22වෙනි කොටස🦋

“ගර්ල්ෆ්‍රෙන්ඩ් “ආදිගේ තාත්තා කෑ ගැහුවේ කේන්තියෙන් .ආදිට දැනුනේ බයක් මොකද තාත්තා කොහොම හැසිරෙයිද කියලා නොදන්න නිසා.අනික ආදී තමන්ට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා කිව්වේ මේ දැන්.

“මම ඔයාට කිව්වා ආදී ඔයාට මැරි කරන්න පුලුවන් මං කියන කෙනා විතරයි කියලා.එහෙම තියෙද්දි ඔයා කොහොමද මේ වගේ දෙයක් කරේ….”

ආදී තාත්තගේ හැටි දන්න නිසාමයි තමන්ගේ සම්බන්ධය රහසක් විදිහට තියාගත්තේ.මොකද ආදීගේ තාත්තා මේ සම්බන්ධයට කවදාවත් කැමති වෙන්නේ නැති හින්දා.

“තාත්තා ප්ලීස් මං කැමති කෙනා මට මැරි කරන්න්න දෙන්න.අනික මං මෙච්චර කල් හැමදේම කරේ තාත්‍තගේ කැමැත්තට.”

“ඒත් ආදී ඔයා කොහොමද මේ වගේ දෙයක් කරේ….අනික ඔයා මට පොරොන්දු වුනා ඔයා ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයාගන්නේ නෑ කියලා.”

ආදිගේ තාත්තා කියපු දේට ආදිගේ මුවින් පිටවුනේ සුසුම් හඩක්.තමන් ඒ වෙලාවේ තාත්තාට පොරොන්දු වුනේ නැත්තම් අද තමන් මෙහෙම අසරණ වෙන්නේ නෑනේ කියන එක ආදීගෙ හිතේ තදින්ම වද දුන්නා.

“ඒ ගොඩක් කාලෙකට කලින් තාත්තා…එතකොට මට එයාව මීට් වෙලා තිබ්බේ නෑ .ඒත් එයාව හම්බුනාට පස්සේ තමා මං ආදරේ කියන එක හරියටම දැනගත්තේ….ආදරේ මෙච්චර ලස්සන දෙයක් කියලා මං දැනගත්තේ එයාගෙන්.”

“කටවහගන්නවා ආදී….”

ආදිගේ තාත්තා හයියෙන් කෑ ගහලා කිව්වේ බිත්තියට පාරක් ගහලා.ආදීට ඇහුනේ ආදිගේ තාත්තගේ බරැති සුසුම් හඩක්.

“ආදී ඔයා දන්නවනේ අපේ තත්වේ මොකක්ද කියලා….එහෙම තියෙද්දිත් ඔයා කොහොමද කිසිම තත්වයක් නැති කෙනෙක්ට ආදරේ කරන්නේ….අපි හයි ක්ලාස් ෆැමිලි එකේ අය.අනික අපිට ඔය ත/ර්/ඩ් ක්ලාස් ෆැමිලි වල අය ගැලපෙන්නේ නෑ.ඔයා මැරි කරනවනම් මැරි කරන්නේ බිස්නස් ෆැමිලි එක්කින් එන කෙනෙක්ව.”

ආදීගේ තාත්තා ආදීට කියපු වචන ආදීගේ හිතට ගෙනාවේ ලොකු බරක්.හැමදාම තමන්ගේ තාත්තට ඕන වුනේ බිස්නස් ගොඩදාගන්න එක.ඒකට තමන්ගේ සතුට වැඩක් නෑ කියලයි ආදීට ඒ වෙලාවේ හිතුනේ.

“තාත්තා ඒ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ….මට බෑ එයාව අතාරින්න.”

“ඒ කෙල්ලගේ තාත්තා කවුද…”

ආදීගේ තාත්තා එහෙම ඇහුවේ ආදී කියන දේට බාධා කරලා.ආදි දැනගෙන හිටියේ නෑ මිහානාගේ තාත්තා කවුද මොනවා කරන කෙනෙක්ද කියලා.මොකද ආදී ඒ ගැන අහන හැම සැරේකම වගේ මිහානා ඒක මගහැරියා.

“ආදිත්‍ය ….”

ආදී පියවි සිහියට ආවේ තමන්ගේ තාත්තාගේ කෑ ගැහිල්ල නිසා.

“ඔයා මොකුත්ම ඒ ගර්ල් ගැන දන්නේ නෑනේ….ඒක නිසාම දැන්ම ඔය මං කියන ගෑනු ලමයව මැරි කරන්න ලෑස්ති වෙන්න.මොකද අපි දැනටමත් ඔයාට ගැලපෙන කෙනෙක් හොයාගෙන තියෙන්නේ.”

ආදීට දැනුනේ තමන් වෙවුලනවා වගේ හැගීමක්.ඒක නිසාම ආදී බිත්තියට අතෙන් ගහගෙන ගහගෙන ගියේ තාත්තා ගැන උපන් කේන්තියෙන් .

“ඒත් තාත්තේ සිතුම් ඉන්නේ….ඉතින් එයාව මැරි කරවන්නකෝ..”

“සිතුම්ව මේකෙන් අයින් කරලා දාන්න.අනික ඔයා දන්නවනේ එයාගේ තත්වේ එයාට…”

ආදීගේ තාත්තා නිහඩ වුනේ පිටිපස්සෙන් ඇහුන අඩි සද්දෙ නිසා.සිතුම් කියන්නේ ආදීගේ අයියා.ආදීට අයියා වගේම මල්ලි කෙනෙක් හිටියත් ආදීගේ තාත්තා වැඩි වගකීමක් පැටෙව්වේ තමන්ට.

“ආදී ආපහු සැරයක් මට කියන්න තියන්න එපා.ඔයා අනිවාරෙන්ම එන්න ඕන.එහෙම නැත්තම් මං කරන දේ ඔයාටවත් හිතාගන්න බැරිවෙයි.”

“හ්ම් මං එන්නම්.”

ආදී එහෙම කියලා පෝන් එක කට් කරේ කේන්තියෙන්.කෝල් එක කට් කරපු ආදී ඩයල් කරේ මිහානගේ නම්බර් එක.පෝන් එක ආන්සර් නොකරන නිසාම ආදි කාර් එකත් අරගෙන ඩ්‍රයිව් කරේ ක්ලාස් එක ලගට.ක්ලාස් එක ලගින් නතර කරපු ආදී දැක්කේ වයසක මනුස්සයෙක් ඉදගෙන ඉන්නවා.කාර් එකෙන් බැහැලා ඒ මනුස්සයා ගාවට ගියපු ආදි…

“අංකල් ….අංකල්….”

ආදී එහෙම කියනවත් එක්කම ඒ මනුස්සයා ආදී දිහා බැලුවේ පුදුමෙන්.

“අංකල් මට මිහානව හම්බෙන්න ඕන.”

ඒ මනුස්සයා තමන් අතේ තිබ්බ පත්තරය පැත්තකින් තියලා….

“ඔයා එයාගේ කවුද..අයියද…”

ඒ මනුස්සයා ඇහුවේ ආදී දිහා නොබලා.

“නෑ ඒ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් “

ආදී එහෙම කියනවත් එක්කම වගේ ඒ මනුස්සයා ආදී දිහා බැලුවේ පිළිකුලෙන්.

“ඔය ලමයා දැන් යන්න ගිහින් ක්ලාස් එක ඇරෙන වෙලාවට එන්න.අනික තියෙන සම්බන්ධයක් ක්ලාස් එකෙන් පිට තියාගන්න.මොකද ඔය ලමයා මෙතන ඉගෙන ගන්න අනිත් ලමයිටත් වැරදි ආදර්ශයක් දෙන්නේ.”

ආදීට ඒ මනුස්සයා කියපු කතාවට දැනුනේ කියාගන්න බැරි කේන්තියක්.ටික වෙලාවක් ඇස් දෙක පියාගෙන ඉදලා ඇස් දෙක ඇරියේ කේන්තිය පාලනය කරගන්න

“ප්ලීස් අංකල් මට යන්න දෙන්න….මට මිහානට දෙයක් කියන්න තියෙනවා.”

“ඔය ලමය මෙතනින් යන්න නැත්තම් මට පොලිසියට කතා කරන්න වෙනවා.”

ආදී ආපහු කාර් එකට ඇවිත් නැග්ගේ ප්‍රශ්නයක් ඇති කරන්න බැරි නිසා .ආදී ආපහු මිහානගේ නම්බර් එක ඩයල්.කරත් පෝන් එක ආන්සර කරපු නැති නිසාම ආදී ක්ලාස් එක දිහා බලාගෙන හිටියේ සැරෙන් සැරේ වෙලාව දිහත් බලන ගමන්.ඒත් එක්කම වගේ ආදිට ආපහු සැරයක් කෝල් එකක් ආවේ තාත්තගෙන්.

“ආදී….ඔයාට ඕන මං මොකක්ද කරන්නේ කියලා බලන්නද…”

ආදී කේන්තියෙන් පෝන් එක කට් කරලා කාර් එක ස්ටාට් කරලා යන්න ගියේ තාත්තාගේ හැටි තමන් හොදටම දන්න නිසා.ආදී කාර් එක ගාර්ජ් එකෙන් දාලා කාර් එකෙන් බැහැලා ගේ ඇතුලට යනවත් එක්කම වගේ ආදීගේ ඉස්සරහට ආවේ තාත්තා…

“අන්තිමට ඔයා ආවා එහෙනම්”

ආදී තාත්තව ගනන් නොගෙන ගිහින් වාඩිවුනේ සෝෆා එකෙන්.ආදීගේ අම්මා ආදී ගාවට ඇවිත් හිනාවුනත් ආදී අම්මව ගනන් නොගෙන හැරුනේ තමන්ගේ තාත්තා දිහාට.

“තාත්තා මං ආවේ මෙතන ඔයත් එක්ක කතා කර කර ඉන්න නෙවේ.මට දැනටමත් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා.අනික මං එයාට ගොඩක් ආදරය කරනවා.මං මැරි කරනවනම් මැරි කරන්නේ එයාව විතරයි .නැතුව ඔයා හොයලා දුන්නු කෙනා නෙවේ…”

ආදී එහෙම කිව්වත් ආදිගේ තාත්‍තගේ මූනේ අදුනේ හිනාවක්.ආදිගේ තාත්තා තමන්ගේ සාක්කුවෙන් පෝන් එක අරන් ඒකේ තිබුන දෙයක් දිහා බලාගෙන ඉදලා ආදිට දික්කරේ ආදි කුතුහලයකින් ඒ දිහා බලද්දි.

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

💫මතු සම්බන්ධයි