(අවසාන කොටස)
“චේති අපි දැන් ගමනක් යන්නයි හදන්නෙ. ඔන්න කලබල කරන්නැතුව මං කියන දේ අහලා ඉන්න ඕනි හොඳේ.හොඳට හිටියොත් මං ඔයාට තව බෝනික්කි බබෙක් අරන් දෙනවා…”
තේනුක චේතනාගෙ ඔලුව අතගාලා ආදරෙන් එහෙම කියලා නලලත් සිප ගත්තා.ආදරෙන් කරුණාවෙන් කියන ඕනිම දෙයක් ඇය අහනවා.බෝනික්කෙකුත් තුරුල් කරගෙන ඇඟිල්ලකුත් කටේ තියාගෙන ලස්සන නිල් පාට ගව්මකුත් ඇඳගෙන චේතනා තේනුකත් එක්ක මිදුලට ආවා.සීතල නිසා තේනුක ඇයට ජැකට් එක අන්දවලයි තිබුනෙ.
“අපි කොහෙද යන්නෙ?…”
චේතනා අහන්නෙ පොඩි දරුවෙක් වගේ හුරතල් හඬින්.තේනුකගෙ ප පු ව හෝස් ගාලා ගියා ඉස්සර හිටපු චේතනායි දැන් ඉන්න චේතනායි මතක් වෙද්දි.
“දුර ගමනක් යන්නෙ…”
“බබාලට මහන්සියිනෙ දුර ගමන් යද්දි…”
චේතනා බෝනික්කාව තුරුල් කරගෙන ගේ ඇතුලට යන්න හැදුවා.පුංචි ආරණ්‍යා නිසාම ඇය බෝනික්කන්ට හරිම ආදරෙයි.දවස තිස්සෙම බෝනික්කො ගොඩක් මැදි කරගෙන ඇය සෙල්ලම් කරනවා. බෝනික්කන්ට කවනවා,කිරි පොවනවා, නාවනවා,නිදි කරනවා….. කෝලම් ගොඩයි එයාගෙ.තේනුක චේතනාට ලස්සන බෝනික්කො ගොඩාක් ගෙනත් දුන්නා.
“චේති මෙයාලව නිදි කරවන්න.එයාලා උදේ කු/ක්/කු බීපු නිසා මහන්සියක් දැනෙන්නෙ නැහැ.අපි දැන් යන්න ඕනි.බෝනික්කි බබාට සනීප නෑ.අපි එයාට බෙහෙත් අරන් දෙන්න ඕනි ඉක්මනට…”
“දොස්තර මහත්තයා මගෙ බබාට කට්ටෙන් බෙහෙත් විදියිනෙ.එතකොට බබාට රිදිලා අඬයි.බබාට බෙහෙත් විදින්න එපා කියන්න. මට බයයි…”
“චේති බය වෙන්න එපා.දොස්තර මහත්තයා බෝනික්කි බබාට පැණි රස බෙහෙත් විතරයි බොන්න දෙන්නෙ.කෝ ඉන්න මං එයාට ලස්සන ඇඳුමක් අන්දවලා දෙන්න…”
තේනුක බෝනික්කාට ලස්සන රෝස පාට ගව්මක් අන්දවලා ඔලුවට තොප්පියකුත් දාලා බේබි ටවල් එකක ඔතලා චේතනාගෙ තුරුලෙන් තිබ්බා.
“චේතිට නිදිමත නම් නිදාගන්න.බෝනික්කි බබාට නම් හොඳටම නිදිමත වෙලා වගේ…”
කාරෙකේ යන ගමන් චේතනා විටින් විට ඈනුම් අරිනවා දැකපු තේනුක එහෙම කිව්වා.මොනවා කිව්වත් චේතනා බෝනික්කව පැත්තකින් තිබ්බෙ නැහැ.ඇය හිතන්නෙ බෝනික්කා තමන්ගෙ දුව කියලයි.
තේනුක චේතනා සමඟින් කෙලින්ම ආවෙ මානසික රෝගීන් සඳහා ප්‍රතිකාර කරන නුවරඑළියෙ පිහිටි රෝහලක් වෙත.එය ප්‍රයිවට් හොස්පිටල් එකක් වන අතර ඔහුට එම රෝහල හඳුන්වලා දුන්නෙ චේතනා ප්‍රතිකාර ගත් බණ්ඩාරවෙල රෝහලේ වෛද්‍යවරයෙක් විසිනුයි.
වසර පනහකට වඩා පැරණි මෙම රෝහල දෙස බැලූ බැල්මට පෙනෙන්නේ එය ධනවත් සුද්දෙකුගේ වතු බංගලාවක් ලෙසයි.මානසික රෝගීහු විසි දෙනෙකු පමන නේවාසිකව මෙහි ප්‍රතිකාර ගනියි.
රෝහලේ මිදුලේ විවිධ වර්ගයේ මල් වවා ඇත.කැනාස්,බෝගන්විලා,දාස්පෙතියා රෝස මල්….වලින් එන සුවඳට දැනෙන්නේ මහත් ප්‍රබෝධමත් බවකි.
රෝහලේ ගේට්ටුව අයිනේම විශාල බෝගන්විලා මල් පඳුරක් වැවී ඇත.පසෙකින් කාරෙක නැවැත්වූ තේනුක රෝස පාට බෝගන්විලා මල් පොකුරක් කඩාගෙන චේතනාගෙ අතට දුන්නා.
“හරිම ලස්සනයි…”
චේතනා එහෙම කිව්වෙ මල් පොකුරෙ ලස්සන දෙනෙතින් විඳ ගන්නා ගමන්.
“ඔයා තරම් නෑ හැබැයි…”
තේනුක චේතනා සමඟින් රෝහල වෙත ගොස් චේතනාව පුටුවකින් වාඩි කරවා එහි ප්‍රධාන වෛද්‍යවරයා මුළු ගැසී විස්තරේ පැවසුවා.
“මට ඩොක්ටර් රත්නවර්ධන කිව්වා මේ පේෂන්ට් ගැන.මං රිපෝට් සේරම බැලුවා.මේ තත්වය උදා වෙලා කොච්චර කාලයක් වෙනවා කියලද කිව්වෙ?…”
“මාසයක් විතර වෙනවා ඩොක්ටර්…”
“අදම ඇඩ්මිට් කරනවද?…”
“ඔව් ඩොක්ටර්…”
තේනුක චේතනාව වෛද්‍යවරයා වෙත රැගෙන ආවා.බෝනික්කාව තුරුල් කරගෙන චේතනා තේනුකට තද කරලා අලගෙන බයෙන් ගැහෙමින් වෛද්‍යවරයා දෙස බැලුවා.
“නම මොකක්ද ඔයාගෙ?…”
වෛද්‍යවරයා ඉතා කාරුණිකව චේතනාගෙන් නම ඇහුවා.
“බබා…”
චේතනාට ඇගේ නමවත් මතක නැහැ.බබා, බෝනික්කා කියන වචන විතරයි ඇගේ මතකයෙ තිබෙන්නෙ.
“මේ බබාගෙ නම මොකක්ද?…”
වෛද්‍යවරයා චේතනාගෙ අතේ තිබුනු බෝනික්කාව ගන්න උත්සහ කරා.නමුත් චේතනා ඊට ඉඩ දුන්නෙ නැහැ.
“අල්ලන්න එපා ඔයා මගෙ බබාව.යන්න අහකට…”
චේතනා බෝනික්කාව තුරුල් කරගෙන අනික් පැත්තට හැරුනා.වෛද්‍යවරයා යමක් කල්පනා කරා.ඔහුට චේතනාගෙ මූණ හුරු බවක් දැනුනා.තමා මීට කලින් කොහේදි හරි චේතනාව දැකලා තිබෙන බවක් ඔහුට දැනුනා.
“ඇයි ඩොක්ටර්?මගෙ වයිෆ්ව සනීප කරන්න පුලුවන් නේද?…”
තේනුක බයෙන් වගේ ඇහුවා.
“ඒ ගැන බයක් හිතාගන්න එපා මිස්ටර් තේනුක.දරුවා ලැබෙන්න කලින් ඔයාගෙ වයිෆ්ව සම්පූර්ණයෙන්ම සුවපත් කරන්න මං උපරිම උත්සහ කරනවා.මං මේ කල්පනා කරේ….. මං මීට කලින් කොහේදි හරි ඔයාගෙ වයිෆ්ව දැකලා තියනවා…”
“ඒ කොහොමද ඩොක්ටර්?මේ… ඩොක්ටර් හලාවත පැත්තෙ එහෙම පදිංචි වෙලා හිටියද කලින්?අපි බණ්ඩාරවෙලට එන්න කලින් එහෙ හිටියෙ…”
තේනුක කිව්වා.ඒත් වෛද්‍යවරයා නිහඬයි. මද වේලාවක් ගත වූ විට යමක් මතක් වී වෛද්‍යවරයා තේනුකගෙන් චේතනා ගැන තවත් කරුණු කිහිපයක් විමසා සිටියා.ඉන් පසුවයි වෛද්‍යවරයා හට චේතනා පිළිඹඳ සම්පූර්ණ මතකය එලියට ආවෙ.
“මිස්ටර් තේනුකත් එක්ක මට ටිකක් තනියම කතා කරන්න ඕනි.පොඩ්ඩක් එලියට යමුද?…”
“හා ඩොක්ටර්…”
“නර්ස් මෙයාට රූම් එකක් ලෑස්ති කරලා දෙන්න.මේ පේෂන්ට් ප්‍රෙග්නන්ට් කෙනෙක්.ඒ නිසා මෙයා ගැන විශේෂයෙන් බලන්න…”
“ඕකේ ඩොක්ටර්…”
වෛද්‍යවරයා තේනුකත් එක්ක මිදුලට කහ පාට කැනාස් මල් පාත්තිය ළඟ තියන ගල් බංකුව උඩින් වාඩි උනා.මානසික රෝහලක් උනත් එහි තිබුනෙ පුදුම පිළිවෙලක් සහ පිරිසිදු බවක්.රෝහලට පැමිණෙන ඕනම කෙනෙකුට හිතට දැනෙන්නෙ හරිම සතුටක්. රෝහල ඇතුලෙ මදක් පමණ ඝෝෂාකාරී ශබ්දයන් තිබුනත් එලිමහන් පරිසරය නිශ්ෂබ්දයි.
“මමයි මගෙ වයිෆුයි මීට අවුරුදු පහකට විතර කලින් මීගමුවෙ ගියා මගෙ යාළු ලෙඩෙක්ව බලන්න.එහෙදි තමයි අපිට මුලින්ම මිස්ටර් තේනුකගෙ වයිෆ්ව හම්බවුනේ.එතකොට මිසිස් චේතනා හිටියෙ එච්චර හොඳින් නම් නෙවෙයි…”
“ඒ කිව්වෙ ඩොක්ටර්?…”
“රෑ දහයට විතර අපි කාරෙකේ යද්දි මීගමුවෙ බීච් එකට කිට්ටුවෙදි මිසිස් චේතනා මගෙ කාරෙකේ හැප්පුනා.ලොකු තුවාලයක් නම් උනේ නැහැ.ඒත් නලලයි දකුණු කකුළයි ටිකක් සීරුනා.මායි මගෙ නෝනයි කාරෙකෙන් බැහැලා මිසිස් චේතනාව අල්ලගෙන කාරෙකෙන් වාඩි කරවලා තුවාල වලට බෙහෙත් දැම්මා.
අපිට තේරුනා මේ දරුවා ඉන්නෙ මොකක් හරි ලොකු කරදරේකින් කියලා.නැත්නම් ගෑණු ළමේක් ඒ වගේ වෙලාවක පාරෙ තනියම දුවන්නෑනෙ.දාඩියත් දාලා හොඳටම. කාටහරි බය වෙලා වගේ.අපි ඇහුවා ඔය ළමයට මොකක් හරි කරදරයක් උනාද කියලා…”
“ඉතින් චේතනා මොකද කිව්වෙ ඩොක්ටර්?ඒ වගේ වෙලාවක එයා කාට බයේද දුවලා තියෙන්නෙ?…”
“මේ දරුවා පස්සෙන් කව්ද මිනිහෙක් පන්නගෙන ඇවිත් තියනවා.ඒ මිනිහගෙන් බේරෙන්න උදව් ඉල්ලගෙන තමයි ඒ දුවලා තියෙන්නෙ…”
“චේතනා ඒ මිනිහා කව්ද කියලා කිව්වෙ නැද්ද ඩොක්ටර්?…”
“ඒ මිනිහා කාගෙ කව්ද කියලා මිසිස් චේතනා දන්නෑ.එයාගෙ දරුවා හොරකම් කරගෙන ගිය අයගෙන් කෙනෙක් කියලයි අපිට කිව්වෙ.අපි ඊට පස්සෙ මේ දරුවගෙන් විස්තර ඇහුවා.ඒ මිනිහා මිසිස් චේතනාගෙ අම්මව හම්බ වෙන්න ගෙදරට ආපු වෙලාවෙ මිසිස් චේතනා ඒ දෙන්නා කතා බහ කරන දේවල් හොරෙන් අහගෙන ඉන්නැද්දි එයාගෙ අම්මට ඒක අහුවෙලා තියෙනවා.
එතකොට අම්මයි අර මිනිහයි මෙයාව අල්ලගෙන.එයාලගෙන් බේරිලා ගෙදරින් එලියට පැනලා දුවගෙන යද්දියි අපේ කාරෙකේ හැප්පිලා තියෙන්නෙ.ඊට පස්සෙ මං අපි අඳුරන සීඅයිඩී ඔෆිසර් කෙනෙකුගෙ උදව්වෙන් අර මිනිහව හැම තැනකම හෙව්වා.ඒත් හම්බුනේ නෑ…”
“ඉතින් ඩොක්ටර් චේතනාගෙ අම්මව බය කරලා හරි අහන්න තිබුනනෙ ඒ මිනිහා කව්ද කියලා.ඒ ගෑ/ණි/ව හම්බවෙන්නනෙ ඒ මිනිහා ආවෙ…”
“ඔය සිද්ධියෙන් පස්සෙ මිසිස් චේතනාගෙ අම්මා හැංගුනා.ඊට පස්සෙ කාලෙක තමයි එයා නැති උනේ.දරුවා නැති දුකට මිසිස් චේතනා අඬලා වැලපුනු තරමක්.මට නම් හරියට දුක හිතුනා ඒ කතාව අහද්දි.අම්මා කෙනෙකුට පුලුවන්ද එහෙම දරුණු වෙන්න…”
“චේතනා ඩොක්ටර්ට මං ගැන මොනවද කිව්වෙ?…”
“හස්බන්ඩ් ගැන විස්තර අහද්දි මුලදි ඒ දරුවා අපිට කිසිම දෙයක් කිව්වෙ නැහැ. එතන මොකක් හරි ප්‍රශ්නයක් තියන බව මට තේරුනා.පස්සෙ මගෙ වයිෆ් තමයි මිසිස් චේතනාගෙන් මිස්ටර් තේනුක ගැන විස්තරේ අහගෙන තියෙන්නෙ.ඊට පස්සෙ මං මිස්ටර් තේනුකව බේරගන්න හුඟක් උත්සහ කරා. ඒත් මිස්ටර් තේනුක ඒ මි/නී මැ/ %/ ම කරේ නැහැ කියලා ඔප්පු කරන්න සාක්කි නොතිබුනු නිසා මගෙ හැම උත්සහයක්ම වතුරෙ ගියා.
ඒ දරුවා මිස්ටර් තේනුකව බේරගන්න තමන්ගෙ අම්මා කරපු වැරදි සේරම ඔප්පු කරලා ලෝයර් කෙනෙකුගෙ මාර්ගයෙන් උසාවි යන්න උත්සහ කරපු වෙලාවෙ ඒක එයාගෙ අම්මට අහු වෙලා තියනවා.ඒකට එයාගෙ අම්මා චේතනාව දවස් ගානක් කාමරේ හිර කරලා තියලා.කන්න බොන්නවත් හරියට දීලා නැහැ…”
තේනුකගෙ ඇස් වලින් සට සට ගාලා කඳුලු ගලාගෙන ගියා.තමා මුල සිටම චේතනා ගැන හිතපු විදියට වැරදියි කියලා තේනුකට වැටහුනා.ඔහු පුදුමාකර විදියට පසුතැවිලි උනා තමා චේතනාට සැළකූ අන්දම මතක් වෙද්දි.
ඒ කියන්නෙ ඔයා මාව හිරෙන් නිදහස් කරගන්න උත්සහ කරලා තියනවා.ඇයි ඒක මට කලින් නොකිව්වෙ චේතනා?මං ඔයාට කොච්චර පහත් විදියටද සැලකුවෙ?
“චේතනාගෙ අම්මා නිසා තමයි මේ සේරම දේවල් උනේ ඩොක්ටර්.එයා අම්මා කියන්නවත් සුදුසු කෙනෙක් නෙවෙයි…”
“මට මිසිස් චේතනා ඒ ගැන කිව්වා.එයා මුලදි අම්මගෙ පැත්ත ගත්තෙ මිස්ටර් තේනුකගෙ ජීවිතේ බේර ගන්නලු.පුදුම කපටි ගෑණු කෙනෙක්.අර මනුස්සයව ම /% /ලා ඒක මිස්ටර් තේනුකගෙ පිට පැටෙව්වා විතරක් නෙවෙයි.කිසිම සාක්කියක් ඉතුරු කරේ සැබෑ මි /$ ම/% /වා කව්ද කියලා හොයාගන්න…”
“මට දැන් ඕනි මෙච්චරයි ඩොක්ටර්.මට කොහොම හරි මගෙ වයිෆ්ව සනීප කරලා දෙන්න…”
තේනුක වෛද්‍යවරයාගේ අත් දෙක අල්ලගෙන එලෙස ඉල්ලීම් කරා.
“අපි උපරිමයෙන්ම උත්සහ කරනවා මිස්ටර් තේනුක.එතකල් ඉවසීමෙන් ඉන්න.ඒත් එක්කම මට ඔයාලා දෙන්නා වෙනුවෙන් කරන්න දේකුත් තියනවා…”
“ඒ මොකක්ද ඩොක්ටර්?…”
“මිස්ටර් තේනුක දන්නැති උනාට ඔයාගෙ තාත්තා මිස්ටර් රණසිංහ මගෙ හොඳ යාළුවෙක්.මට ඊයෙත් මිස්ටර් රණසිංහව මීට් උනා.අපි කතා කරෙත් මිස්ටර් තේනුක ගැනමයි…”
පියා තමා ගැන කතා කරා කිව්වම තේනුකට පුදුමත් හිතුනා.එදා තමා චේතනා සමඟින් විවාහ වූ දිනයේ ඔහු තමාව නිවසින් පන්නා දරුකමින් ඈත් කල අයුරු තේනුකට සිහිපත් උනා.ඉතා දරදඬු ගතිගුණ තිබෙන රළු පුද්ගලයෙකු වූ තම පියා කිසිදාක ඔහු ගත් තීරණයක් වෙනස් කරන්නේ නැත.
“ඩැඩී මං ගැන මොනවද කිව්වෙ ඩොක්ටර්?…”
“ඇත්තෙන්ම මිස්ටර් රණසිංහ දැන් තේනුක ගැන හිතලා දුක් වෙනවා.එයා ඔයාට සමාව දීලා ඉවරයි මිස්ටර් තේනුක.පුතා කවදාහරි එයි කියලා මිස්ටර් තේනුක බලාගෙන ඉන්නෙ…”
“මොනවා??…. ඔය ඇත්මද ඩොක්ටර්?…”
තේනුක ඇසුවේ මවිතයෙනි.සිය පියා කෙදිකවත් තමාට සමාව දෙයි කියලා හිතන්න අමාරුයි.ඔහු ගත් තීරණයක් ලේසියෙන් වෙනස් කරන්නේ නැත.
“ඔව් මිස්ටර් තේනුක.ඔයා වයිෆ්ට සනීප උනාම දෙන්නත් එක්කම ගිහින් ඩැඩීව මුණ ගැහෙන්න…”
අවුරුද්දකට පසුව~
මාස අටක් පමණ ගත වන විට චේතනාට සම්පූර්ණයෙන්ම සනීප විය.ඉන් සති කිහිපයකට පසුව ඇය නිවුන් පිරිමි දරුවන් දෙදෙනෙකු බිහි කරා.ඔවුන්ට තෙනුජ සහ සෙනුජ ලෙසින් නම් තැබුවේත් චේතනාමයි.
කාලය ගත වී ඔවුන්ගේ ජීවිත වෙනස් වී ගියත් චේතනාට පුංචි ආරණ්‍යා නම් කිසිදාක අමතක කල නොහැකි විය.ඇගේ සුරතල් සිනහව පිරුනු ආදරණීය මුහුණ මතක් වන වාරයක් වාරයක් ගානෙම ඇගේ සිත දැවි දැවී යයි.ඇය ඒ සියලු දුක වේදනාව නිවා ගත්තේ පුතු පැටව් දෙන්නාගේ හුරතලයට මැදි වීය.
“අපේ මෑන්ස්ලා දෙන්නා මොනවද කියන්නෙ?…”
පුතුන් දෙදෙනාව සුරතල් කරන චේතනාගෙන් තේනුක එහෙම ඇහුවා.
“එයාලට නංගි බබෙක්ව ඕනිලු…”
චේතනා දඟකාර සුරතල් ලෙසින් හිනා වෙලා එහෙම කිව්වා.
“අම්මෝ මේකිට තියන වි/සයක්.මං හොඳයිනෙ තව.ඔහොම පොඩ්ඩක් ඉන්නවා මේ දෙන්නා ටිකක් ලොකු වෙනකල්…”
“මං විහිළුවක් කරේ මැට්ටො.වෙන නම් ඕන්නෑ.ඔයාගෙ පුතාලා දෙන්නා ඇහැරිලා අඬන්න අරන් ඊයෙ මුළු රෑම මං ඇහැරිලා හිටියෙ…”
“අයියෝ මං හිතුවෙ ඇත්තට එහෙම කිව්වෙ කියලා…”
“දෙනවා දෙකක්…”
තේනුකගෙ උරහිසට පාරක් ගහලා චේතනා පුතු පැටව් දෙන්නව දෙපැත්තෙන් තියාගෙන කු/ක්/කු දුන්නා.
“මාත් එන්නද?…”
තේනුක ඇහැක් ගහලා මනමාල හිනාවක් දාලා ඇහුවා.චේතනා රවලා බැලුවෙ තේනුකට බකස් ගාලා හිනා යද්දි.
“ඔයාට ඉඩ නෑ.පුතාලා දෙන්නෙක්නෙ…”
“එක්කෙනෙක්ව පැත්තකින් තියමු…”
“මොකක්??…. දෙන්නෙ ගුටි හොඳේ…”
“විහිළුවක් කරේ මෝ/ඩි/යෙ.අපේ ඩැඩී කතා කරා.හෙට පුතාලා දෙන්නවත් එක්කරගෙන අපිට එහෙ එන්න කිව්වා…”
“අනේ ශෝක්නෙ.මාත් හරිම ආසාවෙන් හිටියෙ මහත්තයගෙ අම්මවයි අප්පච්චිවයි බලන්න යන්න…”
“ඉතින් යමු අපි හතර දෙනාම…”
වසර දෙකකට පසුව ආරණ්‍යාගේ සැත්කම සාර්ථකව විය.ඉන් ඇය සම්පූර්ණයෙන්ම සුවය ලැබූ බව තේනුක චේතනාට පැවසුවේ මහත් සතුටකිනි.චේතනා සියලු දෙවියන්ට පින් දී සිය දියණිය ආරක්ෂා කරන්නැයි ප්‍රාර්ථනා කරා.
පුතු පැටව් දෙන්නාට වසර දෙකක් වන විට චේතනා නැවත් දියණියක් බිහි කරා.ඇය නමින් අනන්‍යා විය.දරුවන් තිදෙනා තේනුකගේත් චේතනාගේත් මුළු ලෝකයම විය.
අවසානයි