02 දිගහැරුම

ඔෆිස් රූම් එකේ දොර අරින සද්දේ එක්ක මිනැසි ටේබල් එකෙන් නැගිට්ටේත්…සර් එයාගේ පුතා එක්ක ඇතුලට ආවෙත් එකම වෙලාවටමයි.

මන් ඉතිං වෙනදා පුරුද්දට හිනා වෙලා සර්ට

” ගුඩ් මෝනින් සර් ” කිව්වත් එ යකානම් නිකමටවත් ඔලුවවත් හරවලා බැලුවේ නෑ..පුදුම ගනකමක්නේ තියෙන්නේ ..

ම් මිනැසි තව පැයකින් බෝඩ් මිටින් එකක් ලෑස්ති කරන්න…එතකන් ඔයා සර් එක්ක පොඩ්ඩක් අපේ දැන් කරන් යන වැඩ ගැන කතා කරන්න.

” මේ…මේ ස…සර මන්..”

” මොකද දරුවෝ මේ බය වෙලා.හරි ඉන්නකෝ මන් දෙන්නවා අදුනවලා දෙන්න.මේ මගේ පුතා සදනෙත් දුනුකේබණ්ඩාර එතකොට පුතා මේ මියැසි මේ දරුවා තමයි මෙච්චර කාලයක් මගේ සෙකට්ට්‍රි විදිහට වැඩේ කලේ..ඔයාට ඉස්සරහට සර් එක්ක තමයි මියැසි වැඩ කරන්න වෙන්නේ..

මන් දැන් මේ හැමදේකින්ම අයින් වෙලා නිදහසේ ජිවත් වෙන්න ඔනි දරුවෝ .”

” හරි සර් මන් මගේ උපරිමයෙන් වැඩ කරන්නම්..”

” ඇයි උපරිමෙන් වැඩ කරන්නේ මෙච්චර කල් තමුසේ අයිස් ගගහද හිටියේ ….”

” ස..සර්……”

” පුතා……..මන් ඔයාට කියලමයි එක්ක ආවේ..ඔයාගේ ඔය කේන්තිය පොඩ්ඩක් පාලනේ කරගන්න කියලා .මේ දරුවාගේ මහන්සි හින්දා තමයි මේ අද ලංකාවේ නම්බර් වන් කම්පැණි එකෙ උනේ.අමතක කරන්න එපා .ඔයා රට ගිහින් හිටපු කාලේ නිකමටවත් මේවා ගැන හොයලා බැලුවේ නෑ කියන්න.තමුන් එහාට වෙලා නටපු නැටුම් හැමදේයක්ම මන් දන්නවා ..අම්මා නිසා මන් ඉවසන්නේ…

අයි මේ දරුවට වචනයක් හරි කියලා තිබුනොත් බලා ගමු…”

ලොකු දිහානම් බලන්නත් බයයි..මෙන් මෙච්චර කාලෙකට ලොකු සර් කේන්ති අරන් තියනවා දැක්කේ අදමයි..

සර් මෙහෙම කතාකරන එක්කෙ වැරැද්දකුත් නෑ..මොකද සර් කවදත් මට සැලකුවේ එයාගේම දරුවෙක්ට වගේ දෝණිට උනත් පණ ඇරලා..හැම සති අන්තෙකම මන් දෝණීව අරන් සර්ලාගේ ගෙදර යන්නේත් සර් මැඩම් වෙනුවෙන් කරපු එ ඉල්ලීම හින්දමයි..මොකද සර්ගේ පුතා නැති නිසා මැඩම් ඉදියේ පුදුම හිතේ අමාරුවෙන් මැඩම්ට දෝණී එක්ක ගියාහම ඊට වඩා දෙයක් නෑ…..

මන් නම් සර් කතා කරලා ඉවර වෙනක් නිකමටවත් ඔලුව ඉස්සුවේ නෑ..

සර්ට කෝල් එකක් ඇවිත් එලියට ගියේ මට වැඩ ටික කරන් යන්න කියන ගමන්…

මාත් ඉතිං සර් කිව්ව විදිහට ටේබල් එක ගාවට ගිහින් ඉදගන්න හැදුවත් මාව එකපාරට ඇදිලා ගිහින් බිත්තියට හිර උනේ..උනේ මොක්කද කියලා මටවත් හිතා ගනන් බැරි වෙද්දී..

” ස….ස…සර්……..”

මගේ බෙල්ල එක අතකින් හිරකරගෙන මාව බිත්තියට තදකලේ වෙන කවුරුත් නෙවෙයි .සදනෙත් සර්….

” ශ්……….වචනයක්වත් කියන්නේ එපා…”

” අද තමුන් නිසා අප්පච්චී මට අන්තිම පහත් විදිහට බැන්න.අද වෙනකන් එයා මට වචනයක්වත් කියලා නෑ..එ..එත් තමුන් නිසා..බලා ගන්නවා මන් තමුන්ට කරන දේ තමුසෙට හීනෙකින්වත් හිතා ගන්න බැරි වෙයි.තමුසේ හැප්පුනේ වැරදි මිනිහා එක්ක..

යනවා ගිහින් වැඩක් කරගන්නවා…”

මාව තල්ලු කරදාල ඔෆිස් රූම් එකෙන් යන්න ගියේ සද්දේට දොරත් වහන්…..

අනේ දෙවියයෙනේ මට මොක්කද මේ වෙන්න යන්නේ..අනේ රස්සාවනම් නැති වෙන්න එපා.එහෙම උනොත් මායි දෝණී හිගමනෙට වැටෙයි….

මන් එහෙනම්මම පුටුවට කඩන් වැටුනේ..කිසි දෙයක් හිතාගන්න බැරුව.

” මියැසි ……”

” ස..සර්…..”

” ඔයා හොදින් නේද පුතේ..කෝ අපේ හාදයා මන් ගියාහම පුතාට කැගැහුවේ නෑනේද..”

” මේ..මේ …සර්…..පොඩි සර් එලියට ගියානේ..මන් හිතුවේ සර්ව හම්බවෙන්න ගියා කියලා.පොඩි සර් මට මොනවත් කිව්වේ නෑ …”

” අනේ මේ මට ඌ ගැන කියන්න ඕනිනෑ..පුතාගේ මුණ දැක්කහම හිතාගන්න පුලුවන් වෙලා තියන දේ..මොනා උනත් මන් එයාගේන් වරදක් උනානම් සමාව ඉල්ලම් පුතේ .එයා හුගක් තරහින් ඉන්නෙ මන් ඔෆිස් එන්න කිව්ව එක ගැන..”

” අනේ මොනවද සර් මේ කියන්නේ .මන් එ හැමදේයක්ම අමතක කරා..සර් අපි දැන් යන්නද බොඩ් මීටින් එකට වෙලාව හරි .”

” හරි එහෙනම් මිනැසි යන්න මන් අපේ බුරුවව එක්කම් එන්නම්කෝ…”

” පුතා විකාර කරන්නම් ලෑස්ති වෙන්න එපා..ඔයා කාගෙන් අහලාද මිනැසි අයින් කරලා ටානියාව සෙකට්ට්‍රි කරගත්තේ .ඔයා හදන්නේ මන් අමාරුවෙන් හම්බ කරගත්‍ත හැමදේම නාස්ති කරගන්නද..”

” මේ ඩැඩි මන් සෙකට්ට්‍රි කරගන්නේ මට ඔනි කෙනා..මෙයාට එකවුන්ට් සෙක්ශන් එකේ වැඩ කරන්න බැරි නම් අන්න දොර බැහැලා යන්න පුලුවන් ..”

” පුතා ……”

” ඉනෆ් ඩැඩි..මේ මගේ ලාස්ට් ඩිසිශන් එක.ප්ලීස් මන් කැමති ඔයා මේවට ඉන්වෝල් නොවී ඉන්නවන්ම්…….”

” සර් ප්‍රශ්නයක් නෑ ..මන් කැමති එකවුන්ට් සෙක්ශන් එකේ වැඩ කරන්න .”

“අනේ පුතේ මට සමාවෙන්න “

” අනේ සර්..සර් මගේ අප්පච්චී වගේ .එහෙම තියෙද්දී මගෙන් සමාව අරන් මට පව් පුරවන්න එපා…..”

” එහෙනම් මන් යනවා පුතා මොනවා හරි ප්‍රශ්නයක් උනොත් මිනැසිට හරි මට හරි කොල් කරන්න..ටානියා ඔයා මිනැසිගෙන් ඔයාට කරන්න තියන හැමදේම අහගන්න…”

” ටානියා මේ ෆයිල් එකේ කරන්න ඔනි හැමදේම ඇති.එතකොට මන් අපේ ප්‍රඩක් එකෙන් එකට වෙන වෙනම ෆොල්ඩර් හදලා ඇත්තේ..එකේ අපි ගාව තියන ප්‍රඩක්ස් ඩෛලි සෙල්ස් උන ගාන ඔටෝ අප්ඩෙට් වෙනවා.”

” මේ මිනැසි කට වහගෙන යනවද..මට පුලුවන් මේවා කරන්න..හිතන් ඉන්නේ තමුන් විතරක් මේ දේවල් කරන්න පුලුවන් කියලද..නිකන් බොරුවට ලකුනු දාගනා ට්‍රයි නොකර යනවා යන්න..”

ටානියා මහ සද්දෙට කෑගැහුවේ.මාව ලැජ්ජ කරන්න හිතාගෙනද මන්දා..පොඩි සරුත් මට නක්කලෙට හිනා උනේ..උබට හොද වැඩේ කියන්න වගේ..

මන් බැග් එකත් අරන් රූම් එකෙක් එලියට යන්න හද්දිම සර් කතා කරපුනිසා නැවතුනේ.ඇයි කතා කරේ බලන්න..

” මේ කවුද ආ මිනැසි හවස ඔෆ් වෙන්න කලින් මාව හම්බවෙලා යන්න .”

” හ..හා..සර්..”

මොන හෙණ ගෙඩියක් පාත් වෙන්නද දන්නේ නෑ එ පාර..මන් එහෙම හිතන ගමන් රුම් එකෙන් එලියට ආවේ …

මතුසම්බන්ධයි