03 දිගහැරුම
” එක්ස්කියුස්මි සර්….මේ අයි කම් ඉන් “
” යස් කම් ඉන්………ඕ…..තමුන්ද…
එ පාර මොන මගුලකටද මාව හම්බවෙන්න ආවේ ..”
“මේ…මේ….ස..සර් මට එන්න කි..කිව්වේ ඔෆ් එන්න කලින් එකයි…”
” ඕ..ශිට් මට එක අමතක උනා..
තමා ඇයට පැමිනේන කිව්වේ ඇයව මදක් අපහසුතාවට ලක් කිරීමට උවත් ඇගේ මැල වුනු වත දැක ඔහුටත් නොදැනිම ඔහුගේ ලය ඇගේ විඩාබර වත අබියස රිදුම් දෙන්න වුයේ ඔහුටත් සිතා ගත නොහැකිවය…ඇයට පැවරීමට කිසිම වැඩක් මතකය නොපැමිණි නිසාවෙන් වටපිටාව වෙත නෙත් යොමද්දී ඔහුගේ නෙත ගැටුනේ පසෙක තමා ඇද දැමු ලිපි කවර ගොනුයි…….
ආ..මන් එන්න කිව්වේ අන්න අර ෆයිල් ටික පිලිවෙලකට අස්කරන්න කියන්න….”
” මෙච්චර ගොඩක්…….අද නම ගෙදර යන්න වෙන්නේ නෑ……”
මිනැසි නෙත ගැටුනේ මෙතරම් දිනක් තමා පිලිවෙලකට තබා තිබු ෆයිල් එ මෙ අත දමා තිබු අයුරුයි ..එහි ඇතුලත තිබු කොල පවා ඇතම් ෆයිල් කවර වලින් පිටත පැමිණ තිබුනේ ඇයට හිස රිදුම් දෙද්දීය…..
” දැන් මන් තමුසෙට කිව්වේ ඕක දිහා බලන් ඉන්න කියලාද..කල්පනා කරන එක පස්සට දාල ඔය වැඩේ ඉවර කරනවා…..”
මිනැසි බරැති සුසුම් හෙලා ෆයිල් කවර එකිනෙක සකස් කරමින් රාක්කයේ කඩිනමින් අසුරන්න වුයේ දියණිය තමා එනතුරු බලා හිදින නිසාවෙනි ..
” මේ…ඔයි තමුසෙගෙ කන ඇහෙන්නෙ නැද්ද..”
“ස..සර්…….”
” තමුසෙගේ අර හුචක්කුව කැගහනවා ඔහෙට ඇහෙන්න නැද්ද…..”
ඇය පැමිණි මොහොත සිට ඔහුටත් නොදැනිම ඔහුගේ නෙත් ඇය වෙත ඇදී තිබුනේ ඇය කඩිමුඩියේ වැඩ කරන අයුරු දැක ඔහුගේ මුවට සිනහවක් නැගෙද්දිය ……
ඇගේ දුරකථනය වරක් නාද වී අවසන් වී ගොස් නැවත නාද වනු දැක ඔහු ඇයට අමතන්න වුයේ ..ඇයට එ නොඇසුන බවට සිතුනු නිසාවෙන් ය……
” හෙ..හෙලෝ…….
” අනේ………..අම්මා………”
” මිනැසි …..මිනැසි කතා කරනවා ……..”
එක්වරම දුරකථනය කනේ රදවාගෙන හඩමින් බිම හිදගත් මිනැසි දැක සදනෙත් සිය අසුනෙන් නැගි සිට වේගයෙන් ඇය වෙත පැමින ඇය සොලවමින් කතා කරන්න වුයේ ….
” අ…අනේ ප්ලීස් සර් ම..ම..මට දැන් ..යන්න දෙන්න් පුලුවන්ද..ම..මන් මේ..මේ ටික හෙට ඇවිත් අස් කරන්නම්……අනේ වදින්නම් සර් බෑ කියන්න එපා……..”
මිනැසි දෑත් එකතුකර සදනෙතගෙන් යදින්න වුයේ ඔහුගේ නෙත් විසල් වද්දිය …
” මිනැසි විකාරද …..ආ…..
හරි මන් යවන්නම් ඉස්සෙලා ඔයා සන්සුන් වෙන්න දරුවෝ …..කෝ ඉස්සෙල්ලා නැගිටින්නකෝ…..”
” අනේ.මට යන්න ඔනි..අනේ ප්ලීස් සර් මට යන්න දෙන්නකෝ…..”
” ශ්…..කලබල වෙන්න එපා..කලබල වෙලා මොනවත් කරන්න බැ….”
සදනෙත් මිනැසි සිය ගතව වාරු කරගෙන ඇයව සිය ආසනයේ අසුන් ගන්වා වතුර වීදුරුවක් ඇය පිරිනමන්න වුයේ දැසින් එය බොන ලෙස සන් කරමින්…….
” හරි දරුවෝ …දැන් මට කියන්න කවුද කතා කරේ ……”
” අනේ සර් මට යන්න දෙන්න සර් මන් විස්තර පස්සේ කියන්නම් දෝණීට අමාරුයි……”
” දෝණී ……..”
” ඔව් සර් අම්මා කතා කරේ දෝණීට උණලු හොදටම එයාට උණ හැදුනහම් ටිකක් අමාරු වෙනවා.අනේ මන් යන්නම්…”
” ඕ ගොඩ්…..හරි අප්…එන්න යන්න…..”
” ස…සර්……සර් කොහෙ යන්නද….”
” පස්සේ එවා කතා කරමු මිනැසි ඉස්සෙල්ලා දරුවා ගැන බලලා ඉමු එනවා යන්න මන් ඇරලවන්නම් …..
ඔහොම බලන් ඉන්න් නෙවෙයි මන් කිව්වේ ..එනවා යන්න…..”
” අනේ සර්…එ..එහෙම හ.හරි නෑනේද..”
” මේ මිනැසි මගේ යකා අවුස්සගන්නේ නැතුව එනවා යන්න..අර දරුවට අමාරුයි කිව්වා නේද….”
” ම්….මේක වෛරස් උණක් නම් නෙවෙයි ..දරුවට සන්කාවක් තියෙන්නේ .මෙච්චර පොඩි දරුවෙක්ට සන්කාව හැදෙන්න කොහොමද …….අම්මා තාත්තා දෙන්නම ඉන්නවා නේද..මිට වඩා දරුවා ගැන සැලකිලිමත් වෙන්න .සල්ලි පස්සේම දුවන්න නැතුව …..
“මේ…ඩොක්ටර් …දුවට”
” හරි ඩොක්ටර් තැන්ක් සෝ මච් ..අපි දෝණීව මිට වඩා හොදට බලාගන්නම්..තැන්ක් ඇඩ්වයිස් කරාට…”
” ඔකේ මිස්ටර් …..”
මිනැසි යමක් පවසන්න ගියද…සදනෙත් එය වලක්වා වෛද්‍යවරයාට ස්තූති කර කුටියෙන් පිටතට පැමිණෙන්න් වුයේ ..මිනැසි ඔහුගේ මේ හැසිරීම දෙස පුදුමයෙන් බලා හිදිද්දිය .
” අම්මී……..”
” මගේ මැණික ඇහැරුනාද…ම්…..”
” අම්මී මේ කොද..”
” අපි මේ දෝණීව බෙයියා ගන්න ආවනේ..”
” මිනැසි ඔයා දෝණී එක්ක වෙහිකල් එකට යන්න මන් මේ බෙහෙත් ටික අරන් එන්නම්.”
” සර් මේ….”
මිනැසි සිය බෑගය ඇර මුදල් ගැනිමට සැරසෙද්දී..සදනෙත් ඇය වෙත රැවුමක් පා කර ඔසුසැල වෙත පිය නගන්න වුයේ .මිනැසිට ඔහුගේ හැසිරීම පිලිබද පුදුම වී බලා හිදිද්දිය …….
” ඕ…..සොරි …..”
සදනෙත් බෙහෙත් රැගෙන රථයට ගොඩවැදීමට රථයේ දොර විවර කරද්දී ඔහුගේ නෙත ගැටුනේ ඇගේ ලැමට ගුලි වී කිරි බොන දියණියයි…
මිනැසිද එ අහබු සිදුවීමෙන් මදක් තිගැස්සුනද ඔහුගේ දැස් වල රැදි එ පසු තැවීමේ ලකුන දැක සිත මදක් සන්සුන් කරගෙන ඔහුට කතා කරන්නට විය…
” සර්……සර්……සදනෙත් සර්…..එන්න සර්…”
” අයිම් රියලි සොරි මිනැසි මන් එච්චර දෙයක් හිතුවේ නෑ….”
” හරි සර්..සර් එක හිතලා කරේ නෑනේ..අනික මගෙත් වරද..මන් එක්කෝ සර්ට කියන්න එපැයි .සර් එක ගැන් අමතක කරන්න එපා…”
“අ…….අම්මී මේ කදා……මේ දෝණීවගේ තාත්තීද……”
” තාත්තා …….”
සදනෙත් දෑස් විසල් කර මිනැසි දෙස බලන්න වුයේ ..කුඩා දියණියගේ වදන් නිසාවෙනි …….
මිනැසිද සිය දියණියගේ වදන් අහමුවේ පසු වුයේ දැඩි අපහසුතාවයකට……
“මේ.අන්තල් උවා මදේ තාත්තීද…….
මන් උවට තාත්තී කින්නම්ද……..”
“දෝණී ……………..”
මියැසි මදක් සැර හඩින් දියණියව ඇමතු නිසාවෙන් …දියණිය හැඩීමට සැරසුනද…..
සදනෙත් මිනැසි තුරුලේ උන් දියණිය සිය දෑතට ගෙන ඇගේ උවන පුරා හාදු තවරන්න වුයේ .දියණියගේ සුරතල් හිනා හඩින් මෝටරථය පිරි යද්දිය …….
මතුසම්බන්ධයි.