05 දිගහැරුම

” කොහෙද පැනලා දුවන්න හදන්නේ”

” ඔය අපි දෙන්නවම වැටෙයි සර්…මාව අතාරින්නේකෝ….”

” අල්ල ගත්තේ අතාරින්න නෙවෙයි …”

” සර්…….”

මිනැසි දෑස් විසල් කරන් සදනෙත් දෙසට නෙත් යොමන වුයේ ..ඔහු පැවසු වදන් අදහා ගත නොහැකිවය……..

” කො…කො..කොහෙද මේ යන්නේ..”

” කෑගන්නේ නැතුව ඉන්නවා..මන් මේ තමුසෙව රෙප් කරන්න අරන් යනවා නෙවෙයි නේ .” සදනෙත් රැවුමක් පා කර මිනැසි අතකින් ඇද ගෙන වෙරල තිරයේ කොනකවු බංකුවක අසුන් ගන්න වුයේ ..සුරතලිය ඔවුන් අසල වැලි මත සෙල්ලම් බඩු කිහිපයක් සමග තබමින්ය.

” මට ඔයා ගැන දැන ගන්න ඕනි..”

” සර් ……..”

” නිකන් ස්කෝලේ සර් කෙනෙක්ට වගේ සර් සර් ගාන්නේ නැතුව නම කියන්න බැරි නම් අඩුම ගානේ අයියා කියලවත් කියනවා බන්..
හරි හරි ඒ වගෙන් වැඩක් නැ…මිනැසි මට ඔයා ගැන ටිකක් දැන ගන්න ඕනි…ඔයාගේ අකමැත්තක් නැත්නම් දෝණීගේ තාත්තා ගැන..”

” ම්…….එහෙම ලොකු විස්තරයක් කියන්න නෑ..ස..සර් අයියේ …….
අපේ ගෙවල් මෙහෙම නෙවෙයි රත්නපුරේ .”

” මට හිතුනා කොලඹ කෙල්ලෙක් නෙවෙයි කියලා දැක්ක දවසේම ..ම් කියන්නකෝ ඉතුරු ටික…..”

මන් එ ලේවල් කරලා ඉවර වෙලා ජොබ් එකට යද්දි මාව දැකලා තමයි පැතුම් අපේ ගෙදර මන් ගැන යෝජනාවක් ගෙනාවේ..අප්පච්චීත් එ කාලේ ලෙඩින් හිටිය නිසා එකට කැමති උනා..අපි කසාද බැදලා හිටියේ හොරණ පැතුම්ලාගේ ගෙදර ..කොහොම හරි දෝණී ලැබෙන්න මාස තුනක් වගේ තියෙද්දි .පැතුම් වැඩ ඇරිලා එද්දි ඇක්සිඩන්ට් එකක් වෙලා නැති උනා….
පැ.පැතුම් ඇක්සිඩන්ට් උනේ දෝ…දො..දෝණීගේ කාලකණ්ණි කමට කියලා පැතුම්ගේ අම්මා මාව ගෙදරින් එලෙව්වා ……”

” අයිම් රියලි සොරි මිනැසි …මට ඔයාව අඩවන්න ඕනි කමක් තිබ්බේ නැ. ඔයාට කියන්න බැරි නම් අපි කතාව නවත්‍තමු….”

සදනෙත්ගේ දැතක් ඔහුටත් නොදැනිම ඇගේ හිස මතින් රැදුනේ ..ඇය පිලිබද උපන් විසල් පශ්චාත්තාපයෙනි …….

” කමක් නෑ .අ..අයියේ ඔයාටවත් මේ දේවල් කියලා මගේ හිත නිදහස් කරගන්න ඕනි..

කොහොම හරි එ වෙනකොට අප්පච්චීත් නැති වෙලා…දෝණී ලැබෙනකන් අම්මායි මායි එහේ හිටියා..දොණි ලැබිලා අවුරුද්ද විතර යනකොට ජිවත් වෙන්න අමාරු නිසා මන් අම්මා එක්ක රස්සාවක් හොයන් මෙහාට ආවේ…දෙවි කෙනෙක් වගේ එදා දුනුකේබණ්ඩාර සර් මට පිහිට උන නිසා.අද වෙනකන් මායි අම්මායි දෝණී කාල බීලා ජිවත් වෙනවා සර්……”

” ම්….මිනැසි ඇයි ආයි කසාද බදින්න හිතුවේ නැත්තේ..”

” කසාද බැදල ලමයෙක් එක්ක තනි උන කෙනෙක් එහෙක කවුරුත් බදින්න කැමති වෙයිද අයියේ …..ඊටත් වඩා මට මේ රස්සාව කරන් දෝණීව බලා ගන්න පුලුවන් ..මට එකට මනුස්සයෙක් ඕනි නෑ අයියේ ……..”

” එත් මිනැසි ඔයාත් තාම තරුණ ගෑනු ලමයෙක් .ඔයාට ඉන්නෙත් දුවෙක් ..මෙහෙම කියනවට වැරදියට හිතන්න එපා..අම්මා උනත් හැමදාම ජිවත් වෙන්නේ නෑනේ..ඔයලා දෙන්නා කවදාහරි තනිවෙයි..”

” මන් ඒ දේවල් ගැන තාම එ තරම් හිතලා නෑ අයියේ ..වෙන් දේකට එ කාලේට මුන දෙනවා..”

” දෝණීට ආදරේ කරන්න තාත්තා කෙනෙක් ඕනි දරුවෝ ..එ ලමයා දවසක ඇහුවාහම ඔයා මොනාද කියනනේ….”

” එයාට මන් මට පුලුවන් තරම් අඩුවක් නොදි ආදරේ කරනවා…..”

“මට දැනෙන විදිහට දෝණීටත් වඩා ඔයාටයි ආදරේ ඕනි මිනැසි ……..
“දෝණීට ආදරේ කරන්න අම්මයි ඔයයි දෙන්නම ඉන්නවා..එත් ඔයාට ආදරේ කරන්න කිසි කෙනෙක් නෑ නේද .”

” අ..අනේ..ස.සර් ප්ලීස් වදින්නම් මන්..මන් ගැන බලාපොරොත්තු තියාගන්න එපා..”

” කවුද දරුවෝ බලාපොරොත්තු තියා ගන්නවා කිව්වේ ..”

“සර්……”

” කිසිම බලාපොරොත්තුවක් නෑ….
ආදරේ ඇරෙන්න…….”
මිනැසිට දැනෙන්න වුයේ තමා වටා ඇති සියල්ල මොහොතකට නතර වුවාක් සේය…
මේ ඔහු කුමක්ද පවසන්නේ…….

ආ…ආදරයක්……එයත් මේ දරුවෙක් හිදින තමාට..නෑ..එය කිසි විටක නොවිය යුත්‍තක්..රූපයෙන් ධනයෙන් බලයෙන් මේ සෑම දෙයකින් කිසිදු අඩුවක් නැති ඔහු හා සිය විවාහය ..එයනම් සිතන විටත් විහිලුවක්..

” සර් මන් යන්න ඕනි..දැන් රෑ වෙලානේ.”

මිනැසි ඔහු පිළිතුරුක් දීමටත් පෙර දියණිය උසවාගෙන වේගවත් පියවර තබමින් වෙරලෙන් මෑත් වුවද…

ඈ දියණිය සමග එක්වරම ඇදී ගොස් උනුසම් පපු තෙරක සිර වුයේත් …ඈ ඔහුගේ මෑත්වන්නට තැත් කරද්දී..ඔහු තව තවත් ඈ දියණිය සමගින් සිය ලයට තුරුල් කරගෙන ඇගේ හිස් මුදුනේ සිය දෙතොල් පෙති තවරන්නට විය………

” සර් ප්ලීස් මාව අතාරින්න මේක වැරදි …..”

” මන් කලිනුත් කිව්වානේ අල්ල ගත්තේ අතාරින්නේ නෙවෙයි …….”

මතුසම්බන්ධයි