21වෙනි කොටස🦋
“ඔයා හරිම නිර්භීතයි බබා…”බබා ඒ නම කියන්නේ ආදීනේ ඒ කියන්නේ මේ ආදීද…මන් ඔලුව උස්සලා බලද්දි දැක්කේ මගෙ දිහා හිනාවෙලා බලාගෙන ඉන්න ආදිව.
එක අතකට මගේ බොස් මහත සුදු බඩ ඉස්සරහට ඇවිත් තියෙන කෙනෙක් නොවිච්ච එක ගැන මගේ හිතට දැනුනේ සැනසීමක්.ඒත් ඒ සතුට තිබුනේ පොඩි වෙලාවක් වගේ.මොකද මන් මේ මගෙ ඉස්සරහා ඉන්න කෙනා මන් දකින්නවත් අකමැති කෙනෙක් කියලා.
“ඔයා මෙතන මොකද කරන්නේ….”මං ඇහුවේ පියවි සිහියට ඇවිත්.
“මිහානා මන් හිතුවේ ඔයාට මෙතන මන් දැක්කහම තේරුම් යන්න ඇති කියලා.”
ආදී ආපහු ඇහුවේ මගෙන් ඇස් අහකට නොගෙන.මං කැබින් එක පුරාවටම ඇස් යවද්දි දැක්කේ එයාගේ නම ගහලා තියෙන බෝඩ් එකක් මේසේ උඩ තියෙනවා.ඒ කියන්නේ ආදී මගෙ අලුත් බොස්.ඒ කියන්නේ ආදී ඊයේ රෙස්ටුරන්ට් එක සල්ලි දීලා ඇරගෙන.පියත් සර් මට කියලා තියෙන්නේ බොරු එයා කිව්වා මන් වෙනුවෙන් ගයාන් සර් ඉස්සරහා බැගෑපත් වුනා කියලා.ඒත් ඒක එහෙම වෙලා නෑ.
“ඔයා ඇත්තටම නිර්භීතයි බබා…”
ආදී කිව්වේ මගෙ නිකටින් උස්සලා.මන් ඔලුව උස්සලා බලද්දි දැක්කේ එයාගේ ඇස්වල කදුලු පිරිලා තියෙනවා.දිග හුස්මක් ගත්ත ආදි.
“ඔයා හැමෝම ඉස්සරහා මගේ කම්බුලට ගැහුවා.මිහානා ඔයා ඇයි එහෙම් කරේ ඔයා දන්නවද මට ඒකෙන් කොච්චර වේදනාවක් දැනුනද කියලා….”
මගේ මූනේ ඇදුනේ වියරු හිනාවක්.එතකොට එයා මට කරපු දේවල් මාව අවුරුදු පහක් දාලා ගියපු වේදනාව දිහා බලද්දි ආදීගෙ ඒ වේදනාව පොඩි දෙයක් විතරයි.
“මන් දන්නවා මිහානා ඔයා මට ගොඩක් වෛර කරනවා.ඔයා මාව දකින්නවත් කැමති නෑ කියලා.ඒත් මිහානා ඔයා අද මන් කියන දේ අහන්නම ඕන.මොකද මේක තවත් මගේ හිතේ හිරකරගෙන ඉන්න බෑ.එහෙම වුනොත් මට පිස්සු හැදෙයි.ඇත්තටම එදා මොකද වුනේ කියලා මට ඔයාට හැමදේම කියන්න ඕන.ඇයි මන් එදා ඔයාව දාලා ගියේ කියලා.”
“මට ඔය මොකුත් අහන්න ඕන නෑ ආදි.ප්ලීස් මට යන්න දෙන්න.”
මං ආදීව මගඇරලා යන්න ගියත් ආදී මන් යන එක නතර කරේ මගේ අතකින් අල්ලගෙන.මන් කේන්තියෙන් ආදී අල්ලගෙන හිටපු අත ඇරියේ ආදීට රැවුමක් පා කරලා.
“ප්ලීස් මිහානා අද මන් ඔයාට මෙතනින් යන්න දෙන්නේ මගෙ කතාව ඇහුවට පස්සෙ…”
ආදී එහෙම කිව්වේ මගේ උරහිස් දෙකෙන් අල්ලගෙන මූනට එබිලා.
“නෑ මට ඔයා කියන කිසිම දෙයක් අහන්න ඕන නෑ.අනික ඔයාගේ ඔය බොරු අහන තත්වෙක මං නෑ.ඒක නිසා මට යන්න දෙන්න.”
ආදී මන් කියපු දේට හිස දෙපැත්තට වැනුවේ වේදනාවෙන්.
“මන් දිවුරනවා මිහානා.මන් ඔයාට කිසිම බොරුවක් කියන්නේ නෑ.ප්ලීස් මන් කියන දේ එකපාරක් අහන්න.”
“මන් කිව්වනේ ආදී මට ඔයාගෙන් කිසිම දෙයක් අහන්න ඕන නෑ.ඔයා ප්‍රශ්න වලින් පැනලා යන බයගුල්ලෙක්.ප්ලීස් මගෙන් ඈත් වෙලා ඉන්න.”
මං ආදීව තල්ලු කරලා යන්න හැදුවත් ආදී මාව අල්ලගත්තේ මට යන්න බැරිවෙන්න.ආදී මගෙ ඇස් දෙක් දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා හෙමීට ලංවුනේ මගේ දෙතොල් වලට.එකපාරටම ආදී ඒ කරපු දේ නිසා මගේ දෑස් පියවුනේ ඉබේටම වගේ.මගේ දෑත් ආදිගේ බෙල්ල වටා එතුනේ පියවි ලෝකෙන් ඈතට යද්දි.ටික වෙලාවක් එහෙමම හිටපු ආදී මගේ දෙතොල් වලින් ඈත් වුනේ මගේ කම්බුල් හෙමීට පිරිමදිමින්.ආදීගේ එක බැල්මකට මන් වශී වෙන්නේ එදා වගේමයි.
“මිහානා මන් කියන දේ එකපාරක් අහන්න එකම එකපාරක්.”
ආදී කිව්වේ මගේ දෑස් දිහාම බලාගෙන.මන් එයා දිහා බලාගෙනම හිස වැනුවේ එයාගේ බැල්මට වෙනදා වගේම වශීවෙලා.
“මිහානා මන් මේ දේ කියන්න කලින් ඔයාගෙන් සමාව ඉල්ලනවා.”
පියවි සිහියට ආපු ගමන් මන් ආදීව මගෙන් මෑත් කරලා අයින් වුනේ මගෙ දෙතොල් පිහදාගෙන.
“මට ඔයාගෙන් සමාව වැඩක් නෑ ආදී මට ඔයා ගියේ ඇයි කියලා විතරක් මට කියන්න.මට දැනගන්න ඕන ඔයා මන් ප්‍රෙග්නට් කියලා දැනගෙනත් මාව දාලා යන්න ඔයාට ඔච්චරටම තිබ්බ හේතුව….”
“මන් ඔයාව දාලා ගියේ නෑ මිහානා…මොකද මට ඔයාව දාලා යන්න ලොකු හේතුවක් තිබ්බා.”
මන් ආදීව මගඇරලා ගිහින් වාඩිවුනේ කැබින් එකේ තිබුන පුටුවකින්.ආදී මගේ පිටිපස්සෙන් ඇවිත් මන් ඉදගෙන හිටපු තැනම බිම ඉදගත්තේ මගේ අතින් අල්ලගෙන.
“මට වැඩ තියෙනවා ආදී ඒක නිසා ඔයා කියන දෙයක් ඉක්මනට කියලා ඉවර කරන්න.මොකද මට නාස්ති කරන්න කාලයක් නෑ.”
මට ආදී කියන දේ අහන්නවත් පොඩ්ඩක් කැමැත්තක් ඇතිවුනේ නෑ.මොකද මගේ හිතේ හැමවෙලාවෙම වැඩ කරේ ආදී මාව රැවැට්ටුවා කියන එක විතරයි.එයා මගේ දිහා බලාගෙන හිටියේ වේදනාත්මක දෑසින්.
“ඔයා මාව රිද්දනවා මිහානා.මං ආස ඉස්සර හිටපු මිහානට.එදා මං ඔයාව එක්කගෙන එන්න ලෑස්ති වෙද්දි මට ආවෙ කෝල් එකක්.”
අතීතයට🦋🦋
ආදී කිචන් එකට ගියේ යමක් හදාගන්න.ආදී එලාම් එක හරියට තිබ්බේ නැති නිසාම ආදීට ඇහැරුනේ වෙලා ගිහින්.එකදිගට රින් වෙන කෝල් එක අතට ගත්ත ආදී දැක්කේ ඒ කෝල් එක එන්නේ තමන්ගේ තාත්තගෙන් කියලා.
“හෙලෝ තාත්තා…”ආදී පෝන් එක ආන්සර් කරලා ස්පීකර් දාලා පැත්තකින් තිබ්බේ තවත් පරක්කු වෙන්න බැරි නිසා.
“ආදී මේක අර්ජන්ට් වැඩක් ඔයා මේ දැන්ම ගෙදර එන්න ඕන.”ආදීගෙ තාත්තා එහෙම කියද්දිම වගේ ආදි කර කර හිටපු වැඩේ පැත්තකට දාලා අතට ගත්තේ පෝන් එක.
“අද මට එන්න වෙන්නේ නෑ තාත්තා.මොකද මට අද ගොඩක් වැදගත් වැඩකට යන්න තියෙනවා.”ආදී එහෙම කිව්වේ මිහානාගේ මුන තමන්ගේ ඉස්සරහා මැවී මැවී පෙනෙනකොට.
“ඔයාට එන්න බැරිවෙන්න තරම් ඔයාට තියෙන වැදගත් වැඩෙ මොකක්ද ආදී.ඔයා අද අනිවාරෙන්ම එන්න ඕන මොකද මේක.ඔයාගෙ අනාගතය ගැන ප්‍රශ්නයක්.”
ආදීගේ මුවින් පිටවුනේ සුසුම් හඩක්.තමන්ගේ වාසියට හැමදේම කරන ආදීගේ තාත්තා ගැන ආදීට ඇතිවුනේ කේන්තියක් .ආදීට ඕන වුනේ දිගින් දිගටම පේන්ට් වෙන මිහානාව ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කගෙන යන එක.ඒක නිසාම ආදී එපොයිමන්ට් එකක් දැම්මේ මිහානට ක්ලාස් ඇරෙන වෙලාවට.
“තාත්තා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට ටිකක් අසනීපයි ඉතින් මට අද එයාව ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කගෙන යන්න ඕන.”ආදී එහෙම කියනවත් එක්කම ආදීට කෝල් එකෙන් ඇහුනේ වීදුරුවක් බිදෙන සද්දයක්.
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
💫මතු සම්බන්ධයි