-16 කොටස-

“නිශාදි … ඒයි නැගිටිනවකො හලෝ… තමුසෙ අර මොකාද එකා පොලේ ගැහැවා වගේ….. ඔහොමත් නිදියන්න පුලුවන්ද…”

හිමංස නිශාදිව හොලවනවා

“ඕයි…නැගිටිනවකො….”

“ම්ම්ම්ම්ම් ඇයි අප්පා… ඔයාට නින්දයන් නෑ කියලා මං පලිද… කාවද පොලේ ගැහැවෙ ඔයා…..”

නිශාදි නිදිමතේම ඇස් ඇරියා…

එතකොටයි දැක්කෙ හිමංස ජැන්ඩියට ඇදගෙන ඉන්නවා..

“ඈ…. හිමංස ඔයාට පිස්සු හැදුනෙ කවද්ද.. මේ මහ රෑ ඔයා කොහෙද යන්නෙ..”

“මහ රෑ…ආ ඔව් …මහ රෑ මං යනව හොල්මන් බලන්න..”

හිමංස් ජනෙලෙ ලගට ගිහින් කර්ට්න් එක ඈත් කලා

“පේනවද …දැන් උදේ වෙලා… “
“ඈ……ඔව් නේද… මෙච්චර ඉක්මනට උදේ වෙන්නෙ ඇයි අප්පා..ඒක නෙවේ.. ඔයා කොහෙද යන්නෙ අද… ඉරිදනෙ අද…”

“මං පොඩි ගමනක් යනවා”

“කියන්නකො ඉතිං අගේ නොකර…”

“මං ක්ලබ් එකට යනවා…. “

හිමංස එහෙම කිව්වම නිශාදිගෙ මූණ වෙනස් උනා..

“ක්ලබ්…ඒ මොකටද….”

“මිනිස්සු කල්බ් යන්නෙ මොනවා කරන්න ද කියලා දන්නෙ ම නැද්ද…”

නිශාදිට ගොඩක් අප්සෙට්..නිශාදිගෙ සුදු මූණ රතු වෙන හැටි හිමංස බලං හිටියා….

නිශාදි හිටියෙ හිමංසගෙ ඇස් වල බැල්මට අහුවෙලා….හිමංස මේ තරම් ඔයාට මං බැදුනෙ කොහොමද ….. හිමංස දන්නෙම නැතිව නිශාදිට ගොඩක් ලංවෙලා……හිමංසගෙ සුසුම් හඩ ලගින්ම දැනෙද්දි නිශාදි මේ ලෝකෙට ආවා..
“ඔයා යනවද දැන්…”

නිශාදි ඒක ඇහැවෙ ගොඩක් දුකින්..

“ඔහ් මැඩම්…. බොරුවට මූණ එල්ල ගන්න එපා…. මං යන්නෙ ස්පෝර්ට් කල්බ් එකට…. ගොඩ දවසකින් මැච් එකකට සෙට් උන් නැහැ… යාලුවන්ගෙ බර බරේ….. අනික ඇගටත් හොදයිනෙ…”

“ඔය ඇත්තමද”

“හරි තමුසෙට මාව අන්ෂුවර් නම් එනවකො යන්න.. හැබැයි කොල්ලො විතරයි ඉන්නෙ..”

“අපෝ මට බෑ….ඔයා යන්න .. මං ඉන්නම්…”

“හරි මේක අහගන්නවා හොදට…. මං එනකල් පරෙස්සමට ඉන්නවා…. ගේට් එකෙන් එලියට යන්නත් බෑ… හරිද… මං බොඩිගාඩ්ලා දෙන්නෙක් දාලා තියෙන්නෙ…. තමුසෙ වැරදිලා හරි එහෙ මෙහෙ උනොත් වෙඩි වගේ මට නිවුස් එක එයි… “

“අපෝ…. මේක හිරගෙයක් වගේනෙ නීති දාන්නෙ.ඔයා… මට එලියට යන්නෙ ඕනෙ නෑ අනේ……”

හිමංස නිශාදිගෙ නලලට හාදුවක් දීලා පහලට ආවා.

💜️💜️💜️💜️

“පුංචා… කොහෙද ඔයා යන්නෙ..”

“ඇයි චූටි.. මං මල් ටික බලන්න යන්නෙ…”

“ආ එහෙනම් කමක් නෑ…”

නිශාදි ගාර්ඩ්න් එකට යනකොට දෙන්න පිටි පස්සෙ ආවා…

“මොකෝ මේ දෙන්නා අද ….ම්ම්ම්ම්ම්ම්ම්….හෝම් වර්ක් නැද්ද…”

“අපෝ නෑ… අපි අද දවසම ඉන්නෙ ඔයා එක්ක… ඔයා වොශ් රූම් එකට ගියත් අපි දොර ලග ඉන්නවා..”

“ඒ මොකෝ…”

“එහෙම තමයි අපිට බොස් අණ කලේ..”

“බොස්.. කවුද ඒ…”

“ඇයි අනේ …ඔයගෙ අර ගස්බන්ඩ් නෙ “

චුට්ටා කට උල් කරල කියද්දි නිශාදිට හිනා…

“හස්බන්ඩ්ද ..”

“අන්න ඔව්…. බැරි වෙලාවත් ඔයා ගේට් එක පැත්තට ගියොත් අපි ඔයාට වෙඩි තියනවා… “

“අපෝ.. බයානකයිනෙ….. ඒ කොහොමද …”

“මෙන්න බඩු…”

චුට්ටා ඔච්චර වෙලා කලිසම් සාක්කුවේ හංගගෙන හිටපු සෙල්ලම් පිස්තෝලෙ නිශාදිට පෙන්නුවා…

“ඔයාලගෙ බාප්පි නම්… ඉන්නවකො ආවහම මං අල්ල ගන්නම්කො…. මෝඩයෙක්නෙ මහ……පොඩි ලමයින්ට උගන්නන්නෙ ඕවද”

“පුංචා බාප්පිට බනින්න එපා… එයා අපේ හොද බාප්පි දැන්”

“මොකද ඔයාලා දැන් එයාගෙ පැත්ත ගන්නෙ..”

“එයා අද දවසටම පුංචාව අපිට දීලනෙ ගියේ සෙල්ලම් කරන්න.. ඒ නිසා අද එයා හොද බාප්පි…”

නිශාදි චූටිගෙ ඔලුව අතගෑවා…

“බාප්පටම හරියන ජෝඩුව…”

💜️💜️💜️💜️💜️

“අපෝ ඔයාගෙ හැටි හිමංස ..”

පොඩි එකෙක් වගේ ඇදුම් වල කුණු ගාගෙන… දාඩිය බේරෙනවා.. හිමංසට ගෙට ගොඩ වෙන්න හම්බුනේ නැහැ..

“ඇයි .මං ඇදුම් ඇදගෙනනෙ ඉන්නෙ….”

“අපෝ ..මොකද්ද අනේ…. විහිලු තමයි ඔයාට ඔක්කොම.”

.”.එනවකො ටිකක් ලගට.. “

හිමංස නිශාදිගෙ අතින් ඇද්දා..

“අන්න අම්මා….”

නිශාදි කියනකොටම හිමංස අත අත් ඇරියා… ඒ තත්පරෙන් නිශාදි පැන ගත්තා…

“ඉන්නවකො මං අල්ලගන්නම්…. “

හිමංස කෑ ගැහැවා…

“කාවද චූටි මහත්තයා අල්ලගන්නෙ….”

සීතා ඒ පාර.. හිමංසට යකා නැග්ගා..

“මං කියන් නෑ සීතා තමුන් මගෙ ආච්චි වගේ හින්දා..”

.සීතගෙ මූණ තැලිච්ච දෙහි ගෙඩියක් වගේ උනා..

💜️💜️💜️💜️💜️

..හිමංස නාලා රූම් එකට එනකොට නිශාදි අත් දෙකත් බැදගෙන බලාන ඉන්නවා…හිමංස නිශාදිව ගනන් ගන්නෙ නැතුව කණ්ණාඩිය ලගට ගියා…..

“මොකද්ද අර කරපු කැත වැඩේ..අන්න හෝ ගගා අඩනවා.”

හිමංස කොණ්ඩෙ පීරන්න ගත්ත පනාව පැත්තකින් තියලා නිශාදි දිහාට හැරුනා…

“කවුද අඩන්නෙ”

“වෙන කවුද සීතා මිසක්…”

“සීතා ඇයි අඩන්නෙ… එයාගෙ මැරෙන්න කවුරුත් නෑදෑයෙක් නෑනෙ…”

හිමංස ආපහු කණ්ණාඩිය දිහා බලාගෙන කොන්ඩෙ හදනවා

“හිමංස ඔයා සීතට ආච්චි කීවෙ ඇයි.. එයාට හිත රිදිලා ඉන්නෙ..”

“ඉතිං තමුසෙ ගිහින් නලවනවකො… තමුසෙ කොහොමත් පරාර්ථකාමීනෙ….අනික ඔය වගේ වයසක ඩයල් වලට සලකන්න තමුසෙ හරි කැමතිනේ…”

“ඔයා නම් හරිම නපුරුයි හිමංස ..පව් සීතා”

“හ්හ්….. උන් ඔය උඩ පනින්නෙ තමුසෙ නිසා.. නැත්තම් උන් එකෙක්වත් මගෙ මූණ දිහා කෙලින් බලාගෙන කතා කරන්නෙත් නෑ ඉස්සර..”

හිමංස ආඩම්බරෙන් කියද්දි නිශාදි ගස්සගෙන එලියට ආවා..

ගස්සනකොටත් අමුතු ලුක් එකක් එනවනේ..

. “මේ මේ… නිශාදි එනවකො මෙහෙට”…

💙💜️💜️💜️💜️💜️

“විනෝද් … කොහොමද බං…”

හිමංසගෙ ඔෆිස් රූම් එකට විනෝද් ගොඩ වුනේ කේක් පෙට්ටියකුත් අරගෙන

“දැන් ඉතින් උඹලට හරි ගිහින් නේද?

මේ මොනවද බරටම උස්සගෙන ආවෙ…. උඹ කවදාවත් මට ටොපියක් වත් ගෙනත් තියෙනවද”

“ආ..ආ… මල්ලී… ඒ ගැන කරදර වෙන්න එපා… මං මේක ගෙනාවෙ මගෙ නෑනා පොඩ්ඩට…කොයි දැන්”

“ආ.. එයා …ඇති …එයි දැන්..මං රිපෝර්ට් එකක් හදන්න දුන්නා…”

“එයා… ආව් ආව්… … කොහොමද ඒක…..”

හිමංස විනෝද් එක්ක හිනා වුනේ මුලු හිතින්මයි

“ශා… කොල්ලගෙ හිනාව….. සිරාවටම මට හෙන හැපි බන්…. “

“ඒකනෙ….. උඹ ඉතිං මට කොච්චර උදව් කරලා තියෙනවද…”

“උඹ දන්න උදව් වලට වඩා මං උඹ නොදන්න උදව් කොච්චර කරලා තියෙනවද..”

“මොකද්ද බං ඒකෙ තේරුම”

“නෑ නෑ ඕව වැඩක් නැහැනෙ දැන්… “

“නෑ..නෑ…කියහන්කො මට දැන ගන්න..”

💙💙💙💜️💜️💜️💜️

හිමංස දුන්නෙ රිපෝර්ට් එක හදල ඉවර උනු නිශාදි හිමංසගෙ රූම් එක ලගට ගියේ විනෝද් ආවා කියලා නොදැන…

විනෝද්ගෙ කතාවටම අවදානෙ තිබුනු නිසා නිශාදි එනවා වීදුරුවෙන්වත් හිමංස දැක්කෙ නැහැ. නිශාදි දොර අරින්න යනකොටයි රූම් එක ඇතුලෙන් කතා සද්දයක් ඇහුනේ.

ආ කවුරුහරි ඇවිත්…මං පස්සෙ එනවා එහෙනම්.

එහෙම හිතපු නිශාදි ආපහු එන්න හැරෙද්දිම ඇහුනු නම නිසා හිටපු තැනම ගල් ගැහුනා…

“හිමංස …කොහොමහරි තරුන්ගෙ වැඩේ මං ගොඩ දැම්මනෙ… ඒකා දැන් ඒ රටට වෙලා සුවසේ ඇති….”

එත් කවුද තරුන් ගැන කියන්නෙ… නිශාදිට හිතා ගන්න බැරි උනා එක පාරටම …

“උඹ නම් සිරා පොරක් බං… කොහොමද ඔහොම ගේම් එකක් දුන්නෙ.. මට නම් හිතාගන්න බෑ…..

“ඔව්.. හිමංස ඒකනෙ මං උඹට එදාම කීවෙ කිරිල්ලි උඹට නැතිවෙන් නැහැ කියලා… තරුන්ට ඇපත් නෑනෙ දැන්….එදා බර්ත්ඩේ පාර්ටි එකට මං නාවෙ වෙන දේ දන්න හින්දනෙ …”

“තරුන් මහ මෝඩයෙක් බං…ඒ වගේ හිවලෙක් එක්ක නිශාදි මොකට යාලු උනාද”

“ඒක ඇත්ත…. ඌ අවුරුද්දකින් එන්න හීන මැව්වට ඒක හීනයක්ම විතරයි…. ඌට එන්න කොහොමත් ලැබෙන් නැහැ.. ප්ලෑන් එක සක්සස්…..”.

නිශාදිට තවත් ඉවසන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ… රිපෝර්ට් එක බිම වැටුනා….ඇස් වලින් කදුලු ගලාගෙන යන්නෙ උල්පතක් වගේ…නිශාදි දොර ඇරගෙන ඇතුලට ඇවිත් පුටුවෙ ඉදගෙන හිටපු හිමංසගෙ ෂර්ට් එකේ කොලර් එකෙන් ඇදලා නැගිට්ටුවා…

විනෝද්ටත් එක පාරටම මොකද උනේ කියලා හිතාගන්න බැරුව පුටුවෙන් නැගිට්ටුනේ ඉබේමයි..

“තමුසෙ… තමුසෙ.. මහ ජරා මිනිහෙක්…. ඇයි එහෙම කලේ…”

නිශාදි හිටියෙ ගොඩක් වේදනාවෙන්… තරහෙන්…. දුකෙන්..හිමංසට හිතාගන්න බෑ උනු දේ.. නිශාදිට ඇහෙන්න ඇති අපි කියපුවා.. අයියෝ..

“නිශාදි …”

“කටවහනවා.. ඔය කටින් මගෙ නමවත් කියන්න එපා ආයේ… තමුසෙයි තමුසෙගෙ යාලුවයි එකතු වෙලා මගෙ තරුන්ට මොකද කලේ… මෙච්චර වංචාවක් කරන්න පුලුවන්ද මනුස්සයෙක්ට…”

“නිශාදි .. නවත්වන්න ..ප්ලීස්.. මං කියන දේ අහන්න..”

“මට මොකුත් අහන්න ඕනෙ නෑ.. තමුසෙ මාව රැවැට්ටුවා…..තමුසෙ ඇයි ඔහොම කලේ… ආදරේ බලෙන් ගන්න බෑ කිය කිය බලෙන් නෙවෙයිද අර ගත්තෙ මගෙ ආදරේ….. ඇයි ඇයි..”

“නිශාදි .. නවත්තනවා දැන් ඔය කියවිල්ල.. මගෙ යකා අවුස්සන් නැතිව… මං ඉවසන් ඉන්නෙ මේක ඔෆිස් එක නිසා…”

“තමුසෙගෙ මේ යාලුවයි.. තමුසෙයි දෙන්නම මහ…….”

නිශාදිට ඉතුරු ටික කියන්න ලැබුන් නැහැ.. තරු විසිඋනා වගේ. හිමංස දකුණු අත උස්සලා නිශාදිට කම්මුල් පාරක් ගැහැවා….හිමංසටත් හොදටම තරහා ගිහින් තිබ්බෙ…..

නිශාදි කම්මුලත් අල්ලගෙන හිමංස දිහාට හැරුනෙ අදහගන්න බැරුව……හිමංසගෙ ඇස් දිහා නිශාදි තත්පර ගානක් බලං ඉදලා එතනින් එලියට ගියේ වචනයක්වත් කතා නොකර…..