-15 කොටස-
“අනේ..හිමංසට කරදරයක්?”
නිශාදි ගොඩක් බයවුණා… නිශාදි කාමරේ දොර වහන්නෙවත් නැතුව එළියට ඇවිත් පහළ පඩිපෙල බහින්න පටං ගත්තා….
කකුල පැටලිලා නිශාදි දෙපාරක්ම වැටෙන්නත් ගියා. පහළ මේන් හෝල් එක කොහෙද කියලවත් නිශාදි දන්නෙ නැහැ..
“මේ..අනේ අර මේන් හෝල් එක කොහෙද තියෙන්නෙ…”
නිශාදි මගදි හම්බුණු හොටෙල් එකේ සේවකයෙක්ගෙන් ඇහැවෙ කලබලෙන්මයි..
“අර පැත්තෙ මිස් “
නිශාදි ඉක්මණට ඒ් පැත්තට දුවගෙන ගිහින් මේන් හෝල් එකේ දොර ඇරියා….ඒ්ත්.. මුළු හෝල් එකම අදුරුයි.නිශාදිට පුදුමයි…
ඒ්ත් එක්කම හෝල් එක එලිය වුණා..
” Happy birth day to you
Happy birth day to you
Happy birth day dear nishadi
Happy birth day to you”
නිශාදිට හිතාගන්නවත් බෑ…හෝල් එක මල් වලින් බැලුන් වලින් ලස්සනට සරසලා තිබුණා…කට්ටිය ඔක්කොම හිනාවෙලා අත්පුඩි ගහනවා.හිමංස ලස්සන රතු රෝස මල් පොකුරක් නිශාදි අතට දුන්නා..
“Happy birth day my lovely Wife…………….”
නිශාදිට පොඩ්ඩක්වත් මතක තිබුණෙ නැහැ අද එයාගෙ උපන්දිනේ කියලා..
හැමෝම ඇවිත් නිශාදිට විශ් කලා..නිශාදි කවදාවත් මෙහෙම උපන්දිනයක් සමරලා නැහැ..
“හිමංස…ඔයාලා මාව බය කළා ගොඩක්…ඇත්තටම මං බයවුණා…ආයේ ඔහොම විහිළු එපා..හොදද?”
“හරි හරි…ඉතිං දැන් ඒ්ක අමතක කරන්නකො..අද අපි යන්නෙ දිය ඇල්ලක් බලන්න.ඒක ඉවර වෙලා ආපහු ගෙදර යනවා..හරිද?”
“හා.”
එදා දවසම නිශාදිත් හිමංසත් ගත කලේ හරිම සතුටින්..හිමංසට හිතෙන්නේ හීනයක් වගේ ….දිය ඇල්ල ළඟ රශ්මිත් එක්ක වතුරෙ නටන නිශාදි දිහා හිමංස බලං හිටියේ ගොඩක් ආදරෙන්…මේ හිනාව හැමදාම නිශාදිගේ මූණෙ තියෙන්න කියලයි හිමංස හැම වෙලේම පැතුවෙ…
ඊයේ පුංචි කුරුළු පැටියෙක් වගේ හිමසංට ගුලි වෙලා නිදපු හැටි මතක් වෙද්දිත් හිමංසගේ මූණට ආවෙ අමුතුම හිනාවක්…
“ආව්..ආව්..මොකද බොස් එක විදිහකට හිනාවෙන්නේ”
ඔෆිස් එකේ කටකාර කොල්ලෙක් හිමංස දිහා බලාගෙන ඇහැක් ගැහැවා..
“ඇයි උඹ එතකොට දෙවිදිහකට ද හිනා වෙන්නෙ…”
“නෑ සර් ….මැඩම් දිහා බලාගෙන හිනා වුණු නිසා..මේ මං…”
“ඉතිං මං මගේ නෝන දිහා බලාගෙන හිනා වෙන් නැතිව උඹේ නෝනා දිහා බලාගෙන හිනා වෙන්නද?”
“සොරි බොස් ..”
කොල්ලා ඔලුව කහ කහ යන හැටි හිමංස බලං හිටියා…ඒ වෙනකොට නිශාදි හිමංස ළඟට ඇවිත්…නිශාදි ඇදගෙන හිටපු ට්‍රවුසර් එකේ බාගයක්ම තෙමිලා..
“හිමංස මොකද අර ළමයා අමුතු විදිහට බල බල යන්නෙ..”
“ඇයි ..මොකුත් ප්‍රශ්නයක් තියෙනවද එහෙම බැලුවට”..
.හිමංස රවනවා..
“මොකද ඔයාට තරහ ගිහින්…”
“මං කියලනේ තියෙන්නෙ මේකේ ඉන්න එවුනුත් ඔයා වගේ තමයි..මං බොස් කියලා වගක්වත් නෑ උන්ට ..හිතාගෙන ඉන්නෙ මේක උන්ගෙ කම්පැණිය කියලා..”
“ඉතිං කොච්චර හොදයිද…”
“මොකද්ද හොදේ..”
“එතකොට එයාලා මේ කම්පැණි එක තමන්ගෙ දෙයක් වගේ රැක ගන්නවනේ..හොදට වැඩ කරනවනේ…”
“අපොයි ඔව්…කියලා වැඩක් නැහැ..”
දවල් කෑම කාලා ඉවර වෙලා හිමංස රශ්මිත් එක්ක බර සාකච්ඡාවක් පටං ගත්තේ ඩීල් එකක් ගැන..නිශාදි ඒ්ක අහං ඉන්න කම්මැලි නිසා ටිකක් එහාට ගිහින් අනික් කට්ටිය එක්ක කතා කරන්න පටං ගත්තා…
නිශාදි වැඩියෙන්ම කතා කලේ ශාලුක එක්ක… ශාලුක කීවේ හිමංසට නෝන්ඩි කරපු කොල්ලා….රශ්මි එක්ක කතාව තිබුණට හිමංසගේ අවධානෙ නිශාදි දිහාටත් යොමු වෙලා තිබුණේ…
ආපහු බස් එකට එද්දි මගදි හිමංස නිශාදිව තනි කර ගත්තා…
“නිශාදි..මොකද්ද තමුසෙට අරුත් එක්ක ඔච්චරටම තිබුණු කතාව”
“අරූ කියන්නේ කාටද හිමංස ..එහෙම එක්කෙනෙක් ඉන්නවද ඔෆිස් එකේ.”
“ඔව් තමුසෙ මුකුළු කර කර හිටියේ..ශාලුක..”
“ආ… එයා ශාලුකද “
“හහ් …එයා ශාලුකද ..අහපු හැටි ..ඇයි තමුසෙට නම අහගත්තෙ නැද්ද”
“නැහැනෙ බැරිවුණානෙ..”
“ඇත්තට…අච්චර කෙල්ලො ඉද්දි තමුසෙ මොකද ඌත් එක්කම කියවන්න යන්නේ..”
“ඇයි ඔයාට ඉරිසියයි නේද? “
හිමංස රවනවා…කට්ටිය ඉස්සරහින් පිටිපස්සෙන් යන එන නිසා කෑ ගහන්නත් බෑ…
” ඔව් ..ඉරිසියයි තමයි..තමුසෙ ආයෙ ඌ එක්ක මුකුළු කරලා තිබ්බොත් බලාගමු..”
“අපෝ ඔච්චර නපුරු ඇයි ඔයා…ඔයා දන්නව නම් මං ශාලුක එක්ක කතා කලේ මොනවද කියලා..ම් ම්මම්ම්ම්ම්..”
හිමංසව ටිකක් අවුස්සන්න ඕනේ..
“මොනවද? කියනවා ඉතිං මාව යකා නොකර…”
“ශාලුකගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් මං වගේලු…ඉතිං ශාලුක මාව දැක්ක ගමන් රැවටිලා..එයාට හිතුනෙම මං එයාගෙ ගර්ල් කියලමලු..එයා ස්වීට් නේද අනේ….”
“ඇත්තට…එහෙනම් එනවකො මං ශාලුකගෙ වයිෆ්ට තමුසෙව අදුන්වලා දෙන්න..ගර්ල්ගෙ විස්තරේ තමුසෙම කියනවකො”
“මොකක්….ශාලුක බැදලද ඉන්නෙ……”
“ඔව් …ඇයි දුකද තමුසෙට”
“ඇයි මං දුක් වෙන්නෙ..නපුරා..ඇයි ඔච්චර නපුරු වෙන්නෙ මට…මං නැතිව ඉන්න පුළුවන්ද ඔයාට… “
නිශාදි ඒ්ක ඇහැව විදහට හිමංසට අප්සෙට්.ඒත් පෙන්නුවේ නැහැ…
“පුළුවන්… මං බදින්න කලිං හිටියේ එහෙමනේ…ෆුල් සොමියෙ..”
“ඇයි දැන් එහෙම නැද්ද ඔයාට….”හිමංස කල්පනා කරනවා..
“ම්ම්ම්ම් නැත්තෙමත් නෑ ඉතිං…”
හිමංස එහෙම කියලා නිශාදගෙ අතින් අල්ල ගත්තා…
💙💙💙💙💙
“බොස්.. අපිව කැදෙව්වෙ…”
“ආ..ආවද? ගුඩ්… අපි වැඩ පටං ගන්න ඕනෙ..”
“ඔව් ඔව් බොස් ..එදා වැඩේ ගැස්සුණ නිසා අපිටත් අවුල්…කවදාවත් මෙහෙම වෙලා නෑ අපිට…මේ සැරේ අපි මාස්ටර් ප්ලෑන් එකක් ගහමු…”
“අනේ මේ තියාගන්නවා උඹලගෙ මාස්ටර් ප්ලෑන්… කරන්න ඕනේ දේ…කරන්නෙ කොහොමද,කවදදා ..කීයටද …ඔක්කොම මං වෙලාවට උඹලට කියන්නම් ..ඒ්ත් උඹලා ඕන වෙලාවක එන්න රෙඩි වෙලා ඉන්න ඕනේ…හරිද?”
“හරි බොස්…”
“දැන් දෙන්නා නැටුවා ඇති…..දැන් වෙලාව ළං වේගෙන එන්නේ…”
💙💙💙💙💙💙
“ආ…පුංචා…ඔයා ආවද? ඔයා නැතිව අපි හරි පාළුවෙන් හිටියේ..මොනවද අපිට ගෙනාවෙ ඔයා..ආයෙ නම් අපිවත් එක්කං යන්න…”
නිශාදිට ගෙට ගොඩ වෙන්න ලැබුණෙ නැහැ පොඩි එවුන් දෙන්නා ඇගේ එල්ලුණා..
හිමංස මූණ එල්ලගෙන බලාගෙන ඉන්නවා..නිශාදි දැක්කා හිමංස ඉන්න හැටි..
“කොහොමද අනේ ඔයාලට ..මේං බාප්පිත් ආවා..”
“ආ එයාගෙන් අපිට වැඩක් නෑ..”
“ඇයි චුට්ටෝ..”
“එයා තමයි සේරම කරන්නේ ..එයා තමා ඔය ට්‍රිප් දාගන්නෙ..ඒ් මදිවට දැන් පුංචාව ඔෆිස් එකටත් එක්ක යනවනේ…එයා හරිම නපුරුයි…අපි එයා එක්ක හැමදාටම තරහා වෙනවා…
එක සැරයක් පුංචාව අර කෙහේදෝ අන්කල් කෙනෙක්ටත් දෙන්න හැදුවා..දැන් හෙටත් එක්කං යයි කොහෙහරි…අපිට සෙල්ලම් කරන්න කවුරුවත් නෑ..”
චෝදනා ගොඩයි…හිමංස චුට්ටගෙ ළඟට ආවා.නපුරු මූණක් මවාගෙන පොඩි උන් දිහා බැලුවා.
“ඔව් මං නපුරුයි තමයි..මං පුංචාව ඔයාලට දෙන්නෙම නෑ..පුංචා මගේ…එයා දැන් මගේමයි…පුංචා එක්ක සිංදු කියන්නෙ ,නටන්නේ, සෙල්ලම් කරන්නෙ මං විතරයි..අපි දෙන්නා හෙට මෙහෙන් යනවා..”
හිමංස එහෙම කියද්දි පොඩ්ඩො දෙන්නා විතරක් නෙවේ නිශාදිත් බයවුණා..
“චූටි පුතා ..මොනවද මේ කියවන්නේ…”
ඔහ් ශැට්.. අම්මා ඉන්නවා දැකකෙ නැහැනේ… හිමංස උඩ බිම බලනවා..
“ආයෙත් කියනවා බලන්න…”
“නෑ අම්මෙ මේ..මං විහිළුවට..”
“විහිළු ..ඔහොමත් විහිළු කරනවද මේ බලන්න පොඩි දෙන්නාගෙ මූණු වල හැටි..”
“සොරි අම්මා. සොරි චුට්ටෝ”
පොඩි එවුන් දෙන්නා දුවගෙන ගියේ එයාලගේ කාමරේට…
“එන්න දූ…හොදද ට්‍රිප් එක…
සාරි ජැකට් එක හොදට තිබුණනේ..”
“ඔව් අම්මා…”
චතුරිකා නිශාදි එක්ක ගිහින් සෙටියේ ඉදගෙන විස්තර අහනවා..
“මං මේ ගෙදර අර මොකාද වගේ වෙලා දැන්..මං නිකං වෙන ග්‍රහලෝකෙකින් පාත් වුණ මෙලෝ වැඩකට නැති ජීවියෙක් වගේ ..යසට හිටපු මට වෙච්චි දෙයක්..”
හිමංස දොරකඩ ඉදලා බෑග් එකත් උස්සගෙන මුමුණනවා.
“චූටි මහත්තයා..මොකද්ද ඒ් ජීවි කතාව “
සීතා බෑග් එක ගන්න කොට ඒ්ක ඇහිලා..ෂිට්..මේ නිශාදි හින්දා තමා සේරම..
“ඈ..නෑ මේ මං හිතුවෙ සීතටත් කසාදයක් කරලා දෙන්න ඕනෙ කියල..”
“අපෝ මේ හැටත් පැනලා ඉන්න මට මොන කසාදද චූටි මහත්තයා..ට්‍රිප් එක ගිහින් ඔලුව වත් වැදුනද කොහෙ හරි….ඉන්න මං සිද්දාලේප කුප්පිය අරං එන්නම්….”
“බම්බු කුප්පිය තියාගන්නව හලෝ…ඒක අර තමුන්ලගෙ පොඩි නෝනගෙ ඔලුවෙ ගානවා…”
හිමංස තවත් මොනවදෝ කිය කිය යන හැටි සීතා බලං හිටියෙ පුදුමෙන්.
“අද නම් මහත්තයා නෝනත් එක්ක රන්ඩු වෙලාද කොහෙද …ලොකු නෝනට පස්සෙ කියන්න ඕනෙ…”
💙💙💙💙💙
රෑ දහයයි….හිමංස බලං ඉන්නවා… ඒත් නිශාදි එන් නැහැ කාමරේට … හිමංස හෙමින් ගියා කෙල්ල මොකද කරන්නෙ බලන්න…
“ශිට් මේකි හොදට නිදිනෙ…”
“ඒයි.. නිශාදි නැගිටිනවා….නැගිටිනවකෝ”
“ම්ම්ම්ම්ම් අනේ ඇයි අප්පා.. මං නිදිනෙ…”
නිශාදි ඇස් අරින්නෙත් නැතුව කියවනවා…
“හරි ශෝක් නිදි හැටි”
“ඒකනෙ… නිදියන එක හොදයිනෙ…”
“ඇස් අරිනවද නැද්ද… නැත්තම් මං ඇස් අරවන්නද”
ඒ පාර නිශාදි ඇස් ඇරියා..
“මං තමුසෙගෙ කවුද…”
“ඔයා.. කවුද… ආ මගෙ හස්බන්ඩ්නෙ…”
“ඇත්තද .. එහෙනම් තමන්ගෙ මනුස්සය උන්නද මලාද වත් බලන් නැතුව ඔහොම නිදනවද “
“හෙට උදේට බලන්නම් අනේ.. මට ඉන්න බෑ නිදිමතයි.. ගුඩ් නයිට් සුදු මහත්තයෝ…”
නිශාදි එහෙමම ඇදට කඩන් වැටුනා.. මරු කසාදෙ… හිමංසට හිනා… …පිස්සු නැත්නම් හොදයි මටම….
තරුන් දැන් නම් උඹේ හීනයක් විතරයි නිශාදි කියන්නෙ…උඹ මෝඩ උනා.. ඒත් ඒකෙන් මං දිනුවා….
හිමංස එලියෙ බැල්කනි එකට ගිහින් අහස දිහා බැලුවා…. තරු පිරිච්ච අහස වගේ හිමංසගෙ ජීවිතෙත් පිරිලා අද… නිශාදිගෙ එක හිනාවක් වෙනුවෙන් හිමංසට කරන්න බැරි දෙයක් නෑ මේ ලෝකෙ…..හිමංස ආදරේ කලේ එහෙම ..
නපුරු ..දඩබ්බර..හිතුවක්කාර කොල්ලා යටින් හිටපු ආදරනීය මනුස්සකම එලියට ගත්තෙ නිශාදි… දැනුවත්ව හෝ නොදැනුවත්ව නිශාදි හිමංසව වෙනස් කරලා…
💜️💜️💜️💜️💜️
“හිමංස අම්ම කීවා පන්සල් යමු කියලා… ඔයත් එනවද.. මට බයයි..එදා වගේ…”
“මං එන්නම්…”
හිමංස දෙපාරක් හිතුවෙ නෑ…
හිමංස ලෑස්ති වෙන්න උඩට ගියපු අතරෙ නිශාදි මල් කඩා ගත්තා.. චතුරිකා ආවා නිශාදි ලගට..
“දුව… පුතා එයිද යන්න..”
“ඔව් අම්මෙ..එන්නම් කීවා..”
“ඒක හොදයි.. පුතාටත් අපලයි ගොඩක්..”
චතුරිකා කීවෙ ඈත බලාගෙන..
“ඒ කීවෙ අම්මෙ.”
නිශාදිට ඒක අලුත් ආරංචියක්.
“ආ.. නෑ මං මේ කීවෙ.. කාටත් අපල තියෙනවනෙ… ඒක නෙවේ අද පොඩි දෙන්නා එන්නෙ නැතිවේවි.. ආං එයාලගෙ අම්ම කෑගහනව ඇහුනා හෝම් වර්ක් කරල නෑ කියලා..”
“අපිට පාලුයිනෙ අම්මා.. කමක් නෑ අදටනෙ…”
“හරි දූ එහෙනම් ලෑස්තිවෙන්නකො…”
සෙනසුරාදා බෝදි පූජාවට ඉන්න මේ කපල් එක දිහාට හැමෝගෙම ඇස් යොමු වුනේ ඉබේමයි..
හිමංසත් නිශාදි ලගින්ම ඉදගෙන බලාන ඉන්නවා..
“හිමංස… ඔහොම නිකම් ඉන්න එපා.. අත් දෙක එකතු කරගෙන වදින්න…”
නිශාදි රහසින් කියනවා..
“මං ඔය කියන ඒවා දන් නෑ හලෝ”
‘‘කමක් නෑ වැදගෙන ඇස් පියා ගන්නකො..ඉවර වුනාම කැමති දෙයක් ප්‍රාර්ථනා කරන්න…”
“ආ… එතකොට ඒව ලැබෙනවද අපිට”
“හොද හිතින් ප්‍රාර්ථනා කලොත් ලැබෙයි”
නිශාදි කියපු විදිහටම හිමංසත් ඉන්නවා…
බෝදි පූජාව ඉවර වෙලා අම්මා අනිත් අය එක්ක කතාවක්.. දෙන්න හෙමීට බෝමලුව පැත්තට ඇවිදගෙන ආවා…
“නිශාදි….ඔයා මොනවද ප්‍රාර්ථනා කලේ….”
“ම්ම්ම්ම්ම්….මං හැමදාම එකම දෙයයි ප්‍රාර්ථනා කරන්නෙ..ඔයා අදනෙ ..මොනවද”
“මං…ම්ම්ම්ම් අපිට ඔයා වගේම ලස්සන දුවෙක් ලැබෙන්න කියලා….”
නිශාදි හිනාවෙනවා
“මොකද හිනාවෙන්නෙ.. තමුසෙ මොනවා දැන් හැමදාම ප්‍රාර්ථනා කරන්නෙ”
“මං ප්‍රාර්ථනා කරන්නෙ මේ ආත්මෙ හොදට ඉන්න ලැබිලා ආයෙ ඉපදෙන්න එපා මේ සංසාරෙ කියලා…”
නිශාදි එහෙම කීවම හිමංස හොදටම අවුල් වුනා…
“මොකද්ද ඒකෙ තේරුම …”
“ඉපදුනොත්නෙ අපිට දුක් විදින්න වෙන්නෙ….”
“මට ඕවා තේරෙන් නෑ හලෝ….තමුසෙ වෙලාවකට මහ අමුතුයි නිශාදි .. ඇයි ඔහොම ඒවා කියන්නෙ…”
“ඒ ගැන හිතන්න එපා හිමංස … වැස්සකටවත් පන්සලකට ගොඩ නොවුනු ඔයාට ඕවා තේරෙන් නැහැනෙ…”
“ඔහ්..අර සීතා… හෑල්ල ඔක්කොම කීවද?ඔය වයසක ඩයල් එක බන්දලා දෙන්න ඕනෙ… එතකොට මං ගැන ඕපදූප හොය හොය අම්මගෙ කනේ තියෙන එක නවතියි…දැන් තමුසෙටත් එක එක ඒවා කියනවා නේද”
“ස්ස්ස්ස්ස්ස්ස්….මේක පන්සලක් හිමංස…..ඔයාට ඇහෙනවද බෝපත් හෙලවෙන සද්දෙ…. ඒක හරි මිහිරියි කනට….”
හිමංස නිහඩ වෙලා අහගෙන හිටියා…හද බාගෙට පායලා තියෙනවා…නිශාදි පුදුම කෙල්ලෙක්….ඊයෙ හොටෙල් එකේ පැද්දි පැද්දි ඩාන්ස් කරපු කෙල්ලමද මේ…..