01 දිගහැරුම
“අම්මී අප්පුත්තී කීන්නේ කාද……….”
අවුරුදු තුනක් වයසැති සුරතල් සිගිති දියණිය මියැසිගේ තණ පුඩුව මදකට මුවින් ඉවත් කර ඇගේ විමසන්න වුයේ ඇගේ දැසින් සිහින් ඉකියක් පිට වෙද්දී……
” දෝණී “
” තීත තිව්වා හෙතඑනොතොට අම්මී තාත්තී ඇදන් එන්න කීලා..ඉතිං මත එහෙම කව්තුත් නෑනේ..කාද අම්මී තාත්තී කීන්නේ.මින්දි බබාතත් තාත්තියෙක් ඉන්නෝ.මත විතලක් ඇයි නැත්තේ අම්මී.මත ඉන්නේ ඔතයි අච්චුනේ…”
” අනේ මැණික …….”
මියැසි දියණිය සිය ලැමට තුරුල් කරගනිමින් හඩන්න වුයේ .ඇයගේ පිය මෙලොව නැති බව ඇයට කෙලෙස තේරුම් කරන්නදැයි සිතා ගත නොහැකිවය..
” අතේ මත තාත්තීයෙක් එපා..අම්මී ආදන්න අපා..දෝණීට දුතයිනේ ……”
” හරි හරි අම්මී අඩන්නේ නෑ ඔන්න..දෝණී බබා හොද ළමයා වගේ අම්මී කුක්කු බීලා දොයි කියන්නකෝ”
දියණිය නින්දට වැටුනු පසු ඈයව හොදින් ආවරණය කර කොට්ට කිහිපයක් ඇය වටා තබා මියැසි සෙමෙන් යහනෙන් බැස ගෙමිදුල වෙත පා උසවන්න් වුයේ මදක් තනිවිමේ අදහසිනී……
” දෝණී ඔයා තව කොච්චර දවසක් පොඩි එකීව රවට්ටන්නද හිතන් ඉන්නේ..එ දරුවට වගේම ඔයාටත් අනාගතයක් කියලා එකක් තියෙන්නේ ඕනී.
පැතුම් පුතා නැති වෙලා දැන් අවුරුදු තුනක් ඉවර වෙන්නත් ලගයි .එ මිනිස්සු අඩුම ඔයා උන්නද මලාද බැලුවද..අඩුම දෝණී ගැනවත්……
මන් කියන්නේ ඔය හැමදේම අමතක කරලා අර ගුණදාස මලයා කියපු යෝජනාවට කැමති වෙමු..එ දරුවගේ අකමැත්තක් නැනේ දෝණී එක්ක ඔයාව බාරගන්න ….”
” අම්මා මොනව මේ කියන්නේ .අම්මා හිතනවද තමන්ගේ නොවන දරුවෙක්ට මනුස්සයෙක් එහෙම ආදරේ කරයි කියලා..අම්මාටත් අපිව බරකනම් කියන්න.මන් දෝණීවත් අරන් යන්නම්……”
” දෝණී ………”
” ඉහී………ඉහී…….අනේ අම්මා මට මෙහෙම හොදයි..මට පුලුවන් දෝණීව බලාගන්න .අනේ මට කසාද බදින්නම් කියන්න එපා අම්මේ..”
” අනේ පුතේ මන් එහෙම එහෙකට කිව්වා නෙවෙයි .මන් හෙට අනිද්දට මැරිලා යයි.එතකොට ඔයාලා දෙන්නා තනි වෙනවානේ පුතේ..අද කාලේ තරුණ දරුවෙක් තනියම ජීවත් වෙනවා කියන්නේ එච්චර ලේසි පහසු දෙයල් නෙවෙයි ..පොඩ්ඩක් හිතලා බලන්න..ම්
කෝ ඉන්න මන් බත් ඩිංගක් බෙදන් එන්නම්
කාල හිටින්න . දෝණීට කිරි දෙන්න එපැයි ම්.”
මියැසි දිනායා ඉදුසරණි වයස අවුරුදු විසිපහක් වද්දී අවුරුදු තුනක් වයස දියණියක් සමග තනිවු රූමත් තරුණියක්..හදිස්සි අනතුරකින් දියණිය ලැබීමට මාසකට පෙර ඇගේ සැමියා මියගියේ ඇයත් නූපන් දියණියත් තනිකරමින් ය…
ගෙවී ගිය වසර තුනක කාලය තුල දිවයිනේ ප්රධාන පෙලේ ආයතනහිමිකරුවෙකුගේ පෞද්ගලික ලේඛම් ලෙස ඇය රැකියාවක් කරණුයේ දිවි සරකරගැනුමටය…
ඉතා යහපත් පුද්ගලයකුවු ඔහු ඇයට සලකන්න වුයේ සිය දියණියට මෙන් ය.
“අම්මේ අම්මට පුලුවන් නේද එහෙම දෝණීව මොන්ඩිසෝරියට ගිහින් දාන්න.”
” හරි හරි දරුවෝ දැන් මන් කී පාරක් කිව්වද මන් දෝණීව ගිහින් දන්නම් කියලා..ඔයා ඔය යන ගමන සිහි කල්පානාවෙන් යන්නකෝ..”
මියැසි මෙලෙස කඩිමුඩියේ සැරසෙන්න වුයේ .අද දින සිය ආයතනයේ හිමිකරගේ පුතා ..එසේ නොමැතිනම් BQ හී අනාගතහිමිකරු ප්රථම වතාවට ආයතනයට පැමිනෙන නිසාය…
පෙරදින ආයතන ප්රධානියා පැවසු ආකාරයට නම් ඔහු සැර පරුෂ ඉතා තද ගති පැවතුම් ඇති අයෙකි…
එ මියැසි අලුත් බොසා මොන වගේ එකෙක්ද දන්නේ නෑනේ..බලපන්කෝ අද කට්ටිය දිහා නිකන් වෙඩින් එකට යන්න වගේ….
එකනේ බන් මාත් බැලුවේ ..ඇත්තටම ඇයි බන් මේ අර ටානියා දිහා බලපන්කෝ තොරොම්බොල් කරත්තයක් වගේ…
බොසා දැලේ දාගන්නේ බන්..වෙන මොකටද.
අනේ මන්දා බන් ..මල විකාර ..මන් යනවා රූම් එකට පරිස්සමෙන් වැඩ කරහන්…
හරි බන් උබත් පරිස්සමෙන් .මොකද අපිට වඩා උබනේ බොස් එක්ක කොලොස් වෙන්නේ…
හුම්…බන් බලමුකෝ.රස්සාව කරදරයක් නැතුව .අල්විස් සර් එක්ක කරා වගේ කරන්න පුලුවන් උනොත් මට ඒ ඇති..
මතුසම්බන්ධයි …..