝ..ඔයා අපු එක හොදයි නන්දා….”

” අපේ මහත්තයා ……..”

” ඔන්න පුතා අම්මාගේ ඔලුවේ කැක්කුමට බෙහෙත් හොයන්…….”

” මොන විකාර කතාවක්ද ඒ අපේ මහත්තයා .මට තිබ්බ ඔලුවේ කැක්කුමක් නැ…..”

” ඇයි නැත්තේ..මේ කොල්ලා ලංකාවට අපු දවසේ ඉදන් කසාද බදින්න කසාද බදින්න කියලා කෑ ගැහුවේ…..”

” අනේ ලොකු ඔයාට කෙනෙක් හම්බුනාද පුතේ..කොහොම කෙනෙක්ද පුතේ..ලස්සනද සල්ලි එහෙම තියන අපිට පෑහෙන කට්ටියක්ද………”

” හොව්…..හොව් නෝනේ….එක ප්‍රශ්නයක් විතරක් එක පාර අහන්න….අනිත් එක මේ පාරවත් පුතාට ඕනි කෙනෙක්ව එ ලමයාට කසාද බදින්න දෙන්න නෝනේ..අපේ තීරණ නිසා එක පාරක් මේ කොල්ලා දුක් වින්දා හොදටම ඇති.. “

” එත් අපේ මහත්තයා “

” නෝනේ මන් කිව්වානේ දැන් එකපාරක් …..නෝනා දන්නවනේ අපේ ඔෆිස් එකේ මගේ සෙකට්ට්‍රි හිටියේ මිනැසි ලමයා අන්න එ දරුවා ගැන තමයි පුතා මේ කතා කරන්නේ…….”

” මොකක් මිනැසි …….එ ලමයාට දරුවෙක් ඉන්නවා නේද..කලින් කසාද බැදලා මිනිහත් මැරිච්ච ගෑනියෙක් නේද…එ වගේ ගෑනියෙක් පුතාට බදින්න දෙන්න කොහෙත්ම බෑ……”

” නන්දා………….

තමුන් ගෑනියෙක් නේද…….ආ…..ගෑනියෙක් වෙලත් තවත් ගෑනියෙක්ට අපහස කරන්නේ..මන් ඔයා ඔහොම කෙනෙක් කියලා කවදාවත් හිතුවේ නෑ නන්දා….

එ දරුවාගේ වරදින් නෙවෙයි නේ එ ලමයා බැන්ද කෙනා මැරුනේ..ඔහොම අපහස කරන්න එපා මිනිසුන්ට ………

අනිත් එක අපේ එකත් මේ කසාද නොබැදපු එකෙක් නෙවෙයි නේ……කසාද බැදලා ඩිවොස් වුන එකෙක් ..දෙයක් කියද්දි තමගේ පැත්ත ගැනත් හිතලා කතා කරන්න නන්දා ……..”

” ඩැඩි කවුරු කැමති උනත් අකමැති උනත් මන් මිනැසි කසාද බදිනවා..මන් යුතුකමක් විදිහට මේක කිව්වේ ……”

” පුතා ..”

” ඉනෆ්…….මන් මිනැසිව කසාද බදිනවා.හැබැයි එයාවත් දෝණීවත් මේ ගෙදර පස් පාගන්නේ නෑ……”

” ලොකු පුතා ……”

මතුසම්බන්ධයි