04 දිගහැරුම

දියණිය සදනෙත්ගේ තුරුලේම දෑස් පියාගන්න වුයේ ..ඔහු එක අතකින් දියණිය ලයට තුරුල් කරගෙන අනෙක් අතෙන් රිය නිහඬවම ඉදිරියට දාවනය කරන්න වුයේ .මිනැසිගේ සිහින් සුසුම් සර අතරිනි….

” පුතේ මොකද කිව්වේ දෝණීට ..”

” ම්..වෛරස් උණක් නෙවෙයි අම්මා..දෝණීට සංකාවක් ඇවිත් ලු…” දෝණීට කොහොමද අම්මේ මන් එයා ඉල්ලන……

” මිනැසි දරුවාව තියෙන්නේ කොතනින්ද..”
” අහ් සර් මේ….මේ දෝණීව මට දෙන්නකෝ මන් තියන්නම්….”

” දරුවා නිදිනේ මිනැසි ඔයා ගන්න ගියොත් එයා ඇහැරෙයි මන් තියන්නම්ද..මන් කාමරේට ගියාට කමක් නෑනේද අම්මා ….”

” අ..කමක් නෑ මහත්තය…..”

දියණිය තුරුල් කරගෙන කාමරයට පා තැබු ඔහුගේ දෑස් විසල් වුයේ ..කාමරය දැකය සිය නානකාමරයට මිට වඩා කිහිප ගුනයකින් විසල්ය…කුඩා කාමරයේ වුයේ තනි කුඩා යහනක් පමණි..එහි වු කුඩා අල්මාරියක් කුඩා මේසයක් හා පැදුරක් හැරුනුකොට එහි වෙන කිසිවක් නොවුයේය…දියණිය ප්‍රවේශමට යහන මතින් තබා පෝරෝණයකින් දියණිය ආවරණය කර..සදනෙත් කාමර පුරා දෑස් ගෙන යන්න වුයේ ..ඈ ගෙවන කටුක දිවිය පිලිබද ඔහුට අනුකම්පාක් දැනෙද්දිය..දියණිය යහනෙහි තබා ඔවුන් දෙදෙනා බිම නිදාගන්න බවට කිසිදු සැකයක් නොමැත …

කුඩා සාලයක් එක් නිදන කාමරයක් කුස්සිකින් හා කුඩා නානකාමරකින් සමන්විත වු මෙම කුඩා නිවස ඔහු මිය ගිය දා පටන් ඔවුන්ගේ නිවහන විය….

” අම්මා එහෙනම් මන් ගිහින් එන්නම්…මිනැසි ඔයා දුව සනීප උනාහම වැඩ එන්න..කිසිම ප්‍රශ්නයක් නෑ හොදද..”

” එත් සර්…..”

” ඩොක්ටර් කිව්වා මතක නැද්ද ..එ දරුවාට සංකාවක් තියෙන්නේ .ඔයා දවසක් දෙකක් එ ලමයා එක්ක පොඩ්ඩක් එලියට බැහැල එයා කැමති දෙයක් අරන් දීලා..සෙල්ලම් කරලා එයාගේ හිත පොඩ්ඩක් හදන්න…පුංචි දරුවෝනේ..ඇස් දෙක වගේ බලා ගන්න ඕනී..”

” අනේ මහත්තයා තේ ඩිංගක්වත් බීලා යන්න..”
” දැන් වෙලා නෑ..මිනැසිගේ අම්මේ මන් වෙන දවසක එන්නම්..පරිස්සමෙන් ඉන්න එහෙනම් මන් යන්නවා….”

” කාගේ උනත් හොද දරුවෙක් නේද…..”

” ඔව් අම්ම..ඔය ලොකු සර්ගේ පුතා සර් නොහිටින්න මන් මොනවා කරගනීද දන්නේ නෑ ..මොක්කද අම්මා අපි මේ ප්‍රශ්නේට කරන්නේ මන් කොහොමද දෝණී ඉල්ලන එයාගේ තාත්තා ගෙනත් දෙන්නේ….”

” එකනේ දරුවෝ මන් කට කැඩෙන කන් කියන්නේ දෝණී ගැවත් හිතලා පිලිවෙලක් වෙන් කියලා …..”

” වෙන කෙනෙක් දරුවෙක්ට එහෙම මනුස්සයෙක් ආදරේ කරයි අම්මා හිතනවද අම්මේ ……අනේ මන්දා..මට නම් තේරෙන්නේ නෑ ……”

” අපි මේ ගැන පස්සේ කතා කරමු ඔයා ඇග පත හොදන් කෑම ටිකක් කාල නිදාගන්න දරුවෝ …..”

දියණිය සමග දවස පුරා ගත කල මිනැසි සවස් යාමේ සුදානම් වුයේ දියණිය සමග නිවස අසල පිහිටි ළමා උද්‍යානය වෙත යැමටයි…

” පුතේ රෑ වෙන්න කලින් එන්න හොදද…තවම දෝණීට සනීප නෑනේ..”

” හරි අම්මා පරිස්සමෙන් ඉන්න .රෑට උයන්න එපා මන් කඩේන් මොනවා හරි අරන් එන්නම්..”

” ඕනි නෑ පුතේ මන් ඔය මොනව හරි හදන්නම්…”

” එපා අම්මේ දෝණීත් ආසයි නම් මන් අරන් එනම්..”

මිනැසි දියණිය වඩාගෙන නිවසින් පිටතට පා තබනවාත් සමග මෝටරථයක් නිවස ඉදියේ නවතන්න වුයේ …මිනැසි එ දෙස විමසිල්ලෙන් බලන විටයි…

” සර්……”

” අප්පුත්තී ……”

සදනෙත් දුටු සැනෙනින් දියණිය කෑගසමින් මිනැසිගේ දෑතින් බැසිමට දගලන්න වුයේ ..ඔහුගේ වෙත දිව යාමටයි…

” දෝණී ……”

සදනෙත් මිනැසිගේ දෝතේ උන් දියණිය වඩාගෙන ඇගේ වත පුරා හාදු තවරන්න වුයේ දියණිය හඩතලද්දීය..

” එන්න යමු……”
සදනෙත් දියණිය වඩාගෙන රථය වෙත පා තබන්න වුයේ මිනැසි කතා කරමින් ය..

” දැන් ඔය උඩ බලන් ඉන්නේ…දෝණී එක්ක එලියට යන්න නේද හැදුවේ .ඉතිං එන්න යන් මන් ආවේත් කොහොමත් දෝණීව එලියට ටිකක් එක්ක යන්න..ඔයා යන්න හදන්නත් එකටනේ එන්න යන්න….”

මිනැසි නිහඬව මෝටරථයේන් අසුන් ගන්න වුයේ ඔහු සමග වාද කරපලක් නොවන බව දන්නා නිසාවෙනි …

දිය රැලි හා ඇය එකම සෙල්ලමකය…මුළු ඇගම වැලි වලින් හා මුහුදු වතුරින් තෙමිගොසිනි..එනමුදු ඇයට එය ගානක්වත් නොමැතිව වෙරල තිරය පුරා ඔහු හා දිව යමින් සෙල්ලමයේය….

තාම වෙත වරින් වර පා වෙන් එ ඇස් .එක මොහොතක දියණියගේ කනට කර යමක් පවසන්න වුයේන් දියණිය මිනැසි වෙත දිව එන්නට විය……

” අම්මී අප්පුත්තී අම්මීතත් එන්න කිනෝ..”

එනම් මෙයයි ඔහු දියණියට පවසා ඇත්තේ..

දියණියගේ පෙරැත්ත නිසාවෙන් මිනැසි හිදගෙන උන් තැනින් නැගිට වෙරල තිරය වෙත පා තැබුවාය….

අහ්…….

එක්වරම ආ අනපේක්ෂිත විශාල රැල්ල වැදී ඇදවැටෙන්න ගිය ඈ..කාගේ හෝ දෑත් අතර රැදුනේත් ඇය ඔහුට තුරුල් වුයේත් තත්ත්පර කිහිපක් තුලය…

සිය හිස මත සීරුවට දිව යන එ උනුසුම් දෑත් පහසට ලොල් වී තව තවත් එ ලයට ගුලි වූ ඇගේ දෙනෙත් විවර වුයේ සිය දියණියගේ හඩිනි…

” අප්පුත්තී මදේ …..උවා යන්න…”

තාම මෙතෙක් වෙලා තුරුල් වීහිද තිබෙන්නේ ඔහුටයි…

දියණිය තමාට පහර දෙමින් ඔහුගේ තාම ඉවත් කරන්න වෙහෙසෙන්න ඇය සමගවත් ඔහු බෙදා ගැනීමට එ කුඩා හිත අකමැති නිසාවෙන්නට ඇති…

මිනැසිට කොපුල් රත් පැහැ වුයේ .දැනුනු ලැජ්ජාවෙනි..ඔහුගේන් මෑත් ව පියවරක් මෑතට තැබුවද එ සැනින් ඈ නැවතත් ඔහු වෙත ඇදි ගොස් ඔහුගේ ලයට සිර විය…

මතුසම්බන්ධයි